Feb 9, 2012

පොඩි කාලෙ මම මී හරකෙක්

අද වෙනකොට ජීවිතෙන් බාගයක් විතර ගෙවිල ඉවරයි.පැත්තකට වෙලා කල්පනා කරල බලනකොට මේ අවුරුදු ගානටම ගතවෙච්ච සුන්දරම කාලෙ මගෙ හිච්චි කාලෙ.ජිවිතේ ගැන කිසිම බරක් පතලක් නැතුව එදා වගේ අදත් ජිවත් වෙන්න තියනවනම් කොච්ච්ර හොඳයිද කියල හිතෙන්න මේ කන කටු මතක් වෙනකොට.

මට මතක ඇති කාලෙ ඉඳලම වතුර පාරක්, ඇලක් දොළක් පේන්නනබැරි ලෙඩක් තිබුන.අඩුම ගානෙ මි ඉහරක් නාවන මඩවලකට හරි පොල් අතු පල්වෙන්න දාන පොල් අතු වලකට හරි පැනල ජබු ගහන්න මට තිබුනෙ පුදුම පෙරේත කමක්.එච්චරටම මම ව්තුරට ආසයි.පොඩි කාලෙ ඉඳලම අපේ සියයි,තාත්තයි මහප්පයි ඔය එකී මෙකී නොකී නෑදෑයො සෙට් එකම එක්ක කුඹුරු වැඩ වලට යන්න මට තිබුනෙ පුදුම උනන්දුවක්.මතකෙ හෑටියට ඒ වෙනකොට මට වයස අවුරුදු හය හතක් ඈති.අපේ වසවර්ති සහෝදරයට වයස තුන හතරකට වඩා වැඩි නෑ.කුඹුර අයිනෙ ම තිබ්බ පොඩි ගල් තලාවට වෙලා කෙහෙළ් කොලේට බත් කන්න,ඉන්න තරම් ඔක්කොම දන්ඩි ටික ජෑම් බෝතල් ව්ල පුරෝගෙන ගෙදර අරගෙන එන්න,කරල් කෑපුවට පස්සෙ ඉතුරුවෙන පිදුරු ගොඩේ අතපය කැපිල තුවාල වේනකම් පිනුම් ගහන්න තමයි මේ උනන්දුව.ගොයම කපුවට පස්සෙ වී ගෝනි පුරෝගත්තු අත් ටෑක්ටරේ පිටි පස්සෙ එල්ලිලා එන්න මම ඉස්සර කාපු කට්ටක්.ටැක්ටරෙන් දෙරි ගහල දනිස් පොල්කටු දෙකම බරු ගහගෙන ඇති අනන්තවත්.ඒ කාලෙට අපේ සාලෙන් බාගයක් විතර වීගෝනි වලින් පිරෙනව.පත සයිස් කන්දක්,වහලෙ ගෑවෙන්න ඔන්න මෙන්,ඉතින් මගෙ මුලු ජීවිතේම ගෙවෙන්නෙ ඔය වී ගෝනි උඩ.අම්ම කියන විදියට කන්න බොන්න ඇරුනම අනිත් හැම වෙලාවෙම වීගෝනි උඩලු. හෑබෑයි ඔය හෑම එකකටම වඩා මම වැඩිපුරම ආස කලේ අපේ කුඹුර මැදින් ගලාගෙන ගිය වතුර පාරට.තාත්තල බරට කුඹුරු වෑඩ කරනකොට මමයි අපේ මලයයි එකතුවෙලා කළේම ඔය වතුර පාර හරස් කරල පොඩි ඩෑම් එකක් ගහන එක.වෙන මොකකටවත් නෙමේ වතුර හොඳට පිරුනට පස්සෙ පෑනල පීනන්න.ඔය වැඩේ හැමදාම නතර වෙන්නෙ තාත්තගෙන් ගුටි කාල.මොකද අපි දෙන්නගෙ මහා පරිමාණ නාන තටාකය නිසා කුඹුර මඩ කරන්න කවමදාවත් වතුර නෑ.

ඔහොම ටික ටික ලොකුවෙලා හයක් හතරක් තේරෙන කාලෙ වෙනකොට උනත් වතුරට තිබුන ඇල්ම නම් පොඩ්ඩක්වත් වෙනස් වුනේ නෑ.මේ කාලෙ වෙනකොට මමයි අපේ එකයි ගෙවල් අවට ඉන්න කොල්ලො කුරුට්ටො එක්ක සෙට්වෙන කාලෙ.මම අපේ මලය, අපේ ලොකු නැන්දගෙ පුතා ටොම්බ,රවින්ද්‍ර එයාගෙ මල්ලි බුද්ධික,මොටා,සුරන්ග,සම්පත් ඔය වගේ යාලුවො රැලයි.අපේ ගෙවල් පහල තියන පොල්වත්තේ හවසට හවසට කෙරෙන ක්‍රිකට් සෙල්ලමට මමත් අපේ පෝරිසාදයත් නෑතුවම බැරි චරිත දෙකක් වෙලා තිබුනෙ.ඒත් සෙල්ලම් කිරිල්ලට වඩා මට උවමනා වුනේ පොල්වත්ත පහල තිබුන බටය කුඹුරෙ ළිඳට පැනල නාන එක.සති දෙක තුනකට සෑරයක් විතර ඔය ළිඳට පැනපු එක ගෙදර මාට්ටු වුනාම තාත්තගෙ ලැබෙන ගුටි පූජාවලිනුත් අඩුවක් තිබුනෙ නෑ.

හැම මාසෙම පෝය  දවස වෙනක්ම් අපේ සෙට් එක බලාගෙන ඉන්නෙ හෙන උනන්දුවෙනන් මොකද ඒදාට අපිට කරන්න විශේෂ වෑඩක් තිබුන. ඒ තමයි බරාවෙ යන එක.බරාව කිවුවෙ අපේ ගෙවල් වලට ටික දුරින් තිබුන විල්ලුව. විල්ලුව මැදින් ගලාගෙන යන පොඩි ඇල පාරෙ බැහැල පින එකට තමයි මේ උනන්දුව. 

"අම්මෙ අපි හෙට බරාවෙ යනව. උදේට මොනවහරි ඕනෙ අරගෙන යන්න" 

මාසෙකට සැරයක් ඇහෙන ඔය කතාව අපේ අම්මට ගොඩක් පුරුදු වුනත්.කෝටියක් විතර ප්‍රශ්ණ තියන ප්‍රශ්ණ පත්තරේකට අති සාර්ථක අයුරින් පිළිතුරු සෑපයී මෙන් පස්සෙ තමයි යන්න අවසරය ලැබෙන්නෙ.ඒ අවසරෙත් එක්කම තම්බපු මඤ්ඤොක්ක මුලක් එහෙම වරදින්නේ නෑ.

කට්ටියම සෙට් වෙලා උදේ අටහමාර නමය විතර වෙනකොට අපේ චාරිකාව පටන් ගන්නව.මග දිගට තියන එක එක ජාතියෙ කෑලෑ පළතුරු වලට වග කියන ගමන් විහිලු තහලුවෙන් තමයි අපේ ගමනෙ බාගයක් විතරම ගෙවිල යනව.ඊට පස්සෙ අපිට පහු කරන්න තියෙන්නෙ ගමේ දුප්පත් මිනිස්සුන්ගෙ  කොරටු එහෙම ජයට තියෙන පලාතක්.ඔය පෑත්තට මම වගේම අපේ සෙට් එකම පුදුම කැමත්තක් තිබුන. ඒ වෙන කිසිම දේකට නෙමේ, ඔය කොරටුවලට පෑනල  පිපිඥ්ඥ එහෙම හොරෙන් කඩාගෙන කන්න. බාගෙන මෝරගෙන එන පිපිඥ්ඥ ගෙඩියක තියන රහ මම හිතන්නෙ නෑ මේ ලෝකෙ කොහේවත් ඇති කියල. අනික හොරෙන් කඩාගෙන කන එක ඊට වඩා රහයි.දැන් කාලෙ හැදෙන පොඩි උන්ට කොහෙද එහෙම පිනක්.
ඔහොම වතු පාලු කරගෙන අපි එනව බරාවෙ ඈනිකට් එකට.ඒක පාස්කරල ටික දුරක් ගියාම තමයි අපේ පිහිනුම් තටාකෙ තියෙන්නෙ.ඈල පර ඇරිල යන වංගුවෙම තියනෙ අපේ මේ  නාන පොට් එක අපි විතරක් පාවිච්චි කරපු තෑනක් නෙමෙයි.ටිකක් දුරට ඇදිල යන සිනිදු වෑල්ලත් එක්ක මේ වතුර පාරට ආසවෙන් විල්ලුවෙ ඉන්න ගොඩක් සත්තු එනව.විශේෂයෙන් මී හරක්.අනිත් එක තමයි ගමටම බොකුදිරාස්(කසිය) සපයපු සත් ගුනවත් මංගල මුදලාලිගෙ ගෝඩ බෑරල් හන්ගල තිබ්බ හොර පොට් වලින් එකක් තමයි මෙතන.

වතුර පාර දැක්කට පස්සෙ අපිට ඉතින් උන් හිටි තැන් මතක නෑ.එහෙට මෙහෙට පීනනවයි ජබු ගහනවයි මඩ නාගන්නවයි එක එක සෙල්ලම්.ඔය අතර මමත් එක සීරුවට එහෙට මෙහෙට ජබු ගහන්න ගත්ත.ඔහොම ටික වෙලාව ගියා, වීරය වගේ පීනුවට  මහන්සියට අඩිය ගහන්න බැලුව හප්පට සිරි එතකොට තමයි මීටර් වුනේ දන්නෙම නැතුව ඇලේ ගැඹුරු තැනටම ඇවිත්.මාව ගිලෙන්න ඔන්න මෙන්න. අනික වංගුව නිසා හැඩ පාරත් වැඩි.

"ම්..ම...මචෝ......... ම්..ම...මචෝ......... "

බාගෙට වතුර පෙවි පෙවි අමාරුවෙන් මම කෑගහගත්ත.

"අඩෝ.... අන්න  අරූව ගිලෙනව........"

මගේ පූරුවෙ වාසනාවකට අපේ කට්ටිය එක එකා අත්වැල් අල්ලගෙන ඇවිත් කොහොම හරි මාව ගොඩට ඇදල ගත්ත. ඒත් එතන හිටපු එකෙකුටවත් හරියට පීනගන්න බෑ.උන්ට පිං සිද්ද වෙන්න එදා මගෙ ජිවිතේ බේරුනා.

ඒදා එහෙම ගියානම් අද කස්ස නෑ.
හැබැයි මේ කතාව අපේ ගෙවල් වල අය නම් දන්නෙ නෑ.මේක දැන් ආරංචි වුනත් මට අපේ තාත්තගෙන් ගුටි කන්න වෙනව සිකුරුයි.

ප.ලි
අදවෙනකොට මම කියන මේ පලාත නාගරිකරණයට අහුවෙලා ඈති මම හිත්න්නෙ.ඒ තිබ්බ සුන්දර වෙල් යායවල්,වතුර පාරවල් වගේම විල්ලුවෙ තුබුන එක එක ජාතියෙ පලතුරු ගස් ඔක්කොම දැන් විනාශ වෙලා ගිහින් ඇති.

මම මේ කතාව අස්සෙ "හයක් හතරක් " කියල වචනයක් ලියල තියනව.පුළුවන්නම් ප්‍රතිචාරයක් දෙන ගමන් හරියටම හය හතර කියන්නෙ මොකක්ද කියල ලියමු බලන්න.

32 comments:

  1. කතාව නියමයි, වැඩිම හොඳේ පෝස්ට් එකක් ලියන්න, මට වෙච්ච වැඩක් මතක් වුන එක...හෙහ්...හෙහ්..

    දැන් කාලෙ නං 'හයේ හතරෙ ' කියන්නේ ෆුල් සයිස් පොරවල් වල, ඇඟේ සයිස් එකට. කස්ස කියන 'හයක් හතරක් නොතේරෙන ' කියන්නෙ ඔබා වගේ මුකුත් නොතේරෙන පොඩි බබාල වගේ එවුන්ට

    ReplyDelete
    Replies
    1. හැ ඒක හොඳ වැඩේ.ආවට බොහොම ස්තුතී.හය හතර කියන එකට ටිකක් ගෑඹුරු තේරුමක් තියනව.ඔබා මාම දන්නෙ නෑති එක තමා පුදුමෙ.

      Delete
  2. යකො මඤ්ඤොක්කා කන්ඩ මාත් හරි පෙරෙතයි බං..ඔය දොල පාරවල් වල විතරක් යෑ...ඇයි වෙල අයිනේ තියෙන..නාන ලිං..අපි ඔවටත් බහිනව මචො...ලොකු කවුරු හරි ආවොත් සබන් කටේ ලිඳට දානව..ඒත් බැනල බැනල යනව..ඇයි ඉතින් ආයි වෙන එකේකුට නාන්ඩ බෑනොවැ අපි බැහැල මඩ කොලාහම..ඔන්න ජීවිතේ සොඳුරු අවදිය නැද්ද මචො

    ReplyDelete
    Replies
    1. හික්..බලාගෙන ගියම උඹ මට දෙවෙනි නෑ වගේ...

      Delete
  3. 'පොඩි කාලෙ මන් මී හරකෙක් '
    සමාවෙන්න ඕනෙ ඉස්සෙල්ල කොමෙන්ට් එකේදි දැන් එහෙම නැද්ද කියල අහන්න අමතක වුනාට :-))

    ReplyDelete
    Replies
    1. වෙනසක් නෑ.තාමත් එහෙම තමා. වැඩි දේකට තියෙන්නෙ තරුණ වෙනකොට ලොකුවයින් අං තට්ටුවක් ආපු එක.කැලේ මාරු වුනාට පුල්ලි මාරු වෙන්නෙ නෑනෙ මාමෙ.

      Delete
  4. පොඩි කාලේ ඉතින් අපි උනත් ඔය වතුර පාරක් පෙන්නන්න බෑනේ.. කිවුවත් වගේ දැං පොඩි එවුන්ට කොහෙන්ද එහෙම චාන්ස්.. ඔය "හයක් හතරක්" කිවුවේ සතර අපායයි දිව්‍යලෝක හයයි නේද? වැරදිද දන්නේ නෑ.. ඔන්න මඩ ගහන්න එපා..

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මචන්. ඔබා මාමවත් දන්නෙ නැති එක උඹ දන්නව.ආඩම්බරයි උඹ ගෑන.

      Delete
  5. දැන් ඉතිං අපිට ඉතුරු වෙලා තියෙන්නෙ ඒ කාලෙ කොයි තරම් ශෝක් ද කිය කියා හූල්ලන්න තමයි.... ඒත් කමක් නෑ අපිට හූල්ලන්න හරි පුලුවන් නෙ. දැන් ඉන්න උන්ට එහෙම හූල්ලන්නවත් දෙයක් නෑ නෙ. හය හතර කියන්නෙ සදිව්‍ය ලෝකය සහ සතර අපාය කියලා තමයි මම අහලා තියෙන්නෙ....

    ReplyDelete
  6. හයක් හතරක් නොතේරන උන් ගැන කොච්චර කතා ඇහැව්වත් මොකද හයක් හතරක් කියන්නේ මොකක්ද කියන එක දැනගත්තේ අදනොවැ! එහෙම බැලුවාම මාත් හයක් හතරක් නොතේරෙන එකෙක්!

    ReplyDelete
    Replies
    1. පූස්...හයක් හතරක් කියන්නෙ දහයට..අර දහයට ගනින්න බැරුව වගේ ඉන්නව කියන්නෙ..ආන්න ඒ කාලෙට...තේරුනාද?..මේ මං ඉන්නව වගේ...:P

      Delete
    2. වින්චෑට් නගා දනෙන් නෑ වගේ

      Delete
  7. හොරෙන් කන එක තරම් රසයක් නැහැ ගෙදරදී කෑවත්.

    ReplyDelete
  8. කස්ස අයිය දැන් අපේ පැත්තෙ එන්නෙ නැත්ද මන්ද... හි හි...සදෙව්ලොව සහ අපාය සතර නම් වශයෙන් දන්නවා... කතාවට හය හතර කියන්නෙ ඕකට කියලා නම් දන්නේ නෑ... :)

    ReplyDelete
    Replies
    1. ඔයා හරි.ඒක තමා උත්තරේ.මේ ද්වස්වක ටිකක් වැඩ වැඩී.සමාවෙන්න

      Delete
  9. මටත් පොඩිකාලේ ඉඳලම තිබුන අමාරුවක් ගඟේ මූදේ නෑම..මුලින් හොරෙන් පස්සේ ගෙදරට කියලා.....වැඩියම ආතල් හොරෙන් නාලා එන එක තමා...

    ReplyDelete
    Replies
    1. ඒගැන මොකට කතා කරනවද මචන්

      Delete
  10. මෙහෙම බරාව කියලතිබ්බ හංවැල්ලකිට්ටුව පොට්එකක්,ඉස්සර අපිත්ගියා

    ReplyDelete
    Replies
    1. එහෙ තමයි මචං.හංවැල්ල කියන්නෙ මගෙ ගම.

      Delete
  11. මම නං ඒකාලෙ විතරක් නෙවේ දැනුත් ඇලේ දොලේ නානඑකා. නාගරීකරණය වෙලා නැති අපේ ගම මට හොදයි නගරෙට වඩා. නෑම ගැන කියනකොට අපේ හොදම කාලෙ තමයි ගංවතුර කාලෙ. හොරෙන් වෑවර බොනඑකයි නාන එකෙයි තරං ආතල් එකක් තාම හම්බවෙලා නෑ කොච්චර ආතල් ගත්තත්.

    ReplyDelete
    Replies
    1. ඒවගේ ආතන් දැ හැදෙන උනට නෑනෙ බන්

      Delete
  12. ඔය මයියොකු මුලේ ලුනුමිරිසක් පොල් ටිකක් එහෙමත් තියෙන්න ඇති නේ......


    සා සා...................................

    අර පිපික්කා කතාවත් සහතික ඇත්ත හැබැයි ඉතින් හේනකින් හොරෙන් කඩාගෙනම කන්න ඕනි....

    ReplyDelete
    Replies
    1. රසනම් කියල වැඩක් නෑ

      Delete
  13. බැලුවම මමත් හය හතර නොදන්න එකෙක්නෙ. කියල දුන්න අයට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හික්...ගොඩක් අය දන්නෙ නෑ.ආවට ස්තුතී

      Delete
  14. මෙන්න ගැමිකම.. උපරිමයි ම‍චෝ...

    පොඩි කාලේ මීහරක කිව්වට - දැන් කියලත් වෙනසක් නැහැ නොවැ.. ;)

    ReplyDelete
    Replies
    1. ලොවෙත් ගම අමතක වෙන්න නෑ මචන්.දෑනුත් එහෙම තමා.වතුර වලක් පේන්න බෑ

      Delete
  15. කියල වැඩක්නෑ නියමයි මචං. පොඩිකාලෙට යනවා ඉබේම. මමත් කැමතිම එකක් තමයි වතුරෙ පනින එක. දැන් නං මේව ඔක්කෝම නැතිවෙලා ගිහින් ඇති කියල හිතෙනවා.

    ReplyDelete
  16. Mamath oya wagema sellam kala podi kale. Gahanu lamai pirimi lamai kiyala na. Bohoma samagiyen. Ipanali walata kapuna kakul unuwathuren sondana Kota tharu visi wenawa. E kale sundarai...
    Kumari...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...