May 31, 2012

මෙල්බන් සක්විති :- අවසාන කොටස


රැවටීම කියන එක ජීවිතේ පළමු වතාවට ලබපු අත්දැකීම නොවන නිසාත්,කටු කෑම උපරිම ලෙස විඳ ඇති නිසාත් එක්සෑම් එක අවුල් වෙච්ච එක මට ලොකුවට දැනුනෙ නෑ.හැබැයි මම මේ ගැන මේ මනුස්සය එක්ක කතා කරන්න ගියෙත් නෑ.මොකද ඒ වෙනකොට ඔහු හිටියේ ලංකාවෙ නිසා.


"මචන් අරූ ආපහු මෙල්බන් ඇවිත්ලු .."


වටින් ගොඩින් ආරංචිය ආව මේ මනුස්සය ආපහු ඇවිත් බව.කතා කරන්න කිහිප සැරයක් උත්සහ කලත් මෙයා අපිව ටිකක් මගාරින විදියක් තමා පෙනුනෙ.ඒත් එක දවසක් තුශාර මට කතා කලා..


"මල්ලි එක්සැම් එක අවුල් උනාලු නේද?කමක් නෑ. තව පාරක් ට්‍රයි කරල බලන්න.හැබැයි රීකරෙක්ශන් දාන්න එපා වැඩක් වෙන්නෙ නෑ.."


හැබැයි ඒ වෙනකොටත් මමයි, අර මා එක්කම එක සමාන වෙන්න ලකුණු ගත්ත කෙනයි ඒ වැඩේ කරල ඉවරයි.
මේ අතරෙ, මගෙ හොඳම යාලුවො දෙන්නෙක් ගෙ ප්‍රතිඵලත් ආව.ඒ අතරින් එක්කෙනෙක් ගොඩක් හොඳට එක්සෑම් එක කරපු කෙනෙක් ,එයාට ඇවිත් තිබුනෙ අර ක්ලාස් එකේ කරල ගිය පේපර් එකමයි.අනිත් කෙනාට ඇවිත් තිබුනෙ වෙනම අලුත් එකක්.ඌ පේපර් එක ලියපු දවසෙම කිවුවෙ," වැඩක් නෑ මචන්  අමාරුයි ගෙඩක්,කෙල වෙලා ඇති ඉස්තීරෙටම "
කියල.මේ කතාව තුශාරටත් කියල තිබුන.

පුරුදු විදියටම සති දෙක යනකොට මෙයා පේපර් බැලුව කියල මගෙ යාලුවට කෝල් එකක් දීල තිබුන..


"මල්ලි උඹව නම් ගොඩ දාන්න අමාරුයි...අනිත් එක්කෙනා නම් හොඳටම කරල තිබුන.උඹට තිබුනෙ ලකුණු 60යි,මම අමාරුවෙන්  ටිකක් වැඩි කරල යවුව,දැන් ඉතින් වැඩේ තියෙන්නේ දෙවෙනියට පේපර් එක බලන කෙනාගෙ අතේ තමයි."


ප්‍රතිඵල ඇවිත් තිබුන,ලකුණු 60 කියපු මගෙ යාලුවට මුලු ක්ලාස් එකෙන්ම වැඩිම ලකුණු, 86 ක්.අනිත් කෙනත් පාස් වෙලා තිබුන.
හැබැයි මේයා මේ පේපර් බැලුව කියල ලකුණු ගනන් කියල තිබුනෙ එක එක කෙනා පේපර් එක ඉවර වෙලා එයාට දෙන ප්‍රතිචර එක්ක.අමාරුයි කිවුවොත් "මල්ලි ඔයාට ලකිණු 60 විතර තිබුනෙ",වැඩේ ගොඩ කිවුවොත් "ඔන්න උඹ පාස් ලකුණු 80යි"!
වෙනදට පාටියකට නැතුවම බැරි වුන අපි නැතුව මේයා පාටි දැම්ම.හරියටම කියනව නම් ෆේල් වුන අය නොසලකා හැරිය වගේ.ඔය අතරෙ මගෙ පේපර් එකට වුන දේත් ආරංචි වුනා.මගෙත් ,අර මාත් එක්ක හවස එක්සෑම් එක ලියපු කෙනාගෙත් පරිවර්ථන වල ගොඩක් සමාන කම් තිබුන නිසා අපි දෙන්නම කොපි කරා කියන පදනම යටතේ එක්සෑම් එක අසමත්.
මාසයක් ගියා,දෙකක් ගියා.තුශාර ගැන එන ආරංචි සහ  එක්සෑම් එක ඇන ගත්තු අයගෙ ආරංචිත් එන්න එන්නම නරක අතට හැරුන.
හැබැයි පහුගියා කාලෙමෙ මේ මනුස්සය අර ලකුණු 86  අරගෙන ඉහලින්ම පාස් වුන මගෙ යාලුවට නිතරම කරදර කරන්න ගත්ත.මොකද මගෙ යාලුව ඌට තව $250 දෙන්න තිබුන..


"මචන් උඹ සල්ලි දෙනවද?"


"දෙනව හැබැයි මම ඕකව හම්බවෙලා දෙකක් කියල තමයි ඔය සල්ලි දෙන්න.."


තුශාර මේ සල්ලි ඉල්ලගෙන අඬ අඬ එවන කෙටි පනිවිඩ වලින් මගෙ යාලුවට අඩුවක් තිබුනෙ නෑ.
හරියටම ගිය මාසෙ.අපි හතර දෙනෙක් පන්සල් ගියා.මගෙ යාලුවගෙ තාත්තට අසනීප වෙලා ඉතින් අපි ගියා බෝදිපූජාවට.ඒකත් ඉවරවෙල ගෙදර එනකොට මගෙ අයලුවට ඒ වෙලාවෙම ආපු කෙටි  පනිවිඩයක් මට පෙන්නුව.


ඒකෙ එවල තිබුනෙ තුශාර,අඬල වගේ සල්ලි ඉල්ලල.
ඒ වෙලාවෙ යාලුව මගෙන් අහනව 


"කස්ස,මූ හෙට අනිද්දම ආපහු ලංකාවට යන සීන් එකක් තියනව.වැඩේ පත්තුවෙලා යනවද දන්නේ නෑ. මොකද කියන්නෙ යමුද පොරව බැහැදැකල එන්න?"


"ආයි මොනවද හරවපන් වාහනේ.."
මමත් එක පයින්ම කැමැත්ත දුන්න.


ඔන්න අපි සෙට් එකම ගියා මනුස්සය බලන්න.හැබැයි යන්න කලින් කෙටි පනිවිඩයක් යැවුව,අපි එනව සල්ලිත් අරගෙන ගෙදර ඉන්න කියල.


කඳු තියන පලාතක ජීවත් වෙච්ච මේ මනුස්සයගෙ ගෙදරට අපි ගියා,කොල්ලො හතර දෙනයි එක කෙල්ලයි.කෙල්ලව වාහනෙ දාල අපි ගියා ගෙදරට,තට්ටු කලා දොරට.


ඒ අතරෙ අපිට ජනේල අස්සෙන් පේනව ගේ ඔක්කොම අස් කරල,බඩු ගොඩ ගහල පැත්තක.ඔන්න ඉස්සරහ දැල් දොර ලඟට කෙනෙක් ආව.


"කවුද ඔයාල?"


"ආ අපි එම තුශාර අයියගෙ ස්ටුඩන්ට්ල.."


"ආ ඔයාලද අර සල්ලි දෙන්න ආවෙ"


"ඔවු ඒ අපි තමයි.."


ඒ තුශාරගෙ අක්ක කියල කියපු කෙනා.


"ආ පොඩ්ඩක් ඉන්න..."


අපි සෙට්ට එක එලියට වෙල බලාගෙන ඉන්නව..


"තුශාර බාත් රූම් එකේ. එන්න ටික්ක වෙලා යයි.මට සල්ලි ඉල්ලගන්න කිවුව."


"ආ ඒකට කමක් නෑ අපිට එයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ.අපි එලියට වෙලා ඉන්නම්."


මාස තුනකට වැඩිය රින්ගපු ගෙදර,පාටි වලට, අරකට,මේකට ගිය ගෙදර ඇතුලට මුන් අපිට එන්න කිවුවෙ නෑ.
ඔන්න දැන් අපි ඉන්නව බලාගෙන.ඒත් එන පාටක් නෑ.ගෙදර ලයිට් නිවෙන්න ගත්ත.ටික වෙලාවකින් තුශාර දෙනව අපිට කෝල් එකක්.


"මට පහලට එන්න බැ.සල්ලි ඔතනින් තියල යන්න."


අපිට තේරුනා හොර වැඩ මාට්ටු වෙලා මූන දෙන්න බැරුව තමා මෙහෙම කියන්නෙ කියන එක.
පන්සිල් පද පහ කියල පැයක් වත් ගත වෙච්ච නැති අපේ ලේ රත් වෙන්න ගියේ ටික වෙලාවයි.එකෙක් ගැහුව දොරට පයින්...
අක්ක ආව දොට ලඟට..


"#$%#&(&*)"
"#$%#&(&*)#$%#&(&*)#$%#&(&*)"
"#$%#&(&*)"


හිතා ගන්නකො ..මාරුවෙන් මාරුවට බැන්න බැනිල්ලක් රෙදි ගැලවිලා යන්න.පැය බාගයක් විතර ,කියන්න ඕනෙ සියලුම දේ, සුද්ද සිංහලෙන් අක්කට කියල දුන්න.ඔය පැය බාගෙටම මේ කම්බ හොරා පහලට ආවෙ නෑ.ගෑනියෙක් වගේ ගේ ඇතුලේ.
මාස ගානක තිබුන කේන්තිය අපි එදා පිට කරගත්ත..


ඔන්න ඔහොමයි කතාව ඉවර වුනේ..


මේ සිද්ධිය ඇතිවෙන්න කලිනුත් මෙයා ගේ අස්සටම වෙලා හිටිය බවත්,මේයා ගැන වැරදි කියපු බෙහෝ අයට ආපහු පන්තියට එන්න එපා කියල එලව ගත්ත බවත්,අන්තිම වෙනකොට එක ස්ටුඩන්ට් කෙනෙක් වත් පන්තියට සහභාගී නොවූ බවත්  ආරංචි වුනා.
මෝගේජ් ගෙවපු ගේත් අස්කරල ලංකාවට ගියේ ආපහු නො එන්නදෝ කියල් මට හිතුන වාර අනන්තයි.ඒකට හේතුවක් තිබුන.මම දන්න විදියට මේයාගෙන් ළමයි 60 ආසන්න ප්‍රමණයක් ඉගෙන ගත්ත. ඒ හැම කෙනාගෙන්ම අඩුම තරමෙ $2000 වත් ගන්න ඇති.මේක කියවන බොහෝ අය සාමාන්‍ය පෙළ ගණිතය සමත් ඇතී කියල හිතන නිසා වැඩිකරල බලන්න...(60*2000*120)=Rs.....



මුල් කොටස් බලන්න මෙතනින්..
එක   දෙක   තුන



ප.ලි
මම මේ කියන මනුස්සයගෙන් ඉගෙන ගත්ත දේවල් තිබුන.ඒ ගැන අවිවාදයක් නෑ,හැබැයි ඔහු කියපු විදියට අරිසෙන් අහුබුදු ගෙන් සිංහල ඉගෙන ගත්තු තරමට දැනුමක් ඔහු තුලින් අපිට පෙනුනෙ නෑ.සහේදරයෙකුට වගේ සලකපු අපි බෙහේ දෙනෙකුගේ වැසිකිළි හේදීමෙන්,කුණු ඇදීමෙන්,ඉඳුල් සේදීමෙන් අමාරුවෙන් උපයාගත් මුදල් බොහෝ අසාධාරණ ලෙස බොරු කීමෙන් ගසාකෑම නිසා ඒ හැම දෙනා වෙනුවෙන් මේ ලිපිය ලීවෙමි.


(මගේ රී කරෙක්ශන් එක හරි ගියෙත් නෑ.හැබැයි ලබන මාසෙ මම ආපහු ඒ එක්සෑම් එකට වාඩි වෙනව.)

31 comments:

  1. ඔය විභාගෙ මොන වගේ එකක්ද? ....
    කොහොම උනත් මේ වගේ "මිනිස්සු" ගැන නම් කතා කරලා වැඩක් නෑ.
    ඔය සල්ලි යා දෙනව කියලා හිතනවා ඇති. ඒත් අනුන්ගෙ ගින්දර කවදා හරි තමන්ටම පත්තු වෙනවා!

    ReplyDelete
  2. ඔහොමහොරයක්කු කොහෙත්ඉන්නවබං.පිටරටකදී ලංකාවේ එකෙකුටකෙලින්නෙ ලංකාවෙම එකෙක්මයි.මෙහෙත් පල්ලෙහාටවෙන්න පල්ලියක්තියෙනව,මෙහෙඉන්න ලංකාවේඋන්අතර හෙනප්‍රසිද්දයි.විසාප්‍රශ්න,පඩි,හොරටබැඳීලි,ජල්තර්වැඩ ඔක්කොමකරනව.අපේලංකාවේපොරකුත් ඔතනටහේත්තුවෙලා ,හැමඑකාගෙන්ම ගානකපනවහොරෙන්.නොදන්නඑකෙක් ගියහම නිකංකරගන්නපුළුවන්වැඩේට විසිතිස්දාහක් දෙන්නමවෙනව.ඕකකොහෙත් එකයි.

    ReplyDelete
  3. අර ගාන නම් වැඩි කරලා බැලුවා. අම්මෝ බිංදු ගොඩ කියව ගන්නත් අමාරුයි.එහෙව් එකේ ඉතිං ඒ මනුස්සයා එයෙ මොකට රට යනවද?
    විශ්වාස කරනවා මේ පාර විභාගෙට වාඩිවෙන්නෙ හරිම තැනින් ගිහින් කියලා. සුභ පැතුම් හදවතින්ම....

    ReplyDelete
  4. මේ ගැන ලිව්ව එක හොඳයි!

    නැවත විභාගේ ලිව්වම ප්‍රතිඵල හොඳට ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  5. හැම දේම වෙන්නෙ මිනිස්සුන්ට... මේ පාර හොදට කරමු විබාගේ ....

    සුබ පැතුම් මගෙනුත් ......

    ReplyDelete
  6. ඇත්තට මොකද්ද බං ඔය විභාගේ...මොනා උනත් කට්ටකාලා ජිවත්වෙන උඹලගේන් හම්බකරන් කාපු ඌට නම් යාදෙන එකක් නෑ අනාගතේ

    ReplyDelete
  7. ඒ සල්ලි ඩබල් වෙලා ඌට ගෙවන්න වෙයි .

    ඊළඟ විහාගේ හොඳින් කරන්න
    ජයෙන් ජය.

    ReplyDelete
  8. ගින්දර කෑවොත් අඟුරු මළපහ කරන්නම වෙනවා.. එයාට එව්වට විඳවන්න වෙයි......

    තව පාරක් විභාගෙ කරන්න... ගොඩ යන්න පුලුවන්.. ජය පතනවා

    ReplyDelete
  9. අ‍ඩේ සක්විති හොදයි වගේ. මොනව උනත් කෙටි මං හොයන්නෙ නැතුව මහන්සිවෙලා වැඩ කරල ගොඩදාගනිං.

    ReplyDelete
  10. මට පෙනෙන හැටියට නම්:

    ටියුෂන් ගැනීම සහ දීම ගණුදෙනුවේ ප්‍රශ්ණයක් නැහැ. මොකද කස්ස ගේ සහ අනිත් අයගේ අවශ්‍යතාවය පිරවීමක් තමයි පොර කෙරුවේ. කස්ස කැමැත්තෙන් ගිහින් කැමැත්තෙන් සල්ලි දුන්නා.

    කස්සගේ වරද තමයි විභාග දුෂණය දැන ගෙන (පේපර් එක පිටවීම, හොරෙන් පිළිතුරු පිටින් ලියා යැවීම) නිහඬව සිටීම.

    මේ කියන පොර බොරුකාරයෙක් බව පැහැදිලියි. ඒ කියන්නේ තමන් පේපර් බලනවා වගේ බොරු කීම.

    ඒකට රැවටිලා, ඒ මගින් අයුතු ප්‍රයෝජනයක් ලබා ගන්න හිතලා ටියුෂන් ගිය බහුතරයක් වගෙයි මෙතන ඉඳලා තියෙන්නේ.

    තමන් උත්තර පත්තර බලන විභාගයකට පෙනී සිටින අයට ටියුෂන් දීම ම විෂමාචාරයක්. ඒ ගැනයි මුලින්ම පැමිණිල්ල කරන්න තිබුණේ. දෙවනුව විභාග දූෂණය ගැණ පැමිණිලි කරන්න තිබුණා.

    බටහිර බලවේග වලින් රට බේරාග්න කතා කරන අයත් මේ ගොඩේ හිටියාද මේ විදියට අපේ භාෂාව කතාකරන ජන කොටසේ (සහ ඒ අනුසාරයෙන් ලංකාවේ) හොඳ නම මේ විදියට කැත කරන්න නිහඬවම ඉඩ දෙමින්?

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාගෙ කතාවට මම එකඟයි.ඒත් මේ දේවල් වැටහෙනකොට අපි ගොඩක් ප්‍රමාද වෙලා.දැනටමත් මේ ගැන දැන්විය යුතු තැන්වලට දන්වා ඉවරයි.

      Delete
  11. ඇත්තම කියනවා නම් සාමාන්‍ය දෙයක් මචන්. ඌ උඹලගේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි විභාගේ පාස් වීමේ අදහස තමන්ගේ බඩ වඩා ගැනීමට පාවිච්චි කරා විතරයි. අන්තිමට දෙපැත්තම වැරදි නිසා ගලේ අර මොකද්ද එක කරපු බළල්ලු වගේ ඉන්නේ වෙලා තියෙන්නේ. කකා කියුව එකට එකඟයි. උඳු වපුරා තල බලාපොරොත්තු නොවෙන්. හරි විදියට පොත් පත් කියවලා තමන් හිසට තම අතමය සෙවනැල්ල කියල ස්වෝත්සාහයෙන් විභාගේ ගොඩ දා ගනින් මචන්. ජය .....

    ReplyDelete
    Replies
    1. එහම තමයි ගියේ මචන්.කවදාවත් හිතාගෙන ගියේ නෑ කරපු පේපර් එකක් ඒයි කියල.තාමත් ඒ ගැන කිසිම බයක් නැතුව ආපහු ලියන්න යන්නේ වැඩ කරල ගත්තු දැනුම නිසා.

      Delete
  12. මේ වගේ උන්ව දැනුවත් කරන එක හොදයි මොකද මුන් මේවා ඒකකින් දෙකකින් නතර කරන්නේ නැහැ අනිත් උන්ටත් මුන්ගෙන් පරිස්සම් වෙන්න පුලුවන්නේ එතකොට

    ReplyDelete
  13. හොරු ලෝකේ කොතනත් ඉන්නවා.. මෙහේ ගොඩක්ම කෙරෙන්නේ සීට්ටු දාන වැඩේ තමයි.. පළවෙනි දෙවෙනි එක කරලා මෑන්ස් නෑ.. කොහාට හරි මාරු වෙලා.. කොහොම උනත් මේ ගැන ලිවුව එක නම් හොදයි..

    ReplyDelete
  14. කොටස් හතරම කියෙව්වේ අද කස්ස අය්යේ
    මේවගේ උන්ට හෙන හතම ගහලත් මදි
    ඊලග පාර කොහොම හරි වැඩේ ගොඩදාගන්න අය්යේ සුබපැතුම්!!

    ReplyDelete
  15. මල පනිනවා බං මේව දැක්කම..

    ජය පතමි..

    ReplyDelete
  16. කස්ස, මා කොටස් හතරම කියෙව්වා. ඔබ මේ සටහන් එකක් කියෙව්වහම අනික බලන්න කුතුහලයක් ඇතිවන ලෙස ලියා තියනවා. නමුත් කතන්දර කියන පරිදි ඔබ විතරක් නොවේ අනික් ශිශ්ෂයන්ද ඔහුගේ ලඟට ගිහින් තියෙන්නේ ඔහුගේ ඉගැන්වීම ගැන තියන පැහිදීමට වඩා "ජිල් මාර්ට්" ගැන තියන විශ්වාශයෙනුයි. හැබැයි ඔබ වගේ මේ වගේ දෙයක් කතා කරන්න අර ගිය කින් කී දෙනෙක් කැමති වේද කියලා මට සැකයි. කොහොම උනත් අප ඉගෙන ගන්නේ අත්දැකීම් වලින්නේ. මේ වගේ වැඩ වලට වෙන දේ ගැන බලන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න. මෙය සිදු උනෙත් මෑතදී.
    http://www.hindustantimes.com/world-news/Australia/Indian-student-jailed-in-Australia-in-visa-scam/Article1-831361.aspx

    ReplyDelete
  17. මේ වගේ අය හැම තැනම ඉන්නවනේ. වැදගත්ම දේ පාඩමක් ඉගෙන ගැනීම නේද? එතකොට ඉස්සරහටවත් ඒ වගේ දේවල්වලින් ගැලවිලා ඉන්ට පුලුවන් වෙයි.

    ReplyDelete
  18. අදයි මේ පැත්තේ ආවේ. කොටස් හතර ම එකපාර කියෙව්වා...

    හැමතැන ම ‍රැවටිල්ල. කාව විශ්වාස කරන්න ද කියලා හිතාගන්න බැරි තරම ට සමාජය පහත් තත්ත්වෙ ට වැටිලා, සංකීර්ණ වෙලා..

    මොනව වුණත් මේක හොඳ අත්දැකීමක්,ආයේ මේ වගේ ‍රැවටෙන්නේ නෑනේ ඉතිං. බොරුකාරයින් ට දඬුවම් ලැබෙනවාමයි. මේ ගැන අනික් අයවත් දැනුවත් කරපු එක ගොඩක් හොඳයි...

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
  19. මම අහල තියෙනවා මේ විභාගේ. මගේ යාලුවෙකුත් ලඟදි කරා...
    ඔහොම මිනිස්සුන්ගෙන් ඈත් වීම මයි හොඳ කස්ස. ඔහොම පේපර් අවුට් කරගෙන පාස් වෙන විභාගවලින් වැඩකුත් නැහැ. අර හරියට චීට් කෝඩ් යුස් කරලා ගේම් එකක් දිනුව ම කිසිම ෆන් එකක් නැහැ වගේ.
    ඔයා ඊළඟ පාර තමන්ගේ දැනුමෙන් ලියන්න. අනිවාර්යෙන් පාස් වෙයි. ජය වේවා!

    ReplyDelete
  20. නැවත විභාගෙ ලිවුවම ඉහලම ලකුනු ලැබේවා කියලා පතනවා.

    මිනිස්සු ඔහොම තමා ..............
    දැන ගෙන ඇසුරු කිරීම තමා වැදගත්

    ReplyDelete
  21. මොකටද බං උබ NAATI කරන්න දඟලන්නේ? හෝටල් රස්සාව අතෑරල දාල එක්කෝ Translator කෙනෙක් වෙන්නද? එහෙම නැත්නම් Tourist Guide කෙනෙක් වෙන්නද?

    ReplyDelete
  22. දැන් එතකොට පොර ලංකාවෙත් මොකක් හරි මගෙඩියක් කරනවා ඇතිනේ. ​පොරගේ නම කියන්න.

    ReplyDelete
  23. උත්සහයෙ , මහන්සියෙ හොඳ ප්‍රථිපල මේ වතාවෙ විභාගෙන් ලැබෙන්න ජය ප්‍රාර්ථනා කරනවා..!!!

    ReplyDelete
  24. විභාගය හොඳට කරන්න සුභ පැතුම්..
    ගොඩක් වෙලාවට අපි කරන මෝඩ කම් කරද්දි ඒක තේරෙන්නෑ..වැඩේ වැරදුනාම මිසක්..

    ReplyDelete
  25. ආයේ විභාගේ කරන එක නම් හොඳයි අයියා... මම ගොඩක් පරක්කුද මන්ද....

    ReplyDelete
  26. අලුතින් මොකුත් ලියන්නේ නැත්තේ මේ මාසේ තියෙන විභාගෙට ලෑස්ති වෙන නිසාද ??

    මේ පාර හොඳට විභාගේ ගොඩ දාගන්න ලැබේවා

    ReplyDelete
  27. අනේ අප්පේ මෙහෙමත් මිනිස්සු මුන්ට ඔය සල්ලි හරියනවද ඉතින්

    ReplyDelete
  28. මෙ බ්ලොග් එක දැන් අප්ඩේට් වෙන්නෙ නැත්ත මොකෝ විභාගය නිසාවත්ද

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...