පිළිම නෙලීමෙ කලාව ආරම්භ වෙච්ච දවසෙ ඉඳල කලුගල් එක්ක ඔට්ටු වෙච්ච ඕනෙම ගල් වඩුවෙක් තමන්ට කරන්න පුලුවන් උපරිමයෙන්,බලන කෙනෙකුට එක හිතින්ම ශ්රද්ධාව ඇතිවෙන විදියට තමන්ගෙ නිර්මාණ උපරිම සධාරණය කරන්න ඇති.අවුකන,ගල් විහාරය වගෙ තැන්වල තියන බුද්ධ ප්රතිමා වගේම සමාධි බුදු පිළිමයත් ඒ අයගෙ හැකියාව ගැන සැකයක් නැතිව කියන්න පුලුවන් හොඳ උදාහරණ.
ඔය අතර හන්දියක් හන්දියක් ගානෙ ඕනෙවට එපාවට හදල තියන,සමහර විට බුදුහාමුදුරුවොද කියලවත් අඳුර ගන්න බැරි ප්රතිමා නැත්තෙම නෑ.අතීතෙ මිනිස්සු හරිම යටහත් පහත්ව,බොහොම ශ්රද්ධාවෙන් කරපු මේ රාජකාරිය අද වෙනකොට මුදල් හම්බ කරන්න කරන රැකියාව වෙලා.ඒක නිසාම බුද්ධ ප්රතිමාවකට තිබුන ගෞරවය අද වෙනකොට බොහෝ දුරට නැතිවෙලා ගිහින් කියන එකයි මට තියන හැගීම.නැත්නම් ගෙදර ගාර්ඩන් එකෙටයි,ක්ලබ් වලටයි,සෙරෙප්පුවලටයි,ටී ශර්ට් වලටය,ඔය එකී මෙකී නොකී හැමතැනටමයි අන්තිමට වැල චිත්රපටිවලටයි අපි දොහොත් මුදුන් දීල සාදු කියල බුදු පිළිමය යොදාගන්න එකක් නෑ.
පිළිම ගැන මෙහෙම හැදින්වීමක් කලාට අද කියන්න යන කතාව වෙනම එකක්.
මම හිතන විදිය අපි කවුරුත් බුදුහාමුදුරුවො පිරිනිවන් පාන අවස්ථාව නිරූපණය වෙන ප්රතිමා ඉහේ කෙස් ගානට දැකල ඇති.
"ආනන්ද,මම දැන් ජරාවට පත්වූවෙමි,වෘද්ධයෙමි,මහලු වූයෙමි,කල්ගත වූයෙමි,වයස් ගතවූයෙමි.මම දැන් අසූ වයස් ඇත්තෙමි.ආනන්ද,දිරාපත් වූ කරත්තයක් පිළියම් කිරීමෙක් පවතින්නක් මෙන් තථාගත ශරීරයත් පිළියමින් පවතී කියා මට හැඟෙයි.ආනන්ද,යම් අවස්තාවක තථාගතයෝ සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන් සමහර වේදනා මැඩලීමෙන් නිමිති රහිත චේතෝවිමුක්තිය ලබා වාසය කරත් නම් ඒ අවස්ථාවේ තථාගත ශරීරය බෙගෙවින් පහසු වෙයි."
බුදුහාමුදුවො පිරිනිවන් පාන්න කුසිනාරාවට වඩින ගමනෙදි ආනන්ද හාමුදුරුවොත් අතර ඇතිවෙච්ච මේ සංවාදය තියෙන්න දීඝ නිකායෙ මාහා වග්ගයෙ මහා පරිනිබ්බාන සූත්රයෙ.
පන්සාලිස් වසරක්ම මිනිස්සුට නිවන් අවබෝධ කරන්න මුලු බාරතය පුරාම යොදුන් දහස් ගනන් පයින් වැඩම කරපු අපේ ගෞතම බුදු හාමුදුරුවො,අපි පිළිම වලින් දකින දේට වඩා බොහොම වෙනස් කෙනෙක් වෙන්න ඇති කියන එක තමයි මට තියන හැගීම.
ඒක ඔප්පු කරන්න මට සාදක නැති වුනත් මැත කාලෙ මුළු ලෝකෙටම සඳ මඬල වගේ හිටිය උතුම් බුද්ධපුත්රයෙක් වෙච්ච අපේ බලංගොඩ ආනන්ද මෛත්රීය මහ නායක හාමුදුරුවො දිහා බලන කෙනෙකුට ඒක එහෙම නොවෙයි කියල හිතන්න බෑ.උන් වහන්සේ ජීවිතේ අන්තිම කාලෙ බොහොම වයෝවෘද වුනත්, තමන්ගෙ හිතේ ශක්තියෙන් ටික කාලයක් ජීවත් වුන හැටිත්,උන් වහන්සෙගේ වයස්ගත් වෙච්ච ශරීරෙට වඩා උන්වහන්සෙගෙ හිත කොච්චර ශක්තිමත් ද කියන එක උපමාවට ගත්තොත් පිරිනිවන් පාන අවදියෙදි අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශරීර ස්වාභාවය ගැන පුන්චි ඉඟිය ගන්න පුලුවන් වෙනව.
අති පූජ්ය් අබලංගොඩ ආනන්ද මෛත්රීය මහ නාහිමි |
මම ලිපිය ඉවර කරන්නෙ පොඩි වචන ටිකකින්
"එගොඩහ යන්නෝ...
මෙගොඩහ යන්නෝ...
තව කව්රුද ඉන්නේ...
පමා නොවන්නේ අඳුර වැටෙන්නේ .. යනවානම් එන්නේ…
මම මේ ගඟුලේ.. අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා…
ගඟුල අනෝමයි අද මට වෙහෙසයි.. යනවානම් එන්නේ…
මම මේ ගඟුලේ.. අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා..."
ඩෝල්ටන් අල්විස් මහත්තයගෙ පද රචනාවකට විශාරද ශෙල්ටන් පෙරේරා ගායකය සංගීතය කරල ගායන කරපු, පසු කාලෙකදි සිය පුත්ර රත්නය විසින් සන්ෆලවර්ස් බිස්කට් කුඩු සංගීතයට ගායන කරපු මේ සින්දුවේ තේරුම, පිරිනිවන් පාන්න කිට්ටු වෙලා වියපත්ව ඉන්න අපේ බුදුපියානන් වහසෙගෙ හිතේ ඇතිවෙච්ච හැඟීමක්.
නිමි!
සියලු දෙනාම උතුම් ධර්මාවබෝදයෙන් නිවනිම සැනසේවා.