සමහර විට ඔබ මස් කන්නෙක් වියහැක,මස් නොකන්නෙක්ද වියහැක,නමුත් මේ කියන්න යන කතාව ටයි කෝට් පැලඳ,අපේ වැදි පරපුරත් නොකරන ජාතියේ, ඉහල සමාජයේ කියාගන්නා උදවියගේ මස් කෑම පිලිඹඳවයි.
ගවයා කාලයක් පටන්ම අපට පුජනීයත්වයට දැමියහැකි සත්වයෙක් කිවොත් මගේ කතාවට කවුරුත් අමනාප නොවනු ඇත.නමුත් දැන් දැන් ලoකාවෙන් ඒ තත්වය ටිකෙන් ටික ඉවත්වගොස් ඇත.බුදුන් වැඩිය රට වුනු ලoකාවද හරි හරියට ගවමස් කන්නන්ගේ ලයිස්තුවේ ඉහලට එමින් සිටී.එය වැරැද්දක් බව පැහැදිලිය,නමුත් මම කියන්න යන කතාව මෙහි හරි වැරැද්ද පිලිඹඳව විවේචනයක් නොවේ.
ලoකාවේ අපි මස් කනවා කියන්නේ හොඳ රසට උණු උණුවට හොද්දක් හදාගෙන කනවා මිස මගේ දැනීමට වෙන ක්‍රමය කට අප මස් නොකෑ ජාතියකි.බත් පිඟානේ එක මස් කෑල්ලක් හෝ අඩුවෙන් ඉදී ඇත්නම් එදාට ගෙදර ගෝරි පිට ගෝරිය.ඒ මක්නිසාද යත් අපි මස් හොදින් උයා ආහාරයට ගත්තමු.අමුවෙන් මස් කෑම අප සැලකුවේ තිරිසනුන් පමනක් කරන ක්‍රියාවක් ලෙසය.
නමුත් තනකොල බුදින ගොන්නුන්ටත් වඩා තිරිසන් මිනිසුන් මස්කෑම හරි උජාරුවට දමා අමු අමුවේම හරක් මස් ගිලදමයි.මෙය මගේ පෘද්ගලික අත්දැකීමකි.මොකද කියනවානම් මේ තිරිස්නුන්ට මස් උයාදීමට මට සිදුවී තිබෙන නිසාය.
සෑම සතියකම බදාදාට හරක්මස් හරි හරියට විකිනේ,එදා හරක් මස් රාත්‍රියයි.සිoහලෙන් කියනවානම් “steak night” එකයි.සුද්දන් වැල නොකැඩී විත් අමු මසින් සිය බඩ කට සපුරාගනි.ඉතාමත් කලාතුරකින් එක් අයෙක් පමනක් හොඳින් පිසු මස් කැබැල්ලක් ඉල්ලයි.
එකෙක් rare ඉල්ලයි,තවෙකෙන් medium rare ඉල්ලයි,තවත් එකෙක් medium ඉල්ලයි ඔය අතරේ හොඳම තිරිසනුන් Blue ඉල්ලයි.
ඔය මොන නාමයෙන් කිවුවත් මුන් කන්නේ අමු මස් ය. rare යනු ඉතා ගනකම මස් කැබැල්ල විනාඩි තුන හතරක් පමනක් උඳුන උඩ තබා යන්තම් පුලුස්ස දැමීමයි.මෙය medium rare වනවිට පුලුස්සන කාලය විනාඩි කිහිපයකින් වැඩි වේ. Blue යනු මස් කැබැල්ල විනාඩියකටත් වඩා අඩුකාලයක් උඳුනේ පුලුස්සා පිලියෙල කිරීමයි.
ලoකාවේ අපට මේවා සමහරවිට හිතාගන්නටවත් නොහැකිය,නමුත් තවත් සමහරුන්ට නම් මේවා සමාන්‍ය දේවල්ය.හරකාගේ කකුලේ මස්වලට එක නමකි,තව තැනකට තවනමකි.එක රාත්‍රියකට හරකුන් දහ පහලොස් දෙනෙකුගේ හෝ ඊටත් වඩා මස් ප්‍රමානයක් විකිනී හමාරවේ.
මෙවායේ හරි වැරැද්ද තීරනයකිරීමට මට අයිතියක් නැත.නමුත් මට දැනුන දේ ලියා දැමුවෙමි. ඉතා නුදුරේදීම අපේ ආපනශාලාවලත් මෙවැනි දෑ දැකගත හැකිවනු ඇත.එය කාලයට අයිති දෙයකි.
තිරිසනුන් වෙනවාද නැද්ද ඔබට බාරය.
මා හරක් මසින් වැලකී බොහෝ කල් ගොසින්ය.
අප්පා අමු චාටර් නේ
ReplyDeleteඅපෝ....
ReplyDeleteඔබ කියන්නේ හොදින් පිසගත් හරක් මස් කෑම මිනිස් ක්‍රියාවකි ලාවට පිසගත් හරක් මස් කෑම සත්ත්ව ක්‍රියාවක් යන්නද? මා සිතන්නේ නිතරම තමන්ගේ නැණ පමණින් ලෝකය වටහා ගෙන තමන්ට නොතේරෙන තැන් වලදී අනිත් මිනිසුන් විනිශ්චය කරන එක ලාංකික අපේ නරක පුරුද්දක් කියාය. ඔබ කැමති විදියට හොදින් පිසගත් හරක් මස් ඔබ කන්න අන් අය කැමති විදියට අන් අය කාපුවාවෙ. නිදහස් රටවල මිනිසුන් තමන්ගේ කැමැත්ත බලෙන් අන් අය මත නොපටවන අතර තමන්ගේ කැමැත්තට ප්රතිපක්ෂ විනිශ්චය නොකරයි. එසේම දියුනු රටවල සෑම කෑමක්ම පිලියෙල කරණ අන්දම නියමිත උෂ්ණත්ව ප්‍රමිථි නියම කර ඇති බව කෑම පිසින්නෙකු ලෙස ඔබ දන්නවා ඇතයි සිතමි.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Temperature_(meat)
http://www.canadianbeef.info/pdf/Retail_Labels.pdf
http://www.canadianbeef.info/pdf/Retail_Labels.pdf
@buwa
ReplyDeleteචාටර්නම් තමා
මචෝ. මට මෙයත් සමඟ එකඟ වීමට අපහසු තැන් ඇත.
ReplyDeleteතවත් ප්‍රශ්ණයක්..ජපනුන් සුශී යැයි කියමින් මාලු කන්නේ අමුවෙනි. රෙයා වත් කුක් කර නැත.මුලු ජපන් ජාතියම තිරිසනුන්ද? එසේ නොමැති නම් හරක් ස්ටේක් කන්නන් පමනක් ඔබ හිතන විදියට තිරිසන්ද?
ReplyDelete@හසී
ReplyDeleteහම්....
@උදිත
ReplyDeleteප්‍ර තිචාරයට බොහොම පින්.
මට හිතෙන විදියට ඔබ ලකාවෙ ජීවත් වන්නකු නොවේ.මා කොතැනකවත් මස් කෑම සත් ක්රිියාවක් කීවේ නැත.මා හරක්මස් කනවාද කීවේ නැත.ඔබ දියුනු රටවල් ලෙස නම් කලේ ආර්තික දියුනුව වන්නට කිසිම සැකයක් නැත.නමුත් මම කතාකලේ සදාචාරත්මක පැත්ත පිලිබඳව පමනි.දියුනුයි කියාගන්නා රටවල සදාචාරය පිලිබඳව මම ඔබට අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශය නොවනු ඇතැයි සිතමි.මෙය හුදෙක් මට දැනුනු දෙයක් පමනකි. එය ඔබට නිවැරදි වූවාට මා මක්කරන්නද?
@රොබින්
ReplyDeleteසදාචාරාත්මක ඇසකින් බැලුවා පමනි.ඔබගේ විෂයයෙන් නොබලන්න!
@උදිත
ReplyDeleteඔබට මෙය ඉතා ලොකු ප්‍රශ්නයක් වී හැඩයි.
සතෙක් මරාගෙන කනවානම් එය තිරිසන් ක්‍රියාවක් හැර එයට දීමට වෙන නමක් මට නැත.මා කතාකලේ සදාචාරාත්මක කෝනයකින් පමනි.මස් කැමත් කන විදියක් ඇත.ඔබ ජපනුන් ගැන කත අකරනවානම් බොහෝවිට ඔවුන් තිරිසන් වැඩ නොකරනවා කියන්නෙ කොහොමද?
ජපනුන්ගේ මස් කෑම ඔබ දැක ඇතුවායි සිතමි.
(මිනිස්සු ) කැරට් - අමුවෙනුත් කනවා, බාගෙට තම්බලත් කනවා, හොඳට තම්බලත් කනවා. බිත්තරත් එහෙමයි. මාළුත් එහෙමයි නේ ද? රසනම් හරක් මස් ටිකක් අමුවෙන් කන එකේ දොස මොකක් ද?
ReplyDelete@ උදිත
ReplyDeleteලාවට පිසගත් හරක් මස් කෑම කාගේ ක්‍රියාවක් උනත් බඩේ පටි පණුවන් ජාඩි දැමීමට අගනේයි
@radicaladahas
ReplyDeleteකැරට් අලයක් අමුවෙන් කැම සහ හරක් මස් කැල්ලක් අමුවෙන් කැම සමානවන්නේ කෙසෙද?..."රසනම් මසුත් අමුවෙන් කැවම මොකද ?" රසනම් ඉදිරියට අපේ "මිනිස්සු" මොනවා නොකයිද? මිනිස්සු හිතන විදිය වෙනස් වීඇති අන්දම හරිම පුදුමාකාරය! ඔබට දොස්කීව නොවෙය.ඔබේ ඇස සහ මගේ ඇස වෙනස්ය.මේ මා දකිය ආකාරයය.ඔබේ දැකීමට ගරුකරමි.
කමෙන් කලාට පින්.
මස් අමුවෙන් කනව කියන එකෙන් වෙනත් හෙල්ත් ප්‍රොබ්ලම්ස් එන්න බැරිද?හරක් මස් වල කොලෙස්ටෙරෝල් ප්‍රමාණයත් වැඩී මම් හිතන විදියට.අනේ මන්ද එක එක රටවල කෑම කන විදියවල් වෙනස්නේ.ලංකාවෙනම් ඔහොම අමුවෙන් කන්නෙනැ මම් හිතන්නෙ.දැන් ගොඩක් අය හරක් මස් කන එකෙන් වැලකිලා.
ReplyDeleteඊයා අමුවෙන් කන්න පුළුවන්ද මිනිස්සුන්ට ?
ReplyDeleteහරක් මස් විතරක් නෙවේ කොයි මස් කෑවත් වැරදි,උයන විදිය කොහොම උනත්
ReplyDeleteඅනේ මන්දා...මේවා අහන කොට පුදුම කලකිරීමක් හිතට දැනෙනවා.
ReplyDeleteහනේ මම ලිපිය දැක්කෙ අද නෙ :C .මම නම් කියන්නෙ යාලුවා උන් කරන අනිත් වැඩත් එක්ක බැලුවම(වැසිකිලි යාමෙන් පසු කඩදාසියකින්...) ඕක මහලොකු දෙයක් යැ :D
ReplyDelete@නදී
ReplyDeleteඒකනේ මමත් කිවුවෙ.ඒත් මෙහෙ අයට නම් එහෙම ප්‍රශ්නයක් නැ.කමෙන් එකට බොහොම පින්
@ElineMSOfficial
ReplyDeleteකන අය ඉන්නවනෙ
@බුද්ධික
මස් කන එක වැරදිතමා...
@නිල් අහස
මෙහෙ ගොඩක් අය මෙහෙම තමා.ආගමක් ධර්මයක් දන්න අය ගොඩක් අඩුයි
@Theekshana
ඒකත් ඇත්ත තමා..ඔයිට වඩා දේවල් වෙන්න
කමෙන්ට් කරපු අයට බොහොම පින්
මම හරක් මස් කන්නෙ නෑ. ඒත් මම කියන්නෙ කනවනන් කොහොම කෑවත් එකයි කියල.
ReplyDelete@Theekshana - අපි ඔවුන් කඩදාසියෙන් කරන දේ අතින් කරනව කියල ඇහුවම ඔවුන්ට එන්නෙ අප්පිරියාවක්. අපි අතින් බත් වගේ දේවල් කන එකත් ඔවුන් දකින්නේ අපුලකික්. අපිත් අනෙක් පැත්තට ඔවුන්ව දකින්නේ ඒ විදියට. ඒ සංස්කෘතික අතර වෙනස.
කවුරුත් වැරදි නෑ.
කස්සා - මෙහෙ ගොඩක් අය මෙහෙම තමා . ආගමක් ධර්මයක් දන්නා අය ගොඩක් අඩුයි.
ReplyDeleteතාමත් කස්ස ඉන්නේ මේ මතයේද ?? ;)