බොහෝ දේ කියන්නට ඇතත්, ඔපා දූප වලින් කිසි වැඩක් නොවන නිසා, පූරුදු පරණ විදියටම බණ කතාවකින් ම පටන් ගමු..
ලංකාවෙ එක්තරා ගමක කාළකන්දර කියල පන්සල තිබුන. මේ පන්සලේ බොහෝ ගුණ ඇති ඵුස්සදේව නමින් ප්රසිද්ධ තෙරණුවො නමක් පන්සියයක් පිරිවරට අනුශාසනා කරමින් බාවනානුයෝගීව ජීවත් වෙලා තියෙනව.ඉතින් මේ ථෙරණුවො දවසක් කුඹුරක්
ළඟින් පිඬු සිඟා යනව. කුඹුරෙ වැඩ කර කර හිටපු මිනිස්සු ඔක්කොම හරක් ටික ලිහල, වැඩ නවත්තල, හාමුදුරුවන්ට වදින්න එනව.මොහොතකට හම්බවෙන මේ නිදහස නිසා හරක් ටිකත් හැමදාම ථෙරණුවො පිඬු සිඟා වඩිනකම් බලාගෙන ඉන්නව.
ඵුස්සදේව ථෙරණුවන්ට හිත පැහැදුන නිසා, හරක් ටික ඔක්කොම මැරිල ගිහින් තව්තිසාවෙ උපදිනව.දිවියලෝකෙ දේව් සභාව රැස්වෙච්ච වෙලාවක මේ විස්තරේ ශක්රයගෙ කනේ වැටෙනව. ශක්ර දේවේන්ද්රයත් ඇසිපිය ගහන සැනින් කාළකන්දර පන්සලට ඇවිත් ථෙරණුවන්ට වැදළ, එකත් පස ඉඳගෙන දෙව්ලොව වඩින්න ආරාධනා කරනව. ඒ වෙලාව වෙනකොට උතුම් අරහත් භාවය නොලබල හිටපු ථෙරණුවො තමන් වහන්සෙ
තාමත් ඵෘථග්ජන වග දෙවියන්ට කියනව.දෙව්ලොව වඩින්න තාමත් ඍඩියක් ලබල නැති නිසා ථෙරණුවන්ගෙ අවසරෙන්, උන්වහන්සෙ වාඩිවෙලා හිටපු ගල් තලාවත් උස්සගෙනම සක් දෙව් රජ දෙවුලොව වඩිනව. මේ විදියට කිහිප වතාවක් ම
ථෙරණුවො තව්තිසාවට වැඩළ,සුධර්මා දේව සභාවෙ ධර්මදේශනයක් පවත්වනව.

මේ කරදරය මාරයගෙ වැඩක් බව අදුර ගත්තු ථෙරණුවො මෙහම අහන්ව,
“පාපිෂ්ටය, මම මනාසේ හැමදි බෝමලුව දැක සිත පහදා ගත්තෙමි, තෝ කුමක් හෙයින් මට අන්තරාය කෙරෙහිදැ?”
ථෙරණුවො තමාව අඳුරගත් බව දැනගත්ත මාරය, තමන්ගෙ සැබෑ වේශයෙන් ඵුස්සදේව ථෙරණුවො ඉදිරියට එනව.
“පවිටු මාරය, තට බොහෝ හැකියා ඇතැයි පෙනේ, තා බුදුරදුන් දැක ඇත,ශූරනම් මවා පෙන්වනු!”
ථෙරණුවන්ගෙ මේ කතාවට රැවටුන මාරය, දෙතිස්මහා පුරුෂ ලක්ශනයෙන් බබලන අපේ ගෞථම තතාගතයන් වහන්සෙගෙ දේහය මවා ගන්නව.
මෙතෙක් වේලාවක් බුදු ගුණ මෙනෙහි කරමින් හිටපු ථෙරණුවො
බුදුරුව දැක ,විදසුන් වඩා, සියලු කෙලෙස් නසා උතුම් රහත් බාවයට පත්වෙනව.