Sep 9, 2012

ගෑරුප්පුවෙන් ඉඳි ආප්ප කන වෙන්න ඔසි නංගි.


සතියක්ම එක දිගට කුස්සියේ තැම්බිලා, නිවාඩු ලැබුන ගමන් යාලුවො දෙතුන් දෙනෙක් එක්ක අහම්බෙන් වගේ සෙට් වෙච්ච ඩිනර් එකකදි, අපිට වුන පොඩි සිද්ධියක් මේ ලියන්න යන්නෙ.
මාත්, මගෙ යාලුවො තුන් දෙනෙකුත්, සිකුරාද රාත්‍රියෙ පොඩ්ඩක් එලියට ගියා.
හැමතාමත් පිටරට කෑම දැකල දැකල  එපාවෙලා හිටපු වෙලාවක, මෙහෙ තියන ලංකාවෙ තැනකින් බත් කටක් කන්න ලොකු උවමනාවක් නොතිබ්බම නෙමේ.හිරිපොද වැස්සයි, සීතලයි එක්ක රෑ අට විතර වෙනකොට අපි ගියා ප්ලේස් එකට.
මේක තමයි තැන,ග්ලෙන් වල තියන එලිෆන්ට් කොරිඩෝ කියන ප්ලේස් එක.

        Elephant Corridor, Glen Waverley



අපි එතනට යනකොටත් කට කපල සෙනග.හොඳට බිස්නස් තියන තැනක්.ටික වෙලාවක් බලා හිටියත් පාඩු නොවෙන නිසා අපි හතර දෙනා ඇතුලට වෙලා පොඩි කයියක් දාගෙන හිටිය.වැඩි පුරම ඇවිත් හිටියෙ ඔසියො,ලංකන් අයත් එහෙන් මෙහෙන් වාඩිවෙලා ඉන්නව.
ඔන්න අපේ වාරෙත් ආව.අපි වාඩි වුන තැනට දකුණු පැත්තෙන් ලොකු මේසෙක හෙන කට්ටියක්,බැලූ බැල්මට ලංකාවෙ වගෙ,අනිත් පැත්තෙන් හිටියෙ සුද්දො හතර දෙනෙක්.අම්බානක බඩගින්නෙ හිටිය නිසා අපි හතර දෙනාම හිතාගෙන ගියේ බඩේ ඉරි ඉරි තැලෙනකම්ම ගිලල එන්න.
අපි හිටියෙ මැද මේසෙ.

ස්ටීම් රයිස් හතරයි,කුකුල් මස් එකයි.ඉඳි ආප්පයි,කිරි හොදි,ඉස්සොයි ඩෙවල් එකකුයි,සම්බෝලයි.ඔන්න අපි කරපු ඕඩරේ.මෙතන ඉතින් මහ ලොකු කෑම ගොඩක් තියනවද?හතර දෙනෙකුට යාන්තමට ඇති.ඒත්, බත් පෝශන් දෙක මේසෙට එනකොට ම වම් පැත්තෙ මේසෙ වාඩිවෙ ලාහිටපු වයසක සුද්දගෙ ඇස් උඩ ගියා.ඉතිරු ටික එනකොට ඌ බයවෙලා.මනුස්සය කියනව,

"Compare to what you’re having, we’re just having our breakfast. Ha.. ha.. ha"


අපිත් නිකන් ඉදීද,

" Yep we're Lankans,this is common when a Sri Lankan comes to a Sri Lankan restaurant. We are still a Nation who eats well..

සුද්ද කොර.ඊට පස්සෙ ඌ කැම ගැන කතාවට ආවෙ නෑ

කෑම ගැන කියනව නම්,මම ලංකාවෙන් ආවට පස්සෙ කාපු රසම කුකුල් මස් කරි එක.ඉතින් කතා මොනවටද, කෙළල ඇරිය හනුම ගිලින්න වගේ.ඒත් අනිත් පැත්තෙ හිටපු ලංකාවෙ කට්ටිය නිකන් ඔසියො වගේ වෙන්න හදන ජාතියේ ඩයල් ටිකක්.බත් කාල ඉවරවෙන කොට ඉඳි ආප්ප කන්න හොදි නෑ.ඉතින් තව කරියක් ඕඩර් කලා.ඒ අස්සෙ ඉතින් බත් කාපු හැදි ගෑරුප්පු පැත්තකට තියල බෙදාගත්ත අතින්ම ඉදි ආප්ප ටික.පොඩි වෙලාවක් යනකොට  මාගවම හිටපු මගෙ යාලුව එක සිය ගානට බනිනව,

"මුන් ඉදි ආප්ප කාල නැද්ද, #&%("
"මුන්ගෙ අප්පල සුද්දොද?"

ඔහොම මෙහෙම කතා ගොඩයි.

"ඇයි බන් එක පාරට..."

ඉඳි ආප්ප සීන් එකෙ හිටපු මට,මූ කියන කතාව තෙරුනෙ නෑ.

"නෑ බං අර කෙළවරේ ඉන්න කෑල්ල ඒකිගෙ යාලුවට කියනව"

"ඉඩි ආප්ප අටින් කඩ කඩ කන්නෙ" කියල.


අපේ කටවලුත් එච්චර හොඳ නැති නිසා, ඊට පස්සෙ කියපු කතා වලට ඒ කෙල්ලගෙ කට වැහුන.ඔහොම මෙහෙම ගිහින් ඇවිද ගන්න බැරි සයිස් එකට කාල අපි එන්න පිටත් වුනා.

වටේම සුද්දො හිටියත්, උන්ට අපි ගැන ගානක් නෑ,අපිට උන් ගැන ගානක් නෑ.උන් උන්ගෙ පාඩුවේ කෑව,අපි අපේ පාඩුවේ කෑව,ඒත් සුද්දො වෙන්න හදන අපේ ලංකාවෙ අයට තියන ජම්ම පුරුද්ද වෙච්ච, අනුන්ගෙ දේවල් හොයන එක,ලස්සනට ඇඳල,මේක් අප් දාල ඔසි වෙන්න හැදුවට ලේවලින් ගිහින් නෑ.තමන්ගෙ ඇස්වල තියන පොල් පරාල නොදැක අනුන්ගෙ ඉඳිකටු ගැන හොයනව.
තැන ගැන කියනව නම්,හොඳ සර්විස් එක්ක තියන,ගොඩක් රසට කැම තියන,ලස්සන වේටර් නංගිල ටිකක් ඉන්න(එක්කෙනෙකුට මට හිතත් ගියා) නියම පොට් එක.


28 comments:

  1. අපේ එව්වන්ගේ හැටිනේ බං....

    ReplyDelete
  2. මේ නොමිලේ ප්‍රචාරයට අර කඩෙන් කීයක්‌ ගෙව්වද තමුසෙට?

    ReplyDelete
    Replies
    1. ඔවුනෙ මට ගොවුව ඩොලස් වලින්...අනේ බං

      Delete
    2. ගෑරුප්පුවෙන් ඉඳි ආප්ප කන අපෘශ්ඨ වංශිකයෙකුට තමන්ගේ ඇත්ත තත්වය මතක් කරල දුන්නට මල පැනල වගේ :P

      Delete
  3. බඩට යනව නං කොහොම කෑවත් මොකෝ.

    අර සයින්ෆෙල්ඩ් එකේ තිබුනේ ජෝර්ජ්කාරයා මාස් බාර් එකක් ගෑරුප්පුවෙනුයි පිහියෙනුයි කනවා.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ වෙලා ඉඳි ආප්පයක් කිරි හොදි දාගෙන අතින් කෑවෙ නැත්නම් උගෙන් ඇති වැඩේ මොකක්ද කකා

      Delete
  4. කස්සා
    මචං අර මෙල්බර්න් සක්විති තුමා මෙල්බර්න් දාලා ගිහින් කියලා ආරංචියක් තියනවා ඇත්තක්ද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් මාස කීපයකට උඩදි තමයි ඌ මෙහෙන් ගියේ හිටපු ගෙවල් වලිනුත් අයින් වෙලා උගෙ වෙඩින් එකට.කැන්ඩි කෙල්ලෙක් බැන්දෙ .පට්ට බොරු ටිකක් කියන්න ඇති ඒ ගෑනිටත්.ආපහු ආවද කියන්න නම් දන්නෙ නෑ.හම්බවුනේ නෑ ඌව.

      Delete
  5. ඕක බං කස්සෝ,හැම රටකම ඔහොමයි.සුද්දො අතින් කද්දී අපේ එවුන් හැන්දෙන්.
    හැම තැනදිම වලංගු නොවුනට,අපේ සක්කිලි කරන්නෙම ඕක...
    වැඩිය ඕනෙ නෑ බං,මෙහෙ අපේ කඩේක කොරියො අතින් කද්දි මෙහෙ පරණ අයියල දෙන්නෙක් චෝප්කරා එක්ක කනව මම දැක්ක.එතකොට ඇඬේන්නේ තනි ඇහැට නෙමේ..

    ReplyDelete
  6. මම මෙතනින් නම් කාල නෑ. Elephant house එකෙන් කෑම අරන් තියනව, ඒවා නම් ගොඩක්ම රහ නෑ. ඊට වැඩ Cargills එකේ කෑම රසයි (stud road)

    ReplyDelete
  7. ඒ ළමය ඒ කියල තියෙන්නේ ඔයාලට ඇනුම් පදයක්ද? අනුන්ගේ දේවල් හොයන එක ලංකාවේ අයගේ නරක පුරුද්දක් නේ. හිකිස්! පව් ඉතින් එයා ගෑරුප්පුවෙන් අමාරුවෙන් ඉඳි ආප්ප කන්න ඇති. ඔයාලට තිබුනේ කටක් අනල කවන්න :P

    හැබැයි ඒ ළමය කිව්වේ එයාගේ යාලුවටද දන්නේ නැහැ නේද? ඒ කිව්වේ යාලුවා ගෑරුප්පුවෙන් කද්දී, යාලුවට අතින් කන්න කිව්වද? ඒ ළමයට ඇත්තටම සිංහල හරියට බැරිද දන්නේ නැහැ. මෙහෙ ඉපදුනු ළමයි බහුතරය එහෙමනේ කස්සා. එහෙම සෙකන්ඩ් ජෙනේරේෂන් ළමෙක් ඔහොම හරි සිංහල කතාකරන එකත් ලොකු දෙයක්.

    අයියෝ ඔතන අපිට දුරයි නේ... :(

    ReplyDelete
  8. Ape aya harima wenasa lankawen wena rataka ta giyama..

    Polsamboli indiappa I athin podi karala kawama kochchara rasada?

    Ai ape aya parippu garuppuwen kanawa ma dakala thiyenwa,, hikzzz.

    ReplyDelete
  9. වැඩිය කාලා නෑ වගේ. අර හිත ගිය නංගිය දා ගත්ත නම් හැමදාම රහට කන්න පුළුවන් වෙයි වගේ

    ReplyDelete
  10. මට හම්බවෙලා තියනවා ගාපු පොල් පැකට් එකක් අරන් සම්බෝලයක් හදාගන්න 'අමාරු' ශ්‍රී ලාංකිකයෝ. තව කෙනෙක් ඉන්නවා ගම වයඹ පලාතේ පොල් ගෙඩියක් සුපර් මාකට් එකෙන් ගන්නේ නෑ සුද්දෝ බලාගෙන ඉන්නවා ලැජ්ජයි කියලා. ඕන්න අපේ අය.

    ReplyDelete
  11. ඕන කෙනෙක් ඕන විදියකට කාපු දෙන මචං.
    හැබැයි අරව මේවා කියන්න අවොත් නම් ඉතින් රෙදි ගැලවෙන්න කියන්න ඕන තමා.
    උඹල කියුව මදිද කොහෙද :)

    ReplyDelete
  12. හී හී මම නම් අතින් කන්නේ නෑ කස්සෝ...අතින් අනාගෙන කනකොට රහයි තමයි. ඒත් වැඩ කරන තැන්වල එහෙම කරන්ට බැරි හන්දා ඒකට පුරුදු වෙලා. අනෙක ඉස්කෝලේ ගියේ මෙහේ හන්දා පුරුදු වෙලා තියෙන්නේ මෙහේ ක්‍රමේට.

    සිංහල ලමයි මේ රටේ ඉපදුනාම එයාලා හිතන්නේ මේක එයාලගේ රට කියලා. අර නිරෝ කියලා තියනවා වගේ ඒ ලමයි සිංහල ඔහොම හරි කතා කරන එකත් ලොකු දෙයක්. එයාට ඉඳි ආප්ප කටක් කවන්ට තිබුනේ..
    මේ ඒක නෙමේ ඉඳි ආප්ප ගෑරුප්පුවෙන් හා පිහියෙන් නියමෙට කෑව හැකි.:D:D:D

    මොනෑෂ් (Caulfield) එක ලඟ තියනවාපොඩි සිංහල කඩයක්. ඒකේ තියෙන තෝසේ ගිහින් කාලා බලන්ට. ජීවිතේටම කාපු රහ තෝසේ.

    ReplyDelete
    Replies
    1. ඔහොම කියල හරියනවය ,කඩේ ඇඩ්රස් එක දෙන්නකෝ :)

      Delete
  13. Apo Ohoma lnakwe ewun wedi hariyak ma inne Aus walatamai. Hebei oya kade kema umba kiyana tramnam honda ne macho.

    ReplyDelete
  14. සිරා ප්ලේස් එකක් වගේ... අර නංගිලා ටික ගැන කිව්වා මදි වගේ මචං.

    ReplyDelete
  15. අපි අනුන්ට ඕනෙ විදියට කන්න ඕනෙත් නෑ, අනුන් අපිට ඕනෙ විදියට කන්න ඕනෙත් නෑ (නේද?) :D

    ReplyDelete
  16. අඩේ මට ආයෙ බඩගිනි වුනා කෑම ලිස්ට් එක අහලා.

    ReplyDelete
  17. අපේ අයගෙ හැටිමයි. කොහෙට හරි ගියාම සිංහල වචනයක් වත් දන්නෙ නෑ. අතෙන් කන්න ලැජ්ජා වෙන්න දෙයක් යැ. හොඳට අතින් අනල කනව වගේ රසක් කොහෙද?

    ReplyDelete
  18. මමත් ඕං ඉඳි ආප්පෙ දැකලා පෙරේත කමට මේ ආවෙ. අනිත් පෝස්‍ටුත් කියවන්න ඕනෙ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  19. මුරුංගා කොහොම කනවද මන්දා :P

    ReplyDelete
  20. හපෝ කෙල්ලො නම් ඔහොමමයි.. කේක් කන්නෙත් ගෑරුප්පුවෙන්නෙ :P

    ReplyDelete
  21. hop and spice එකෙන් කල තියෙනවද? (sunshine). එකේ ඩේවල් චිකන් ගරුප්පුවෙන් තියා අතින් කඩන්නත් හෙන ගේමක් දෙන්න ඕනේ. ඒ මදිවට දෙන්නෙ x ray කොළ වගේ එකකින් හදපු චුට්ටං ප්ලාස්ටික් ගෑරුප්පුවක්. ඉතින් එකේ නම් ඔසියොත් සෝක් එකට අතින් කනව :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...