කරදියෙන් එහා මගේ ලෝකය
විදුලිපංකා බමන මත මැඩ
රැහැයි පිරිවර හඬනවා
කාමරේ ඝන අඳුර බිඳගෙන
සඳකැලුම් ගෙට වැටෙනවා
අඩක් පියවුන විඩාබර නෙත
හීනයක සුව සොයනවා
එදා අම්මා ඇයව නැළැවූ
මිහිරි නැළවිලි තාල ගලපා
හඳ එලිය යට අපේ නංගි
පොඩිදුව ව නිදි කරනවා