Jun 8, 2016

ඔසි වෙසක් ඇන්ඩ් ආප්ප සැල්

ඊට පස්සෙ දවසෙ තිබුන බත් දන්සැල. මේක නම් ටොප් බඩු
වෙසක් එකක් කියන්නෙ ඒ කාලෙ නම් පොඩි උන්ට බොහොම කාර්යය බහුල මාසයක්. වෙසක් කූඩු,පහන් වැටවල් ගහන්න,අත් ටැක්ටරේක හරි, කැන්ටර් කට්ටක හරි එල්ලිලා වෙසක් බලන්න යන්න, දන්සැල් කන්න මේවගේ නනාවිද ක්‍රියාකාරකම් ගොඩයි.අපේ පොඩි කාලෙ ගෙවුනෙ ඔයවගේ වැඩ එක්ක. හැබැයි දැන් කතාව වෙනස්.වෙසක් කූඩු කඩෙන් අරන් එල්ලන කාලයක් මේක.දඬු මහත් වෙලා රට වෙනස් වුනා කියල නෑ දැන් උනත් මේ කාලෙට ඒ ගැම්ම තාම එනව.
මේ පාර වෙසක් එක සති අන්තයක යෙදිච්ච නිසා  මෙල්බන් වල වෙසෙන අපිට බොහෝ දේවල් කරගන්න ඕනවටත් වඩා වෙලාව තිබුන.වෙන අවුරුදුවල  නම් රැ දෙගොඩහරිය වෙනකම්ම වැඩ.පංසලක් පැත්තක අඩියක් ගහන්න වෙන්නෙ නෑ.
කතාවෙච්ච විදියට මායි අපේ තුන් හතර දෙනෙකුයි කරුවල වැටීගෙන එනකොට පිටත් උනා පංසල් යන්න.පංසලේ කට කපල සෙනඟ.සීතල කාලෙ නිස ගොඩක් පින්වත්තු එක එක පාට සීත කබා ඇදගෙන,බිනි දාගෙන, පංසල පුරා ඇවිදිනව.ඔසිරටේ ඉපදිච්ච පොශ් කෙල්ලො කොල්ලො තැන් තැන්වල ඉංගිරියෙන් කතා බහ.අපිත් සුපුරුදු චාරිත්‍ර ටික කරල, බුදුන් වැදල, පිටත්වුනා බණ මඩුව පිළිකන්නට.එතනනෙ සෙනග, පානුයි පරිප්පුයි දන්සැලක්,නිකන් දෙන දෙමළ පත්තරෙත් ගන්න අපි කිසි කතාවක් බහක් නැතුව දන්සැලට සෙට් වුනා.සුපුරුදු විදියට පෝලිම පැන පරිප්පු දීසියට තියපු පාන් පෙති දෙකත් අරන් අපිත් කොනකට වෙලා දන්සැල් කෑව.

"බෙරික් පංසලේ ආප්ප දන්සැලක් තියනව.යමුද?" පාන් පෙති දෙක එක හුස්මට ගිල්ල එකක් වතුර කෝප්පයක් බොන ගමන් කියපි. දෙපාරක් හිතන්නෙ නැතුව කට්ටියම එක පයින් කැමැත්ත පලකළා.
පොඩි වෙලාවකට පස්සෙ අපි බෙරික් පංසලේ.එතනත් පිරෙන්න සෙනඟ.ඒවගේම සීතල.පොඩ්ඩක් හරි උණුසිමක් තිබ්බෙ පහන් පත්තු කරන්න හදල තිබුන වීදුරු කුටිය ඇතුලෙ.ඒත් වටේම ඉන්න ගෑනු ටික ඒක අස්සෙ.පන්සලේ චයිත්‍ය පැත්තෙන් වැටිල තිබ්බ පඩ්පෙල දිගට චයිත්‍යට පිටුපාල  වාඩිවෙලා ඉන්න ළමයි ටිකක් ඉන්ගිරිසියෙක් කෑ කෝ ගගහ ආප්ප කනව. එයාලගෙ දෙමවුපියො ඒ ලඟම තියන විදුලි ආලොක කනුවකට හේත්තුවෙලා බර කතාවක.වෙසක් එක පොශ් වෙලා.බුදුන් පැත්තක.වෙන මොකක්දෝ එකක් ඉස්සර වෙලා. ඊටත් ඉස්සරහින් තියන සලාවෙ දිගට පෝලිම.ආප්ප කන්න තිබුන ආසාවට අපේ සෙට් එකත් එතනට ගියා. ටික වෙලාව පෝලිමෙ ඉන්නකොට කට්ටිය උණු උණු ආප්ප අරගෙන එනව.ආසාවෙ බෑ. සමහර අය හිස් අතින් එනව.එහෙන් මෙහෙන් පෝලිම පැනල ඔලුවක් දාල බැලුව. දන්සැලක් කියල හිතුවට ඒක "දන්" සැලක් නෙමෙ නිකම්ම නිකන් සැලක්. පෝලිමේ ඉන්න සැදැහැවතුන් සල්ලි ගෙව ගෙව ආප්ප ගන්නව.ආප්ප සිහිනය අමතක කරල පංසලෙන් එලියට බහින කොට තමයි ඉස්සරහ හිටවල තිබුන බෝඩ් කැල්ල දැක්කෙ.
වෙසක් එකට පහු වෙනිද මෙහෙ නැටුම් කන්ඩායමක දැරිවියො ටිකකුයි,තව ලංකාවෙ කෑම කඩයකුයි එකතුවෙලා කරපු බත් දන්සැල නම් මරු.බත් කාල කන්න හිම කිරමකුත් දුන්නනෙ නටන නංගියෙක්.

 

15 comments:

  1. හිහි මදෑ ආප්ප කන්න ගියා හැක් හැක්...
    මෙහෙ නං ආප්පයක් තාම දහයයි නෙව ඔහෙ කීයද අප්පා... හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ගාන අහුවෙ නෑ මෙයා.. හැබයි ඉතින් අපි ඉඳල හිටල ආප්ප පාටියක් එහෙම නම් දානව.එච්චර ගානක් වෙන්නෙත් නෑ

      Delete
    2. සිනුවර පන්සලේ නම් දවල්ට තමයි දානේ. රැට පන්සලට ආධාර පිණිස කඩල විකුණනවා. අවුරුද්දට දෙපාරක් ආහාර පොළක් තියෙනවා, පන්සලේ නොවෙයි වෙනත් ශාලාවක.

      මෙහේ ආප්පෙක මිල කෑම සූත්‍ර මිල වගේ තමයි!

      Delete
    3. කොහෙත් ආධාර නම් එකතු කරනව. ඒත් මම බොහේ විට ලංකාවෙ පංසල් වලට යන්නේ කලාතුරකින්.බෝධිපූජා ආධාර එකතුකිරිළි ඇරෙන්න එතනින් එහාට වෙන දෙයක් වෙන්නෙ නෑ. ඊට වඩා බොහේ හොඳ පංසල් මෙහෙ තියන්ව.

      Delete
  2. මේ "ඇඹුලෙ" දන්සැලද?

    ReplyDelete
  3. ඉන්න රට වැඩක් නෑ.. ලංකාවෙ සෙට් එකක් නං ඒ විදිහට වැඩ ටික කෙරේවි.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත...රට කොහේ උනත් අපේ කට්ටිය එකතු වෙනවා නම් ලංකාවේ නම අනිවාර්යෙන්ම රකිනවා.

      Delete
    2. ඇත්ත බං අපේ උන් ටිකදෙනෙක් එකතු උනාම ඉතින් අහන්න දෙයක්ද

      Delete
  4. මටත් ඉස්සෙල්ලම බෙරික් පන්සලේ වෙසක් දවසෙ ආප්ප සැල දැක්කම හිතට අමුත්තක් දැනුනා. ඒත් ඒක පන්සලට ආධාර පිනිස පවත්වන ආප්ප සැලක් නිසා අහිතක් හිතන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ අපි දන්සැල් වලට පුරුදුවෙලා නිසා එහෙම හිතෙන්නෙ.ටික ටික හරි එහෙම පටන් ගන්න එක හොඳයි.ඇඹුළ කඩේ තිබ්බ එකනම් පංකාදුයි. ඔසියො එහෙම ඇවිත් කාල ගියා. උන්ට මැජික් වගේ නිකන් කෑම දෙනකොට.වෙසක් කාලෙක ලංකාවට ගියොත් උන් එන එකක් නෑ ආපහු අනිවා

      Delete
    2. එහෙම මැජික් එකක් නෑ කස්සෝ. කෑම හැම දාම ආහාර නිකන් දෙන තැන් තව තියෙනවා. ගොඩක් ඔසියොත් ඒ ගැන දන්නවා. අපි දන් සැල් ගැන ලොකුවට උදම් ඇනුවට , අවුරුද්දට වරක් දෙසැරයක් දන් සලක් තියල ලෝකෙන්ම කෑම නිකං දෙන්නේ අපේ රටේ .. ඒවා දැකල සුද්දෝ කොර .. කිව්වට , මෙතන ආහාර හැම දාම නිකං දෙනවනේ. වයසක , පිඩාවට පත්වෙච්ච , හෝම්ලස් වගේ අය රාශියක් මෙතනට එනවා. ආහාර දානය ගැන "බෞධ්‍යන්ට" ලොකු පාඩමක් කියා දෙන තැනක් මෙතන.
      http://www.harekrishnamelbourne.com.au/daily-prasadam-spiritual-meals/

      Delete
  5. දැන් කාලෙ හරිම වෙනස්. වෙසක් එකට පවා සේරම ලේසියට කඩෙන් ගෙනැත් එල්ලන්නයි දැන් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ. එක අවුරුද්දක වෙසක් එකකට මං කූඩු 100ක් වගේ හැදුවා.
    දැන් සැල් ඉතිං ලංකාවෙ අය විතරක් දෙන දෙයක්නේ. පිටරට ඉන්න ලංකාවෙ අය දන්සැල් දෙද්දි සුද්දන්ට නිකන් මැජික් වගේ ඇති නේද ? :D

    ReplyDelete
  6. ඔහොම තමා බන් ඒ මිනිස්සුත් වෙසක් කාලේ නිසා කීයක් හරි හොයා ගන්න ට්‍රයි එකක් දෙන්න ඇති
    ආප්ප සැල හිකිස් නියම නම බන්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...