Apr 4, 2011

bully beatdown හෙවත් ඉස්කෝල වලි!

අපි ඉස්කෝලෙ යනකාලෙ නම් වලියක් කියන්නෙ ඉතින් සාමන්ය දෙයක්.ලොකු පන්තිවල අය පොඩි පන්තිවල අයට ගහනව,ගෑනුලමඉගෙ හුට පට වලට ගහගන්නව,එකී මෙකී නොකී ඔය හැම එකක්ම ඉතින් වලියක් ගිහින් තමා නතර වෙන්නෙ.

ඒත් ඉතින් ඒව එදාට විතරයි...


දෑන් මෙ ක්ලිප් එක බලල ඉන්නකො..












මෙකෙ ඉන්න අර මහත පොඩි එකාට(ඔය උඩ ඉන්නේ) පහල පන්තිවල ළමඉන්ගෙන් අම්බානට කරදර වෙලා තියනව.ඉතින් මේ දවසෙත් මේ රුකඩේ වගේ ඉන්න පොඩි එකා ඒකගෙ යාලුවෙකුට විඩ්යෝ කරන්න කියල ගේම අදගත්තලු...

දැක්කනෙ වෙච්ච දේ......

ඉතින් කොහොම කොහොම හරි මේ සිද්දිය youtube එකෙ හෙනට ජනප්‍රිය උනා.
ඔසියන්ට මෙවගේ සිද්දියක් කියන්නෙ ඉතින් වෙන මුකුත් ඔනෙ නෑ
මෙහෙ Media එක මේකට ලොකු ප්‍රසිද්දියක් දුන්න,ගුටි කාපු එකයි ,ගහපු එකයි,එයාලගෙ අම්මල තාත්තලයි ඔක්කොම TV interview එකකට ගෙනල්ල හෙන ජරමරයක් කලා..

ඔය අතරෙ අර වලිය ඇදගත්ත රුකඩ කොල්ල TV interview එක අස්සෙ එක තැනකදි අනාගත්ත,කියන්න ඔනෙ ඒව කටපාඩම් කරල අරගෙන ආවට බළල පැන්න මල්ලෙන් එලියට


රුකඩ කොල්ලට වැරදුනු හැටි..


තාම පොඩි වයසක ඉන්න මේ කොලුගැටයට මේවගේ දෙවල් කරන්න මානසිකත්වය හැදිල තියෙන්නෙ එයාගෙ අම්මල තාත්තලගෙ වැරදි නිසාතමා...බලන්න මෙකට ඇහැට කරාබුවකුත් දාන්න දිල....

















මෙ තියෙන්නෙ සම්පුර්ණ interview එක

මෙ කොල්ලගෙ තාත්තගෙ හැටියෙන්ම කියන්න පුලුවන් කොල්ල මොනවගෙ පරිසරයකද හැදිල තියෙන්න කියල...

මේ හැමදේම කියල එකක් නොකිය ලිපිය නතරකලොත් හිතට හරිමදි..

අපේ අම්ම තාත්ත අපිව හදපු හැටි මේඅයට කියල දෙන්න තිබුනනම්..අපේ ඉස්කොලවල ගුරුවරු අපිට හොඳ නරක කියල දුන්න හැටි මේ අයට පෙන්නන්න තිබුනනම්(තාත්තගෙන් ගුටි කාපු හෑටි,ඉස්කොලෙ මිස්ලගෙන් ගුටිකාල දනගහගෙන හිටපු හැට්)ඒක කොච්චර දෙයක් වෙයිද?....
Related Posts Plugin for WordPress, Blogger...