May 31, 2012
මෙල්බන් සක්විති :- අවසාන කොටස
රැවටීම කියන එක ජීවිතේ පළමු වතාවට ලබපු අත්දැකීම නොවන නිසාත්,කටු කෑම උපරිම ලෙස විඳ ඇති නිසාත් එක්සෑම් එක අවුල් වෙච්ච එක මට ලොකුවට දැනුනෙ නෑ.හැබැයි මම මේ ගැන මේ මනුස්සය එක්ක කතා කරන්න ගියෙත් නෑ.මොකද ඒ වෙනකොට ඔහු හිටියේ ලංකාවෙ නිසා.
"මචන් අරූ ආපහු මෙල්බන් ඇවිත්ලු .."
වටින් ගොඩින් ආරංචිය ආව මේ මනුස්සය ආපහු ඇවිත් බව.කතා කරන්න කිහිප සැරයක් උත්සහ කලත් මෙයා අපිව ටිකක් මගාරින විදියක් තමා පෙනුනෙ.ඒත් එක දවසක් තුශාර මට කතා කලා..
"මල්ලි එක්සැම් එක අවුල් උනාලු නේද?කමක් නෑ. තව පාරක් ට්‍රයි කරල බලන්න.හැබැයි රීකරෙක්ශන් දාන්න එපා වැඩක් වෙන්නෙ නෑ.."
හැබැයි ඒ වෙනකොටත් මමයි, අර මා එක්කම එක සමාන වෙන්න ලකුණු ගත්ත කෙනයි ඒ වැඩේ කරල ඉවරයි.
මේ අතරෙ, මගෙ හොඳම යාලුවො දෙන්නෙක් ගෙ ප්‍රතිඵලත් ආව.ඒ අතරින් එක්කෙනෙක් ගොඩක් හොඳට එක්සෑම් එක කරපු කෙනෙක් ,එයාට ඇවිත් තිබුනෙ අර ක්ලාස් එකේ කරල ගිය පේපර් එකමයි.අනිත් කෙනාට ඇවිත් තිබුනෙ වෙනම අලුත් එකක්.ඌ පේපර් එක ලියපු දවසෙම කිවුවෙ," වැඩක් නෑ මචන් අමාරුයි ගෙඩක්,කෙල වෙලා ඇති ඉස්තීරෙටම "
කියල.මේ කතාව තුශාරටත් කියල තිබුන.
පුරුදු විදියටම සති දෙක යනකොට මෙයා පේපර් බැලුව කියල මගෙ යාලුවට කෝල් එකක් දීල තිබුන..
"මල්ලි උඹව නම් ගොඩ දාන්න අමාරුයි...අනිත් එක්කෙනා නම් හොඳටම කරල තිබුන.උඹට තිබුනෙ ලකුණු 60යි,මම අමාරුවෙන් ටිකක් වැඩි කරල යවුව,දැන් ඉතින් වැඩේ තියෙන්නේ දෙවෙනියට පේපර් එක බලන කෙනාගෙ අතේ තමයි."
ප්‍රතිඵල ඇවිත් තිබුන,ලකුණු 60 කියපු මගෙ යාලුවට මුලු ක්ලාස් එකෙන්ම වැඩිම ලකුණු, 86 ක්.අනිත් කෙනත් පාස් වෙලා තිබුන.
හැබැයි මේයා මේ පේපර් බැලුව කියල ලකුණු ගනන් කියල තිබුනෙ එක එක කෙනා පේපර් එක ඉවර වෙලා එයාට දෙන ප්‍රතිචර එක්ක.අමාරුයි කිවුවොත් "මල්ලි ඔයාට ලකිණු 60 විතර තිබුනෙ",වැඩේ ගොඩ කිවුවොත් "ඔන්න උඹ පාස් ලකුණු 80යි"!
වෙනදට පාටියකට නැතුවම බැරි වුන අපි නැතුව මේයා පාටි දැම්ම.හරියටම කියනව නම් ෆේල් වුන අය නොසලකා හැරිය වගේ.ඔය අතරෙ මගෙ පේපර් එකට වුන දේත් ආරංචි වුනා.මගෙත් ,අර මාත් එක්ක හවස එක්සෑම් එක ලියපු කෙනාගෙත් පරිවර්ථන වල ගොඩක් සමාන කම් තිබුන නිසා අපි දෙන්නම කොපි කරා කියන පදනම යටතේ එක්සෑම් එක අසමත්.
මාසයක් ගියා,දෙකක් ගියා.තුශාර ගැන එන ආරංචි සහ එක්සෑම් එක ඇන ගත්තු අයගෙ ආරංචිත් එන්න එන්නම නරක අතට හැරුන.
හැබැයි පහුගියා කාලෙමෙ මේ මනුස්සය අර ලකුණු 86 අරගෙන ඉහලින්ම පාස් වුන මගෙ යාලුවට නිතරම කරදර කරන්න ගත්ත.මොකද මගෙ යාලුව ඌට තව $250 දෙන්න තිබුන..
"මචන් උඹ සල්ලි දෙනවද?"
"දෙනව හැබැයි මම ඕකව හම්බවෙලා දෙකක් කියල තමයි ඔය සල්ලි දෙන්න.."
තුශාර මේ සල්ලි ඉල්ලගෙන අඬ අඬ එවන කෙටි පනිවිඩ වලින් මගෙ යාලුවට අඩුවක් තිබුනෙ නෑ.
හරියටම ගිය මාසෙ.අපි හතර දෙනෙක් පන්සල් ගියා.මගෙ යාලුවගෙ තාත්තට අසනීප වෙලා ඉතින් අපි ගියා බෝදිපූජාවට.ඒකත් ඉවරවෙල ගෙදර එනකොට මගෙ අයලුවට ඒ වෙලාවෙම ආපු කෙටි පනිවිඩයක් මට පෙන්නුව.
ඒකෙ එවල තිබුනෙ තුශාර,අඬල වගේ සල්ලි ඉල්ලල.
ඒ වෙලාවෙ යාලුව මගෙන් අහනව
"කස්ස,මූ හෙට අනිද්දම ආපහු ලංකාවට යන සීන් එකක් තියනව.වැඩේ පත්තුවෙලා යනවද දන්නේ නෑ. මොකද කියන්නෙ යමුද පොරව බැහැදැකල එන්න?"
"ආයි මොනවද හරවපන් වාහනේ.."
මමත් එක පයින්ම කැමැත්ත දුන්න.
ඔන්න අපි සෙට් එකම ගියා මනුස්සය බලන්න.හැබැයි යන්න කලින් කෙටි පනිවිඩයක් යැවුව,අපි එනව සල්ලිත් අරගෙන ගෙදර ඉන්න කියල.
කඳු තියන පලාතක ජීවත් වෙච්ච මේ මනුස්සයගෙ ගෙදරට අපි ගියා,කොල්ලො හතර දෙනයි එක කෙල්ලයි.කෙල්ලව වාහනෙ දාල අපි ගියා ගෙදරට,තට්ටු කලා දොරට.
ඒ අතරෙ අපිට ජනේල අස්සෙන් පේනව ගේ ඔක්කොම අස් කරල,බඩු ගොඩ ගහල පැත්තක.ඔන්න ඉස්සරහ දැල් දොර ලඟට කෙනෙක් ආව.
"කවුද ඔයාල?"
"ආ අපි එම තුශාර අයියගෙ ස්ටුඩන්ට්ල.."
"ආ ඔයාලද අර සල්ලි දෙන්න ආවෙ"
"ඔවු ඒ අපි තමයි.."
ඒ තුශාරගෙ අක්ක කියල කියපු කෙනා.
"ආ පොඩ්ඩක් ඉන්න..."
අපි සෙට්ට එක එලියට වෙල බලාගෙන ඉන්නව..
"තුශාර බාත් රූම් එකේ. එන්න ටික්ක වෙලා යයි.මට සල්ලි ඉල්ලගන්න කිවුව."
"ආ ඒකට කමක් නෑ අපිට එයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ.අපි එලියට වෙලා ඉන්නම්."
මාස තුනකට වැඩිය රින්ගපු ගෙදර,පාටි වලට, අරකට,මේකට ගිය ගෙදර ඇතුලට මුන් අපිට එන්න කිවුවෙ නෑ.
ඔන්න දැන් අපි ඉන්නව බලාගෙන.ඒත් එන පාටක් නෑ.ගෙදර ලයිට් නිවෙන්න ගත්ත.ටික වෙලාවකින් තුශාර දෙනව අපිට කෝල් එකක්.
"මට පහලට එන්න බැ.සල්ලි ඔතනින් තියල යන්න."
අපිට තේරුනා හොර වැඩ මාට්ටු වෙලා මූන දෙන්න බැරුව තමා මෙහෙම කියන්නෙ කියන එක.
පන්සිල් පද පහ කියල පැයක් වත් ගත වෙච්ච නැති අපේ ලේ රත් වෙන්න ගියේ ටික වෙලාවයි.එකෙක් ගැහුව දොරට පයින්...
අක්ක ආව දොට ලඟට..
"#$%#&(&*)"
"#$%#&(&*)#$%#&(&*)#$%#&(&*)"
"#$%#&(&*)"
හිතා ගන්නකො ..මාරුවෙන් මාරුවට බැන්න බැනිල්ලක් රෙදි ගැලවිලා යන්න.පැය බාගයක් විතර ,කියන්න ඕනෙ සියලුම දේ, සුද්ද සිංහලෙන් අක්කට කියල දුන්න.ඔය පැය බාගෙටම මේ කම්බ හොරා පහලට ආවෙ නෑ.ගෑනියෙක් වගේ ගේ ඇතුලේ.
මාස ගානක තිබුන කේන්තිය අපි එදා පිට කරගත්ත..
ඔන්න ඔහොමයි කතාව ඉවර වුනේ..
මේ සිද්ධිය ඇතිවෙන්න කලිනුත් මෙයා ගේ අස්සටම වෙලා හිටිය බවත්,මේයා ගැන වැරදි කියපු බෙහෝ අයට ආපහු පන්තියට එන්න එපා කියල එලව ගත්ත බවත්,අන්තිම වෙනකොට එක ස්ටුඩන්ට් කෙනෙක් වත් පන්තියට සහභාගී නොවූ බවත් ආරංචි වුනා.
මෝගේජ් ගෙවපු ගේත් අස්කරල ලංකාවට ගියේ ආපහු නො එන්නදෝ කියල් මට හිතුන වාර අනන්තයි.ඒකට හේතුවක් තිබුන.මම දන්න විදියට මේයාගෙන් ළමයි 60 ආසන්න ප්‍රමණයක් ඉගෙන ගත්ත. ඒ හැම කෙනාගෙන්ම අඩුම තරමෙ $2000 වත් ගන්න ඇති.මේක කියවන බොහෝ අය සාමාන්‍ය පෙළ ගණිතය සමත් ඇතී කියල හිතන නිසා වැඩිකරල බලන්න...(60*2000*120)=Rs.....
මුල් කොටස් බලන්න මෙතනින්..
එක දෙක තුන
ප.ලි
මම මේ කියන මනුස්සයගෙන් ඉගෙන ගත්ත දේවල් තිබුන.ඒ ගැන අවිවාදයක් නෑ,හැබැයි ඔහු කියපු විදියට අරිසෙන් අහුබුදු ගෙන් සිංහල ඉගෙන ගත්තු තරමට දැනුමක් ඔහු තුලින් අපිට පෙනුනෙ නෑ.සහේදරයෙකුට වගේ සලකපු අපි බෙහේ දෙනෙකුගේ වැසිකිළි හේදීමෙන්,කුණු ඇදීමෙන්,ඉඳුල් සේදීමෙන් අමාරුවෙන් උපයාගත් මුදල් බොහෝ අසාධාරණ ලෙස බොරු කීමෙන් ගසාකෑම නිසා ඒ හැම දෙනා වෙනුවෙන් මේ ලිපිය ලීවෙමි.
(මගේ රී කරෙක්ශන් එක හරි ගියෙත් නෑ.හැබැයි ලබන මාසෙ මම ආපහු ඒ එක්සෑම් එකට වාඩි වෙනව.)
පැළැස්තර:
මගේ ජීවිතය
May 30, 2012
මෙල්බන් සක්විති තුන්වෙනි කොටස
මහන්සිවෙලා වැඩ කරපු නිසත්, අම්බානක වියදම් කරල ඉගෙන ගත්තු නිසත් එක්සැම් එකට වාඩිවෙන්න කිසිම බයක් තිබුනෙ නෑ.හැබැයි පේපර් එක අතට ආවට පස්සෙ මට හිනා ගියා.ඒ මොකද කියනව නම් හා හා පුරා කියල මේ මනුස්සයත් එක්ක පරිවර්ථනය කරපු, අර හොරෙන් ගත්තු පිතුර වල තිබුන පේපර් එකම මගෙ අතේ.ඉතින් මේ ගැන මොකට කතා කරනවද.
ගේමක් නැතුව පැය තුනේ එක්සැම් එක වෙලාවටත් කලින් ඉවර කරල එලියට ආව.ඒ එනකොට මා එක්කම පන්ති ගිය තව කොල්ලෙක් හවස එක්සැම් එක ලියන්න ඇවිත්.
"මචන් ක්ලාස් එකේ වගේම පේපර් එකක් ආවෙ.බයවෙන්න දෙයක් නෑ"
මම කියන්න ගියේ නෑ ඒ පේපර් එකම ආව කියල.මොක්ද තුශාර කියල තිබුන කාටවත් කියන්න ඒපා කියල..
එලියට බැස්ස ගමන් මම තුශාරට කෝල් කලා..
"අයියේ, කරපු පේපර් එකමයි ඇවිත් තිබුනේ.ඇස් පියාගෙන ලියල ආව..
"ඒකනෙ මල්ලි ..මම තමා ඔය පේපර් එක දාන්න කිවුවෙ.මොකද ඔයා එක්සෑම් එක කරන නිසා"
සතියක් ගියා, දෙකක් ගියා.අපි ඉතින් මේයාගෙ පාටිවලටයි, දුකටයි සතුටටයි නැතුවම බැරි චරිත වුනා.
ඔනන් ඉතින් මේයා මට දවසක් කතාකරල කියනව..
"සුභ ආරන්චියක් කියන්න කතා කෙළේ,මල්ලි උඹ එක්සෑම් එක පාස්,හොඳටම කරල තිබුන,ලකුණු 86 තියනව. මමයි පේපර් එක බැලුවෙ."
මටත් සතුටුයි.
ඉතින් මෙයා මේ කතාව ක්ලාස් එකෙත් හැමෝටම කියල තිබුන.
එක්සෑම් එක ඉවර වෙලා මාසයක් විතර යනකොට මුලින්ම එක්සෑම් කරපු අයගෙ ප්‍රතිඵල එන්න ගත්ත.හැබැයි ප්‍රතිඵල ආවම තමයි කට්ටියට තරු විසි වෙන්න ගත්තේ.එක්සෑම් එකට වාඩිවුන ගොඩ දෙනෙකුට පාස් වෙන්න වුවමනා කරල තිබුන ලකුණු 70 සීමාවට එන්න පුලුවන් වෙලා තිබුනෙ නෑ.ඉදල හිටල හරි පාස් වුන කෙනෙක් හිටියනම් එයාටත් ලැබිල තිබුන ලකුණු වලයි මෙයා කියපු ලකුණු වලයි බොහොම වෙනස් කම් තිබුන.
හරියටම ගිය දෙසැම්බර් මාසෙ.මම ගොල්ඩ්කෝස්ට් ගිහින් ආවට පස්සෙ දවසෙ.උදේ වැඩට යන්න එලියට බැස්ස ගමන් කෝල් එකක් ආව.
"මචන් මම ෆේල් වෙලා.ලකුණු 48,කවදාවත් වෙන්න බැරි වැඩක්.උඹට කොහොමද?"
මේ කතා කළේ අර මාත් එක්කම හවස එක්සැම් එක කරපු කෙනා.
ඒ වෙනකොටත් මගෙ අතේ ප්‍රතිඵල එවල තිබුන ලියුම් කවරෙ.වැඩට යන ගමන්ම ලියුම කඩල බැලුව.
ඔය වෙලා තියෙන්න...
මාස හතරක විතර මහන්සියයි ඩොලර් හාරදහකට කිට්ටුවෙන්න සල්ලියි ඔක්කොම වතුරෙ
මටත් ලකුණු 48..
ඒ වෙනකොටත් තුශාර හිටියෙ ලංකවට ගිහින්.මේ කතාව මාත් එක්කම ක්ලාස් ගිය උන්ට කිවුවම උන්ටත් හිතා ගන්න බැරිවුනා.
"ආ තුශාරද? ඌ හොරෙක් නෙ බං"
කතා කරපු බොහෝ අයගෙන් ලැබුන ප්‍රතිචාරය වුනේ ඒක..ඒ වෙනකොට අපි දැනගෙන හිටිය අපි හොරෙකුට අහු වෙලා බව.ඒත් ඒක ඉස්තීරෙටම ඔප්පු කරන්න සාදක අපි ලඟ තිබුනෙ නෑ..
අන්තිම කොටස ඊලගට...
අවසාන කොටස
පැළැස්තර:
මගේ ජීවිතය
May 26, 2012
පරණ කවියක්
හංගා ගෙන දුක නුඹ දුර යන විටදී
නම්මා ගෙන සිත නොපෙනෙන ලෙස පිටදී
නිම්මා නැති සෙනෙහෙ දිය මත හබළ රැදී
ඉන්නා ලෙසට ඔරු කඳ දිය මත නොසිඳී
ඉන්නා බැරිව පාලුව තනිකම ඉපදී
කන්න ගන්න බත සිරවිය නුඹව ඇඳී
සින්නා වුවත් රතු රුදිරය පිටට දිදී
ඉන්න රිසිය හෙට නුඹ සුවවන විටදී
කන්න ගන්න බත සිරවිය නුඹව ඇඳී
සින්නා වුවත් රතු රුදිරය පිටට දිදී
ඉන්න රිසිය හෙට නුඹ සුවවන විටදී
බැන්නා වුවත් ඉඳ හිට මට අමතනදී
අම්ම තරම් ආලය දෙන විට නොසිඳී
පන්නා පසු පසම නුඹ වෙනුවෙන් ඉපදී
සිම්බා නළල මතු බවයෙත් නුඹව මදී
ගොඩාක් ඉස්සර ලියපු වචන ටිකක්,කාලෙත් එක්ක හැම දේම වෙනස් වුනත් මේ වචන ටික කියවගෙන යනකොට ඇතිවෙන හැගීමට මම තාම ආදරේ නිසා පෝස්ට් කරන්න හිතුන.

කවි මතක
May 14, 2012
ඇසූ පිරූ ඇත්තාගේ නිකම යෑම
මුහුදින් එහා ජීවත් වෙලා වෙසක් දවසට ලංකාවට පය ගහන්න ලැබෙන එකත්, ඒකෙන් ඇතිවෙන සතුටත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.ඒ විතරක් ද,කමෙන් වලින් විතරක් හිතවත් වුන බ්ලොග් සහෝදරයො ගොඩ දෙනෙක්වම හැබැහින්ම බලාගෙන විනෝද වෙච්චි එක..
ඉතින් ඔබා මාම යන ගමන නොකියම ගියාත් යන තැනට සතුටින් යන්න ඇති.
"වැඩ ඇරිල ආව විතරයි...දැක්කෙ මේක....තාත්ත කෙනෙක් වගේ හිටපු හෙඩ් චෙෆායි...සහෝදරයො වගේ හිටපු තව හිතවතුන් දෙන්නෙකුයි කුස්සිය දාල ගියා අද..රෑ වෙනකොට ඔබා මාමත් යන්න ගිහින්.හැම දාටම..ජීවිතෙන් බාගයක්ම පාලු වුනා වගේ.."
ඔබා මාමෙ! මේ සංසාරේ අපිට ආපහු හමු නොවෙන්න නිවන් දකින්න!
පැළැස්තර:
ඔහේ ලියවෙන කතා
May 2, 2012
මෙල්බන් සක්විති දෙවැනි කොටස
ඩොලර් 120ක් !,සතියකට එච්චර ලොකු ගානක් දෙනව කියන්නෙ ගොඩක් අමාරු වැඩක්,ගෙවල් කුලී,කෑම බීම,ගමන් ගාස්තු එකතු උනාම අතේ සත පහක් ඉතුරු වෙන්නෙ නෑ.සමහර දවස් වලට රිම් එකේ,කන්නවත් සල්ලි නෑ.ඒත් ඉතින් වැඩේ ගොඩ දාගන්න තිබුන ඕනේ කම නිසාම කොහොම හරි ගේම ගෙනියන්න වුනා.
මේ අතරේ මම දන්න කියන මගේ යාලුවො කිහිප දෙනෙකුත් මේ මනුස්සයට අඳුන්වල දුන්න.දැන් ඒ අයත් පන්තියට එන්න ගත්ත,ගොඩක් දවස් වලට පැය තුනක් විතර වාඩි වෙලා හිටියත් අපි කරගෙන ආපු දේවල් බලන්නේ පැය බාගයක් විතර,මොකද කියනවනම් ඒ තරමට ළමයි ඉන්නව.කොහොමත් එක පන්තියකට පස් හය දෙනෙක් අනිවාර්යයයි.බොහෝ විට සතියේ දවස් හතෙන් එක දවසක් ඇරෙන්න අනිත් දවස් හැම එකකම මේ මනුස්සය පන්ති කරනව,උදේට වගේම ගොඩක් දවස් වලට රෑටත්.
මාසයක්,එකහමාරක් යනකොට තුශාර අපිත් එක්ක ගොඩක් සුහද උනා.එක දවසක මම වැඩ කරන අතරේ කෝල් එකක් එනව මේ මනුස්සයගෙන්.කුස්සියේ කැම එක්ක ඔට්ටු වෙනකොට මම මගේ මවු තුමිය හැරෙන්නට වෙන කාගෙන් කෝල් එකක් ආවත් ආන්සර් කරන්නෙ නෑ.වැඩ ඉවර වෙලා නිවාඩු පාඩුවේ ආපහු කතා කලා...
"මල්ලි මට පොඩි උදවුවක් ඔනේ.."
"කියන්න තුශාර අයියේ...ඔයාට කරන්නේ නැති දෙයක් මා ගාව නෑ නෙ."
"අපේ අක්කගෙ උපන්දිනේ මේ සෙනසුරාද,බැරිවෙයිද සිගාල එක්ක අවිත් පොඩි සින්දුවක් දෙකක් කියන යන්න."
සිගා කියන්නෙ මගේ බොක්කෙ ෆිට් එක්ක.උන් දෙන්න නිවුන්නු,සංගීතෙත් එක්ක ඉපදිච්ච් වුන් දෙන්නෙක්.මම මෙහේ ආපු දවසෙ ඉදල මට ගොඩක් උදවු කරපු එකෙක් තම පොඩි සිගා.හරියට කිවුවොත් මගෙ සහෝදරය වගේ.අපි එකට බෑන්ඩ් ගහපු කට්ටිය.මම බොහේ විට මගෙ සංගීත ගුරු තනතුරේ තියන්නෙ උන් දෙන්නව.
"මට නම් එදාට වැඩ..ඒත් මම අරුන් දෙන්නව සෙට් කරන්නම්,වැඩ ඉවර වෙලා තමා මට එන්න වෙන්න.."
ඔහොම මෙහෙම මෙයගේ ගොඩක් වැඩ වලට අපිව නැතුවම බැරි චරිතයක් වුනා.
ඔන්න දැන් මාස තුනත් පැන්න,අපිට එක්සෑම් එක බුක් කරන්න කියන්නේත් මේයාම තමයි.එයාට සැටිස් වෙන්න ඔනේ අපිව,හරියටම වැඩ පුලුවන්ද කියල හිතුනම් තමයි කියන්නෙ හා දැන් ගිහින් එක්සෑම් බුක් කරන්න කියල.
දවසක් හදිස්සියේම කර කර හිටපු පංතිය අතර මගදි නතර කලා.ඒ එයාට ආපු sms එකක් නිසා.අනිත් අයට යන්න කියන ගමන් මට කියනව
"මල්ලිට පරක්කු නෑනෙ ,ටිකක් වෙලා කයියක් දාගෙන ඉදල ප්ලේන්ටියක් එහෙම ගහල යමු,මම ගිහින් බස්සනම්."
ගෙදර වැඩකුත් නැති නිසා මමත් හා කිවුව..
කට්ටිය ගියා විතරයි,මෙන්න මේ යකා ම්ට කියන්ව,
"මල්ලි අද එක්කෙනෙක් එක්සැම් ලියනව, මනුස්සය හිර වෙලා,මට මුලු පේපර් එකම පින්තූර අරගෙන txt කලා,අපි සෙට් වෙලා මේක කරල යවමු.
මාව උඩ ගියා,ඒත් පේපර් එක ආපු එකට පුංචි සතුටකුත් හිතට ආවෙ නැත්තෙමත් නෑ,
මේ මනුස්සයගෙ ටෙක්නොලොජිය බ්ංදුවයි.ඉතින් ඒක ලප් එකට අරගෙන ප්‍රින්ට් කරල අපි දෙන්න බාගෙ බාගෙ බෙදාගෙන කලා,කරල ආපහු පිතූර අරගෙන අර කොල්ලට යැවුව,
මේ හොර වැඩේ උනාට පස්සෙ මනුස්සය මට කියනව,
"මල්ලි මේ සීන් එක කාටවත් කියන්න එපා...."
මමත් කටෙ කෙළ හලන්න ගියේ නෑ ඊට පස්සෙ ඒ සිද්දිය ගැන.
පස්සෙ දවසෙ ඉදල පන්තියට එන හැම කෙනාටම මේ පේපර් එක කරන්න ලැබුන.මේක මොඩල් එකක් කරගෙන එන්න කියල..
හැබැයි මම ඌට නිතරම කියපු එක දෙයක් තිබුන..
"අයියේ මේක මේ එන එන හැම එකාටම දෙන එක නම් එච්චර හොඳ වැඩක් නෙමේ,වැඩෙ ලීක් වුනොත් ඔයගෙ රස්සාව තමා යන්නෙ."
හැබැයි මිනිහ ඒ කතාව කනකට ගත්තෙ නෑ.
ඔන්න දැන් මගෙ එක්සෑම් දවසත් ආව,අනිත් අයට වගේම යන්න කලින් මටත් එක උපදෙසක් ලැබුන,
"ෆෝන් එක හංගගෙන පලයන්, ගිහින් පේපර් එකේ ස්නැප් ටිකක් අරගෙන වරෙන්."
සුබපැතුමක් වෙනුවට මට ලැබුන උපදෙස ඔච්චර තමයි.
ප.ලි
අර කොල්ල එක්සෑම් එක ඉහලින් පාස් වෙලා තියනව කියල පස්සෙ මට පින් දිදී කතා කලා...
ටික දවසකින් හොඳම හරිය වෙන අන්තිම කොටස...
තුන

Subscribe to:
Posts (Atom)