May 12, 2016

රාජ්- අවසාන කොටස


"ඔය බඩේ රිදිල්ල එච්චර හොඳ එකක් නෙමේ, දොස්තර කෙනෙකුට පෙන්නුවොත් නරකද?"
පිටර්,රාජ්ගෙ සගය, හැම වෙලාවෙම සිය උදර මිරිකගෙන වේදනාවෙන් ඇඹරෙන  රාජ් දිහා බලාගෙන කියපු කතාව.


රාජ්ට යන්නතමට සිහිය එනකොට හැමදෙයක්ම බොඳ වෙච්ච චායාවක් වගේ මතක්වෙන්න ගත්ත.ඔහුට ඇතිවෙච්ච උදරයේ වේදනාවත් එක්ක සිහිනැතිවෙලා බිම ඇවැටුනු හැටි.ඔහුව ගිලන් රථයක දාමාගෙන රෝහලට අරගෙන ආපු හැටි.මේ සියල්ලම ටිකෙන් ටික ඔහුගෙ මතකයට ගලාගෙන ආව.


"රාජ් ඔයාට ඔපරේශන් එකක් කරන්න උනා.ජීවිතේ ලොකු අවධානමක තිබුනෙ. රිපෝට්ස් ආවම අපි බලමු මොකද වෙන්නෙ කියල."


ඒ වාට්ටුව භාරව රාජකාරිය කරපු ප්‍රධාන වෛද්‍ය තුමා දවස් දෙක තුනකට පස්සෙ සම්පූර්ණයෙන් සිහිය ලැබිච්ච රාජ්ව අමතල කියපු කතාව.


සති කිහිපයකට පස්සෙ රෝහලෙන් නිදහස් වෙච්ච රාජ් ආපහු සිය නිවසට ආව. ඒ එන කොටත් පාසැලේ ගුරුවරු සහ ශිෂ්‍යයො  බොහෝ දෙනෙක් ඔහුගෙ නිවසට ඇවිත් හිටිය. හිස් අතින් ම නෙමේ. තෑගි බෝග, කෑම වර්ග නිවස පිරෙන්න.මෙතක් කාලයක් කාටවත් නොකියා ආරක්ශා කරපු දෙයක් එදා මුළු පාසැලම දැනගත්ත. ඒ රාජ්ගෙ පුංචි දුවගෙ රෝගීභාවය.

"මේ මනුස්සය මෙච්චර දෙයක් තියාගෙන අපිට නිකමට වත් කිවුවෙ නෑ.එයාටත් කැන්සර් එකක් කියල දැනගත්තම කොහොම දාරාගනීද කියන එක හිතාගන්න බෑ."
ඒ පාසැලේ බොහෝ ගුරුවරු කතා වෙච්ච දෙයක්.
  
                    ...........................................................................................
නත්තල් නිවාඩුව ඉවර වෙලා ආපහු පුරුදු විදියට රැකියාවට ගියත් වෙනට දකින රාජ්ගෙ මුහුණ ඒදා දකින්න ලැබුනෙ නෑ.දින දෙක තුනක්ට පස්සෙ කෙටි පණිවිඩයකින් මම ඔහුව මතුව.


“රාජ්.
සුභ අලුත් අවුරුද්දක් වේවා! මොකද වැඩට එන්නේ නැත්තෙ? හැමදේම හොඳින් ඇති කියල හිතනව.
දිනේෂ්.”


වැඩි වෙලාවක් යන්න කලියෙන්ම දැනගන්න ලැබිච්ච නරක ආරංචිය නිසා,මගේ පණිවිඩයට පිළිතුරු නොලැබීමට හේතු හොයන්න  මට තිබ්බ වුවමනාව නැතිවෙලා ගියා.
රජ්ගේ කුඩා දියනිය තාලියා!  එයා රාජ්වයි, එයාගෙ අම්මවයි දාල මේ ලෝකෙන් යන්න ගිහින්. සදහටම.

මුලු පාසැලටම මේක දරාගන්න බැරි ප්‍රවෘත්තියක් වුනා.රාජ්ගෙ කුඩා දියනිය වෙනුවෙන් කණගාටුව පළකරල  ලියවිච්ච කාඩ් පත් වලින් ඔහුගෙ කාර්යාලය පිරෙන්න ගත්ත.පාසැලේ විදුහල්පති තුමා මුළු ඉස්කෝලෙම ගුරුවරු එක්ක තාලියාට අවසන් ගෞරව දක්වන්න එකතු උනා. එදා හැමෝම ශෝක වෙච්ච දවසක්.සුසානභූම්යේ සිය දියනිය නියමවෙච්ච පුංචි ඉඩ දිහා බලාගෙන, ජීවිතේ පිළිඹඳ බොහොම අවිනිශ්චිත බැල්මකින් ඇස්දෙක පුරෝගෙන රාජ් තාලියාට සමුදුන්න.

මේක ඇත්ත කතාවක්! නම් ගම් ඇරෙන්න.

11 comments:

  1. කොටස් ටික ඔක්කොම හෙමීට කියවන් එන්න ඕන කස්සා.

    ReplyDelete
  2. කෙනෙකුට කරදර එනකොට එන්නේ එකපිට එක කියලා කතාවකුත් තියනවනේ නේද? හරි කණගාටුදායකයි

    ReplyDelete
  3. දැං රාජ්ට කෝමද කස්ස එතකොට
    දැරිවි නැති වුණ එකෙනුත් ඔහුගෙරෝගී තත්වයත් නිසා ඔහු සෑහෙන්න අසණිප වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. පුදුමෙ කියන්නෙ කෙල්ල නැතිවෙලා සති තුනක් යනකොට රාජ් වැඩට ආව.හැබැයි එයාට හිත හදාගන්න ගොඩක් කල් යයි.

      Delete
  4. හරිම කණගාටුදායකයි..

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒත් මනුස්සය බොහොම හිත හයිය කෙනෙක්

      Delete
  5. ප්‍රබන්ධ වලට වඩා හැම විටම සත්‍ය අපේ හිත් වලට දැනෙනවා.. මං හිතන්නෙ ප්‍රබන්ද අස්සෙත් තියෙන්නෙ ඇත්ත..කරදර නම් එන කොට එන්නෙ පැල් බැඳගෙන කියවනෙ

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද ඒ ගැන

      Delete
  6. කතාව කණගාටුදායකයි, හැමදේම වෙන්නේ මිනිසුන්ටයි. ඒ පුංචි සුරංගනාවියගේ නික්මයාම දුකක්, ඒත් ඒ තත්වයේ හිටි දරුවෙක් තව දුරටත් දුක් විඳින්නේ නැතුව මෙලොවින් සමුගැනීම එක්තරා විදියක සහනයක් නෙවේද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...