May 26, 2012

පරණ කවියක්




හංගා ගෙන දුක නුඹ දුර යන විටදී
නම්මා ගෙන සිත නොපෙනෙන ලෙස පිටදී
නිම්මා නැති සෙනෙහෙ දිය මත හබළ රැදී
ඉන්නා ලෙසට ඔරු කඳ දිය මත නොසිඳී

ඉන්නා බැරිව පාලුව තනිකම ඉපදී
කන්න ගන්න බත සිරවිය නුඹව ඇඳී
සින්නා වුවත් රතු රුදිරය පිටට දිදී
ඉන්න රිසිය හෙට නුඹ සුවවන විටදී

බැන්නා වුවත් ඉඳ හිට මට අමතනදී
අම්ම තරම් ආලය දෙන විට නොසිඳී
පන්නා පසු පසම නුඹ වෙනුවෙන් ඉපදී
සිම්බා නළල මතු බවයෙත් නුඹව මදී


ගොඩාක් ඉස්සර ලියපු වචන ටිකක්,කාලෙත් එක්ක හැම දේම වෙනස් වුනත් මේ වචන ටික කියවගෙන යනකොට  ඇතිවෙන හැගීමට මම තාම ආදරේ නිසා පෝස්ට් කරන්න හිතුන.

30 comments:

  1. හ්ම්... නෝ කමෙන්ට්ස් මචන්...

    ReplyDelete
  2. වින්දෙමි
    විඳගෙන
    පන්හිඳ
    අගුළා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී ඩීන් අයියා!

      Delete
  3. හිතේ දුකට ලියැවෙන කවි.

    ReplyDelete
    Replies
    1. හ්ම්....හැබැයි ගොඩක් ඉස්සර.

      Delete
  4. හිතට වැදුනා කිව්වොත් මං හරි.

    ReplyDelete
  5. ගොඩක් ආදරේ කරපු කෙනෙක් වෙනුවෙන් ලිය වුනු කවියක්.

    ReplyDelete
    Replies
    1. ඔවු ගොඩක්..හැබැයි ඉස්සර

      Delete
  6. ලස්සනයි. හිතට දැනෙන වචන ටිකක්.

    ReplyDelete
  7. දන්නෙනෑ..නමුත්,අම්මලඟට ආදරේකරන කෙනෙක්ගැන දුකින්ඉන්නව වගේ..කියල හිතුනකස්සෝ
    ඕක පරණ කවියක්මවේවා

    ReplyDelete
    Replies
    1. ඊට වඩා ටිකක් වෙනස්...ඒත් විස්තර කරල වැඩක් නෑ මොකද පරණ එකක් නිසා

      Delete
  8. හොද නිර්මානයක්...

    ReplyDelete
  9. වචන නැත... ඒ තරමටම ලස්සනයි..

    ReplyDelete
  10. සිරා කවිය මචං..

    ReplyDelete
  11. නියමයි. කාලෙකින් සද්ද නැතිව ඉදලා දැම්ම නියම කවි ටිකක්..

    ජය !

    ReplyDelete
    Replies
    1. මේ දවස වල ටිකක් වැඩ වැඩී සෑමා

      Delete
  12. කෝ මෙල්බන් සක්විති තුන්වෙනි කොටස ???

    ReplyDelete
  13. හ්ම්ම්ම් හිතේ කොහෙටදෝ තදින් දැනුනා.........

    කාලෙකට කලින් කිවුවට
    තාමත් එහෙමද කියලා හිතෙනවා........

    ReplyDelete
    Replies
    1. තාමත් ඒහෙම තමා.හැබැයි වෙනස් වෙලා

      Delete
  14. කස්සා ඔය පරණ දේවල් ඇදගන්නැතිව හිටපං....මොනා උනත් සුන්දර පැදිපෙල....ජිවිතේ හැටි ගැන මං උඹට අමුතුවෙන් කියාදෙන්න ඔන නෑනේ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...