මේ පුන්චි කොලකෑලි ටික මම හොයාගත්තෙ බස් ස්ටෑන්ඩ් එකක වැටිල තිබිල.සමහර විට මේක බොන අයට ඒක නවත්තන්න උදවු වෙනව වගේම බොන්න පටන්ගන්නත් උදවු වෙනව වගේ.
Sep 30, 2010
Jul 30, 2010
සියල්ල බොඳවුනු පසු?
අපි ජීවත්වෙන කාලයතුල කොච්චරනම් ප්‍රශ්නවලට මුනදෙනවද? සමහර අය ප්‍රශ්නවලින් පැනල යනව!,සමහර අය ඒව කාලෙට විසඳන්න ඉඩදීල බලාඉන්නව!, තවත් සමහර අය කෝටියක් ප්‍රශ්න තිබුනත් නැව ගිලුනත් බෑන් චූන් වගෙ ඉන්නව!,මේ අතරෙ අතලොස්සක් දෙනා මේ එන ප්‍රශ්න හැමැකටම හැමදාම වැස්සට,අවුවට, පින්නට අහුවෙන වාහලෙක උලුකැටයක් වගෙ අමාරුවෙන් මූනදෙනව...
ඒත්,මිනිස්සුන්ට දරාගන්න පුලුවන් ප්‍රමානයක් තියනව.විඳගන්න පුලුවන් ප්‍රමානයක් තියනව.මේ ප්‍රමානෙන් එලියට ගිහින් අපිට සමහර ප්‍රශ්නවලට උත්තර හොයාගන්න බැරුව අන්ත අසරණ වෙන වෙලාවල් ඕනතරම් තියනව..ඔහේ ඉබාගාතෙ යන වෙලාවල් තියනව..මොන වැඩේ කර කර හිටියත් තමන්ගෙ හිත් ඇතුලෙන් තුන්වෙනි ලෝක යුද්ධෙ කරන වෙලාවල් තියනව...
Jul 28, 2010
ගිරයට අහුවුන පුවක්! -1-
(පිටරට Uni යන්න හදන අසරණ ලාංකිකයන්ගෙ හිතසුව පිනිසයි!)
එකෝමත් එක කාලෙක කැන්ගරුවො ජීවත්වෙන රටක් තිබ්බලු.මේ රට කරවන්නො වැඩිහරියක් සල්ලි හම්බකරගතෙත් වෙන වෙන රට්වල් වලින් ඉගෙන ගන්න එන අසරන student ලගෙන් සල්ලි හූරගෙන කාල.
උදාහරනෙකට කිවුවොත්. ඔසියන්ට එක semester එකකට $900 විතර අයකරනකොට මෙ අසරන student ලගෙන් $ 7500ක් $8000ක් විතර අය කරනගන්නව..
හරි ඒකත් කමක් නෑ කියමුකො...උදේ ඉදල Uni ගිහින් රෑ එලිවෙන්කම් වැඩකරල අර සල්ලි හම්බකර ගන්න try එක දෙන මේ කට්ටියට තවත් නීතියක් දානව! "උඹලට සතියකට වැඩකරන්න පුලුවන් පැය 20 යි" කාල වරෙන්කො.ඔකට තමා කියන්නෙ කබලෙන් ලිපට වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ කියල!.
දැන් කවුරුහරි කියන්න පුලුවන් "උඹල ඉන්නෙ ඔසි වලනෙ ඕනරම් හොද job තියෙන්නෙ "කියල. හැබැයි..අපේ ලංකාවෙන් වෙන රටවල් වලට යන student ලගෙන් 99% කරන රස්සාවල් ඇහුවොත් සමහර අය අඬයි...සමහර අය හිනාවෙයි....
ඉතිරිය පසුව....
Jul 27, 2010
Apr 30, 2010
කාගෙද මේ මලගම?
මේ කාගෙ මලගම කියලද හිතන්නෙ..
මයිකල් ජැක්සන්?
නැත්තම් වෙන කවුරුහරි පට්ට වැදගත් බුවෙක් ගෙ?
හිතාගන්න බැ නෙද?
මේ තමා "කාල් විලියම්ස්" ගෙ මිනි පෙට්ටිය..
පෙටිටියෙ ගාන ඩොලර් 34,000 ක් ඒ කියන්නෙ රැපියල් වලින්නම් ලක්ශ 35 හක් විතර.
මෙක රත්තරන් ආලේපිත මිනි පෙට්ටියක්..
මයිකල් ජැක්සන්ගෙ මිනිපෙට්ට්යත් මේ ජාතියම එකක්.
දැන් කට්ටියම මගෙන් අහයි කවුද යකෝ මෙච්චර ගරැ ගාම්බීර විදියට වලලන්නෙ කියාල?
කවුද මේ කාල් විලියම්ස් බුවා කියල..?
ඔන්න එකත් අහගන්න කො
මිණී මැරුම් හතරකටයි
කුඩු ජාවාරමටයි සම්බන්ද ජීවිතාන්තය දක්වා හිරේ විලන්ගුවෙ වටිල හිටිය, අධි ආරක්ශිත හිර ගෙදරදි රැදවියෙක් ගෙන් හොඳටම ගටිකාල මැරුන baby face killer හෙවත් fat boy හෙවත් ඔසි වල හිටපු පාතාලෙ ලොක්කෙක් හරියට අපේ රටේ නාවල නිහාල් වගෙ බුවෙක්!
ඔය පිටිපස්සෙ තියන stretch hummer නැත්තම් හමර් ලිමෝ එකෙ ඇවිත් තියෙන්නෙ ඔය මනුස්සයගෙ හිටපු ව්යිපරෙයි, පොඩි එකයි!
මේ ඉන්නෙ ඔය කාල් බුවා තමා
Apr 29, 2010
කස්සට කාලෙකින් අබියෝගයක්!
එක එක අබියෝග ඉවරකරල ඇවිත් මගෙ අබියෝග ටික ඉවරවෙලා තිබ්බේ…
ඔසි එන එක…
යුනියට සල්ලි ගෙවන එක…
ජොබ් එකක් හොයාගන්න එක…
කන බොන එක..
වාහනයක් ගන්න එක…
ඩිප ගහන එක….
ඔය ඔය ඔක්කොම ඉවර වෙලා…දැන් ඔලුවට මුකුත් නැතුව ඉන්නකොට මෙන්න immigration එකයි IELTS Australia එකයි කස්සට ගේම කෝල් කරනව…
අලුත්ම සෙල්ලමක්, IELTS වලට හතේ හත ගහන සෙල්ලම…
බලමු අපි මොකද වෙන්නෙ කියල..තව මාස දෙකයි තියෙන්නෙ!
Game on….
Apr 15, 2010
අම්මලගෙ කිරිවලිනුත් ගාන කඩාගන්නා ඔසියෝ!
දෙවන උත්සහය
මතකනෙ මම පලවෙනි පාර වැලිතලප හදන්න ගිහින් නාගත්ත.එක පාරින් ගේම අතාරින එක හොඳ නැති නිසා දෙවෙනි TRY එකත් දුන්න! බලන්නකො!
මේ තමා අපේ මතකය අහුලන දිල් හදන්න අමාරුයි කියපු බෝල..
මට ඉතින් මේව තම්බගන්න තියෙන්නෙ මේ RICE COOKER එක තමා.. පොඩි ජිල්මාට් වැඩක් දාල මේව තම්බගන්න හදාගත්ත.කොහෙද ඉතින් මෙහෙ පිට්ටු බම්බු තියනවද නෑනෙ! ඔන්න බලන්නකො!
කොහොම හරි පැනි ටිකත් උණු කරගෙන අර තම්බගත්ත ටිකත් දාල කලවම් කරගත්ත..පලවෙනි පාරනම් පැනි ටික කරවුනා.
බලන්නකො අන්තිමට වැඩේ කොහොමද කියල...
if you fail ! And you try again and again...its' not the end...it matters how you gonna finish.
Apr 10, 2010
කස්ස වැලිතලප හදපු හැටි
අලුත් අවුරුද්ද ලගටම ඇවිදින්.ලෝකෙ කොනක හිටියත් අවුරුදු කාලෙ මතක්වෙනකොට ඉතින් බඩේ ගින්දරේ බෑ.ගෙදර අවුරුදු කැම මේසෙ මතක් වෙනව.කැන්ගරුවො එක්ක හරි හරියට හැප්පෙන කස්සට දැන් අවුරුදු 4 කින් අලුත් අවුරුද්දක් නෑ.ඉතින් මෙ අවුරුද්දෙ කස්සත් පොඩි try එකක් දුන්න මොනව හරි හදන්න!
ගිය අවුරුදු වල වගේ එකට set වෙන්න යාලුවො දැන් නෑ.මම ඉන්න ගෙදරින් මගෙ පරන යාලුවො set එකම වෙන වෙන තැන් වලට චුත වෙලා.වෙන අවුරුදුවල නම් ඉතින් කිරි වැඩිවෙච්ච් කිරි බතුයි,ලුනුත් නැති,මිරිසුත් නැති ලුනුමිරිසුයි එක්ක අවුරුද්ද ජයට ගන්නව.වැඩේ කියන්න රස දේකට තියෙන්නෙ super market එකෙන් අරන් එක cake එකයි කෙසෙල් ඇවරියයි විතරයි.
ඉතින් මේ පාර කස්සට වැලිතලප හදන්න හිතුන.මේ වැඩේට ඉතින් මට හදන හැටි කියල දීල sup එක දුන්නෙ අපේ මතකය අහුලන දිල්.
හා හා පුරා කියල කැවිලි ජාතියක් හදන නිසා මම exam එකට ගිහින් එනගමන්ම හාල් පිටියි,සීනියි, desiccated පොලුයි(මෙහෙ කොහෙද ඉතින් පොල් ගෙඩි ඒ තිබ්බත් හිරමනයක්?) එහෙම අරගෙන ගෙදර ආව.ඉතින් ලොකු බාජනේකට පිටි ටිකයි පොල් ටිකයි එහෙම දාල දැන් මේක තම්බන්න තමා කොල්ලගෙ try එක.
හික්..උජාරුවට ලැස්ති උනාට තම්බන්න එකක් නැ.rice cooker එක එහෙට මෙහෙට කරල දන්න සෙල්ලම් කෝට්යම දැම්මට වැඩෙ හරි ගියේ නෑ.අලි බාජනයක් පිරෙන්නම පිටි තිබ්බට අන්තිමට කස්සට සිද්ධවුනා පිටි පොඩ්ඩකින් පොඩි test පාරක් දාන්න.ඉතින් මගෙ ගාව හාල්පොත වගේ තියන nonstick තාච්ච්යට සීනි ටිකක් දාල පැනි උණුකලා.හවස් ජාමෙ මේ වැඩේ පටන්ගත්ත නිසා වැඩිය එලියත් නෑ.දැන් ඉතින් කොල්ල සීනි උණු කර කර සීනිවල නූල් ඇදෙනකම් බලං ඉන්නව. විනාඩි 10 විතර යනකොට සීනිත් පදමට ආව කියල වගේ හිතෙනකොට අර පිටි ටික දාල කලවම් කරල එහෙම ඉතින් චුටිම චුටි ලාමක වැලි තලපයක් හදාගත්ත.
දැන් මෙක test කරන වෙලාවනෙ. ඉතින් ඔන්න වැලිතලපෙන් පොඩි කැල්ලක් කඩාගෙන කාල බලුව.හප්ප කියල වැඩක් නෑ.මගෙ රස නහර පිනා ගියා.සීනි කරවෙලා! හරියට නිකන් මාලු හොදි එක්ක මස්කට් කෑව වගේ.ඒ මදිවට මගෙ nonstick තාච්චියේ අලි සීනි තලියයි.ඒක යවන්න ගිහින් මගෙ තාච්චිය nonstick වල ඉඳන් stick වලට මාරු කරන්න සිද්දවුනා.ඒ මදිවට කුසිසියේ පිටි හැමතැනම. අලි මදිවට සමනල්ලු කිවුවලු.ඉතුරු පිටි ට්ක නම් ඉතින් අරන් තිබ්බ අවුරුද්දට රොටියක් හරි පුච්ච්ගෙන කන්න පුලුවන්නෙ කියල.
ඔන්න කස්සගෙ වැලිතලප හැදිල්ල….
ඔබලාගෙ ප්‍රිය සම්බාශන,උත්සව අවස්තා වලට වැලිතලප උවමනා කරයිනම් කස්සව අමතන්න.
පසුව…
අර සිංහල කඩෙන් පිටි ගන්න ගමන් ඒ ඩොලර් 10 යට වැලිතලප කෑලි දෙක තුනක් මට අරන් එන්න බැරිඋන හැටි!
Apr 9, 2010
කස්සත් පැනපි සින්ඩියට!
කැන්ගරුවන්ගෙ දේශයෙ සිට කස්සත් පැනපි සින්ඩියට! මගෙ කනෙන් ඇද ඇද බ්ලොග් එක හදන්න කියපු දිල්ට(අතිතය අහුලන) සහ මුලින්ම මට ප්‍රතිචාර දුන්න මිස්සකට(නෙත රැදුනු අඩ්වියෙ) ස්තුති!
Apr 8, 2010
අයිය අපිට සිංහල නෑ!
මේ කතාව සිද්ධ උනේ අපේ හිතවත් අජිත් අයියට.අජිත් අයියා කියන්නේ අපිත් එක්කම මේ මම ඉන්න ගෙදරම හිටපු කෙනෙක්.එයා අපිට වඩා ගොඩාක් වයසින් වැඩී.ලංකාවේ මැනිං මාර්කට් එකේ එලවළු බිස්නස් කරපු කෙනෙක්……මිනිහා හෙන Fun බුවා
ආපු දවසේ ඉදලා ඉතින් රෑ දෙගොඩ හරිය වෙනකම්ම බයිලා කෙල කෙලා ඉන්නවා.මොකද ලංකාවෙන් මෙහෙ එන හැම Student කෙනෙක්ම නිශාචරයො වෙනවා. ඒක Airport එකෙන්මයි කරලා එවන්නේ…නෑත්තම් රෑට වැඩ කරන්න බෑනෙ.
ඔන්න දවසක් අජිත් අයියා මෙහෙ බස් එකක යනකොට අල්ලපු සීට් එකේ සුන්දර කාන්තාවො දෙන්නෙක් ඉන්නවා දැක්කලු. පෙනුමෙන් නිකම් ලංකාවේ වගේලු.මම කාන්තාවො කිව්වේ ඒකට පොඩි හේතුවක් තියෙන නිසා. මොකද ලංකාවේ ඉදන් මෙහෙ එන ගෑණු ළමයි එක්කෝ එහෙදිම කාන්තාවො වෙච්ච අය, නැත්තම් මෙහෙ ආව ගමන් කාන්තාවො වෙච්ච අය. බලන්න ඒකෙත් හැටි. මෙහෙට ආපු අයගෙ ටික දවසකින් කොණ්ඩෙ අමුතු වෙනවා. ඇදුම් අමුතු වෙනවා.ඒ තියා ටිකදවසකින් අතට බියර් බෝතලයක්, සිගරට් එකක් පවා එනවා…ගමන වෙනස් වෙනවා, කතාකරන හැටි වෙනස් වෙනවා...එක කෙලියයි…
ඉතින් අජිත් අයියට හිතුනලු මේ ඩබලට පොඩි ටෝක්ස් පාරක් දාන්න.අජිත් අයියා මේ දෙන්නට ලංවෙලා " නංගිලා ලංකාවෙද " කියලා ඇහුවලු. මුන් දෙන්නා ලොරියකට අහුවෙච්ච කජු ලෙල්ලක් වගේ මූණ හදාගෙන අපේ ලොක්කා දිහා බැලුවලු. අජිත් අයියත් ඉතින් ගේම් අතාරින්නේ නෑ කියලා හිතාගෙන " නංගිලා ඔයාලා ලංකාවේද " කියලා ඇහුවලු…එතකොට කෙල්ලො දෙන්නා හැරිලා කිව්වලු " අයියා අපිට සිංහල නෑ " කියලා.මේ කතාවට අපේ මනුස්සයත් හොල්මන්ද පොල්කොල වෙලා කතාවත් නවත්තලා සද්ද නැතුව ගෙදර ආවලු. අර කාන්තාවො දෙන්නම ඉතින් .....අලුතින්ම මෙහෙට එන ලංකාවේ “ Student shipment “එක ගෙනත් බාන මගේ පරණ ඉස්කෝලේ හෝමාගම මධ්යමහා විද්යාලය හෙවත් හොම්ස්ලන් ටේෆ් කොලෙජ් එක ගාවින් බැස්සලු .
පසු වදන…
“කෙල්ලො දෙන්න කියල තියෙන්න උන්ට සිංහල බැ කියල බව ඕස්ට්‍රේලියානු ජනප්‍රවාදවල වල සඳහන් වෙනව!”
“කෙල්ලො දෙන්න කියල තියෙන්න උන්ට සිංහල බැ කියල බව ඕස්ට්‍රේලියානු ජනප්‍රවාදවල වල සඳහන් වෙනව!”
Mar 25, 2010
ඔසියෝ සහ බිත්තර!
හා හා පුරා කියල ලියන්න යන කතාව ඉතින් මාව එකසිය ගානට නෝන්ඩිවෙන සිද්ධියක්..
මෙක වුනෙ දැන් දවස් දෙක තුනකට කලියෙන්,හැමදාම ඉතින් කරන්න යන පුරුදු රස්සාවට ගිහින් එනගමන් තමා මෙක වුනේ! ඉතින් රස්සාව ගැනත් කියන්න ඔනෙ නෙ.මේ රස්සාවට ඉන්ගිලිශ් වලින් නම් කියන්නෙ kitchen hand කියල.ඒක ටිකක් බර වැඩි වගේනෙ.. එකට සිංහලෙන් කියන්නෙ වලං හෝදනව කියල.
අපි දැන් කතාවට බහිමු…
උදේ 12 ඉදල රැ 11 විතර වෙනකම් ඉදුල් වතුරෙ බහැල ඉදල ගෙදෙර එන්න කොච්චියට නැග්ගම ඉතින් station එකක් දෙකක් පහුවෙනකොට කන සාක්කුවට වැටෙනකම් නින්දක් යනවා.ගෙදර එන්න station 12 විතර පහු කරන්න ඔනෙ නිසා ඔය නින්දත් එක්ක පෙලක් දවස්වලට ගේ ලග තියන station එක පහුවෙනකනුත් නින්දයනව…ඒ වෙලාවට මම බහින්නෙ dande station එකෙන්.මේක තමා ඔසි වල තියන ජරාම station එක. ඒ මොකද කියනවනම්.කලු ජාතික කටිටිය රැට රැට පදමට මත්වෙලා set වෙන තැන.එතන එක කෙලියයි.දැන් මේ මම කියන දවසෙත් නිදිමරගතෙ බැස්සෙ ඔය තැනින්තමා…
බහැල ටික දුරයි එන්න උනේ..එකපරට කාර් එකක් ආව ඇගට….පිටි පස්සෙ වීදුරුවලින් දෙන්නෙක් එලියට අවා…
මගෙ ඔලුව ගාවින් එකයි….හරියටම පපුවට එකයි…දකුණු අතට එකයි…..බිත්තර…..මට මල අසුහාරදාහට…ඒත් උන්ට මුකුත් කරන්න බැ….තනියම බිත්තර පාර කාගෙන ගෙදර ආව.
ඔසියොන්ට අපි වගෙ පොඩිකාලෙ කරන්න දේවල් නැ…අපි පොඩි කාලෙ මොනතරම් දේවල් කලාද…මුන් දන්නෙ….ගෙම් ගහන්නයි මේවගෙ ජඩ වැඩ කරන්නයි!...
මෙක වුනෙ දැන් දවස් දෙක තුනකට කලියෙන්,හැමදාම ඉතින් කරන්න යන පුරුදු රස්සාවට ගිහින් එනගමන් තමා මෙක වුනේ! ඉතින් රස්සාව ගැනත් කියන්න ඔනෙ නෙ.මේ රස්සාවට ඉන්ගිලිශ් වලින් නම් කියන්නෙ kitchen hand කියල.ඒක ටිකක් බර වැඩි වගේනෙ.. එකට සිංහලෙන් කියන්නෙ වලං හෝදනව කියල.
අපි දැන් කතාවට බහිමු…
උදේ 12 ඉදල රැ 11 විතර වෙනකම් ඉදුල් වතුරෙ බහැල ඉදල ගෙදෙර එන්න කොච්චියට නැග්ගම ඉතින් station එකක් දෙකක් පහුවෙනකොට කන සාක්කුවට වැටෙනකම් නින්දක් යනවා.ගෙදර එන්න station 12 විතර පහු කරන්න ඔනෙ නිසා ඔය නින්දත් එක්ක පෙලක් දවස්වලට ගේ ලග තියන station එක පහුවෙනකනුත් නින්දයනව…ඒ වෙලාවට මම බහින්නෙ dande station එකෙන්.මේක තමා ඔසි වල තියන ජරාම station එක. ඒ මොකද කියනවනම්.කලු ජාතික කටිටිය රැට රැට පදමට මත්වෙලා set වෙන තැන.එතන එක කෙලියයි.දැන් මේ මම කියන දවසෙත් නිදිමරගතෙ බැස්සෙ ඔය තැනින්තමා…
බහැල ටික දුරයි එන්න උනේ..එකපරට කාර් එකක් ආව ඇගට….පිටි පස්සෙ වීදුරුවලින් දෙන්නෙක් එලියට අවා…
මගෙ ඔලුව ගාවින් එකයි….හරියටම පපුවට එකයි…දකුණු අතට එකයි…..බිත්තර…..මට මල අසුහාරදාහට…ඒත් උන්ට මුකුත් කරන්න බැ….තනියම බිත්තර පාර කාගෙන ගෙදර ආව.
ඔසියොන්ට අපි වගෙ පොඩිකාලෙ කරන්න දේවල් නැ…අපි පොඩි කාලෙ මොනතරම් දේවල් කලාද…මුන් දන්නෙ….ගෙම් ගහන්නයි මේවගෙ ජඩ වැඩ කරන්නයි!...
Subscribe to:
Posts (Atom)