Feb 15, 2013

වන අරමක සත් දවසක් (2)


ඉර නගින්නනත් කලියෙන්, හිමිදිරි පාන්දරම, ඈත කඳු පන්තියේ කැලෑ රොද අතරෙ, තැනින් තැන හැංගිලා තියන භාවනා කුටි වල ඉඳල, භාවනානුයෝගී හාමුදුරු වරු හැමෝම හීල් දානෙ වළඳන්න පහල තියන දාන ශාලාවට වඩිනව.ෆයින් ගස් පේලිය අස්සෙන්, කිරි සුදු පාටට වැහිල තියන මීදුම් වලාව අතරින්,කඳු පාමුලට වැටිල තියන පටු අඩි පාරවල් දිගේ ශාන්ත  ගමනින් වඩින මේ බුද්ධ පුත්‍රයන් දකින එක බොහොම කලාතුරකින් කෙනෙකුට ලැබෙන අවස්ථාවක් කියලයි මට ඒ වෙලාවෙ හිතුනෙ.

මමයි,ශේන් මහත්තයයි තවත් සාමනේර හාමුදුරු නමකුයි  එකතුවෙලා හීල් දානෙ ලෑස්ති කළා.ලොකු හාමුදුරුවන්ට වෙනමයි,අනිත් හාමුදුරුවන්ට වෙනමයි.මේ සාමනේර නම ගැනත් නොකියම බෑ.උන්නාන්සෙ හොඳ තරුණ වයසෙ හාදයෙක්.ගම ඇඩිලේඩ්.

"ඔබ වහන්සෙට මහන වෙන්න හිතුනෙ අයි?"

පොඩි කතාවකින් පස්සෙ මම උන්නාන්සෙගෙන් ඇහුව.

"මෙච්චර කල් ජීවිතේ කරපු කියපු කිසිම දෙයක් සම්පූර්ණයි කියල දැනුනෙ නෑ දිනේෂ්.බුදු දහම ගැන ලංකාවෙ හාමුදුරුනමක් ලියපු පොතක් කියෙවුව.මහන වෙන්න හිතුන.මෙහෙ ඇවිත් මහන වුනා."

බොහොම සරළ විදියට උන්නාන්සෙ මට උත්තර දුන්න.ඒ වචන වල තිබුන ගැඹුර ගැන මට අදටත් කල්පනා වෙනව.එච්චරම පහසු විදියට ජීවිතේ බැදීම අතෑරල දාන්න මනුස්සයෙකුට පුලුවන්ද? මට මතක් වුනේ අපේ බුදුහාමුදුරුවන්ව.



"දිනේෂ්ට තියනව පොඩි වැඩ ටිකක් කරන්න. කැමතිද?"

ලොකු හාමුදුරුවො හීල් දානෙන් පස්සෙ මාගාවට වැඩිය.

"එහෙයි අජාන්."

"එහෙනම් පොඩි නමගෙන් වැඩ කරන්න ඇඳුම් ඉල්ලගන්න.කන්දෙ තියන කුටි සුද්ද කරන්න යනන් උවමනායි."

"එහෙයි"

පොඩි හාමුදුරුවන්ගෙන් ඉල්ලගත්තු ඇදුම් ටික දඩි බිඩියට ඇඟට දාගත්ත මම, කන්දෙ තියන කුටි  වලට වඩින ලොකු හාමුදුරුවන්ට එකතු වුනා.කාලයක් තිස්සෙ මගෙ ඔලුවෙ තිබුන බොහොමයක් ප්‍රශ්ණ මම එකින් එක ලොකු හාමුදුරුවන්ගෙන් අහනන් ගත්ත.අජාන් චා හාමුදුරුවො ගැන.බූරිදත්ත මහරහතන් වහන්සෙ ගැන.මහ බූව හාමුදුරුවො ගැන,භාවනාව ගැන මට තිබුන ප්‍රශ්ණ එකින් එක මම විසඳගත්ත.


අජාන් මහ බූවා හිමිපාණන්
අජාන් මුන් හිමිපාණන්
අජාන් චාහ් හිමිපාණන්

 "දිනේෂ්.. මුල් දවස් වල භාවනාවට එක දිගට වාඩිවෙලා ඉන්න එක බොහොම අමාරු වැඩක්.ඒත් අඩුම තරමින් පැයක්වත් වාඩිවෙලා ඉන්න බැරි නම් හිත එකඟ වෙන්නෙ නෑ."

බර ඇදල කොන්ද බාගෙට ගිහින් තිබුන මට, පැයක් තියා එක විනාඩි පහක් වාඩිවෙල ඉන්න බැ.ඒත් ඒ ප්‍රශ්ණෙත් උන්නන්සෙ මට විසඳල දුන්න.


කන්ද මුදුනට යන එක ටිකක් දුෂ්කර ගමනක්.ඒත් හැමදාමත් මේ හාමුදුරුවරු කඳු මුදුනෙ එහා මෙහා වඩිනව. සතා සිවුපාව ගැනවත්, අනික් කරද ගැනවත් කිසිම හැල හොල්මනක් නැතුව.

ලී කනු උඩ හදල තිබුන භාවනා කුටි හරිම සරලයි. ඒ ගාවින්ම වහලයක් හෙවිල්ලල තියන පුන්චි සක්මන් මළුවක්. මේ දෙක ඇරෙන්න අනිත් හැම තැනම ඝණ කැලෑව.අනිත් හාමුදුරුවරුත්,මමත්,ශේන් මහත්තයත් එකතුවෙලා කුටි වටේ උදුළු ගාන්න,කොල රොඩු අයින් කරන්න වගේ, හදිස්සියේ ඇතිවෙන ලැව් ගිනි වලින් මේ කුටි බේරගන්න ඒ අවට සකස් කරන්න පටන්ගත්ත.

"දිනේෂ්...මොන වැඩේ කලත් එක දෙයක් මතක තියාගන්න. Mindfulness (සතිය).ඒක අමතක කරන්න එපා."

මට ලොකු හාමුදුරුවන්ගෙන් තවත් අවවාදයක්.


හැම හාමුදුරුනමක්ම කිසි කතා බහක් නැතුව තම තමන්ගෙ වැඩ.මට හිතුන විදියට නම් ඒ හාමුදුරුවරු හැම දෙනාම බොහොම සිහි කල්පනාවෙන් තමයි හැම වැඩක්ම කළේ.උන්නාන්සෙල බොහොම සිල්වත් උදවිය.හැම දෙනාම බොහොම තරුණ අය.ජීවිතේ හොඳම කාලෙ තමයි මහණ වෙලා තියෙන්න.



ඉර ටිකක් විතර මුදුන් වෙනකොට අපි හැමෝම වැඩ නවත්වල ආපහු පහලට බහින්න ගත්ත.හාමුදුරුවරුන්ගෙ දානෙ වෙලාව ලංවෙලා.මමත් ඇවිත ඇඟපත එහෙම හෝදගෙන දාන ශාලාව පැත්තට ගියා.දානෙට හාමුදුරුවරු වඩින කම් එතන ගොඩක් වැඩ,ඒ දේවල් වලට උදවු වෙන එක හිතට ලොකු සැනසීමක්.

"දිනෙෂ්,ඔයා ද අජාන්ගෙ පාත්තරේ අරගෙන යන්න."

ශේන් මහත්තය මට එහෙම කිවුව.

මම එක පයින් ඒකට කැමති වුනේ.මොකද ඒක බොහොම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් නිසා.මමත් ඉතින් ලොකු හාමුදුරුවන්ගෙ පාත්තරෙත් අරගෙන උන්නාන්සෙ පිටි පස්සෙන් හෙමින් හෙමින් හාමුදුරුවරු දානෙ වළඳන තැනට ගියා.


තායිලන්තෙ හැම බෞද්ධයෙක් ම හාමුදුරුවන්ට බොහොම ගරු සරු ඇතුව තමයි වැඩ කරන්නෙ.ඒ වගේම, ඒ අය හාමුදුරුවන්ට වඳින විදියත් බොහොම වෙනස්.හැබැයි මට හිතුන විදියට, එයාල තමයි හරියට හාමුදුරු කෙනෙකුට පසඟ පිහිටුවල වදින්නෙ.ඒ අතින් බලනකොට අපි නිකන් බොරුවට ඔලුව නවනව විතරයි.

දවල් දානෙ වෙලාවෙන් පස්සෙ.හාමුදුරුවරු ඔක්කොම බණ මඩුව පැත්තට වඩිනව සක්මන් භාවනා කරන්න.උන්නාන්සෙල එක මොහොතකට තමන් වහන්සෙලගෙ හිතට එහෙ මෙහෙ දුවන්න දෙන්නෙ නෑ.බොහොම පරිස්සමට ආරක්ෂා කරනව.

කෑම කාල ඉවරවුන  මමත් හෙමිහිට ගියා පංසලේ පොත්ගුල පැත්තට.එදා ඉඳල මම ගත කරපු දවස් හතේම දවල් කෑමෙන් පස්සෙ මම මුලු කාලෙ ගතකළේ පංසලේ පොත් ගුලේ. 




22 comments:

  1. කාටත් කලාතුරකින් ලැබෙන අත්දැකිමක් !

    ReplyDelete
  2. වැහිලා තියෙන මීදුමට ෆයින්ගස් අතරින් වැටෙන උදේ හිරු එළිය මැදින් දකින ඒ ශාන්ත ගමන දකින්න ඇස් පිං කරන්න ඕන.. ජීවිතේ දුර්ලභ දුෂ්කර ගමනක සටහනක්..
    බලාපොරොත්තු වෙනවා තව කොටස්..!

    ReplyDelete
    Replies
    1. ස්තුතී ආවට මේපැත්තෙ.

      Delete
  3. නිවාඩුවක් ලැබුනු වහාම ආරණ්‍යයක ගිහින් සතියක් ඉන්නවා...:)

    මම දැකලා තියනවා ඔය හාමුදුරුවරු කුටිවලින් බැහැලා සන්සුන් ගමනින් පහලට වඩින හැටි. බුදු හාමුදුරුවෝ ඒ කාලේ කොහොම ඉන්ට ඇතිද කියලා හිතෙනවා ඒ වෙලාවට.

    ReplyDelete
    Replies
    1. යන්න.ගිහින් ඉඳල එන්න.අද මෙහෙම නම් ඉතින් ඒ කාලෙ ගැන කවර කතාද

      Delete
  4. කාලෙකට කලින් දෙනගම සිරිවර්ධන මහත්තයා කඳුබොඩ හරි වෙන ආරණ්‍යයක හරි සති කීපයක් කාලය ගත කරලා තිබුණා. ඒ ගැන එයා පත්තරේට ලියලා තිබුණා. ඒ ගැනත් මතක් වුණා

    මේ ලිපිය කියෙව්වාම. ඒ වගේමයි මේ ලිපිය රසවත්, හොඳයි, අයියා ලස්සනට කතාව ලියලා කියලා අගය කරනවාටත් වඩා මේකෙන් කියවෙන පණිවුඩය වටහා ගන්න එකයි කරන්න ඕනේ කියලයි මට හිතෙන්නේ.

    කාලෙකට කලින් මගෙත් හිතේ තිබුණා A/L ඉවර වෙලා ප්‍රතිඵල එනකම් තාවකාලික පැවිද්ද ලබාගන්න. ඒ කාලේ හොරණ භාවනා මධ්‍යස්ථානයක ඒක කළා මට මතක විදිහට කිරම විමලජෝති හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන්.

    ඒත් A/L ඉවර වුණාට පස්සේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් වුණා. ඒකෙ වැඩ රාජකාරි 2009 ඔක්තෝබර් කැම්පස් යනකම්ම තිබුණා. දැන් කැම්පස් එකෙත් එහෙමම නිවාඩු කාලයක් කියලා එකක් එන්නේ නැහැ. කැම්පස් එකෙන් නිවාඩු ලැබුණත් අපිට මොකක් හරි වැඩක් තියෙනවා :(

    ReplyDelete
    Replies
    1. මේ වැඩේ කල් දැම්මොත් කවමදාවත් කෙරෙන එකක් නෙමේ.

      Delete
  5. හැමදේම අමතක කරලා මට ඔහොම තැනකවත්
    ඉන්න ලැබුණානම් කියල හිතුන ..දැන් මට ඒ දේ
    කරන්නත් බැරි තැනක ඉන්නේ...
    පුළුවන් කාලේ කෙනෙක් නිසා මන් ඒ ගමන ගියේ නැහැ,
    අද ඒ කෙනත් නැහැ , මන් හිටියටත් වඩා පහල ..

    දැන් මට ඔහොම තැනක් හිත නිදහසේ ඉන්න බැහැ .
    ලොකු ගැටළු ගොඩක ඉන්නේ ..( විසදුම් බණ පොතේ
    නම් නැහැ
    මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!"
    )

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ඔහොම තමයි.බණ පොත් වල විසඳුමක් නෑ කිවුවොත් ඒක බොරුවක්.

      Delete
  6. මෙන්න දවස් 10ක් නිවාඩු ගන්න පුළුවන් කෙනෙක් ට භාවනා කරන යන්න හොද තැන් 3ක්
    1 නුවර හිදගල
    2 අවිස්සාවේල්ලේ කොස්ගම
    3 අනුරාධපුරේ කැලැතතැව
    http://www.dhamma.org/en/bycountry/ap/lk.shtml
    ගිහියෙක් විදිහට ඉදගෙන නිවන් මෙගේ යන්න කියල දෙන තැනක්
    http://www.dhamma.org
    http://www.vridhamma.org

    ReplyDelete
  7. ආරණ්‍යක සිසිලසක් විදගන්න කාලෙකට උඩදි මගේ හිතත් හුගක් අස කලා.. ඒත් ඒ අරමුණට යන්න බැරි උනා.. හිත ලග ඒ ගැන පුංචි දුකක් නැත්තෙමත් නෑ..

    ReplyDelete
    Replies
    1. දැන්නම් කොහොමටවත් බැරි වෙයි මගෙ හිතේ!

      Delete
  8. මේ ගැන තව විස්තර ඉස්සරහට ලියවෙයි කියල හිතෙනව...

    ReplyDelete
  9. මේ කරදර ඔක්කොම පැත්තකට දාලා මහන වෙන්න තියෙනවන, කොච්චර හොඳද...
    තව ලියන්න මේ ගැන

    ReplyDelete
    Replies
    1. ඒක කියන තරම් ලේසි වැඩක් නෙමේ

      Delete
  10. ආරණ්‍යයක සිසිල විදගන්න හිතුන වාර අනන්තයි.සතිගනන් උදේ හවා ගිහිල්ලත් ආවා.ඒත් කරන්න යුතුකම් තියෙද්දි හිත එක්තැන් කර ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කතාව හරි.යුතුකම් කියන්නෙ ඉතින් බැඳීම තමයි

      Delete