Jan 29, 2012

හම්බන්තොට බලල මෙල්බන් හංදියෙන් ගෝල්ඩ්කෝස්ට් ගියා (දෙවන කොටස )


පළවෙනි දවසෙ,උදේ නමය විතර වෙනකොට අපි එහෙ..සෙට් කරගෙන තිබ්බ වාහනේ එනකොට ටිකක් පරක්කු උනා.එයාර් පෝට් එකට වෙලා එහෙට මෙහෙට යන කෑලි දිහා බල බල හිටිය එක තමයි කළේ.

ගෝල්ඩ් කෝස්ට් වල කාලගුණය ගොඩක් ලංකාවට සමාන පාටක් පෙනුනෙ.හැම තැනම කොල පාට.මෙල්බන් වල එහෙම ෆීලින් එකෙක් එන්නෙ නෑ.
නතර වෙන තැනට ගියා.ඇදගත්ත ආපහු පිටත් වුනා. මොකද වෙලාව ගොඩක් ඉතිරු කරගන්න ඕනෙ නිසා.
අපි මුලින් ම ගියේ Warner Bros.Movie World
එකට. අම්මට සිරි, එතනනෙ ෆන් එක තියෙන්නෙ.ලංකාවෙ ඉන්නකොට චූටි කතුරු උන්චිල්ලාවක් පැදපු අපිට මේවගේ පත සයිසි රෝල කෝස්ටර් එහෙම ඉතින් දැක්කම එක පාරට මැජික් වගේ.


හා හා පුරා කියල මුනින්ම යන්න සෙට් වුනේ "Batwing Space Shoot" කියන රයිඩ් එකේ.
මේකෙ උස අඩි 200 යක්,වේගය පැයට කිලෝමීටර් 64 විතර හැබයි තත්පර 50 කින් අඩි 200 යක් උඩට ගිහිල්ල පහලටත් එනව. ජී ෆොර්ස් එක 4ක්.මේකෙ යන කොට බඩට මුකුත් දාගෙන තිබ්බෙ නෑ.පට්ට බඩගින්නෙ ගියේ.නැත්තම් කබ්බ සෙට් වෙනව අනිවා.

 

 ඔන්න ඉතින් ඒක ඉවර වුනා.ඊලඟට යන්න ගියෙ "Superman Escape" කියන රයිඩ් එකේ.මේක තමා මම ගිය හොඳම රයිඩ් එක.උස අඩි 130.ඩ්‍රොප් එක අඩි 130.මුලු දිග අඩි 2490.උපරිම වේගය පැයට කිලොමීටර් 100.හැබැයි තත්පර දෙකකින් 0 ඉදල 100 ට යනව.මුලු වෙලාව විනාඩියයි තත්පර හතලිහයි.ජී ෆොර්ස් එක 4.2ක්


ඔය වගේ තියන එක එක රයිඩ් වල ගිහින් දන්නෙම නැතුව දවසම ගෙවිල ගියා.
අන්තිමටම බැලුවෙ හොලිවුඩ් ස්ටන්ට් ඩ්‍රයිවර් කියන ශෝ එක.එක නම් පට්ට.. මේ තියෙන්නෙ එකෙ පිතූර ටිකක්.
  මේ අල්ල පනල්ල අස්සෙ මම කෙල්ලෙක් ගෙ පින්තූර ගන්න ගිහින් ඔසියෙක් එක්ක කොක්කකුත් දාගත්ත.කැමරාව එල්ල අත්තම ඉතින් සුන්දර දේවල් අත අරින්නම බෑ.

 
 

Jan 17, 2012

හම්බන්තොට බලල මෙල්බන් හංදියෙන් ගෝල්ඩ්කෝස්ට් ගියා (පළවෙනි කොටස )


ගෝල්ඩ්කෝස්ට් කියනකොට ම කට්ටියට මතක් වෙන්න හම්බන්තොට.ඒ අර පොදුරාජ්‍යමණඩලීය ක්‍රීඩා තරඟෙට තිබ්බ පොර බැදිල්ල නිසා.ඒගැන කතා නොකර හිටියත් ඒ වැඩෙත් ඔසියන්ටම සෙට් වුන එක ගැන නම් මගෙ හිතේ පොඩි දුකකුත් තියනව.හැබැයි ඒවගේ තරඟයක් තියන්න තරම් හොඳ පරිසරයක් මෙහෙ තියන එක ගැන නම් ඉතින් වාද විවාද ඕනෙ වෙන්නෙ නෑ.


2010 යෙදි ඔය කියන හරිය පට්ට ගං වතුරකට අහුවෙච්ච නිසා ප්ලෑන් කරගෙන හිටපු ගමන කල් දැම්මත්, ගිය අවුරුද්දෙ අන්තිමට කොහොම හරි අපි ගෝල්ඩ්කෝස්ට් යන්න සෙට් වුනා.


කාලයක් තිස්සෙ යාලුවන් ගෙන් අයින් වෙලා හිටපු මට දෙයියො දුන්න වගේ හොඳ බොකු ටිකක් තියන මිත්‍රයො ටික දෙනෙක් සෙට් වෙච්ච් නිසා කීයක් ගියත් මේ ගමන උන් එක්කම යන්න මම තීරනේ කරල තිබ්බෙ.


ඊට කලින් දවසෙ, ඒ කියන්නෙ සිකුරාද දවසක්, අපේ ජනි බෝයිගෙ  උපාදිය ගන්න උත්සවේ කවර් කරන්න සෙට් වෙලා තිබුනෙත් මට.මීට අවුරුදු දෙකකට කලින් මම උපාදිය ගන්නකොට එක පොටෝ කෑල්ලක් ගන්න කවුරුත් හිටියෙ නෑ.ඉතින් ජනිය හිත හොඳ එකා නිසා, උගෙ එකේ පොඩි පොටෝ කෑලි ටිකක් ගන්න අපිට මෙල්බන් වලින් ගොඩක් දුර යන්න උනා.මොකද ඒකත් තිබුනෙ පට්ට ඩොටේ.ඒ ගමන් මහන්සියයි රෑ දෙගොඩහරියෙ ආපු නිසා නිදිමතයි ඕනවටත් වැඩියෙන් තිබුන.


මේ ගමන අපේ ලොකු හීනයක් වෙලා තිබුනෙ.ඒත් අන්තිමට අතේ තිබ්බ සල්ලි පිච්චියටම හිඳෙන කම් වියදම් කරල ගොල්ඩ්කෝස්ට් බලා යන්න පිටත් උනා.මාත් එක්ක කොල්ලො හතයි.කෙල්ලො තුනයි.අංකලුයි ඇන්ටී.ඔක්කොම දොලොස් දෙනයි


මෙල්බන් එයාපෝට් එකෙන් පිටත් වෙලා ගෝල්ඩ්කෝස්ට් බහිනකොට මම හිතන්නේ උදේ අට අටහමාර විතර ඇති.ඒත් බහිනකොට ම දැක්ක සීන් එකට දික ගොඩක් දුක හිතුන.



මෙටිකට මෙ යක්කු වෙල්කම් පෝස්ටරුත් ගහල.

සංසාර බැඳීම


මිතුන්... මට දැන් දවස් ගානක ඉඳල හරියට නින්දක් නෑ.හැම දාම අඩ නින්දෙන් ඇහැරෙනව.කවුද මගෙ කකුලෙන් අදිනව වගේ දැනෙනව.


ඔයා හීනෙන් බයවෙලා.රෑට බුදු හාමුදුරුවන්ට පාන පත්තු කරල නිදාගන්න.නැත්තම් පිරිත් දාල තියන්න.එතකොට හරියයි.


මුහුදි එහා රැකියාව කරන මිතුන්, සිය දුක සැප බෙදා ගත්තේ සංජීවනී සමගය.නෑදෑකමට ඇය සිය පෙම්වතිය වූ ගයානාගේ වැඩිමහල් සහෝදරිය විය.වසර ගනණාවක සිට රෝගාතුර ව සිටි ගයානා වැඩිදුර ප්‍රතිකාර සඳහා විදේශ ගතවන විට සිය පෙම්වතා බලාගැනීමේ වගකීම ඇයගේ සහොදරියට පවරා ගියාය.

සංජීවනී ත්,ගයානාත් එක බඩවැල කඩාගෙන ආ සහෝදරියන් නොවුනත්, ඔවුන් මවක හා දියනියක අතර ඇති ලෙන්ගතුකමට සමාන බැදීමකින් පසුවූ දෙදෙනෙක් විය.ඒ බැදීම නිසාම සිය පනමෙන් වූ පෙම්වතාගේ වගකීම සිය වැඩිමහල් සහෝදරියට බාරදී යෑමට ඈ නොපැකිළි විය.


මිතුන් අයියේ.. අක්ක ඔයාව හොඳට බලාගනී.මටත් වඩා.මම නම් ඉඳල හිටල හරි ඔයා එක ජල්ලියක් අල්ලනව.අනේ අක්ක නම් ඔයා කියන ඕනෙම දෙයක් අහගෙන ඉදී .


ගයානාගේ නික්ම යෑමත් සමග නැවතත් අතරමන් වූ මිතුන් ඔහුට ලැබෙන සුළු නිවාඩුව පවා ගෙවා දැමුවේ සංජීවනී සමගය.ඒ කාත් කවුරුත් නැති රටක දැනෙන තනිකම ඔහුට තනියම විඳ දරාගැනීම ඉතාමත් අපහසු වූ බැවිනි. තනිකඩ බෝඩිම් ජීවිතයට හිරවූ සංජීවවීටද සවස සිය රැකියා ස්ථානයෙන් ආ පසු වචනයක් හුවමාරු කරගැනීමට හිටියේ ඔහු පමනි.


ඔයා දන්නවද මිතුන්...අපි නුවරඑලියෙ ගිය වෙලාවක, සාත්තර කාරයෙක් කිවුව ඉස්සර ආත්මෙක මමයි නංගී සහෝදරියොලු.


"හික්…හික්.. ඉතින් සාත්තරකාරය තව මුකුත් කිවුවෙ නැද්ද?”


ඔය, ඔයාට විහිළු..මම කියන්නේ නෑ..


නෑ නෑ කියන්නකො, ඔන්න මම කට වහගත්ත.


දවසක් නංගි වතුර පාරකට වැටිල ගහගෙන යනකොට මමත් පැන්නලු එයාව බේරගන්න. පස්සෙ අපි දෙන්නම වතුරෙ ගිලිල මැරුනලු.


ඔය සාත්තර කාරයින්ගෙ ගජ බින්න.ඔයයි නංගී ඉනේ ඉතින් බඩ බැදගෙන වගේනෙ. ඌ ඒක දැකල ඔයාලට හෙනෙ කෙප්පයක් අතෑරල හොඳ ගානකට තට්ටුකලා නේද?”


සංජීවනී හා මිතුන් අතර මෙවැනි කතාබහ නො අඩුව සිදුවුනි.ලැබෙන හැම තත්පරයම ඔවුන් ගතකලේ පරිඝනකය අසලය.එය ඔවුන් දෙදෙනාගේ සන්නිවේදන මධ්‍ය විය.

නමුත් රෑට නින්ද නොයෑමේ රෝගයෙන් ගොඩ ඒමට තවමත් සංජීවනී නොහැකි විය.දිනක් අඩනින්දේ සිටි මිතුන්ගේ මුහුණද කවුරුන් හෝ කෙනෙක් හෙමින් ස්පර්ශ කරනු සිහිනෙන් මෙන් දැනුන නමුත් ඔහු ඒය සංජීවනී නොපැවසීමට ඉටා ගත්තේ ඉන් ඇයගේ නින්ද නොයෑමේ රෝගය දරුනු වේයැයි සැක ඇතිවූ බැවිනි.



හදිසියේම මිතුන්ගේ දුරකතනය නාද වන්නට විය.


හෙලෝ....කවුද මේ...


නන්නාඳුනන අංකයකින් ලැබුනු දුරකතන පනිවිඩයට ඔහුගෙන් ලැබුනු ප්‍රතිචාරය එය විය.



මිතුන් අයියෙ මම...මේ ටිකට මගේ කට හඬත් අමතක වෙලාද?”


අනේ ඔයාද...නොදන්න නම්බර් එකකින්නේ ආවෙ.එකයි එච්චර ගනන් ගත්තෙ නැත්තෙ.ඔයාට කොහොමද දැන්?”



වෙනසක් නෑ.ඔයා දන්නවද? මම ගියා අක්කිව බලන්න!

 .........................
සත්‍ය කතාවක්.
ඉතිරිය පසුවට...


Jan 12, 2012

අවසරයි ඉතාලි රෝස මල !



උණුහුමේ ඉපිද
ජීවිතෙන් බැට කෑ
ඉතාලි රෝස මල
සමු දෙන්නම්
නික්මී නැවතත් පිපෙන්නට
සීතල ඇල්ප්ස් කඳු අතර නිම්නයක 
අමතක කර දමා 
තටු සිඳුනු වසන්තය 
පිපීයන් නැවතත් සුවඳින් 
වැටෙන්නම් හැමදා තුශාරයක් ව 
නුඹටත් හොරෙන්
කැන්ගරු රටින් එන 
වළාකුලක නැගී
එතෙක්
ආයුබෝවන්
 

Jan 10, 2012

නව වසරට සුභපැතුම් සමග ඉස්පිරිතාලයක ගතවුන අලුත් අවුරුද්ද.


2011 අවුරුද්දත් ඉවරයි.පහුගිය මාස දොලහට කොච්චර නම් දේවල් සිද්ධ වුනාද?ඒක මට විතරක් පොදු දෙයක් නෙමේ,මේ බ්ලොග් ලියන හැමකෙනාටම පොදු දෙයක්.දුක,සතුට,බලාපොරොත්තු,හීන මේ එක එක දේවල් එක්ක යුද්ධ කරපු,සමහර ඒව දිනල හුරේ දාපු,තවත් ඒව පැරදිලා දුක් වෙච්ච්, එක එක හැල හැප්පීම් එක්ක ගතවෙලා ගිය පහුගිය මාස දොලහ දැන් ඉවරයි.2012 අලුත් අවුරුද්දක්.මායන් කැලැන්ඩරේට අනුව නම්  මේ අපි ගෙවන්නේ අපේ අන්තිම අවුරුද්ද. ඉතින් මේ අවුරුද්දෙ මේ හැම කෙනෙක් ගෙම හැම බලාපොරොත්තුවක්ම ඉශ්ඨ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. 

පරක්කුවෙලා අලුත් අවුරුද්දට සුභ පැතුවට සමාවෙන්න. මේ දවස් ටිකේම ගෙදර හිටියෙ නෑ.දිග නිවාඩුවක් ලැබුන.යාලුවො සෙට් එකත් එක්ක උන්ගෙ ගෙදර  මේ ටික කාලෙම ගෙවුනෙ.

දැන් කතාවට බහිමු.

 ..................... 

හරියටම තිස් එක රෑ.අලුත් අවුරුද්ද ලබන්න තිබුනේ තව ටික වෙලාවයි.ඒ වෙනකොට මමත් මගේ ගජයොත් හොඳටම බීල හිටියේ. අලුත් අවුරුද්ද ලබන මහ රෑ හැමෝගෙම අදහසට රාත්‍රී සමාජශාලාවක ගත කරන්න තීරණය වෙලා තිබුනෙ.2012 ලබනකොට අපි හිටියේ හයි වේ එකේ.පාර අයිනෙම තිබුන සර්විස් ලේන් එකේ අපේ වාහන නතර කරල  යන හැම වාහනේකටම ඇහෙන්න "happy new year" කියල ගිරිය යටින් කෑගහපු එක තමා අපි කලේ.
තව සති දෙකකින් මගෙ එන්ගේජ්මට් එක.හරි නම් මම අද ඉන්න ඕනේ පන්සලේ.මලක්,පහනක් පත්තු කරල අලුත් අවුරුද්දටයි,මගේ අලුත්  ජීවිතේටයි ආශිර්වාද ගන්න ගමන්.ඒත් බාගෙට මත්වෙලා තිබුන මගෙ ඔලුවට ආපු මේ අදහස  රට බීමවල තිබුන මත් ගතියට යටපත් වෙලා ගියා.
 සමාජ ශාලාවට අපි යනකොට අලුත් අවුරුද්දෙ ප්‍රීතියත් එක්ක  සතුටු වෙන්න ආපු කාන්තාවන්ගෙන් මුලු සමාජ ශාලාවම පිරිල තිබුනේ.ඇඟිල්ලක් ගහන්න ඉඩක් තිබුනේ නෑ.අඳුරන කිහිප දෙනක් හිට්ය නිසා ඇතුලට රිංගගන්න එක ඒ තරමටම අමාරු වුනේ නෑ.

කොටටම කපල තිබුනු මගෙ කොන්ඩෙට මැදිවියේ සුදු කාන්තාවන්ගෙන් තිබුනෙ විශාල ඉල්ලුමක්.ඒක මගේ යාලුවන්ටත් ලොකු පුදුමයක් වෙලා තිබුනේ.

"යකෝ අද උඹට ඇන්ටන්ගෙන් තියන ඉල්ලුම.අපි මෙහේ වේලෙනව."

මැදියම් රැයත් පහුවෙලා හෝරා දෙකක් විතර යනකම්ම එක එක ජාතියේ කාන්තාවො එක්ක මම කලේ විනෝද වෙන එක.ඇල්කොහොල් මතට මම වගේම ඒ අයත් පියවි සිහිය පහුකරල ගොඩක් දුර ඇවිත් තිබුන.ඒ වගේ තැනක සිප ගැනීම්, වැළඳ ගැනීම් නො අඩුව තිබුන.ගෙදට හිරවෙලා හිර කාරයෙන් වගේ හැදුනු මට දුරු රටක මේවගේ අත්දැකීම් ලබන්න තිබුනෙ පුදුමාකාර ආශාවක්.

මේ අතරෙ අපිත් එක්කම ඇවිත් හිටපු මගෙ තව යාලුවෙකුගෙ ගැහැනු ළමයව අනවශ්‍ය විදියට අතපත ගාපු, ශරීරයෙන් හැඩි දැඩි  "මවුරි" පිරිමි දෙතුන් දෙනෙක් එක්ක මගේ යලුව ලොකු ප්‍රශ්නයක් ඇතිකරගත්ත.ටික වෙලාවක් යනකොට සමාජ ශාලාවෙන් දොට්ට ඇදල දාන්න තරම් මේ ප්‍රශ්නෙ දුරදිග ගියා.ඒත් අපි අඳුරගෙන හිටපු බොහෝ දෙනෙක් එත හිටපු නිසා.ඇඟෙන් විශාල වුනත්,අපිට අතක් උස්සන්න තරම් ඒ මිනිස්සු මෝඩ වුනේ නෑ. ඒත් එලියට ආපු අපි අතරත්, ඒ පිරිස අතරත් අසබ්‍ය වචන හුවමාරුව දිගටම පැවතුනා.

මචන් මොකද කියන්නේ උන්ගේ තුන්දෙනයි ඉන්නේ.ගහමුද?”

එ වචනේ පිටවුනා විතරයි.අපේ දෙතුන් දෙනෙක් දන්වැල් ලිහපු පිස්සු බල්ලො වගේ අර හැඩි දැඩි පිරිමි ඉස්සරහට දුවන්න ගත්ත.මේ අතරින් එක්කෙනෙක් ඉස්සර වුනා.

ඩිග්…”

දුවගෙන ගිය මගෙ යාලුවගෙ මූනට සැර පහරක් වැදුන.මම එතනට යනකොට ඌ නහයෙන් කටින් ලේ පෙරාගෙන වැටිල හිටිය.


හී ඉස් නොට් බ්‍රීතින්...සම්බොඩි කෝල් ඇන් ඇම්බ්යුලන්ස්...

එක ගෑනියෙක් කෑහැහුව.

වටේ හිටපු අයගෙත් උදවුවෙන් අපි මේ මනුස්සයව ඉස්පිරිතාලෙට අරගෙන ගියා.ඒ වෙනකොටත් යාලුවට සිහිය ඇවිත් තිබුනෙ නෑ. අපි ඉස්පිරිතාලෙට යනකොට යාලුවව ඇතුලට අරගෙන. වෙන කරන්න දෙයක් නොතුබුන නිසා අපි කලේ අමුත්තන්ට වාඩිවෙන්න තිබුනු සෝෆා වල දිග ඇදිච්ච එක.ඇගේ මහන්සියත්,මත් ගතියත් නිසා දන්නේම නැතුව නින්ද ගියා.

හේ මේට්.. ගෙට් අප්...

කවුද එකෙක් මාව කූද්දනව...නිදිගැට කඩ කඩ, මතට වැහිල තිබුන ඇස් අමාරුවෙන් ඇරල බලුව.
 මල හත්තිලවුවයි.පොලිස් කාරයෙක්..

නැගිටපන් යකෝ මෙන්න මූට කට උත්තරයක් දීපන්.අන්න අරුන්ව අල්ලගෙන ඇවිත්.තොපි දෙන්න මේක දෙවනත් වෙන්න ගෙරෙවුව.මේ යක්කු කතා කරන එකවත් ඇහෙන්නේ නෑ. නර්ස්ල හිනාවෙනව.විලි ලැජ්ජාවෙ බෑ.

අපි ඉස්පිරිතාලෙ දෙක වෙන්න ගොරවල.පුදුමයි එලියට නොදැම්ම.

අන්න අරූට සිහිය ඇවිත්ලු.මේ ඩොකා කතා කරනව.

බෙල්ලට තද බැන්ඩේජ් එකක් දාල.මූන පැත්තක් හොඳටම ඉදිමිලා.ඒ මදිවට සේලයිනුත් දෙනව.අපි යනකොට ලඟ හිටපු ටිකක් ආසියානු පෙනුමක් තිබ්බ නර්ස් කෙනෙකුට මූ ලයින් එකත් දානව.

"අර බලපන් අරූ..
නොදකින් කාලකන්නිය තවත් මට්ටු නෑ."

"කොහොමද උඹට ?"

අඩෝ මට කබ්බ දාන්න ඕනෙ.

ඔන්න මේ යකා ඉස් ඉස්සෙල්ලාම අහපු එක.

උඹට මතකද මොකද වුනේ කියල?”

නෑ බන් ක්ලබ් එකෙන් එලියට එව මතකයි.ඊට පස්සෙ මේ ඇඳේ  නර්ස් එක්ක.කොහොමද කෑල්ල? ඉස්ම නෑ නේද?”

ටිකට් කපාගෙන ගෙදර එනකොට එලි වෙලත් එක්ක.හැබැයි ඉස්පිරිතාලෙන් එලියට එනකොට මේ වෙච්ච සිද්ධිය කාටවත් නොකියන්න හැමෝම පොරොන්දු වෙලා හිටියෙ.

.....................

මේක මට වෙච්ච සිද්දියක් නොවුනත් මගේ බොක්කෙ යාලුවෙකුට සිද්ධ වුන දෙයක්.කාටවත් නොකියන පොරොන්දුව පිට තමා ඌ මට එම විස්තරේ දිග ඇරියෙ.
Related Posts Plugin for WordPress, Blogger...