Feb 17, 2012

චීස් කේක්...

කාලයක් තිස්සෙ කුස්සියක වෑඩ කෙරුවත් මේ ලඟක් වෙනකම් මෙනූ එකට අලුත් කෑමක් ඔබාගන්න එක ටිකක් අමාරු කාරියක් වෙලා තිබුනෙ.ඒ මොකද කියනව නම් මාත් එක්ක වෑඩකරපු මගෙ සිඉනියර් කුකා වෙච්ච් "ජස්ටින්" ටිකක් අමුතු ජාතියෙ  සිතුම් පැතුම් සහ හැසිරීම් තිබිච්ච් ඩයල් එකක් වුන නිසා.මනුස්සය ගොඩක් වෙලාවට වැඩට එන්නෙ හඳට යන්න ගගන ගාමී කිට් එකත් ඇඳගෙනමයි.කොයි වෙලෙත් ඉන්නෙ කුඩ්ඩ ගහගෙන.සමහර දවස් වලට වෙඩි කාපු වල් ඌරෙක් වගේ එක හුස්මට වැඩකරනව.එත් තවත් සමහර දවස්වලට මළ බාල්දියක් අතින් අරගෙන ඈමෝටම ඒකෙන් ටික ටික සංග්‍රහ කරනව.මොකද කියනවනම් මනුස්සයගෙ අත මිට සරු දවසට හොඳ බඩු හම්බවුනත් සතිය අන්තිමට අපෙනුත් සල්ලි ඉල්ලගෙන ගහන්නෙ ඉතාම බාල බඩු නිසා.මේ මනුස්සයගෙ පිස්සු විකාර නිසා කුස්සියේ තිබුන වාතාවරණය ටික වෙනස්.නමුත් මේ යකාගෙ කුඩු ගැහිල්ලයි,පරක්කුවෙලා වැඩට ඒමයි බලාගෙන ඉන්න බැරුව අන්තිමට අපේ ලොක්ක මිනිහව සැක් කලා.

ඔය මනුස්සයව සැක් වෙන්න සතියකට විතර කලියෙන්,කාලයක් තිස්සෙ මට තිබ්බ ආශාවක් ඉශ්ඨ කරගන්න ලැබුන.ඒ තමයි චීස් කේක් එකක් හදන එක.මේකට විශේෂ හේතුවකුත් තිබුන.මොකද මට ගොඩක් ලෙංගතු කෙනෙක් චීස් කේක් වලට පට්ටම ආසයි. ඉතින් මට උවමනා වුනා කේක් එකක් හදල මෙනූ එකට දාගන්න.කොහොම හරි කේක් එක හදල ඉවර කලාට පස්සෙ  මගෙ ඉල්ලීම වුනේ ඒක ස්පෙශල් මෙනූ එකේ ඩෙසර්ට් එකක් විදියට දාන ඒක. ජස්ටින් කාරයගෙන් හතර පස් පාරක් ඉල්ලුවත් ඌ ඒක කිසි ගානකට ගත්තෙ නෑ. බලාපෙරොත්තු කඩ වෙච්ච් නිසා මම කේක් ටික පොඩ් පෙට්ටි වලට දාල කූල් රූම් එකට දාල ගෙදර ආව.

දවස් දෙකකට පස්සෙ, මට නිවාඩු දවසක, ලොක්ක ගෙන් මසේජ් එකක් එනව මෙන්න මෙහෙම,

hey Kasun,
can u tell me who made the cheesecake in the cool room?
Cheers Chef

මේක දැක්ක ගමන් මම ටිකක් රත් වුනා. මොකද ලොක්කගෙන් අවසරයක් නැතුව හිතේ මනාපෙට හදපු මේ කේක් එක මට බැනුම් අහන්න හේතුවක් වෙයිද කියන බය නිසා.මොකද අපේ ලොක්ක ටිකක් සැර ඩයල් එකක්.

කොයිකටත් කියල මම ශේප් එකට රිප්ලයි එකක් දෙම්ම.

Me,any Problem?..

ලොක්ක එවපු උත්තරේ දැක්කට පස්සෙ තමයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ.

no problem, its taste very nice, just though justin was feeling sick and did something out of the ordinary. Will put it on special board tonight. Good effort.

 ඔන්න එදා ඉදල තමයි අපේ හෝටලේ මෙනු එකට චීස් කේක් වෑටුනෙ.

මේ පාර ට්‍රයි එක කොහොම හරි ලංකාවෙ කෑමක් මෙනූ එකට ඔබාගන්න එක. අප්පයක්, ඉඳි  අප්පයක් වගේ එකක් පොඩි මොඩිෆිකේශන් පාරකුත් එක්ක.

ඔය පහල තියෙන්නෙ මම හදල මගෙ අතින්ම ඩෙකරේට් වෙච්ච් කේක් එකක්.
Lemon cheesecake with caramelized sugar layer on raspberry topping with double cream and fresh strawberry


28 comments:

  1. සිරා සිරා! සිරා කිව්වට ඉතිං මම නම් ඔව්වා කාලා නෑ :D

    ReplyDelete
  2. Replies
    1. නියමයි.ම්ම්ම්ම්.....රහත් අතිනේ.

      Delete
    2. හ්ම්.එල නම් තමයි..

      @නදි
      රහයි රහයි...කාලෙකින් මේ පැත්තෙ..ආවට ස්තුතී

      Delete
  3. මටත් කෑල්ලක් දෙන්නකෝ... බැලූ බැල්මට නම් රහට ඇති කියල හිතෙනවා !!!

    ReplyDelete
    Replies
    1. රහනම් තමයි ඉතින්. ඒත් කෑල්ලක් දෙන්නෙ කොහොමද...මේ පැත්තෙ ආවොත් බලමු

      Delete
  4. අනේ අපිටත් හදන හැටි කියල දෙන්කෝ. දවස ගානේ හදන හොදියි බතුයි හදන්න මාරම කම්මැලියි. මේවගේ විශේෂ කෑම නම් හදන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. මමත් කන්නෙ ඉතින් වෙනද හදන හොදියි බතුයි තමයි.කුස්සියෙදි විතරයි මේව්ගේ වැඩ කරන්න පුලුවන්.රෙසිපිය දාන්න බලමු.ආවට ස්තුති.

      Delete
  5. ජයවේවා..ඔන්න ලංකාවේ කොල්ලෙක්ගේ වැඩ...ඔහොම යන්....

    ReplyDelete
  6. ඩේකරේෂන් එක නම් සුපිරි ළමයෝ... ඕකට කිවි ෆ්රුට් කෑල්ලකුත් තිබ්බා නම්,තවත් ශෝක්, පාටත් මැචින්ග්.... චීස් කේක් නම්, මම එතරම් අසා නැ..... එත් මේක දැක්කම නම්, කන්න හිතෙනවා.....! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතී.කිවි ෆෘට් මගෙ ආසම පලතුරක්...

      Delete
  7. රෙසිපිය හෙම දාන්න එපා හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. අපිට චීස් ලාබ වුනාට් ලංකාවෙ අයට චීස් කියන්නෙ හරියට රත්තරං වගේ.ඉතින් මේකට සෑගෙන ප්‍රමාණයක් චීස් ජාති යනව.

      Delete
  8. අපිට ආඩම්බරයි ඈ....

    ReplyDelete
    Replies
    1. අපිටත් ආඩම්බරයි..වලං හෝදල පටන්ගත්තු තැන නෙ.

      Delete
    2. ඒක හිංද තමයි, වැඩියෙන්ම ආඩම්බර වෙන්න ඕනෙ. වචනෙ හරිනං 'ආඩම්බර ' නෙමේ, ඒ වුනාට කියන්න ඕනෙ වචනෙ මතක් වෙන් නෑ...

      Delete
  9. නියමයි ඈ.. අපේ ලංකාවේ දේවලුත් මෙනු එකට දාන්න හිතපු එකනම් නියම අදහසක්.. මමත් සමහරදාට මොනවා හරි හැදුවම අපේ ෆාමසි එකට ගෙනියනවා.. ගෙනියන පරක්කුව විතරයි..

    ReplyDelete
  10. මේ ලංකාවේ කොනක ඉන්න මටත් උඹ ගැන ආඩම්බර හිතුනා කස්සෝ ..

    ReplyDelete
  11. කස්සා මරු බං... කෙලත් උනනවා....

    ReplyDelete
  12. ශා මරු නේ..මගෙත් කැමතිම කෑමක්...මමනම් චිස්‌ කේක් හදල තියෙන්නේ කඩේ තියන මික්ස්චර් ගෙනල්ලා...ෆ්‍රොම් ද ස්ක්රැච් හදන්න දන්නේ නැහැ..

    ReplyDelete
  13. බඩ පැලෙන කම් කෑවට ඕක හදා ගන්න හැටි දන්නෙ නැහැ...ඕක හෙන අමාරුයි හදන්න....(මට ඉතින් කෝකද අමාරු නැත්තෙ.) :):)....'ඔක්ටව' දා ගන්න බැරි උනාද රෙසිපියට?

    ReplyDelete
  14. මමනම් කේක් කන්නේ නැහැ.බඩ රිදෙනවා නේ....

    ReplyDelete
  15. Hamadama awirh balala yanawa. Ada comment ekak damma 1st time. Maarh c/cake hadanawa vivida akarayata. Oyage cake eka rasai kiyala hithenawa dakkama. Obata jay,
    Kumari

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...