Feb 28, 2012

අතීතයේ දවස් දෙකක...


නපුරු වී රළු රුදු වදන්
ගිලිහුනු මුවින් පෙර දවස නිතරම
උහුල ගන්නට බැරිව ඈය පෙම
හාදු එවුවා කොළ පිරෙන්නට
 අතීතයෙ එක සොඳුරු මොහොතක


Feb 25, 2012

යුවරාජ්ගෙ පිලිකාව ගැන ඔහුගේ පියා කියන කතාව.

"මගේ පුතාව හොඳ නොවුනොත් මම ඕකව මරනව!"
යොග්‍ රාජ් සිං යනු, මෑතකදි තමන්ට පිලිකාවක් වැලදී ඇති බව සොයාගත් ජනප්‍රිය ඉන්දීය ක්‍රිකට්‍ ක්‍රීඩක යුවරාජ් සිං ගේ පියාය.දැනට තම බිරිඳගෙන්,  යුවරාජ් ගෙන් හා අනෙක් දරුවන්ගෙන් වෙන් වී සිටින ඔහු යුවරාජ් ගේ පිලිකාව වැඩිවීමට හේතුව පංජාබ් ප්‍රාන්තයේ රූපවාහිනී ආයතනයක් මගින් පවත්වනු ලැබු සම්මුඛ සාකච්ජාවකදී හෙලි කරන ලදී.

යෝගරාජ් සිං පංජාබ් ප්‍රාන්තයේ ජනප්‍රිය සිනමා නළුවෙකි.තවද ඔහු අති විශාල මුදල් සම්භාරයකට හිමිකම් කියන ව්‍යාපාරිකයෙකි.පංජාබ් ප්‍රාන්තයේ අග නගරය වන "චන්ඩිගර්" හි සැලකිය යුතු ඉඩම් ප්‍රමානයක්ද ඔහුට අයිතිව පවතී.


ඔහුගේ ප්‍රකාශයට අනුව යුවරාජ් සහ ඔහුගේ මව, "බාබා ජී" නැමති ව්‍යජ සවාමී වරයෙකුගේ ප්‍රකාශ විශ්වාස කිරීම නිසා  මූලික අවදියේදීම පිලිකාව හඳුනා ගෙන ප්‍රදිකාර කිරීමට තුබූ අවස්ථාව ගිලිහී ගිය බවය.තවත "ජතන් චෝදරී" යන බාබාට සම්බන්ද  වෛද්‍යවරයෙකුගේ ව්‍යාජ ප්‍රකාශද මෙයට හේතුවක් වුනු බවය.


ජීවිතයේ හැම රාජකාරියකටම බාබා ජී හමුවට යන යුවරාජ්  මෑතකදී අවසන් වුන එන්ගලන්ත සංචාරයට පෙරද ඔහු හමුවට ගොස් ඇත්තේ ඔහුගේ පපුවේ ඇතිවන වේදනාව පිළිඹව දැනාගෙනීම සඳහාය.නමුත් බාබා ජී ගේ කීම වුයේ යුවරාජ්ට කිසිම අසනීපයක් නොමැති බවත් එන්ගලංතයට ගොස් ක්‍රීඩාකර ආ හැකි බවත් ය.යොග්‍ රාජ් සිං ගේ ප්‍රකාශයට අනුව යුවරාජ් ඔහුගේ ජීවිතයේ හැම තීරණයක්ම බාබා ජී ගේ කැමැත්තට සිදුකරන අතර අවසාන වු ලෝක කුසලානයද ඉන්දියාටව දිනා දුන්නේ බාබා ජී ගේ බලය නිසා බව යුවරාජ් විශ්වාස කරන බවය.

නමුත් අවසානයේදී  ප්‍රතිකාර සඳහා අමෙරිකාව බලා යාමට සිදුවු පසු  යුවරාජ් ඉතා කල කිරුනු ලෙස පියා සමග දුරකතනයෙන් කතා කර ඇතිබවත් මේ පිළිඹඳ යුවරාජ් ගේ පියා බාබා ජී ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ යුවරාජ් ට  කවුරුන් හෝ"බැල් මැජික්" කර ඇතිබවය.තවද යෝග්‍ රාජ් පවසන්නේ ඔහු හට යුවරාජ් ව බැලීමට පවා ඔහුගේ මව ඉඩ නොදෙන අතර යුවරාජ් ගේ පිලිකාව මේ තත්වයට පත්වීමට ඔහුගේ මවගේ අනුවන කාරී ක්‍රියාද හේතුවු බවය.යුවරාජ්ට මෙන්ම ඔහුගේ සීයාටද පිලිකාවක් වැළඳී තිබූ බව යෝග් රාජ් සිං පවසයි.



යුවරාජ් සිං ක්‍රිකට් ක්‍රීඩාවට අවතීරණ වන්නේ ඔහුගේ පියා ඔහුට ඒ සඳහා අවශ්‍ය සියලු පහසු කම් සැපයු නිසා වෙනි.නමුත් බෝහෝ දෙනා මේ සකච්ජාවෙන් පසු යුවරාජ්ට ඇති මුදල් නිසා ඔහුගේ පියා මේ ආකාරයෙන් ප්‍රකාශ සිදුකරනු ඇතැයි  නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙන යොග් රාජ් පවසන්නේ යුවරාජ් සිං වැන්නවු සිය දෙනෙකුටත් වඩා ඔහු මුදල් උපායා ඇතිබවය.


ප.ලි
අපේ කුස්සියේ මා එක්කම වැඩකරන මගෙ හිතවතෙක් වෙන පංජාබ් පොරක් තමා විස්තරේ කිවුවෙ.හැබැයි මට මේක ඇත්තද නැත්තද කියල බලන්න ඕනෙ නිසා ඌ කියපු ඉන්ටවිව් එක බැලුව.උන් එක්ක ම ඉදල හින්දි බාසාවයි පංජාබ් බසාවෙන් ටිකක් විතරක් දැන් මටත් පුළුවන් වෙලා.

පංජාබ් බාසාව තේරෙනව නම් මෙන්න බඩු




Feb 20, 2012

ජුංගිරි බන්ඩිය....


අපි කවුරුත් ජීවිතේ මොනම වෙලාවකදි හරි කාටම හරි ආදරේ කරල, ආදරේ විඳල තියනව. ලැබිච්ච ආදරේ වගේම පාරක් පාරක් ගානෙ ආදරේ ඉල්ලන්න ගිහින් චාටරේ ගහල අන්තිමට හිස් අතින්ම ගෙදර ආපු වෙලාවලුත්  එමටයි. විඳපු ආදරේ වගේම හිතේ විතරක් හංගගෙන කාටත් හොරෙම්ම තනියම කරපු අසම්මත ප්‍රේමත් නැත්තෙම නැතුව නෙමේ.
මේ හැම දෙයක් අස්සෙම අපි ආදරේ උපරිම අගයට ආවට පස්සෙ අපේ පෙම්වතියට හරි පෙම්වතාට හරි ආමන්ත්‍රණය කරන වචන හරිම විවිධයි. සමහර විට හරිම බොළඳයි. සුදූ, බබා, වස්තුව, රත්තරං, මැනිකෙ මේ හැම එකක්ම ගොඩක් දෙනෙක් බාවිතා කරන පොදු වචන සෙට් එකෙන් ටිකක්. ඒත් මට මේ පෝස්ට් එක ලියන්න හිතුනෙ මේ ටික දවසකට කලින් මගෙ යාලුවෙකුවෙ මොබයිල් ෆෝන් එකේ තිබුන එක අසාමන්‍ය නමක් නිසා..
පුළුන් බෝලෙ නිව්….”
අඩෝමොකක්ද බං මේ?”
මේ වචනෙ දැක්කට පස්සෙ අනිත් බොහෝ දෙනෙකුට වගේම මටත් ඇතුවුනේ ප්‍රශ්ණාර්තයක්
නෑ බං ඔය මම කෑල්ලට ආදරේට කියන නම….”
හික් ඒක මරු නමනේ බං…”
ඔය හොඳයි.. උඹ දන්නවද මගෙ පරන කෙල්ල මට කියපු නම?”
කොහොමද බං දන්නෙ? කියපන් කො ඉතින් බලන්න…”
ජුංගිරි බංඩිය!”
මේ දෙක ඇහුවට පස්සෙ මම හිනා වෙන්නද අඬන්නද කියන්නල හිතා ගන්න බැරිවුනා. පස්සෙන් පහු මම මේ කතාව වෙන මගෙ ෆිට් එකකට කිවුවම ඌත් හිනා වෙලා කියනව. ඕක මොකක්ද බං, උඹ දන්නවද අරූට (යාලුවෙක්.නම කියන්න බෑ එක හොඳ නෑ) කියල තියන දේ කෑල්ල ඉස්සර වෙලාම යලු උනහම?
කියපංකො ඉතින්!
අද ඉඳල මම ඔයාගෙ කුටුන්න ඔයා මගෙ කුටන්න”!

Feb 17, 2012

චීස් කේක්...

කාලයක් තිස්සෙ කුස්සියක වෑඩ කෙරුවත් මේ ලඟක් වෙනකම් මෙනූ එකට අලුත් කෑමක් ඔබාගන්න එක ටිකක් අමාරු කාරියක් වෙලා තිබුනෙ.ඒ මොකද කියනව නම් මාත් එක්ක වෑඩකරපු මගෙ සිඉනියර් කුකා වෙච්ච් "ජස්ටින්" ටිකක් අමුතු ජාතියෙ  සිතුම් පැතුම් සහ හැසිරීම් තිබිච්ච් ඩයල් එකක් වුන නිසා.මනුස්සය ගොඩක් වෙලාවට වැඩට එන්නෙ හඳට යන්න ගගන ගාමී කිට් එකත් ඇඳගෙනමයි.කොයි වෙලෙත් ඉන්නෙ කුඩ්ඩ ගහගෙන.සමහර දවස් වලට වෙඩි කාපු වල් ඌරෙක් වගේ එක හුස්මට වැඩකරනව.එත් තවත් සමහර දවස්වලට මළ බාල්දියක් අතින් අරගෙන ඈමෝටම ඒකෙන් ටික ටික සංග්‍රහ කරනව.මොකද කියනවනම් මනුස්සයගෙ අත මිට සරු දවසට හොඳ බඩු හම්බවුනත් සතිය අන්තිමට අපෙනුත් සල්ලි ඉල්ලගෙන ගහන්නෙ ඉතාම බාල බඩු නිසා.මේ මනුස්සයගෙ පිස්සු විකාර නිසා කුස්සියේ තිබුන වාතාවරණය ටික වෙනස්.නමුත් මේ යකාගෙ කුඩු ගැහිල්ලයි,පරක්කුවෙලා වැඩට ඒමයි බලාගෙන ඉන්න බැරුව අන්තිමට අපේ ලොක්ක මිනිහව සැක් කලා.

ඔය මනුස්සයව සැක් වෙන්න සතියකට විතර කලියෙන්,කාලයක් තිස්සෙ මට තිබ්බ ආශාවක් ඉශ්ඨ කරගන්න ලැබුන.ඒ තමයි චීස් කේක් එකක් හදන එක.මේකට විශේෂ හේතුවකුත් තිබුන.මොකද මට ගොඩක් ලෙංගතු කෙනෙක් චීස් කේක් වලට පට්ටම ආසයි. ඉතින් මට උවමනා වුනා කේක් එකක් හදල මෙනූ එකට දාගන්න.කොහොම හරි කේක් එක හදල ඉවර කලාට පස්සෙ  මගෙ ඉල්ලීම වුනේ ඒක ස්පෙශල් මෙනූ එකේ ඩෙසර්ට් එකක් විදියට දාන ඒක. ජස්ටින් කාරයගෙන් හතර පස් පාරක් ඉල්ලුවත් ඌ ඒක කිසි ගානකට ගත්තෙ නෑ. බලාපෙරොත්තු කඩ වෙච්ච් නිසා මම කේක් ටික පොඩ් පෙට්ටි වලට දාල කූල් රූම් එකට දාල ගෙදර ආව.

දවස් දෙකකට පස්සෙ, මට නිවාඩු දවසක, ලොක්ක ගෙන් මසේජ් එකක් එනව මෙන්න මෙහෙම,

hey Kasun,
can u tell me who made the cheesecake in the cool room?
Cheers Chef

මේක දැක්ක ගමන් මම ටිකක් රත් වුනා. මොකද ලොක්කගෙන් අවසරයක් නැතුව හිතේ මනාපෙට හදපු මේ කේක් එක මට බැනුම් අහන්න හේතුවක් වෙයිද කියන බය නිසා.මොකද අපේ ලොක්ක ටිකක් සැර ඩයල් එකක්.

කොයිකටත් කියල මම ශේප් එකට රිප්ලයි එකක් දෙම්ම.

Me,any Problem?..

ලොක්ක එවපු උත්තරේ දැක්කට පස්සෙ තමයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ.

no problem, its taste very nice, just though justin was feeling sick and did something out of the ordinary. Will put it on special board tonight. Good effort.

 ඔන්න එදා ඉදල තමයි අපේ හෝටලේ මෙනු එකට චීස් කේක් වෑටුනෙ.

මේ පාර ට්‍රයි එක කොහොම හරි ලංකාවෙ කෑමක් මෙනූ එකට ඔබාගන්න එක. අප්පයක්, ඉඳි  අප්පයක් වගේ එකක් පොඩි මොඩිෆිකේශන් පාරකුත් එක්ක.

ඔය පහල තියෙන්නෙ මම හදල මගෙ අතින්ම ඩෙකරේට් වෙච්ච් කේක් එකක්.
Lemon cheesecake with caramelized sugar layer on raspberry topping with double cream and fresh strawberry


Feb 9, 2012

පොඩි කාලෙ මම මී හරකෙක්

අද වෙනකොට ජීවිතෙන් බාගයක් විතර ගෙවිල ඉවරයි.පැත්තකට වෙලා කල්පනා කරල බලනකොට මේ අවුරුදු ගානටම ගතවෙච්ච සුන්දරම කාලෙ මගෙ හිච්චි කාලෙ.ජිවිතේ ගැන කිසිම බරක් පතලක් නැතුව එදා වගේ අදත් ජිවත් වෙන්න තියනවනම් කොච්ච්ර හොඳයිද කියල හිතෙන්න මේ කන කටු මතක් වෙනකොට.

මට මතක ඇති කාලෙ ඉඳලම වතුර පාරක්, ඇලක් දොළක් පේන්නනබැරි ලෙඩක් තිබුන.අඩුම ගානෙ මි ඉහරක් නාවන මඩවලකට හරි පොල් අතු පල්වෙන්න දාන පොල් අතු වලකට හරි පැනල ජබු ගහන්න මට තිබුනෙ පුදුම පෙරේත කමක්.එච්චරටම මම ව්තුරට ආසයි.පොඩි කාලෙ ඉඳලම අපේ සියයි,තාත්තයි මහප්පයි ඔය එකී මෙකී නොකී නෑදෑයො සෙට් එකම එක්ක කුඹුරු වැඩ වලට යන්න මට තිබුනෙ පුදුම උනන්දුවක්.මතකෙ හෑටියට ඒ වෙනකොට මට වයස අවුරුදු හය හතක් ඈති.අපේ වසවර්ති සහෝදරයට වයස තුන හතරකට වඩා වැඩි නෑ.කුඹුර අයිනෙ ම තිබ්බ පොඩි ගල් තලාවට වෙලා කෙහෙළ් කොලේට බත් කන්න,ඉන්න තරම් ඔක්කොම දන්ඩි ටික ජෑම් බෝතල් ව්ල පුරෝගෙන ගෙදර අරගෙන එන්න,කරල් කෑපුවට පස්සෙ ඉතුරුවෙන පිදුරු ගොඩේ අතපය කැපිල තුවාල වේනකම් පිනුම් ගහන්න තමයි මේ උනන්දුව.ගොයම කපුවට පස්සෙ වී ගෝනි පුරෝගත්තු අත් ටෑක්ටරේ පිටි පස්සෙ එල්ලිලා එන්න මම ඉස්සර කාපු කට්ටක්.ටැක්ටරෙන් දෙරි ගහල දනිස් පොල්කටු දෙකම බරු ගහගෙන ඇති අනන්තවත්.ඒ කාලෙට අපේ සාලෙන් බාගයක් විතර වීගෝනි වලින් පිරෙනව.පත සයිස් කන්දක්,වහලෙ ගෑවෙන්න ඔන්න මෙන්,ඉතින් මගෙ මුලු ජීවිතේම ගෙවෙන්නෙ ඔය වී ගෝනි උඩ.අම්ම කියන විදියට කන්න බොන්න ඇරුනම අනිත් හැම වෙලාවෙම වීගෝනි උඩලු. හෑබෑයි ඔය හෑම එකකටම වඩා මම වැඩිපුරම ආස කලේ අපේ කුඹුර මැදින් ගලාගෙන ගිය වතුර පාරට.තාත්තල බරට කුඹුරු වෑඩ කරනකොට මමයි අපේ මලයයි එකතුවෙලා කළේම ඔය වතුර පාර හරස් කරල පොඩි ඩෑම් එකක් ගහන එක.වෙන මොකකටවත් නෙමේ වතුර හොඳට පිරුනට පස්සෙ පෑනල පීනන්න.ඔය වැඩේ හැමදාම නතර වෙන්නෙ තාත්තගෙන් ගුටි කාල.මොකද අපි දෙන්නගෙ මහා පරිමාණ නාන තටාකය නිසා කුඹුර මඩ කරන්න කවමදාවත් වතුර නෑ.

ඔහොම ටික ටික ලොකුවෙලා හයක් හතරක් තේරෙන කාලෙ වෙනකොට උනත් වතුරට තිබුන ඇල්ම නම් පොඩ්ඩක්වත් වෙනස් වුනේ නෑ.මේ කාලෙ වෙනකොට මමයි අපේ එකයි ගෙවල් අවට ඉන්න කොල්ලො කුරුට්ටො එක්ක සෙට්වෙන කාලෙ.මම අපේ මලය, අපේ ලොකු නැන්දගෙ පුතා ටොම්බ,රවින්ද්‍ර එයාගෙ මල්ලි බුද්ධික,මොටා,සුරන්ග,සම්පත් ඔය වගේ යාලුවො රැලයි.අපේ ගෙවල් පහල තියන පොල්වත්තේ හවසට හවසට කෙරෙන ක්‍රිකට් සෙල්ලමට මමත් අපේ පෝරිසාදයත් නෑතුවම බැරි චරිත දෙකක් වෙලා තිබුනෙ.ඒත් සෙල්ලම් කිරිල්ලට වඩා මට උවමනා වුනේ පොල්වත්ත පහල තිබුන බටය කුඹුරෙ ළිඳට පැනල නාන එක.සති දෙක තුනකට සෑරයක් විතර ඔය ළිඳට පැනපු එක ගෙදර මාට්ටු වුනාම තාත්තගෙ ලැබෙන ගුටි පූජාවලිනුත් අඩුවක් තිබුනෙ නෑ.

හැම මාසෙම පෝය  දවස වෙනක්ම් අපේ සෙට් එක බලාගෙන ඉන්නෙ හෙන උනන්දුවෙනන් මොකද ඒදාට අපිට කරන්න විශේෂ වෑඩක් තිබුන. ඒ තමයි බරාවෙ යන එක.බරාව කිවුවෙ අපේ ගෙවල් වලට ටික දුරින් තිබුන විල්ලුව. විල්ලුව මැදින් ගලාගෙන යන පොඩි ඇල පාරෙ බැහැල පින එකට තමයි මේ උනන්දුව. 

"අම්මෙ අපි හෙට බරාවෙ යනව. උදේට මොනවහරි ඕනෙ අරගෙන යන්න" 

මාසෙකට සැරයක් ඇහෙන ඔය කතාව අපේ අම්මට ගොඩක් පුරුදු වුනත්.කෝටියක් විතර ප්‍රශ්ණ තියන ප්‍රශ්ණ පත්තරේකට අති සාර්ථක අයුරින් පිළිතුරු සෑපයී මෙන් පස්සෙ තමයි යන්න අවසරය ලැබෙන්නෙ.ඒ අවසරෙත් එක්කම තම්බපු මඤ්ඤොක්ක මුලක් එහෙම වරදින්නේ නෑ.

කට්ටියම සෙට් වෙලා උදේ අටහමාර නමය විතර වෙනකොට අපේ චාරිකාව පටන් ගන්නව.මග දිගට තියන එක එක ජාතියෙ කෑලෑ පළතුරු වලට වග කියන ගමන් විහිලු තහලුවෙන් තමයි අපේ ගමනෙ බාගයක් විතරම ගෙවිල යනව.ඊට පස්සෙ අපිට පහු කරන්න තියෙන්නෙ ගමේ දුප්පත් මිනිස්සුන්ගෙ  කොරටු එහෙම ජයට තියෙන පලාතක්.ඔය පෑත්තට මම වගේම අපේ සෙට් එකම පුදුම කැමත්තක් තිබුන. ඒ වෙන කිසිම දේකට නෙමේ, ඔය කොරටුවලට පෑනල  පිපිඥ්ඥ එහෙම හොරෙන් කඩාගෙන කන්න. බාගෙන මෝරගෙන එන පිපිඥ්ඥ ගෙඩියක තියන රහ මම හිතන්නෙ නෑ මේ ලෝකෙ කොහේවත් ඇති කියල. අනික හොරෙන් කඩාගෙන කන එක ඊට වඩා රහයි.දැන් කාලෙ හැදෙන පොඩි උන්ට කොහෙද එහෙම පිනක්.
ඔහොම වතු පාලු කරගෙන අපි එනව බරාවෙ ඈනිකට් එකට.ඒක පාස්කරල ටික දුරක් ගියාම තමයි අපේ පිහිනුම් තටාකෙ තියෙන්නෙ.ඈල පර ඇරිල යන වංගුවෙම තියනෙ අපේ මේ  නාන පොට් එක අපි විතරක් පාවිච්චි කරපු තෑනක් නෙමෙයි.ටිකක් දුරට ඇදිල යන සිනිදු වෑල්ලත් එක්ක මේ වතුර පාරට ආසවෙන් විල්ලුවෙ ඉන්න ගොඩක් සත්තු එනව.විශේෂයෙන් මී හරක්.අනිත් එක තමයි ගමටම බොකුදිරාස්(කසිය) සපයපු සත් ගුනවත් මංගල මුදලාලිගෙ ගෝඩ බෑරල් හන්ගල තිබ්බ හොර පොට් වලින් එකක් තමයි මෙතන.

වතුර පාර දැක්කට පස්සෙ අපිට ඉතින් උන් හිටි තැන් මතක නෑ.එහෙට මෙහෙට පීනනවයි ජබු ගහනවයි මඩ නාගන්නවයි එක එක සෙල්ලම්.ඔය අතර මමත් එක සීරුවට එහෙට මෙහෙට ජබු ගහන්න ගත්ත.ඔහොම ටික වෙලාව ගියා, වීරය වගේ පීනුවට  මහන්සියට අඩිය ගහන්න බැලුව හප්පට සිරි එතකොට තමයි මීටර් වුනේ දන්නෙම නැතුව ඇලේ ගැඹුරු තැනටම ඇවිත්.මාව ගිලෙන්න ඔන්න මෙන්න. අනික වංගුව නිසා හැඩ පාරත් වැඩි.

"ම්..ම...මචෝ......... ම්..ම...මචෝ......... "

බාගෙට වතුර පෙවි පෙවි අමාරුවෙන් මම කෑගහගත්ත.

"අඩෝ.... අන්න  අරූව ගිලෙනව........"

මගේ පූරුවෙ වාසනාවකට අපේ කට්ටිය එක එකා අත්වැල් අල්ලගෙන ඇවිත් කොහොම හරි මාව ගොඩට ඇදල ගත්ත. ඒත් එතන හිටපු එකෙකුටවත් හරියට පීනගන්න බෑ.උන්ට පිං සිද්ද වෙන්න එදා මගෙ ජිවිතේ බේරුනා.

ඒදා එහෙම ගියානම් අද කස්ස නෑ.
හැබැයි මේ කතාව අපේ ගෙවල් වල අය නම් දන්නෙ නෑ.මේක දැන් ආරංචි වුනත් මට අපේ තාත්තගෙන් ගුටි කන්න වෙනව සිකුරුයි.

ප.ලි
අදවෙනකොට මම කියන මේ පලාත නාගරිකරණයට අහුවෙලා ඈති මම හිත්න්නෙ.ඒ තිබ්බ සුන්දර වෙල් යායවල්,වතුර පාරවල් වගේම විල්ලුවෙ තුබුන එක එක ජාතියෙ පලතුරු ගස් ඔක්කොම දැන් විනාශ වෙලා ගිහින් ඇති.

මම මේ කතාව අස්සෙ "හයක් හතරක් " කියල වචනයක් ලියල තියනව.පුළුවන්නම් ප්‍රතිචාරයක් දෙන ගමන් හරියටම හය හතර කියන්නෙ මොකක්ද කියල ලියමු බලන්න.

Feb 6, 2012

දෛවය උඹ පරාදයි


දෛවය,
නුඹ මට දුන් දුක අනන්තයි.
ලැබීම් වලට වඩා නොලැබෙන දේ....
දෛවය ,

නුඹ මට දුන් ඉලක්ක අනන්තයි.
උත්සහ කලත් නිතර බොහෝ පැරදුන දේ....
දෛවය,

නුඹ මට දුන් හීන අනන්තයි.
හඹා ගියත් කවදාවත්ම සැබෑ නොවුන දේ....
ඒත්, 

දෛවය උඹ පරාදයි.
මම නිදහස් !
හැම බැඳීමකින්ම
Related Posts Plugin for WordPress, Blogger...