Oct 19, 2011

පිටිදූවේ හාමුදුරුවෝ සකෘධාගාමි වීම සහ ඉල්ලගෙන පවු පුරවා ගැනීම

සුගිය දින කිහිපයේ ලංකාවෙ වෙබ් අඩවි පුරා උණු කැවුම් සේ අලවි වුන එක් දැන්වීමක් වුයේ, පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවො සෝවාන් වී ඇති බව හා උන්වහන්සේ සිය නම පවා වෙනස් කර ඇති බවයි.

මේ ලියන්නට යන්නේ ඒ පිළිඹඳ විවේචනයක් නොවන වග මුලින්ම කිවිය යුතුය. 

සිරිධම්ම හාමුදුරුවෝ යනු  එදා සිට ඉතා තාර්කික ලෙස බුදු බණ කියා දුන්,ලංකාවේ සිටින අතලොස්සක් ධර්ම දේශක ස්වාමීන් වහන්සේලාගෙන් එක අයෙකි.මා දන්නා ලෙස උපාධිය තෙක් අධ්‍යාපනය හදාරා පසුව මහන දම් පිරීමට ගිහි ගෙයින් නික්මුන අයෙකි.අනෙක් දේශක ස්වාමීන් වහන්සේලාගෙන් වෙනස්ව ඉතා සුවිශේෂ ආකාරයකට ධර්ම දේශනාකරන බුද්ධ පුත්‍රයෙකි.

ඉතා වැදගත්ම කරුන වන්නේ,උන්වහන්සේ සෝවාන් මාර්ගයත්,ඵලයත් පසුකර සකෘධාගාමී අවස්තාවට පත් වුයේනම්,නිවන් මාර්ගයේ අඩක් ගමන් කල උතුමෙකු අප අතර සිටින බව ට එය ඉතාම හොඳ සාක්ශියක් වන බැවිනි.තවද, ලංකාවේත් අනෙක් රටවලත් බාවනා කුටි වලට වී,බාවනානුයෝගීව මීටත් වඩා එහා මාර්ග ඵල ලබාගත් උතුමන් සිටියත් උන්වහන්සේලා  සමාජයට පැමින ඒ බව නොකියන අවදියක, පිටිදූවේ හාමුදුරුවො ඒබව පැවසීම පවා ලාංකික අප ලද පිනක් ලෙස සැලකිය හැක.

මේ කතාව අසා බොහෝ දෙනා එය හිස මුදුනින් පිළිගන්නවා වෙනුවට  උන්වහන්සේට කට කතා හැදීම ආරම්භ කලෝය.බුදු හාමුදුරුවන්ටත් කට කතා හැදුවා නම් අද වැනි කාලයක උන්වහන්සේ ගැන කවරනම් කතාද?


අවසාන වශයෙන් එක් ඉල්ලිමක් කිරීමට ඇත.ඔබ හා මම මීට පෙර නිවන් මගේ අඩක්  ගමන්කල හෝ එයට ලඟාවු හෝ උතිමෙකු දැක නැත.ඉතින් එය සනාත කර ගැනීමට හැකි එකම ආකාරය වන්නේ උන්වහන්සේගේ ධර්මදේශනා වලට සවන්දීමෙන් පමනි.කෙසේ වෙතත්,ඔය කතා බොරු යැයි කියා,චීවර ධාරියෙකුට නින්දා කිරීමෙන් පවු පුරවා ගැනීම හෝ  සකෘධාගාමී උතුමෙකුට එසේ කියා කල්ප ගනනක් අපායේ කරක්ගැසීමට වාසනාව උදා කර නොගන්නාලෙස ඉලා සිටිමි.


19 comments:

  1. පිටිදුවේ හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවො ඔහුව සාසනයෙන් එලෙව්වා එතකොට තවදුරටත් "පිටිදුවේ සිරිධම්ම" කියන නමින් භික්ෂුවක් ඉන්න බැ , මේ ඒ නිසා දාන රඟපැමක් කියල හිතන එක වැරදියිද ?

    ඇහුවද උන්නාන්සේ රන්දිවත් එක්ක කරපු සාකච්ඡාව , නිවන් මගේ ගිය කෙනෙක්ගේ වචනය ඔයිට වඩා සංවර විය යුතුයි කියල හිතෙන්නේ නැද්ද

    ?
    යමක් එහෙයි කියල පිලිනොගෙන බුද්ධියෙන් විමසා බැලීමේ අවස්ථාව ලැබිල තියන එකම ආගමිකයින් පිරිස බෞද්ධයින් . ඒනිසා තමයි මේ ප්‍රශ්න කිරීම් ඇතිවෙන්නේ ?

    ReplyDelete
  2. බුවා කියන එක ඇත්ත. උන්වහන්සේගේ තාර්කික ධර්ම දේශනාමය ස්වරූපය ඉතා අනර්ඝයි. නමුත් මටත් හිතෙනවා අපි අහලා තියෙන ධර්මයේ හැටියට සකෘදාගාමී මාර්ගයට පිවිසියේ නම් ඔයිට වඩා වචී සංවරයේ පිහිටා කතා කරනු ඇතැයි කියලා. නමුත් 100%ක් නිවැරදිව ඒ බව අපට කිව නොහැකි බව මගේ මතයයි.

    ReplyDelete
  3. යමෙක් කියන පලියටම පිලි නොගන්නා ලෙස බුදු බනේම සදහන් වෙනවා. මමත් බුවාගේ කථාවට එකඟයි. මේ පුද්ගලයා කැලණිය මයික්‍රෝ බයෝලජි කලේ. හැබැයි හොදින් බන පොත කියවා ඇති අයෙක්. පසුව වැරදි මගක ගොස් අනාත වුවත් ධර්මය ගැන අවබෝධයක් තිබෙනවා. ඒත් කනගාටුව තමයි මෙහෙව් උතුමෙක් ඔට්ටුවක් අල්ලනවා. ඒක හරි නැහැ නේද සකෘදාගාමී උතුම් අයෙක්ට.

    ReplyDelete
  4. කස්සා මං දන්න තරමින් නම් බං මාර්ග ඵලයක් ලබාගත්ත උත්තමයෙක් ඒ බව කිය කියා පොර වෙන්න දඟලන්නේ නෑ... තමන්ගේ පාඩුවේ අනිත් අය වගේම හැසිරෙමින් ඉන්නවා මිසක්...

    ReplyDelete
  5. අපි වගේ පෘතග්ජනයන් සෝවාන් සකෘදගාමී උතුමන් විවේචනය කරන්න සුදුසු නෑ තමයි. ඒකට අවශ්‍ය දර්ශකයක් අපි හඳුනන්නෙ නෑ. ඒත් මේ හාමුදුරුවො එහෙව් පෘතග්ජනයන්ට අභියෝග කරනව උන්නාන්සෙ සකෘදගාමී නෑ කියල ඔප්පු කළොත් ලක්ෂ පන්සීයක් දෙනවයි කියල. ඉතින් අපි ව‍ගේ පෘතග්ජනයන්ට හිතෙනව තමයි සකෘදගාමී උතුමෙක් අපි වගේ භව අන්ධකාරයේ ගිලුණු අයට අනුකම්පාවෙන් කටයුතු නොකර ඒ වගේ කල‍ නොහැකි අභියෝග භාර දෙයිද කියල. ඒ අභියෝගය භාරගන්න පුඵවන් අනාගාමී, මහරහත් භාවයන්ට පත් වුණ අයට විතරයි වෙන්න ඇති. ඉතින් ඇයි ‍මේ "මම" නැති කරන්න යන ගමනක් තුළ "මම" සකෘදගාමී නොවේ යැයි ඔප්පු කිරීමක් "මට" අවශ්‍ය වෙන්නෙ.
    අපි වැරැදි ඇති. ඒත් ධර්මයේම කියනවනම් කියපු පමණින් පිළිනොගෙන විමසා බලන්න කියල අපි විමසා බැලිය යුතුයි. ඒත් ඔබ කිව්ව විදියටම ඒ විමසීම අපහාසයක් නොවිය යුත්තේ අපි තවම නොදන්නා නිසයි.

    ReplyDelete
  6. ඇත්තටම කස්සා මමත් දෙයක් ඇහුව පලියට විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ හන්දා උන්වහන්සේ මාර්ග ඵල ලැබුවද කියන්න මම දන්නේ නෑ. ඒත් මම පොත පතේ කියවලා තියන විදිහට මාර්ඟ ඵල ලැබූ කෙනෙක් නම් වෙනස් කරන්න, ඒ දේවල් වලට මහා ප්‍රසිද්ධියක් දෙන්න කටයුතු කරයි කියලානම් හිතන්න අමාරුයි. අතීතයේ කිසිම තනක සඳහන් වෙන්නේ නෑ මාර්ග ඵල ලබපු ස්වාමීන් වහන්සේ නමක් ඒ බව අඩ බෙර ගගහා කියපු බව.
    යමෙක් දෙයක් කිව් පලියට ඒක හිස මුදුනින් පිළිගන්න කියලා බෞද්ධ දර්ශනයේ කොතනකවත් සඳගන් වෙන්නේ නෑ. අපි ඒ දේවල් මනසින් විමසා බලන්න ඕනේ.
    මට පේන විදිහට දැන් දැන් බුද්ධාගමට එක එක අය ඒ අයගේ මිත්‍යා විශ්වාස ඔබ්බලා බුද්ධාගම ඒ ඒ අයට හරියන විදිහට කස්ටමයිස් කරගන්න බවක් තමයි පේන්න තියෙන්නේ. ඒ ගැනනම් බොහොම කණගාටුයි!

    ReplyDelete
  7. පිටිදූවෙ හාමුදුරුවන්ගෙ "අමාදහර" වැඩසටහන දිගටම අහපු කෙනෙක් මම. එතනදි උන්වහන්සෙ හරිම පැහැදිලිව ධර්ම කරුණු විග්‍රහ කලේ. එතනදිත් සමහර අවස්ථා වලදී කිව්වා තමා මාර්ගඵලයකට පත්වෙලා ඉන්න බව හැගෙන කතා. ඒ ඔක්කෝම හරි කියමුකො. මගේ ප්‍රශ්නය ආසන්නම කාරණාවෙදි උන්වහන්සෙගේ හැසිරීම.(ලක්ෂ පනහක් දෙන කතාවල් වගේ ඒවා)සකෘදාගාමී කෙනෙක් එහෙම හැසිරෙයිද? මම නං කවදාවත් සකෘදාගාමී කෙනෙක් දැකල නෑ. ඒ තත්වයට පත්වෙච්ච අයගෙ හැසිරීම මේවගේ කියල හිතාගන්න තමයි වෙන්නෙ.:D

    ReplyDelete
  8. මම අහලා තියෙන්නෙ සකෘදාගාමී හො එක් මාර්ගඵලයකට පැමිණි පුද්ගලයන් වහා වහා කරන්නෙ අනෙක් මාර්ග ඵල වලට පැමිළණ සසර කෙලවර දකින්න උත්සහා කරන එක කියලා.

    මාර්ගඵල ලබා ගත් කෙනෙක් ඒ බව කිය කියා ඉන්නෙ නැත්තෙ තමන්ට ජය ගත යුතු ඉලක්කය එය නොවන හින්දා. මොකද මාර්ග ඵල ලෑබු කෙනෙකුට තමා රහත්භාවය ගැන යන්තම් හෝ අවබෝධයක එන්නෙ. ඉතින් තමන් ලගා කරගන්දෙයට වඩා ලගා කර ගත යුතු දේ උදෙසා වෙහෙසීම තමා ඔවුන් කරන්නෙ.

    ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ මේ ගැන දීර්ඝව කරුණු දක්වලා තියෙනවා.

    ReplyDelete
  9. මමත් බුද්ධිගේ කථාවට 100%ක් එකඟයි.
    උන්වහන්සේව විවේචනය කරකර ඉන්නවට වඩා උන්වහන්සේ මාර්ගඵල වලට පැමිණීමට අනුගමනය කල මාර්ගය විමසා බැලිය හැකි නම් අපටත් යම් තරමකින් හෝ නිවනට ළංවිය හැකියි.

    ReplyDelete
  10. මටත් හිතෙන්නෙ මාර්ග ඵල ලැබූ කෙනෙක් මේ විදියට ප්‍රසිද්ධියේ මම මාර්ග ඵල ලැබුවා කියලා කියෝ කියෝ ඉන්නෙ නැහැ ....

    ඉක්මනට ඉතිරි මාර්ග ඵල දෙකත් ලබා ගෙන නිවන කරා යන්න උත්සාහ කරනවා මිසක් .....

    අනිත් එක එයා මාර්ග ඵල ලැබුව කෙනෙක් කියමුකෝ එයා ලඟ කොයින්ද ලක්ෂ පන්සීයක් ........

    මාර්ග ඵල ලැබූ කෙනෙක්ට කොහෙන්ද එච්චර සල්ලි, එහෙම සල්ලියක් නැත්නම් එයා කියන ලක්ෂ පන්සීයක් දෙන කතාව බොරුවක්ද ........

    ReplyDelete
  11. Anatha pindika situwarayage duwak ho leliyak (mata hariyatama mathaka nehe) sakrudagami welaa hitiye...miyayana mohothe sowan thathwaye siti ane pidu situwarayaata ' malanuwani " kiyala amathuwa...Ane pidu situwaraya eth dena gaththe nehe me sakrudaagami welaa nisayi mata mehema amathanne kiyala...awasaane budu piyaanan wahanse deshanakaranawa eya sakrudaagami welaa kiyala...maaraga pala laabeen sasara diviye his bawa dhakimin hekithak ikmanata sasara gamana kelawara karanna yanawaa misa " janathaawa athara porawal wenna " yanne nehe...media wala penna inna kathaa karana ekek wath bikku nowey...eheth pitiduwe ethulu den inna kaha redi daareen ek kenek wath dusseelayo nowethi...dusseela wanne sil thibee ema sil pada binduna witayi...me pirisa " nisseelayo ' wethi..mokada owunta sil eththema nethi nisaa.." welaka siwurak wanala thibunama lanuwa kadaa gath harake uge an deke siwura patala gena duwanawa..." lankawe minissu karanne meweni harakunta dekata nemi " anna swaameen wahanse namak " yeyi wandina ekayi...

    ReplyDelete
  12. හැමෝගෙම ප්‍රතිචාර වලින් පේන්නෙ මේ ගැන කට්ටියටම සැකයි වගේ.අපි බලමුඉස්සරහට මොකද වෙන්නේ කියල

    ReplyDelete
  13. මාර්ග ඵල ලබපු උතුමන් හරියට ඉන්නවා මේ ගෞතම බුද්ධ සාසනයේ. ඒ අය මෙහෙම කිය කියා යන්නෙ නෑ කස්සා මල්ලි. අපි දන්නෙ නෑ හරියට ඒ ස්වාමීන් වහන්සේ මොන විදිහකට ඒ ගැන තක්සේරු කරනවාද ? කියලා. මුලදී උන්වහන්සේ ගැන ලොකු පැහැදීමක් තිබ්බා විද්‍යාවත් සමග ගලපමින් ධර්ම දේශනා කල නිසා. පසුව ක්‍රියාකලාපය නිසා අපැහැදීම වැඩි උනා. අපිට තියෙන්නේ අපි අනුන් කල කී දෑ නොසොයා අපේ මර්ගයේ අපි යන එකයි මල්ලී.

    ReplyDelete
  14. මේ හිමි නම මාර්ග ඵල ලැබූවෙක් ද නැත්ද කියන්න තරම් මම නම් මෙතන ඉන්න වැඩි හරියක් තරම් බුද්ධිමතෙක් නෙමෙයි.සමහරු ඉතිහාසයේ මෙහෙමයි,පැරණි පොත් වල අය මෙහෙමයි,වුනා නම් කිය කිය ඉන්නේ නෑ...ආදී නොයෙකුත් දේවල් කියලා ප්‍රතික්ෂේප කරලා තමන් කලින් හිටිය මතයෙම දැඩි විදියට එල්බගෙන ඉන්නවා.මම මේක කියෙව්වට පස්සෙ හිතාගත්තෙ මම නොදන්න තර්කානූකූල දේවල් මේ හිමි නම දේශනා කරලා තියෙනවද කියලා ගූගල් දෙය්යගෙනුත්,යූ ටියුබ් දෙය්යගෙනුත් අහල දැන කියා ගන්න ඕනෙ කියලා.නරකද ඔයාලත් පොඩ්ඩක් හොයල බැලුවනම්?

    ReplyDelete
  15. සිරිධම්ම හාමුදුරුවන්ගේ හැසිරීමේ ගැටළු තියෙනවා. ද්වේෂ සහගත ප්‍රකාශ කීපයක් උන් වහන්සේ කර තිබීමෙන් වගේම තමන් සකෘදාගාමී නොවේ යැයි ඔප්පු කරන්න ආදී වශයෙන් අභියෝග කර තිබීමෙන් මට නම් මේ ගැන සැක ඇතිවුණා.

    කොහොම නමුත් උන් වහන්සේ එවන් තත්වයක් නොලබා ප්‍රකාශ කරනවා නම් පාරාජිකා වන්නේ උන්වහන්සේමයි. ඒ වගේම පාරාජිකා වූ භික්ෂුවකගේ උපසම්පදාව නැතිවෙන නිසා උපසම්පදා භික්ෂුවක් විදිහට පෙනී සිටීමෙන් පව් සිදුවන්නේ ද උන් වහන්සේටමයි.......

    ReplyDelete
  16. බණට වඩින්න සල්ලි ගන්නෙ අහවල් එකකටද,, පොරගෙ තියෙන්නේ බණ පැකේජ්, හැබැයි බණ කියන්නත් මාකටින් වලටත් උපරිම දක්ෂයි. අපේ ගොන්නු ටිකත් සාධු සාධු කියා කියා පස්සෙන් යනව. මේ පොස්ට් එක දැක්කෙ අද. මමත් සිරිදම්ම ගැන එකක් දැම්ම පහුගිය දවස්වල, මගේ අත්දැකීමක් කියල.

    ReplyDelete
  17. OBA SIYALU DENA LIYA ETI SIYALU DE GENA SITHA BELUWEMI. EDA CHINCHI MANAWIKAWA BADA DARU UNE BUDURDUN GEN BAWA PRASIDDIYE KIYADDI UNWAHANSETA PIHITA UNE SHAKRA DEWIYANYA. ADA SAK DEWIDU WENUWATA USAWIYA EYA THEENDU KALEYA. ESE NIWARADI WU BUDUNWAHANSETA EDA WIJJAKARAYA , INDRAJALIKAYA KIYU AYA SITIYAHA. MEDA HAMUDURU NAMAKATA PISSA KIYAI. PAWATHNA SAMAJAYE PIRISA DENUWATHWANA DE PILIBASA THAMANTA RUCHI ARTHAKATHANA DENU LABAI. GIHIYAN WANA API EKAEKENATA KADE YANAEKA WIHILUWAKI. MA BIYA NOWOWEE KIYANNE. SIRIDAMMA HIMI YAMAK KIYAI NAM EYA KEEMATA UNWAHANSETA AITHIYA THIBIYA YUTUYA.EYA ESE NOWANA BAWA MESE LIYA PALAK NETHA.E KIYANA PALAYATA WADA IHALA PALAYAK THAMAN SATHU BAWA KIYA,HO MA PALAYA YHAMA SATHU BA WA LOWATA HELIKARA EYA ESE NOWANA BAWA OPPU KALAYUTHUYA. ESE NOWANATHAK OHU PARAMASATHYA AWABODA KARAGENA NETHA YANNA OBATA HO MATA KIWAHEKI NOWE. BUBUSARANAI

    ReplyDelete
  18. ඔබගේ මතය සත්‍යකි.

    ReplyDelete
  19. ගොඩක් උන් අමුතු ලොල් කතා ටිකක් කියල තිබ්බ....හැබැයි මචංලා උඔල එක්කෙනෙක්වත් කල්පනා කලාද ඔය මෙච්චර කල් බණ කියපු කිසි හාමුදුරුකෙනක් කියපු බණ ප්‍රායෝගික ජීවිතේදි කරල බලන්න පුලුවං උනාද කියල....මිනිස්සු බුද්ධ ධර්ශනය කියල පිලිගන්නෙ තාමත් පොත් වල තියෙන දේවල්....මම මේකෙම දැක්කා එක කමෙන්ට් එකක මාර්ඝ ඵල වලට පත් උනාම සංවර වෙනව කියල....ඒ කියපු කෙනා දන්නවද දන්නෙ නෑ බුද්ධ කාලෙත් රහත් වෙච්ච හාමුදුරුවො කෙනෙක් ඉඳල තියෙනවා මිනිස්සුන්ට වසලයා කියල කතා කරපු...ඉතිං මොකටද තවත් කතා....

    මිනිස්සු තාමත් හිතන්නෙ තමන් හදා ගත්තු රාමු වල ඉඳගෙන... කවුරුවත් නිවන නිවන කීවට ඔය වෙන කිසි හාමුදුරුවො කියපු කිසිම පොත්වල තියෙන බණ වලින් අඩුගානෙ ප්‍රශ්නෙකදි හිත සෙලවෙන්නෙ නැතුව තියාගන්න ක්‍රමයක් වත් හම්බුනාද...නෑ හැමෝම කියන්නෙ පොත් වල බණ.. තමන් ලබපු ප්‍රායෝගික දහමක් කියන්නෙ නෑ...මමත් ලොකුම වෙනසක් දැක්කා පිටිදූවෙ හිමිගෙ ධර්ම දේශනා වල....ඒකයි කියන්නෙ...

    මම නං කියන්නෙ හැමෝම රැල්ලට බනින්නෙ නැතුව...මුලින් ඒ කෙනා කියන දේවල් අහල බලන්න...පස්සෙ තීරණයකට එන්න...ඒ කෙනා මොනව කලත් අපිට මොකද...ඇත්ත කියනවනං....ප්‍රභාකරන් උනත් කමක් නෑ ඇත්ත කිනවනං...ප්‍රයෝජනයකට ගන්න පුලුවං දෙයක් කියනවනං එයාගෙන් හරි ගන්න...

    මම දන්නෙ නෑ පිටිදූවෙ හිමි මාර්ඝ ඵල වලට පත් වෙලාද කියල....ඒත් කියන දේශනා වල ලොකු වෙනසක් තියෙනවා සාම්ප්‍රධායික ධර්ම දේශනා වලට වඩා....අඩුගානේ ධ්‍යානලාභියෙක්වත් වෙන්න පුලුවං කියල මට හිතෙනවා....ධ්‍යානලාභියො නෑ කියල කවුරුහරි හිතනවනං ඌ තරං ලොකු ගොනක් නෑ...මොකද දැනට උනත් හිමාලයේ ඉන්නවා බලවත් හැකියා තියෙන ධ්‍යානලාභියෝ.....ලංකාවෙත් ඉන්නවා.... ලංකාවෙ අය පිටිදූවෙ හිමිගෙ වචනෙ විස්වාස නොකලට අපේ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවොන්ගෙ වචනෙ පිලිගන්නව නේ....උන්වහන්සෙගේ චරිතාපදානය කියවල බලන්න අවුරුදු දහස් ගනං ජීවත් වෙන තවමත් ජීවත් වෙන ධයානලාභී යෝගියෝ ගැන සඳහන් වෙනව....

    අපි හිතමු මාර්ඝපළ ලාබී කියල....ඉතිං එහෙම උනා කියල කිවුවම අපි මොකද...තමන් කැමති දෙයක් කියන්න තමන්ට අයිතිය තියෙනවනේ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...