Jun 15, 2012

කුස්සියේ කුණු ඇළ!

ගොඩ කාලෙකින් කුස්සියේ කතාවක් ලියන්න බැරිවුනා.ඒ උගුරුදංඩටම හිරවෙන්න වැඩ වැටුන නිසා මිසක් කියන්න කතා නැති කමට නෙමේ.පහුගිය මාස එකහමාර කියන්නේ අපේ කුස්සිය උඩු යටිකුරු කරපු කාලයක්.ඒ මොකද කියනව නම්, මා එක්ක වැඩකරපු  සෙට් එකෙන් බගෙකටත් වඩා කුස්සියට සමු දීල යන්න ගියා.හාහා පුරා කියල යන්න ගියේ  මගෙ සහෝදරය වගේ හිටපු සිගා,ඌ නෑ කියන්නේ කුස්සිය නිකන් සොහොන් පිට්ටනිය වගේ තමයි.සිගා යන්න ගිහින් සති දෙක යනකොට අපේ ලොක්ක මැනේජර් එක්ක ගේමක් දාගෙන යන්න හදනව.ඉතින් ලොක්කත් එක්කම තව දෙන්නෙක් යන්න ගියා.අලුත් ලොක්කෙක් එන්න සති දෙක තුනක් ගත වෙන නිසා මටත් තව උයන්නො දෙන්නෙකුටත් මුලු කුසුස්සියේම ව්ගකීම් ටික පැවරුනා.

අද කියන්න යන කතාව මීට සම්බන්ද නොවුනත් මේ උඩ ලියපු චරිත ඒ කතාවෙ නිධාන කතාවට සම්බන්දයි.
 ඒක මෙන්න මෙහෙමයි වුනේ...
මීට ටික කාලෙකට කලියෙන් අලුතින් ආපු වලං හෝදන්නෙක්(කිචන් හෑන්ඩ්)අතින් ඉදුල් හෙදන සින්ක් එකේ පතුලෙ හයිකරල තියන කුණු පෙරිල යන ප්ලාස්ටික් පොඩි ගැජට් එක නැතිඋනා .


වගකීම හැටියට මේ පිලිඹඳව ලොක්කන්ට දන්වන එක අපේ රාජ කාරිය.හැබැයි ඒ කිසිම දෙකට හරි උත්තරයක් ලැබුනෙ නැති නිසා,ඔය කැල්ල මොන කජ්ජක්ද කියල හිතාගෙන අපිත් සින්ක් එක දිගටම පාවිච්චි කරා.මේ ප්‍රශ්නෙට පිළිතුරු නොලැබෙන්න එක හේතුවක් උනේ අපේ ලොක්ක මයිකලුත්,මැනෙජර් බඩා මැටුත් අතර තිබුන ගේම.කොහොමත් මැනේජරය මෙලෝ මළ දානයක් කරපු එකෙක් නෙම.එනව,ඇවිදිනව,කනව,යනව.අපේ ලොක්කත් යන්න ඔන්න මෙන්න ඉන්න නිසා කුස්සියේ වෙන අඩු පාඩු ගැන හොයල බලන්න එච්චරම උනන්දුවක් පෙන්නුවෙ නෑ.


මීට සති දෙකකට කලින්, ඉරිද දවසක,අලුතින් ආපු ලොක්ක වැඩ පටන් අරගෙන ගෙවිච්ච දෙවැනි දවස.හවස දෙක  විතර වෙනකොට කුනු හෝදන සින්ක් එක පහලින් පොඩියට දිය උල්පතක් මතු වෙන්න ගත්ත.සාමන්‍යයෙක් ඒවගේ දෙයක් එච්චර ගනන් ගන්නෙ නැති අපි වෙනද විදියට පිස්සුවෙන් වගේ වැඩ.ටික වෙලාවකින් කිචක් හෑන්ඩ් එක ගහන අපේ අජිත් අයිය දුවගෙන ඇවිත කියපි..

කස්ස මල්ලි!.. මෙන්න මෙහෙ උතුරනව.....


මමත් සියලු වැඩ පැත්තකට තියල ගිහින් ඔලුව දාල බැලුව.
අම්ම හගයි බැට් එකෙන්.
කුස්සියේ වතුර බහින්න පොළවෙ හදන තියන හිල් වලින වතුර උඩ ගහන්ව නිකන් ලබුගම වතුර බටේ හිල් වෙලා වගේ.වතුර නම් ඉවසුවැහැකි ඒ වගේද ගඳ!

විනාඩිය යනකොට මාහා ජල කඳක් මුලු කුස්සියම යට කරගෙන ගියා.අපිත් ඉතින් ඉවිල්ල පැත්තකට දාල උදලු, මන්න, කඩු, පොලු අරගෙන වැතුර අයින් කරන වැඩේට බැස්ස.
කුණු වෙච්ච කෑම කෑලීයි,නහය තියාගෙන ඉන්න බැරි පල් වතුරයි එක්ක තමයි මගෙ මුලු ඉරිද දවසම ගෙවිල ගියේ.මැනේජර් ලොක්කට කිවුවම ඌ නිකන් ඇවිත් බලල යන්න ගියා,රෑට වැඩකරන අර ලෙස්බියන් මැනේජර් ඇන්ටි පාර ඇවිත තමයි ප්ලම්බර් මාම කෙනෙක් ගෙනත් වැඩේ ගොඩ දාල දුන්නේ.

ලංකාවෙ අපේ කොල්ලන්ට පල් වතුර ,කුණු වතුවර කියන ඒව ගේමක් නෑ.ඒත් ඉතින් අර අලුත් ලොක්කට දෙයියන්ගේම පිහිටයි.
හිතල රැග් එක දුන්න වගේ.

15 comments:

  1. ඔය කෑල්ල නැති උනාම ඒකෙන් යන ඔය පොඩි පොඩි කෑලි ඇතුලෙ හිරවෙලා අන්තිමට වැඩේ බරපතල වෙනව.

    ReplyDelete
  2. ‍මොකද්ද වෙලා තියෙන්නෙ.... අර කෑල්ල නැති හන්දා ඔක්කොම ගිහිං හිරවෙලාද?

    ඒක නෙමේ කස්සා කතාවේ වැදගත්ම වචනෙකට ලින්ක් දාලා නෑනේ....:P

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමයි හේතුව.
      ලින්ක් එක නොදා ඉන්න හිතුන

      Delete
  3. කමක්නෑ බං ලංකාව මතක්වෙන්ඩත් එක්ක පොඩි කුනු එක්ස්පිරියන්ස් එකක්

    ReplyDelete
    Replies
    1. හපෝ ඒවයෙන් නම් කිසි අඩුවක් නෑ

      Delete
  4. "පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ"

    ReplyDelete
  5. නහය තියා ගෙන හිටිය එකම මදෑ බං...

    ReplyDelete
  6. ඇතුලට එන දේ මෙන්ම පිටතට යන දේ ද පෙරිය යුතුයි!

    This shows that you need not only to filter what's coming in but also what's going out!

    ReplyDelete
  7. කුණු ගඳ මෙහෙට එනවා.

    ReplyDelete
  8. ඔය කෑල්ල නැති උනාම වෙන වැඩ නම් කියල වැඩක් නෑ.. අපේ ෆැට් එකෙත් මොකෙක් හරි ඕක අමතක කරලා හැම හෙදරකම සින්ක් බ්ලොක් උනා.. දවස් දෙකක් හෙන ගේමක් දීලා වැඩේ ගොඩ දැම්මේ..

    ReplyDelete
  9. හරිම වැදගත් කෑල්ලක් නේ නොසලකා හැරලා තියෙන්නේ....

    ReplyDelete
  10. ඇහ් උදලු මන්න..කඩු පොලුත් ඔනැයිද කාණුවක් හදන්ට..

    ReplyDelete
  11. නියපොත්තෙන් කඩන්න තිබුණු දේ පොරවෙන් කපන්න වෙනකම් ඉදලනේ

    ReplyDelete
  12. කොහොම හරි ඔයින් ගියා මදෑ. හොඳ එක්ස්පීරියන්ස් එක.

    ReplyDelete
  13. මචං උබේ ඔසී කතා කියවනකොට මේක මතක් වුනේ. මේ මගේ ෆේස්බුක් එකේ ඉන්න ඔසී කෙල්ලෙක් අම්මප උන්ටනම් හොදටම පිස්සු. කොහොමද මචං මුන් එක්ක ඔළුව ගහගෙන ඉන්නේ?

    https://www.youtube.com/watch?v=UU-YQLYpkMc&feature=plcp

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...