Apr 26, 2012

මෙල්බන් සක්විතී


බොහොම කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න ගත්තෙ,ඉගෙන ගන්න වැඩයි,රැකියාවෙ වැඩයි  එකතුවෙලා සිංහල අකුරක් ලියාගන්න එක මිනිත්තුවක් හොයාගන්න බැරිවුනා.
අද ලියන්න යන කතාව,මීට මාස  හය හතකට කලියෙන් තමයි පටන්ගන්නේ .මේකෙ කතා නායකය වෙන්නෙ තුශාර කියන  පුද්ගලයෙක්.

ඉතාම අත්‍යවශ්‍ය කටයුත්තකට මට එක්තරා විභාගයක් කරන්න සිද්දවුනා.නමුත් මේ විභාගයේ තිබ්බ බැරෑරුම් කම නිසා කාගෙන් හරි උදවුවක් නොගත්තොත් අනිවර්යයෙන්ම මේක ඇනෙන බව මම වගේම ගොඩක් අය දැනගෙන හිටිය.වටින් ගොඩින් ලැබිච්ච අරන්චිවලට මම ගියා එක්තරා පුද්ගලයෙක්ව හම්බවෙන්න.ඔහු නමින් තුශාර,ඔහු මේ විභාගයට යන අයට පෞද්ගලික පංති කරන කෙනෙක්.ඔහු මට ඔහුව හඳුන්වල දුන්නේ මෙල්බන් නුවර තිබෙන උසස් යැයි සැලකෙන යුනිවසිටි දෙකක උගන්වන, ඒ අතරම මම කරන්න යන විභගය පවත්වන ආයතනයේ සිංහල අංශයේ උත්තර පත්‍ර පරීශකයෙකු හා ප්‍රධාන ක්‍රියා කරුවෙකු විදියට.

"මල්ලි මේ විභාගෙ එච්චර ලේසි එකක් නෙමේ,ගොඩක් මහන්සි වෙන්න වෙනව,මට ඔයාට කොච්චර හොඳට ලියන්න පුලුවන්ද කියන බලන්න ඔනේ, ඒක  නිසා මේ ටික මට සිංහලට පරිවර්තනය කරල දෙන්න විනාඩි විස්සක් අතුලත"

බ්ලොග් ලියන නිසා තිබුන පලපුරුද්දයි,කාලයක ඉඳල පොත් ගුල්ලෙක් වෙලා හිටපු නිසායි, ඒ වචන ටික මට සිංහලට ගලප ගන්න එච්චරම අමාරු වුනේ නෑ.

"කොහොමද සර් මගෙ තත්ත්වෙ?"

"හපො මල්ලි මට සර් කියන්න එපා.මමත් ඔයාල වගෙම මනුස්සයෙක්.
ඔයා ලියන විදිය හොදයි, ඒත් තව ගොඩක් වැඩ කරන්න වෙයි."

 මම ගනන් හිලවු ගැන කතා කරන්න ගත්තතෙ  මේ වැඩ කටයුතු ටික අවසාන වුනාට පස්සෙ.

"අයිය කීයක් ගන්නවද?

"මල්ලි මෙහෙමයි..මම ඉස්ටිට්යුට් එකේ උගන්නකොට පැය තුනේ ක්ලාස් එකට ඩොලර් සීයක් ගන්නව.ඒත් ගෙදර උගන්නන්නේ අපේම අයටනෙ, එක නිසා මම ගන්නෙ ඩොලර් හැටයි"

මේ වැඩ ඉවර වෙලා අපි එන්න පිටත් වුනා.දෙන්නම ගෙවල් වලට යන්නෙ එකම ට්‍රේන්  ලයින් එකේ නිසා මම බහින තැනට වෙනකම් එක එක දේවල් ගැන කයියක් දාගෙන ආව.

කොච්චියෙන් බැහැල ගෙදන එන මට තේරුනේ මේ පුද්ගලය හොඳට ඉගෙනගත්තු,යමක් කමක් තියන බුද්දිමතෙක් විදියට.ඒ තරමට මේ මනුස්සයගෙ කතා විලාසය මාව අල්ලගෙන තිබුන.

පළවෙනි දවසෙ පන්ති තිබුනෙ හවස,ඉතින් එයාම මට කියල තිබුන හවස හයට වෙනකොට ස්ටේශන් එකට එන්න මම ඔයව පික් කරන්නම් කියල.පැය තුනක් විතර ක්ලාස් එකෙ ඉඳල ගෙදර එනකොට රෑ 10 යත් පහුවෙලා.

ඊට පස්සෙ මට ක්ලාස් යන්න උනෙ උදේ වරුවෙ,උදේ 9 යට තමා ප න්ගන්නේ.කෝච්චියෙන් ගිහින් තවත් බස් එකක යන්න ඔනේ මේ කියන කෙනාගෙ ගෙවල් වලට, ඉතින් උදේ හයටවත් ඇහැරෙන්න ඔනේ වෙලාවට ක්ලාස් එකට යාගන්න නම්.මේ අතරෙ ක්ලාස් එකට එන එක එක ජාතියෙ අයව මුන ගැහුන,එක එක මානසික මට්ටම්,ගොඩක් අය එක එක ලෝක වල.

සති තුනක් යනකොට මට මේ කියන කෙනා කෝල් එකක් දෙනව,

"මල්ලි...මෙහෙම හරියන්නෙ නෑ,සතියට එක දවසක් ඇවිත් කොහොමවත් මේ වැඩේ ගොඩ දාගන්න වෙන්නෙ නෑ,ඒක නිසා ලබන සතියේ ඉදල දවස් දෙකක් එන්න

හිඟාකාල සතියට ඩොලර් 60 ගෙවපු මම කබලෙන් ලිපට වැටුන.ඒත් විභගෙ ගොඩ දාගන්න තිබුන උනන්දුව නිසා නොකා නොබී හරි සතියට දවස් දෙකක් යන්න තීරණය කලා.ඒ කියන්නෙ ඩොලර් 120 ක්,ලංකාවෙ මුදලින් රුපියක් 12000 වඩා වැඩී.


ඉතිරිය පසුවට...

20 comments:

  1. හෑ... උඹ අහුඋනාවත්ද?

    ReplyDelete
    Replies
    1. ඊලඟ කෑල්ලත් කියවල බලපංකො....

      Delete
    2. කාලෙකින් ඇවිත් මොනවදබං කස්සෝ බාගයක්?

      Delete
    3. කතාව දිගයි..ඒකයි බං

      Delete
  2. මම හොය හොයා හිටිය බ්ලොග් එක මේක කියලයි මම හිතන්නේ මොකද මමත් පොඩි කාලේ ඉඳලම ඔසී එන්න පෙරුම් පුරන කෙනෙක් නිසා හැබැයි තාම ඒ හීනේ නම් සැබෑ කර ගන්න ලැබුනේ නෑ. මේකේ තියෙන ලිපි ඔක්කොම කියවන්නයි මගේ කල්පනාව. ඔසී ගැන තවතවත් වැඩිපුර ලියපන් මචං නියමයි.

    ReplyDelete
    Replies
    1. කටු ජීවිත මචන්...ආවට ස්තුතී

      Delete
  3. Kamk na malli amaruwen hari salli hoyagena vibage liyanna . Eth borukarayanta ahu wenna epa.
    Amaruwen salli hoyan karanna yana oya vibage hondinma pass wenn kiyala mama siyalu deviyangen illanawa.
    Kumari akka

    ReplyDelete
  4. තව කැල්ලක් එනවනම් එතකන් ඉමු.මටනම් හිතෙන්නේ අහුවෙලා වගේ.එත වැඩේ ගොඩනං කමක් නෑ..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල..බලගෙන හිටපන්කො

      Delete
  5. Replies
    1. එහෙම තමා බන්...සෙල්ලං නෑ

      Delete
  6. අහු වෙලා වගේ කාක්කෙකුට....

    ReplyDelete
  7. සක්විතිලා කොහෙත් ඇතේ.. මචං උඹ අහු වෙලා නෑ කියලා හිතනවා..

    ReplyDelete
    Replies
    1. අහුවුනේ නැත්තෙමත් නෑ

      Delete
  8. කස්ස අයියා මොකෝ නිහඬ කියල බැලුවේ... නෑ නෑ නිහඬ නෑ...

    රු 12000 ක්... බුදු අම්මෝ....

    ReplyDelete
    Replies
    1. නම,ගම වෙන්ස් කරල අදුරගන්නත් බැ..
      ඔවු නංගි,පොඩි ගානක් නෙමේ!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...