Mar 11, 2013

වෙරෝනිකා...

හිස් ගෙඩිය පිපිරෙන තරමට ගිනියම් රස්නෙ.ඒ මදිවට මේ කාලකණ්නි නිසාචර රස්සාව.උඹට මේව තේරුනේ නෑ...සත්මහල් ප්‍රාසාදයක් අස්සෙ හුරතලේට හැදිච්ච උඹට, මම විඳින දුක කියල, උඹේ ඔය හීන ලෝකෙ කුඩුපට්ටම කරන්න මට උවමනාවක් තිබුනෙ නෑ...ඒත් වෙරෝනිකා මම උඹට ආදරේ කළා නොසෑහෙන්න.මේ බිත්ති හතරට කතා කරන්න පුළුවන්නම් උන් කියයි.නිදි මර මර මම විඳින කරුමක්කාර ජීවිතේ ගැන.අනිත් උන් වගේම මටත් උඹට හොරා එක එක ගුබ්බෑයම් අස්සෙ රිංගල මොහොතක් පොඩි සැනසීමක් හොයන්න තිබුන.ඒත්,උඹේ ඔය අහිංසක ඇස් ගෙඩි දෙක දිහා බලාගෙන මට එහම කරන්න තරම් හයියක් තිබුනෙ නෑ...සමහර විට ඒ මගෙ මෝඩ කම වෙන්න ඇති.නැත්නම් මම උඹට කරපු ආදරේ වැඩි වෙන්න ඇති.වෙරෝනිකා උඹ දන්නෙ නෑ...උඹව දාල මම එන දවසෙ අඬපු කඳුළු කන්දරාව.නෑ වෙරෝනිකා උඹට ඒක තේරෙන්නෙ කොහොමද? ...එහෙම උනනානම් අද මමවත් උඹවත් මේ විදියට තනිවෙන්නෙ නෑ...
ආදරණීය වෙරෝනිකා...කැඩිච්ච බිඳිච්ච දේවල් ආපහු ඒ විදියටම හදන්න බෑ.අද මම උඹට යන්න දෙනව.සදහටම.මගේ මේ නිසාචර ජීවිතෙන්.මට දුක හිතෙයි ගොඩක්.ඒත්,ඒක උඹට තේරෙන එකක් නෑ...මේ රෑ තිස්සෙම මා එක්ක එක සීරුවට ඉකි ගහන මගෙ ගිටාර් කට්ට තරම්වත් උඹ මට ලෙංගතු නොව්ච්ච නිසා.උඹට ඒ දුක දැනෙනෙ එකක් නෑ...එහෙම දැනුන නම්,උඹ කවදාවත් මම දුක් විඳින අස්සෙ වෙන එක්කෙ එක්ක රවුම් ගහන්නෙ නෑ.මම උඹට සමාව දුන්න.හදවතින් ම .ඒත් ඒක පිළිගන්න තරම්වත් උඹට උවමනාවක් තිබුනෙ නෑ...
ජීවිතේ සොච්චමට වැටිච්ච මට හිටියෙ උඹ විතරයි.ඒත් අන්තිමට උඹත් මාව දාල ගියා වෙරෝනිකා.කවදා හරි දවසක අපි ආපහු මුනගැහෙයි.එදාටත් එක මොහොතකට උඹෙ ඔය හිනාව බලන්න මම ආසයි.


මට අයිති නැති හීන ...හැමදාම හැම රෑම...
රෑ තාරුකා සේම දිලුනා...
සුදු පාට ඒ හීන... රෑ තාරුකා සේම...
නොදැනීම උදයේම මැකුනා....

වෙරෝනිකා උඹට සුභ ගමන්...


not a personal experience...

20 comments:

  1. හ්ම්ම්...... ඔහේ ලියවුන කතාවක් උනත් අරුත් බරයි

    ReplyDelete
  2. ආදරයකට සමු දුන්නද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ.එකකට සදහටම සමු දුන්නනෙ...මේක මේ නිකන් ලියවුනේ.

      Delete
  3. කතාව මට නම් තේරුණේ නෑ වගෙයි... කමක් නෑ ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. මේක මේ නිකන් ලියවුනේ නංගියෙ

      Delete
  4. මේවට කොහොම උත්තර කියන්නද මන්දා... :D

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් වලට උත්තර නෑ නෙ බං

      Delete
  5. සිතක් බිදුණු පසු කොතෙක් කළත් ඔසු ඵලක් නොවේ ළදුනේ
    ඉතින් තවත් කල් රැදී ඵලක් නෑ ඔබ මගේ සෙවණේ.

    ReplyDelete
  6. වෙරෝනිකා මැරෙන්න තීරණය කරලාද ??

    ReplyDelete
    Replies
    1. මම ඒක කියවමින් පවතිනව.

      Delete
  7. හ්ම්.... ඒ පාර වෙනස්ම කතාවක්නෙ කස්සා. ලස්සනයි.

    ReplyDelete
  8. kassa....
    http://lakafrance.blogspot.com/2013/04/6.html
    මේ කතාව ඇත්තද?

    ReplyDelete
    Replies
    1. මේ ගැන කතා කරන්න මගෙ එච්චර කැමැත්තක් නෑ..

      Delete
    2. කතාව ඇත්තද බොරුද කියලවත් කිව්වනම්!!!!

      පත්තරේක පළවුනු ලිපියක් කිව්වට, මුලින් විස්වාස කරේ නෑ. ඒත ඒ කතාව ඇත්ත. මෙන්න ලින්ක්එක.

      http://www.randiwa.lk/Paper_Pages/chathurashaya/index.html#/3/zoomed

      Delete
    3. කතාවෙ බොහෝ දේ ඇත්ත.හැබැයි 100% නිවැරදි නෑ.තව ගොඩක් දේ එකතු වෙන්න ඔනෙ.සමහර තැන්වල පොඩි පොඩි දේ වෙනස් වෙන්න ඕනෙ..ඒත් හරිම කතාව දන්නෙ මම විතරයි...ඒත් එහෙම කෙනෙක් නොහිටිය කියන එක මම තාම පිළිගන්නෙ නෑ.මේ ගැන හොයන එක මම අතැරල දාල ගොඩක් කල්.මොකද අන්තිමට ඉතුරු වෙන්න පරණ වෙච්ච මතක ටිකකුයි කලකිරිමකුයි විතරක් නිසා.

      Delete
    4. කස්සා මේ ගැන දැනුවත් කරල හරිම විස්තරේ කියල ලිපියක් දැම්මොත් හොද නැද්ද? මතකනෙ ඉන්දික උපශාන්ත අභීතට අහුවෙච්ච හැටි..... තාම සල්ලි ටික ලැබුනෙ නෑ.... තව එකෙක් මේකිට අහු වෙන්න කලින් මේක ලිව්වොත් හදයි කියලයි මගේ අදහස.....

      Delete
    5. හ්ම්ම්....බලමු....

      Delete
  9. කෝ අලුතෙන් මොකුත් ලියන්නේ නැද්ද ??

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...