Feb 20, 2012

ජුංගිරි බන්ඩිය....


අපි කවුරුත් ජීවිතේ මොනම වෙලාවකදි හරි කාටම හරි ආදරේ කරල, ආදරේ විඳල තියනව. ලැබිච්ච ආදරේ වගේම පාරක් පාරක් ගානෙ ආදරේ ඉල්ලන්න ගිහින් චාටරේ ගහල අන්තිමට හිස් අතින්ම ගෙදර ආපු වෙලාවලුත්  එමටයි. විඳපු ආදරේ වගේම හිතේ විතරක් හංගගෙන කාටත් හොරෙම්ම තනියම කරපු අසම්මත ප්‍රේමත් නැත්තෙම නැතුව නෙමේ.
මේ හැම දෙයක් අස්සෙම අපි ආදරේ උපරිම අගයට ආවට පස්සෙ අපේ පෙම්වතියට හරි පෙම්වතාට හරි ආමන්ත්‍රණය කරන වචන හරිම විවිධයි. සමහර විට හරිම බොළඳයි. සුදූ, බබා, වස්තුව, රත්තරං, මැනිකෙ මේ හැම එකක්ම ගොඩක් දෙනෙක් බාවිතා කරන පොදු වචන සෙට් එකෙන් ටිකක්. ඒත් මට මේ පෝස්ට් එක ලියන්න හිතුනෙ මේ ටික දවසකට කලින් මගෙ යාලුවෙකුවෙ මොබයිල් ෆෝන් එකේ තිබුන එක අසාමන්‍ය නමක් නිසා..
පුළුන් බෝලෙ නිව්….”
අඩෝමොකක්ද බං මේ?”
මේ වචනෙ දැක්කට පස්සෙ අනිත් බොහෝ දෙනෙකුට වගේම මටත් ඇතුවුනේ ප්‍රශ්ණාර්තයක්
නෑ බං ඔය මම කෑල්ලට ආදරේට කියන නම….”
හික් ඒක මරු නමනේ බං…”
ඔය හොඳයි.. උඹ දන්නවද මගෙ පරන කෙල්ල මට කියපු නම?”
කොහොමද බං දන්නෙ? කියපන් කො ඉතින් බලන්න…”
ජුංගිරි බංඩිය!”
මේ දෙක ඇහුවට පස්සෙ මම හිනා වෙන්නද අඬන්නද කියන්නල හිතා ගන්න බැරිවුනා. පස්සෙන් පහු මම මේ කතාව වෙන මගෙ ෆිට් එකකට කිවුවම ඌත් හිනා වෙලා කියනව. ඕක මොකක්ද බං, උඹ දන්නවද අරූට (යාලුවෙක්.නම කියන්න බෑ එක හොඳ නෑ) කියල තියන දේ කෑල්ල ඉස්සර වෙලාම යලු උනහම?
කියපංකො ඉතින්!
අද ඉඳල මම ඔයාගෙ කුටුන්න ඔයා මගෙ කුටන්න”!

27 comments:

  1. හිනාවෙන්නද අඬන්නද කියල හිතා ගන්න බැහැ.......

    ReplyDelete
  2. අනේ මන්දා කස්සෝ මේවට මොනවා කියන්නද කියලා.. එක එක්කෙනාගේ අදරේ හැටිනේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.ඒත් මචං පෙලක් වචන සෑගෙන බොළඳයි නෙ.

      Delete
  3. කොට,කොට..වගෙයිකස්සෝ මට දැනුනෙ,(වල්ද,මන්දා?)

    ReplyDelete
  4. Replies
    1. අන්තිම එකනම් මටත් තාම තේරුම් ගන්න බෑ මචන්

      Delete
  5. කුටුන්න කියන්නේ මොකක්ද?ඇත්තටම දන්නේ නෑ..

    ReplyDelete
  6. අන්තිම හරුපේ තේරුම කියපංකෝ බං...

    ReplyDelete
  7. ඔහොම තමා බොල ආදරේ ගාවදී හිත් ඔකඳ වෙනවා ..

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට මෙච්චරම ඔකඳ වෙනවද බං

      Delete
  8. කු‍ටුන්න ඒ මොන කුනුහරුපයක්ද...ලව් එකට අපේ මාමට නැන්දා කිව්වේ සත්තා කියලා නැන්දට මාමා කිව්වේ ඩලා කියලා...

    ReplyDelete
    Replies
    1. අපේ පොඩි නැන්දයි මාමයි කතා කර ගන්නෙත් 'ඩලා'..'ඩලෝ' කියල පස්සෙ නංගිලත් අම්ම තාත්ත කියන්නෙ නැතුව ඩලා..ඩලෝ කියන්න ගත්තාම ඒදෙන්න බොහොම අමාරුවෙන් ඒක නවත්වගෙන....හික්ස්...

      Delete
    2. කොහොමද පොඩි වුන් ලොකු උනාමත් ඕකම කියන්න ගත්තනම්

      Delete
    3. කුටුන්න අම්මි කොට අපේ කොටන්න තාත්තා...
      පුතේ ඔයාගේ අම්මිගේ නම කියන්නකෝ.. අම්මිගේ නම කුටුන්න චී..චර්....

      Delete
  9. ඒ ගැන නං මොකට කියනවද! හෙහ් හෙ......හොඳම දේ තමා අර සඳරුවා කියනව වගේ ඔක‍දේ හොඳම වෙලාවෙ ඉද්දි තමා ඔය වගේ නමක් ජනිත වෙන්නෙ..... ඒ හින්දාමයි ඔය නං හෙන අපබ්බ්‍රන්ස විදිහට පේන්නෙ....

    ReplyDelete
  10. පිට රැටියෝ පාවිච්චි කරනව 'පම්කින්ග්' කියලා කෙල්ලට... ලංකාවේ ඕක කිවිවොත් කෙල්ලෙක්ට, වෙන කෙල්ලෙක් හොයා ගන්නයි වෙන්නේ ඒ කොල්ලට... හෙහෙ

    ReplyDelete
    Replies
    1. ඔවු සිංහලෙන් "වට්ටක්කෙ" කිවුවම කොහොමට තියෙයිද?

      Delete
  11. අපේ අම්ම, තාත්තට කතා කලේ "Dear " කියල. අක්කගේ මගේ සහ මල්ලිගේ දරුවොත් "සීය" කියන නැතුව "ඩියර් තාත්ත" කියන්න නිකම්ම පුරුදු වුනා.

    ReplyDelete
  12. කුටුන්න...? හ්ම්ම් හ්ම්ම්....කුටන්න ????

    ReplyDelete
    Replies
    1. මටත් ආවෙ ඔය ප්‍රශ්නෙම තමයි

      Delete
  13. සමහර එවුන් ආදරේට කියන නම් ඇහුවම එක්කෝ තනි ඇහැට ඇඩෙනවා නැත්තන් බිම බුදියන් හිනා වෙනවා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...