Jul 27, 2012

මගේ රෝසමල පරවුනා



එදා මෙදා තුර කඳුළට විවරවු
දෑස් පියන් පත් කවුළු වසා
ලයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පිරූ රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදිමැළි පාට පොවා
දෑත ලයේ බැඳි අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා!


මම එනකම් බලන් ඉන්න බෝලේ!

34 comments:

  1. හරිම කණගාටුයි. ඇයට නිවන් සුව පතනවා.
    ඈ හරියට අකාලයේ පර උණු රෝස කැකුලක් වගේ. :(

    ReplyDelete
  2. අද තමා සිංදුව හොඳටම දැනුනේ...

    ReplyDelete
  3. කරන්න මුකුත් ඉතුරු වෙලා නෑ. අපිට පුළුවන් අපේ පැටික්කිට පිං දෙන්න විතරයි..
    අපි හැමෝම ගියත් අපේ රෝසමල මේ තරම් ඉක්මනට පරවෙලා යයී කියල නම් හිතුවෙම නෑ...

    ReplyDelete
  4. අවසානයට පෙර ඈ ගිහින් වගේ...........

    ReplyDelete
  5. මේ සින්දුව ඇහෙන ඕනම වෙලාවක දැනෙන්නේ පුදුමාකාර සංවේදී බවක්. ඒත් මේ කියලා තියන දේ නම් මට තේරෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි,
      කස්ස මේකෙන් මොකක් කියනවද කියල මට හිතාගන්න බෑ
      එකක්,උඹ අපිට(මට)වැඩිය අටලෝදහම දන්නව.(මම එහෙම හිතනව)
      අනික,උඹගෙ ඉතාලි රෝස මල(කවිය)
      කොච්චර හිතට වදිනවද?(අනුන්ගේ එහෙකට වඩා......)

      Delete
    2. හ්ම්ම්...දැන් තේරුණා :( දිල් අක්කගේ මිනූ ගැන දැනගෙන හිටියට කස්සාගේ මිනූ ගැන දැනගෙන හිටියේ නෑ. මිනූ නන්ගාට නිවන්සුව පතනවා. දිල් අක්කාටත් කස්සාටත් කණගාටුව ප්‍රකාශ කරනවා :(

      Delete
  6. ගොඩාක් දුක හිතුනා ජිවිතයේ හැටි..

    ReplyDelete
  7. රෝස මල, බලා හිඳීවි ඔබ එනතුරු.

    ReplyDelete
  8. පුංචියට මහ ලොකු දෙයක් ලියලා :) ලස්සනයි :)

    ReplyDelete
  9. ගීතය හා අරුත දැන සිටියෙමි..

    මේ සිදුවීම ඔබ ජීවිතයට අදාලද සහෝ..

    ReplyDelete
  10. කස්ස මචන් මෙහෙම අහන එක ගැන උඹට අවුලක් නෙමෙයි කියලා හිතනවා.. ඇයි මේක දැම්මේ කියලා මට තේරෙන්නේ නෑ.. කරුණු කාරණා නොදන්න නිසයි මචං මේ ඇහුවේ..

    ReplyDelete
  11. RIP Doly ,my condolence to dilakshika (dil)

    ReplyDelete
  12. ඒ විහිදුව සුවඳ හැමදාම හිත්වල රැදිලා තියෙනවා..
    නිවන් සුව රතු රෝස මල් කැකුළියේ..!!! :(

    ReplyDelete
  13. මල් කැකුළේ..නුඹට නිවන් සුව.....

    ReplyDelete
  14. http://img214.imageshack.us/img214/4670/deathd.png

    ඔබෙ කවි සැමදා අපගේ මතකයේ රැදේවි!!
    ඔබට නිවන් සැප ලැබේවා.....උපදින ආත්ම වල මෙවන් අකල් මරණ නොම වේවා!! :( :(

    ReplyDelete
  15. harima dukai......
    may she attain nibbana...

    ReplyDelete
  16. malli...
    mama oyala gena danne tikai. me welawe oyage hithata sahanayak one athi kiyala hithanawa. e hindai me liyanne.
    oyata puluwan nam BSV (buddhist society of victoria) Malvern pansalata enna.
    bhanthe Jag kiyala haamuduru kenek innawa. young aussi kenek.
    puluwan nam eyaa hamu welaa katha karanna.nuns lath innawa. onema deyak eyaala ekka katha karanna puluwan. ajan braham haamuduruwo perth wala innawa.
    vas kaalayata pera katha karanna balanna. ethumanla me wage welawata godaak udaww karanawa.BSWA web eken visthara hoyaa ganna.ven. jag ta call karala balanna innawada kiyala.
    oyaage duka sepa beda ganna puluwan kalyaana mithrayo melbourne walath innawa kiyala mathaka thiyaa ganna.
    malli agama dahama gena dakwana adahas nisai me liwwe. hitha riduna nam sama wenna.

    ReplyDelete
  17. මේක දැක්කම තමයි මේ රෝසමලේ කතාව තෙරුනේ. සමාවන්න ඕනෙ මම කලින් පොස්ට් එකක විහිළු කලාට. හිත හදා ගන්න ඔබට ශක්තිය ඇති බව දන්නවා මල්ලියේ. ඇය අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ. දිල් ගැන දන්නා කෙනෙක් ඉන්නවද? ඈට කනගාටුව ප්‍රකාශ කරන්න අපි සැවොම වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. විශ්වාස කරන්න ඔයාගෙ පණිවුඩය අක්කට ලැබෙයි....

      Delete
  18. ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!!!! මින්මතු ආතමයකදි මෙවන් අකල් මරණයක් සිදු නොවේවා!!!!

    ReplyDelete
  19. හැමෝටම බොහොම පින්.හැම කෙනාටම පිළිතුරු දෙන්න තරමට මගෙ ඔලුව තාම හොඳ නෑ.සමහර අය මට බැනල ඇනෝ ක්මෙන්ට් දාල තිබුන.මම මිනූව දාල ගියා කියළ.ඒව මම පලකලේ නෑ.ඒ අයට දෙන්න තියන උත්තරේ මේකයි,තුවාලෙ දුක සහ වේදනාව දන්නෙ ඒකෙ අයිතිකාරය මිසක් පිට මිනිස්සු නෙමේ.පිට කවරෙ බලල පොතක් හොඳයි හරි නරකයි හරි කියන්න බෑ.කතාව කියවලම බලන්න ඕනෙ.

    ජැග් හාමුදුරුවො ගැන කියපු කෙනාටත් බොහොම පින්.මම යන්නම් හම්බවෙන්න.

    මට ගොඩක් අය කතා කළා.විශේෂයෙක් ඉස්සර එලකිරි එකේ හිටපු මගෙයි,මිනූගෙයි සහෝදරයො.එයාලට බොහොම පින්.

    ගෝල්ඩ්ෆිෂ් උඹටත් පින් මචන්.

    බට්ටි නංගිටත් බොහොම පින්.අනේ ඔයා තව දවස් ඉක්මන් වුනා නම්...

    ක්මෙන්ට් කරපු සහ බැන්න හැමෝටම බුදුසරණයි.මිනූ ඔයාටත්!

    ReplyDelete
  20. puluwannam dil akkage blog eka hamotama penna danna..

    ReplyDelete
  21. මම මේ ලියල තියෙන කෙනා ගැන නම් දන්නෙ නෑ අයියා... ගොඩක් කණගාටුයි. :(

    ReplyDelete
  22. malli.. oya BSV ekata giyada...11am-12.30pm daane welawata ven. jag hamu wenna puluwan. monawa hari liyanna aapahu..
    theruwan saranai..

    ReplyDelete
    Replies
    1. මේ සෙනසුරාදට යනව.හවසට තියන ප්‍රෝග්‍රෑම් එකටත් ඉන්න බලාගෙන.මම කතා කලා එතකොට කිවුව වස් කාලෙ නිසා හාමුදුරුවො එක්ක කතා කරන්න අමාරුයි කියල.

      Delete
    2. very good. sunday programe eke ven. jag ge talk ekak thiyenawa. iwara wuna gaman ven. gen ahanna tikak kathaa karanna puluwanda kiyala. bari wena ekak nehe. saturday daane welaawen passe kathaa karanna balanna. kemathi nam fruits tikak hari pooja karala daanetath inna malli.
      mama meka liyana kota parakku welaa athi.. puluwan nam hamu wunaada kiyala kiyanna.
      with mettha

      Delete
    3. මම ගියා සවස තිබුන ප්‍රෝග්‍රැම් එකට ඉන්න.ඒක ඉවර වෙලා ටික වෙලාවක් කතා කර කර හිටිය ප්‍රෝග්‍රැම් එක කරපු කෙනා එක්ක.මගේ පිනටද මන්ද, ජැග් හාමුදුරුවො ඒ වෙලාවෙ ආව.කතා කරන්න හම්බ උනේ නෑ.ඒත් දනගහල වදින්න වාසනාව ලැබුන. ඒ ඇති.ඔයා කවුරු උනත් බොහොම පින්.මට මේ වැඩේට ගුරුවරයෙක් නැතුවයි හිටියේ.බොහේ විට මම පොඩි නිවාඩුවක් දාල Warburton පසලේ ටික දවසක් ඉන්න හිතාගෙන තමයි ඉන්නේ.එහේ ඉන්න ලංකන් හාමුදුරුවන්ව මට අඳුන්වල දෙන්නව කියල අර ප්‍රෝග්‍රැම් එක කරන කෙනා පොරොන්දු වුනා.

      Delete
    4. execellent...warburton gihin newathila hitiya mama danna keepa denek.
      e sanaseema nam vindinnama one.
      ajaan kalyaano hamuduruwo ekka kathaa karanna (abbot). hari hondai.lankaawe hamuduruwo temporary mahana wune mama danna vidiyata.
      ethanadi oyaata kalyaana mithrayo godak anduna ganna labei. oyaata muna gahune adrian da, emma da..
      eyaala hari hondai. udaw karanawa. dharmaya practise karana ayawa asuru karana tharamata hondai.
      oyaata puluwan nam ajan brahmawamso ha. ge "openning the door of your heart" potha BSV library eken aran balanna. mama guruthuma vidiyata salakanne ethuma.oyaata BSV ekath ekka inna kota thawa dewal dena ganna labei. me aarambaya harima hondai. harima sathutui.
      warburton gihin nawathinna.
      mewa publish nokalata kamak ne malli. oyaa giya bawa vitharak dena ganna labunoth e athi.
      theruwan saranai

      Delete
  23. මට ටිකක් තේරෙනවා මේකෙන් කියන දේ.
    ඇයට නිවන් සුව පතමි.
    ජීවිතේ හැටි ඔහොම තමා අයියා. :(

    ReplyDelete
  24. ඩොලී නංගියාට නිවන් සුව පතනවා!

    ජීවිතේ අරුමයක් වෙන වෙලාවලුත් තියනවා
    අකාරුණික වෙන වෙලාවලුත් තියනව

    ඒ හැම දේකටම සාදාරන හේතුවකුත් ඇති

    ඈ ඇත්තටම පුංචි රොස මලක් වගෙයි. පිපිල සුවඳ දෙන්න කලින්ම  මැලවුන.

    එක අතකට මේ අවසානය ඈට සහනයක්

    සුභ ගමන් පුංචි ඩොලී නංගා!

    මේ දුක නිමාඋනා වගේ ඔයාට සසර දුකිනුත් මිදෙන්න ලැබේවා!

    G2H

    ReplyDelete
  25. rest in peace little angel , though you said goodbye your presence will be with us forever .. i only spoke few words with her long ago in elakiri.com where we used to post poems ... kassa my heart felt condolences ( not good to say like this coz i know no word in this world can take the pain in you but yet this is what i can do and i hope it is better than doing nothing. )

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...