Sep 12, 2012

සියදිවි නසාගත් ගෝධික හාමුදුරුවෝ

සතර දිශාවටත්,අනු දිශාවලටත්,උඩත් යටත් විහිදෙන අඳුරු දුමාරයකි. ශාක්‍යමුනීන්ද්‍රයානෝ රහතුන්ද පිරිවරා සන්සුන් ගමනින් ඉසිගිලි පව්ව දෙසට වඩිති.පවුව පාමුල ඇති ගල් තලාවේ, කුටියේ ඇඳ මත, ගෙළෙන් ලේ වැගිරෙන නිසළ සිරුරකි.ඇඳ පළ්ලෙහි වැටී ඇති ලේ තැවරුණු දැළි පිහියකි. ඒ නිසල සිරුර, අන් කවරෙකුගේ වත් නොව, ගෝධික තෙරුන්ගේ මළ සිරුර බව බුදුන් ප්‍රමුඛ සංඝයාවහන්සේට වැටහුනි. 

ඉසිගිලිය මනරම් පෙදෙසකි.පව්ව පාමුළ ගල්තලාවේ කුටියක බවුන් වැඩූ ගොධික තෙරනුවෝ උත්සහවන්තයෝය.කුටියේ විවේක සුවයෙන් වෙසෙන තෙරනුවෝ, සිය ශාස්තෘන් වහන්සේගේ මඟ යමින්,වීර්යයෙන් යුතු මනා සිහියෙන්, නො පමාවී  භවනාවෙන් ලෞකික ධාන්‍ය ලබාගත් සේක.  

එහත් ටික කලෙකින්, වෙහෙසවී ලබාගත් ධාන්‍යයෙන් තෙරණුවෝ පිරිහුනි.උත්සහය අත් නොහළ  උන්වහන්සේ , මනා සිත් ඇතිව, නැවතත් බවුන් වඩා, පිරිහී ගිය සිය ධාන්‍ය බල නැවත ලඟාකරගත් සේක.කලක් ගතවිය.නැවතත් තෙරණුවෝ භාවනාවෙන් පිරිහුනි.මෙසේ විටින් විට  ලඟාකරගත් ධාන්‍යයෙන්  සය වාරයක්ම පිරිහුනු නමුත්, ඒ හැම වරම,දැඩි උත්සහයෙන් නැවත සිය ලෞකික ධාන්‍යයෝ ලඟා කරගැනීම තෙරණුවෝ සමත් වූ සේක.


"සයවරක්  ම මා දැඩි  වීරියෙන් භාවනා කොට ඉප දවූ ධාන්‍යයෙන් පිරිහුනෝය.රහත් ඵල මග තවත් දුරය.නැවතත් ඒසේ වූවෝතින් තෙරක් නොපෙනෙන මේ සසරේ අනන්ත අපා දුකින් ගැලවීමට නොහැකිවනු ඇත."

නැවතත් ධාන්‍යයෙන් පිරිහීමට  මත්තෙන් සියතින්ම  ගෙළ සිඳ සියදිවි නසාගැනීමට උන්වහන්සේ නුවණ මෙහෙයවූහ.මේ බව දැනුනු වසවති මරු ගෝධික හිමියන්ගේ සියදිවි නසාගැනීම ගැන පැවසීමට බුදුන් කරා ගියේය.

තෙරණුවන්ගේ වීර්යය දැඩිය.එක සිතිවිළි මාත්‍රයක් වෙනස් නොවීය.තම කුටියට පිවිසි තෙරනුවෝ, ඇඳෙහි වැතිර, හිස කෙන් සිඳින දැළි පිහියෙන්ම සිය ගෙළ සිඳ ගත්හ.වේදනාව අධිකය.එහෙත් සංසාර දුක ඊටත් වඩා බියකරුය. තෙරණුවෝ ගෙළෙහි වේදනාවම විදසුණට පෙරළාගත් සේක.වෙදනාව කොතරම් අධික වුවත් විදසුන් සිත ඊට නොදෙවිනි සේ දැඩිවිය.

තෙරණුවන්ගේ මරණයත්,උතුම් වූ අරහත් බෝදියත් එකවරම සිදුවුනි.ගෞතම බුදුසසුනට තවත් එක් රහතුන්වන්හන්සේ කෙනෙකු බිහිවිය.


දුම් වළාවක් සේ අහස පීරා සෙවුවද මාර තෙමට ගෝධික භික්ෂුවගේ ප්‍රතිසන්දි චිත්තය සොයාගැනීමට නොහැකි විය.කුඩා ළමා වේශයකින්, වීණාවක්ද අතැතිව, බුදුන් හමුවට බට මාර තෙම, ගෝධික තෙර ගිය මඟ විමසීය.වීණාව දරා කුඩා ළමාවේශයෙන් සිටින්නේ වසවති මරු බව දැනගත් බුදු පියාණෝ,තෙරණුවෝ සියළු කෙලෙස් බැමි සිඳ, උතුම් අරිහත් ඵලයෙන් පිරිනිවනට ගිය බව පවසා මේ ගාතාව දෙසූ සේක.

"තෙසං සමපනනසීලානං
අප්පමාදවිහාරීනං
සමමදඤඤා විමුත්තානං
මාරො මගගං න වින්දතී"

"සම්පූණ සිල් ඇති,නො පමා ව කල් යවන,චතුරාය්‍ය සත්‍ය මනා ව අවබෝධ කොට කෙලෙසුන් ගෙන් මිදුණා වූ,ඒ රහතුන්  නිවන් ගිය මඟ මාරයා නොදකී"

ගෝධික මහ රහතන්වන්සේ සේ, මේ ගෞතම බුදු සසුනේම,දැඩි වීර්යයෙන් පිළිවෙත් පුරා,  උතුම් වූ නිර්වාණ ධාතුවෙන් සියළු සත්වයෝ නිවී සැනසේවා!

37 comments:

  1. මේ රහතන් වහන්සේ ගැන මීට දින දෙක තුනකට කලින් අපි කතාවුනා. පුදුමයි කස්සටත් ඒකම මතක් වෙලානේ.

    ReplyDelete
    Replies
    1. @ බුද්ධි

      …දැන් දහම් කතාමයි නේද අයියා :D

      Delete
    2. හසිතලත් ඒකට වගකියන්න ඕනැ.

      Delete
    3. @ බුද්ධි අයියා

      සාදු සාදු සාදු :)

      Delete
    4. @බුද්ධ්, මමත් ටික කාලෙක ඉඳල මේගැන ලියන්න හිතාගෙන හිටියෙ

      @හසිත, හසිත නිසාත් කවුරු හවුරු හරි ධර්ම මාර්ගයට වැටෙනව නෙ.ඒක ලොකු පිනක්

      Delete
  2. සාධූ! සාධූ!! සාධූ!!! බොහොම ස්තූතයි. තෙරුවන් සරණයි. නොපමාව කුසල් දහමෙහි යෙදෙන්න.. එහෙම දේශනා කලේ මේ ලොවේ තියන බියකරු බව නිසාමයි...

    ReplyDelete
  3. අදමයි මේ කථාව දැනගත්තේ....... සියදිවි නසාගන්න උත්සාහ කරන කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. අපි වගේ සාමන්‍ය කෙනෙකුයි ධාන්‍ය උපදවගත්තු කෙනෙකුයි අතර ලොකු වෙනසක් තියනව.නිවන් දැක්කට පස්සෙ ඉතින් තව කොහෙට පවු පිරෙන්නද?

      Delete
  4. සාදු සාදු... තවත් නිවී සැනසුන ජීවිතයක්!

    ReplyDelete
    Replies
    1. බොහොම පින් මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් කලාට

      Delete
  5. නොදැන සිටි කතාවක්.ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මමත් ලඟකදි මේ ගැන දැනගත්තෙ

      Delete
  6. බුද්ධාගම ගැන වැඩිය යමක් දන්නෙ නැති උනත් මේ පාර ගන්න බලාගෙන ඉන්න පොතක් තියෙනවා. ඒ තමා රේනුකානෙ හාමුදුරුවන් ලියපු පොතක්. පොත ගත්තම ඒක මොකද්ද කියලා මාත් පෝස්ට් එකක් දාන්නම්කො

    ReplyDelete
    Replies
    1. ගන්නේ මොකටෙයි. නිත්‍යානුකුලව ඩවුන් ලෝඩ් කල හැකියි.
      හැබැයි පන්සලට මුල්‍යමය උපකාරයක් කලොත් වටිනවා.
      http://www.rerukanemahanahimi.lk/book.php
      :)

      Delete
    2. රේරුකානේ මහනාහිමි රචනා කළ පොත් වල PDF තියෙනවා මෙතන. අලුතෙන් කෙනෙක් කියවන්න ඕන පිළිවෙලත් එක්කම.

      http://www.ogatharana.org/

      Delete
    3. ළිහිණි රෙරුකාණේ හාමුදුරුවන්ගෙ පෙලක් පොත් බොහොම ගැඹුරුයි.
      ටිරාජ්ටත්,බුද්ධිටත් පින්.

      Delete
    4. @Tiraj ,බුද්ධි

      ස්තුතියි සපයලා තියෙන ලින්ක් වලට. කොහෙද ඉතින් කස්සගෙ බ්ලොගේ ලින්ක් එකක්වත් කොපි කරන්න බෑනෙ. ඒත් මේක අර ගත්තා. දෙන්නටම පින්

      Delete
  7. සාධු.. සාධු... සාධූ...

    ReplyDelete
  8. චක්ඛුපාල හාමුදුරුවන්වත් මතක් වුණා...

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඒකත් වටින කතාව

      Delete
  9. ඇත්තටම නොදැන හිටිය කතාවක් කස්ස

    ReplyDelete
  10. දිවි නසාගන්න එක බුදු දහමට අනුව පවක් කියලා මම නම් හිතුවේ. මේ කතාව මීට කලින් අහලා තිබුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. පවක් තමා.ඒත් මෙතනදි මම දන්න විදියට, ගෝධික හාමුදුරුවො ධාන්‍ය ලබල හිටපු කෙනෙක්,තුවාලෙ වේදනාවම විදර්ශණාවට හරවල රහත් වෙලා පිරිනිවන් පෑව.ඒක නිසා ඒක පවක් උනත් රහත් ඵලය නිසා ඒක අහෝසි කර්මයක්.රහත් නොවුන නම්, ධාන්‍ය බල නිසා බ්‍රහ්ම ලෝකෙක ප්‍රතිසංදි ලබනව.තව දෙයක් බුදුහාමුදුරුවො කියල තියනවනේ "චේතනාහං බික්ඛවේ කම්මං වදාමි"(කර්මයට මුල සිතිවිලි) කියල.ඉතින් ගෝධික හාමුදුරුවන්ගේ සිතිවිල්ල නිවන් දකින එක නම්, ඒක කොහොමත් අකුසල හිතක් වෙන්නෙ නෑ.ඒක කුසල් හිතක්.කුසල් හිතකින් කරන දේවල් කුසල් විපාක මයි දෙන්නෙ.

      තවත් දෙයක්, හාමුදුරුවො කෙනෙක් කියන්නෙ කෝටියක් සංවර ශීලය රකින කෙනෙක්(අද කාලෙ බොහෝ අය ගැන නෙමේ මේ කියන්නෙ).ඉතින් එච්චර සිල්වත් කෙනෙක් නරක තැනක ප්‍රදිසංධි වෙන්නෙ නෑ.අපි මැරුනම ඉපදෙන තැන තීරණය වෙන්නෙ අපි රකින ශීලයත් එක්ක.ඉපදුනාට පස්සෙ අපිට ලැබෙන දේවල් තීරණය වෙන්නෙ අපි දෙන දානයත් එක්ක.

      අපිට වගේ උනා නම්, මැරෙන මොහොතෙ ඇතිවෙන අන්තිම හිතත්(චුති සිත)එක්ක ඒකට අනිරූපව ප්‍රතිසංධියක් ලැබෙයි.ඊට පස්සෙ සංසාරෙ කොතැනක හරි ඒ කර්මය විපාක දෙයි.

      වැඩි උනා වගේද මන්ද!

      Delete
  11. siya divi nasa ganeema pawak neda?

    ReplyDelete
    Replies
    1. ඔන්න මම පොඩි කුමාරිහාමිට විස්තර කලා.

      Delete
  12. කලින් දැනගෙන හිටියේ නැහැ මේ විස්තරය බොහොම ඉස්තුතියි කස්සා...

    ReplyDelete
  13. ම්ම්ම් බුදු සසුනේ එහෙම තෙරුන් වහන්සේලාත් ඉඳල තියෙනවද අයියා? හරි පුදුමයි...

    ReplyDelete
    Replies
    1. @ අනූ

      …බුදු සසුනේ මොන වගේ තෙරුන් වහන්සේලාද ඉදලා නැත්තේ :)

      Delete
  14. ගයාන් චානුක විදානපතිරණගේ අසූ මහා ශ්‍රාවක පොත් පෙළ කියවමින් ඉන්නේ මේ දවස්වල. ඒකේ සැරියුත් මහ රහතන් වහන්සේ පොතේ තියෙනවා ඡන්න කියලා හාමුදුරු කෙනෙකුත් [ඡන්න ඇමති නෙමේ] රෝගී වෙලා ඉවසන්න බැරිම තැන දැලි පිහියෙන් බෙල්ල කපාගෙන ඒ මොහොතේ රහත් වෙලා පිරිනිවන් පෑවා කියලා

    ReplyDelete
    Replies
    1. @ බුද්ධි

      අසූ මහා ශ්‍රාවක පොත් පෙළේ ඔක්කොම පොත් නම් ගන්න වුණේ නැහැ අයියේ. මුල්‍ය ප්‍රතිපාදනවල ගැටළුවක් තිබුණා වගේම මට බුක් ෆෙයාර් යන්නත් වුණේ ඉරිදා රෑ නිසා දයාවංශ එකේ පොත්තු ගොඩක් ඉවර වෙලා තිබුණේ...

      මම ගත්තු පොත් තමා සැරියුත් රහතන් වහන්සේ, මුගලන් රහතන් වහන්සේ, කාළුදායි හාමුදුරුවෝ, පිළින්දිවච්ඡ රහතන් වහන්සේ, පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ, උරුවෙල කාශ්‍යප හාමුදුරුවෝ, සුනාපරන්ත පුණ්ණ හාමුදුරුවෝ, කේශ ධාතු විස්තරය, අග්‍ර ශ්‍රාවක ධාතු විස්තරය කියන ටික.

      ගයාන් චානුකගේ ලියපු ශ්‍රාවක ශ්‍රාවිකා චරිත කතා පොත් ඔක්කොම 40 කට කිට්ටු ගාණක් තියෙන්නේ. ඒ හැරෙන්න ධාතු විස්තරය වගේ පොත් කීපෙකුත් ලියලා තියෙනවා. ඔක්කොම පොත් 51 ක ලැයිස්තුවක් නම් දාලා තිබුණා

      Delete
  15. මේ කතාව අද තම දැනගත්තේ. ඒ කාලෙත් සියදිවිනසගැනීම් තිබිල තියෙනවා නේද

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...