May 31, 2011

පලායන මතක




























උඹේ අතින් හැඩට ගෙතුව
එදා එවුව කොට්ට උරය
ආදරේට තුරුලු කරන්
එකතු කෙරුව ලියුම් මිටිය
මගේ බිත්තියේ එල්ලුව
හිනා පිරුන නුඹේම රුව
එකුතකරන් මිටිය බැඳන්
මගේ මතක පොදිය එක්ක
යකඩ උලෙන් හිතට ඇනන්
වීසිකලා යාර ගඟට


yarra river(මෙල්බ්න් වලට තියන එකම ගඟ)

4 comments:

  1. උඹේ කටින් ආදරේට
    එදා කිව්ව බොරු දාහට
    දුක්වෙන්නෑ රැවටුනාට
    මවා දුන්න හිස් ලෝකෙට
    පණ දෙන්නම් උඹේ නමට
    ලියා එව්ව පෙම් පත් මිට
    කීතු කරලා එක හුස්මට
    විසි කෙරුවා නුවර වැවට

    ReplyDelete
  2. @ඩොලී
    කටින් බතල හිටෙව්වාට
    පලක් වෙයිද හාමිනේට
    මිදි නොකෑව නරිහාමිට
    කියන්නත් දෙයක් ඇතිවිට
    බ්රේ්ක් නොමැති නුඹේ කටට
    නුඹ කරගත් මහ පාපෙට
    මේ ආත්මයේම යසට
    පල දුන්නා නේද තොපට
    ඇයි මේ මරගාත කුමට
    ඉද හිටවත් මේ පිටුවට
    නවොත් සෙත් වේය නුඹට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...