Feb 5, 2013

වන අරමක සත් දවසක්

මුළු සරුවාංගෙම හිරිගඩු පිපෙන තරමට සීතල.වටේටම පැතිරිලා තියෙන කඳු පන්තිය අතරින් යාන්තමට ගාලාගෙන එන උදෑසන ඉර එළියට ඇඟේ දැවටිලා යන තද සීතල මට්ටුකරන්න තරම් ශක්තියක් තිබුනෙ නෑ.මහ විශාලෙට වැවිල තිබුන පයින් ගස් දෙක අතරින් වැටිල තිබුන පුංචි අඩිපාර දිගේ ලොකු හාමුදුරුවො ශාන්ත ගමනින් කන්ද මුදුනට වඩිනව.අඩිපාර දිගටම වැඩිල තිබුන කුඩා පදුරු වල එක එක පාටට පුංචි පුංචි මල් පිපිල, ඒ සීත ඍතුවෙ අවසාන කාලෙට මේ පුංචි මල් පඳුරු දක්වපු ප්‍රතිචරය.ඝණ කොල පාට වන වැස්මටම ආවේනික වෙච්ච ගුප්ත නිහැඬියාව ඉර එළිය  පොළවට වැටෙන්නත් කලියෙන්ම කැලෑව දිගේ වඩින මේ බුද්ධ පුත්‍රයන්වහන්සෙ දිහා බලාගෙන සාදුකාර දෙන කුරුල්ලන්ගෙ කිචි බිචියත් එක්කම නැතිවෙලා ගියා.
සෙනසුරාද දවසට ඇරෙන්න සතියෙ අනිත් හැම දවසකම, ආරන්‍යයෙ ජීවත්වෙන වනවසී හාමුදුරුවරු, හීල් දානෙන් පස්සෙ, සීතලෙන් බේරෙන්න ඇදගත්තු ලොකු පඬු පාට කබායවල් වලින්,කැලැවෙ තෙතමනෙන් බේරෙන්න පැලඳගත්තු ලොකු බූට්ස් සපත්තු වලින් වගේම එදිනෙදා වැඩපලට උපකාර වෙන එක එක උපකරණවලින් සන්නද්ධ වෙලා කඳු මුදුනට වඩිනව.මේ ගමනට හේතුව වුනේ, සීත කාලෙන් පස්සෙ එන ග්‍රීෂ්ම ඍතුවට හටගන්න දරුණු කැලෑ ගිනි වලින්, කැලෑවෙ තැනින් තැන හුදකලාව පිහිටල තියන,තමන් වහන්සෙල භාවනාවෙන් කල් ගෙවන පුංචි කුටිවල ආරක්ශාවට, එ අවට ශුද්ධ පවිත්‍ර කරගන්න.

ලී කනු හතරක් උඩ කුඩාවට තනල තිබුන භාවනා කුටියක් අවට වැවිල තිබුන  පදුරුත්, ඒ අවට වැටිල තිබුන කොලරොඩුත් එකතු කරල පත්තුකරල තිබුන තරමක් ලොකු ගිනි මැලය සුදුපාට දුම් වළාවක් නගමින් පට පට ගගා ඇවිලෙනව.ඇවිලෙන අමු කොල රොඩු අස්සෙ තරමක් ලොකු මකුලුවෙන් ගිනි රස්නෙන් බේරෙන්න ලොකු වෑයමක.අතේ තිබුන කෝටු කෑල්ලෙන් මම ඌව කැලේ පැත්තට විසිකලා.


"දිනේෂ් මොකද ඒ කළේ? ඌ නිකම්ම නිකම් මකුලුවෙක් විතරයිනෙ."


මම කරපු දේ දිහා බලාගෙන හිටපු ලොකු හාමුදුරුවො එක පාරටම මගෙන් එහෙම ඇහුව.


"අජාන් ඌටත් ජීවත් වෙන්න අයිතිය තියනවනෙ.අනික මම සත්තු මරන්නෙ නෑ"

 
සිල්වත් කමේ උපරිම තලයට ගිය මේ වගේ සංඝ පීතෘ නමක් මගෙන ඒවගේ ප්‍රශ්නයක් අහපු එකට මම කලබල වුනේ නෑ.මොකද කොයිම වෙලාවක හරි උන්වහන්සෙ මාව පරීක්ෂා කරන බව මම දැනගෙන හිටිය. 


                 ජීවිතේ බොහොමයක් හැලහැප්පීම් එක පිට එක ඇවිදින් මහා මූසල විදියට තරවටු කරනකොට, කවදාවත් නොදැකපු කෙනෙකුගෙ උදවුවෙන් අඳුනගත්තු ශේන් කියන බෞද්ධ මහත්මයගෙ මග පෙන්වීමෙන්, කලබලකාරී නාගරික ජීවිතෙන් මිදිල මේවගෙ තැනක ටික දවසක් නතරවෙන්න ලැබුන එක හිතට ලොකු සැනසීමක්.මුල්ම දවසෙ අපි ආරන්‍යයට යනකොට දවල් දානෙ වෙලාවත් කිට්ටුවෙලා.වෙනද වගේම එක එක තරා තිරම් වල, එක එක ජාති වල බෞද්ධයො, තම තමන්ට හැකි විදියට පිළියෙල කරගත්තු දවල් දානෙත් සූදානම් කරගෙන,හාමුදුරුවරු වඩින කම් දානශාලාවට වෙලා නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නව. 

දානෙ වැඩ කටයුතු ටික අවසාන වුනාට පස්සෙ පුරුදු වුදියට ලොකු හාමුදුරුවො ටික වෙලාවක් ධර්ම සාකච්චාවක යෙදෙනව.ඒ,ලෝකෙ හතර කොනින්ම එන මේ මිනිස්සුන්ගෙ නානාප්‍රකාර ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න.ඒ වැඩෙත් අහවර වෙලා ටික වෙලාවකින් ලොකු හාමුදුවුවො මාගවට වැඩිය.

"දිනේෂ් දවස් හතක්ම ඉන්නව නේද?"

"එහෙයි අජාන්!"

"ගිහින් අර පොඩි නමගෙන් දිනේෂ් ගෙ කුටියෙ යතුර ඉල්ලගන්න. මම කියාපු බඩු ටික ගේනාව නේද?"
"එහෙයි."



දාන ශාලාවෙන් පිටිපස්සෙ තියන පුංචි ආවසෙ ඇතුලෙ පොඩි හාමුදුරුවරු කීප නමක්ම වැඩ ඉන්නව.ඒ හැම කෙනෙක් ම බොහොම සිල්වත් උන්නාන්සෙල.කිසි කතාවක් බහක් නෑ.
පොඩි හාමුදුරුවන්ගෙන් යතුර ඉල්ලගත්තු මම කෙලින්ම ගියේ
කුටිය හොයාගෙන.ලෑලි වලින් හදපු පොඩි ඇඳකුත් ඒ අසලින්ම තිබුන පොඩි මේසෙකුත්,පුටුවකුත් පොඩි රෙදි රාක්කෙකුත්,පුන්චි හීටරේකුත් ඇරෙන්න මේ මුළු කුටියටම තිබුනෙ ඇඳට උඩින් එල්ලල තිබුන අජාන් චා හාමුදුරුවන්ගෙ පිතූරයක් විතරයි.බොහොම නිවිච්ච ඇස් දෙකකින්, මුළු ආත්මෙමෙ පසාරු කරගෙන යන බල්මකින් උන්නාන්සෙ කුටිය දිහාම බලාගෙන ඉන්නව.මම අරගෙන ගිය ටෝච් එකයි,දත් බුරුසුවයි ,ඇදුම් ටිකයි,බණ පොත් ටිකයි රෙන්න වෙන කිසිම දෙයක් නෑ.මේ සරල බව නිසා,බොහොම සංකීර්ණවෙලා තුබුන මගෙ ජීවිතේට ලොකු සැහැල්ලුවක් දැනෙන්න ගත්ත.

18 comments:

  1. තව මේ ගැන ලියයි කියලා හිතනවා...

    ReplyDelete
    Replies
    1. අනිවා මචන්. තව කෑල්ලක් තියනව.

      Delete
    2. එකක් ලියල ශේප් වෙන්නද හදන්නේ .. දවස් හතට 7 තක් වත් ...

      Delete
  2. තවත් කොටසක් බලපොරොත්තුවෙන්

    ReplyDelete
  3. වොබර්ටන් ගිහින් වගෙයි?

    ReplyDelete
  4. හිතට මොකද්දෝ අමුත්තක් දැනුනා.. තව තියෙනවලුනේ.. ඒකත් ලියමු මචං..

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ලියන්නම් මචන්

      Delete
  5. මටත් ආසයි ඔහොම ගිහින් ඉන්ට. කස්සගේ අත්දැකීම් අපි එක්ක බෙදාගනී කියලා හිතනවා ඉක්මනින්.

    ඔය ස්තානයට ගියාම හිතට දැනෙන සුවය නම් කියලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් යන්නෙ නැත්තෙ....මෙච්චර වැඩ තියාගෙන මම ගියේ

      Delete
  6. කොච්චර හොඳයිද කස්ස මෙහෙම හිත නිවාගන්න ගිය එක. අනේ මාත් කාලයක් බලා ඉන්නවා මේ වගේ තැනකට යන්න. අපේ ගිහි ජීවිතේ ප්‍රශ්ණ වලින් මිදෙන්න අමාරුයි මල්ලි. තව අවුරුද්දක් දෙකක් ඉන්න වෙනව මට. නිතරම අසපුවලට ගියාට මෙහෙම තනි වෙලා ඉන්න තැනකට යන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. මට ලැබුනු සමහර අත්දැකීම් මේකෙ ලියන්න බෑ චන්දි අක්කේ..එච්චරටම ඒ ගමන වටිනව

      Delete
  7. කස්ස දිනේෂ් වෙලානේ... අර උඩම තියෙන පින්තුරෙත් එහෙ එකක්ද අයියේ?

    ReplyDelete
    Replies
    1. කස්ස දිනේෂ් වුනේ හේතුවකට..ගොඩක් අයට කසුන් කියන නම කියන්න ටිකක් අමාරුයි ඒත් දෙනේෂ් කියන නම මෙහෙ අයට කියන්න ලේසී එකයි.උඩ තියන පින්තුරෙ ගත්තෙ ගූගල් කරල.ඒත් ඔයවගේම තමයි කියල හිතාගන්නකො.ආවට බොහොම ස්තුතී නගාට

      Delete
  8. අජාන් කියලා කෙටියෙන් කිව්වට හාමුදුරුවන්ගේ සම්පූර්ණ නම මොකක්ද අයියා ? ඔය පන්සලේ සිංහල හාමුදුරුවරු නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ලොකු හාමුදුරුවන්ගෙ නම අජාන් කල්‍යානෝ!.ලංකාවෙ කෙනෙක් මහනවෙලා ඉඳල තියනව.ඒත් තාවකාලිකව

      Delete

Related Posts Plugin for WordPress, Blogger...