Feb 6, 2012

දෛවය උඹ පරාදයි


දෛවය,
නුඹ මට දුන් දුක අනන්තයි.
ලැබීම් වලට වඩා නොලැබෙන දේ....
දෛවය ,

නුඹ මට දුන් ඉලක්ක අනන්තයි.
උත්සහ කලත් නිතර බොහෝ පැරදුන දේ....
දෛවය,

නුඹ මට දුන් හීන අනන්තයි.
හඹා ගියත් කවදාවත්ම සැබෑ නොවුන දේ....
ඒත්, 

දෛවය උඹ පරාදයි.
මම නිදහස් !
හැම බැඳීමකින්ම

31 comments:

  1. Replies
    1. ඔයා කොහොමද එච්චර කියන්නෙ " වෙන්න බෑ " කියලා.අඬලා ඊමේල් එකක් දැම්මද " අනේ එපා අනේ " කියලා ?? :P

      Delete
  2. බැදීම්, හීන නැති උන දාට දෛවය නිකන්ම අපිට පරාදයි.. අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචන්.ඒත් බැදීම් නැති කරනව කියන එක සෙල්ලම් වැඩක් නෙමේ

      Delete
  3. Replies
    1. මම පරද වෙලා නෑ තවම ඔබා මාමෙ

      Delete
  4. මහණ උන ගමන්ම නිදහස ලැබෙනවනං මමත් එහෙම කරනවා.....ඒත් ඒකට හෙන කට්ටක් කන්ට එපැයි...

    ReplyDelete
  5. මල්ලියේ අද නම් පදපෙල ගැන කිසිවක් ලියන්නේ නැහැ.

    නුඹ පරාද නැහැ, ඒත් පරාජයට දිණුම දෙන්න නුඹ ලෑස්ති වෙන්න එපා. ඒක කරන්න මෙච්චර කට්ටක් කන්න (නුඹේම වචන වලින්) ඕනේ නැහැ.

    චුට්ටක් වෙලාව හොයාගෙන අරුණලු|Inspirational පැත්තේ ඇවිත් යන්න:

    http://inspiring-arunalu.blogspot.com/

    (ඇඩ් එකක් නොවේ, ඇලකණුවක් විතරයි)

    ReplyDelete
    Replies
    1. ඩීන් අයියෙ මේක නිකන් වචන ටිකක් විතරයි.මගේ ගේම මම තවම අතෑරල නෑ

      Delete
  6. එච්චර ලේසියෙන් වචන වලින් කියලා දමන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද ? ඒත් පුළුවන්ද කියන එක නම් සැකයි. බැඳීම් අත අරින්න වචන වලට පුළුවන් උනත් හදවතට බෑ. එහෙම උනා නම් මේ වෙද්දි බුදුවරු දහස් ගණනක් බිහි වෙලා තියෙන්න ගියා.

    ලෝකයෙන් ලැබෙන දේවල් වලට වඩා නොලැබෙන දේවල් වැඩි උනා කියලා, එකම විසඳුම මහණ වීම නම්, මිනිස්සු නිකරුනේ මැරෙන්නෙ ඇයි ? තව කෙනෙකුට හදවතින් වෛරකිරීමත් බැඳීමක් බව අමතකද ?

    තවම එතැනට යන්න තරම් හික්මීමක් ඔයා තුල ඉපදිලා නෑ. ඒක හිතේ ඇති උන අදහසක් විතරයි. මම ඉන්න වාතාවරණය උඩ මම බැඳීම් වලින් අයින් වෙනවා. අඩියෙන් අඩිය. ඒත්...ඒක කරන්න කොයිතරම් අමාරුද කියලා මම දන්නවා. තව ගොඩාක් දුර යන්න වෙනවා ඔයාට කසුන් අයියේ. ඒක ලේසි නෑ

    ReplyDelete
    Replies
    1. අපේ ගෞතම බුදුහාමුදුරුවො විතරක් බුදුවෙන්න කලින් දැකපු සම්මා සම්බුදුවරු ගාන දන්නවද?
      මනෝ ප්‍රණිදාන වලින්=125,000,වාක් ප්‍රණිදාන වලින්=387,000
      කාය වාක් ප්‍රණිදාන වලින්=27
      මුලු එකතුව= පන් ලක්ෂ දොළොස් දහස් විසිහතයි =512,027
      ගත වෙච්ච් කාලය කල්ප අසංඛ‍ය 20 යි ලක්ෂ 1 කයි
      ඔයා කියන විදියට දහස් ගණනින් නෙමේ ලක්ෂ ගණනින් සම්මා සම්බුදුවරු බිහි වෙලා තියනව.

      කාලයක් තිස්සෙ තියන බැඳීම අත හරින්න අමාරුයි තමයි.හැබැයි ඒකට උත්සහ නොකර ඉන්න එක ප්‍රශ්නෙට විසඳුමත් නෙමේ නෙ.අනික ඔයා කොහොමද මට හික්මීම නෑ කියන්නේ?ඒක දන්නෙ මම.
      ගොඩක් දුර නෙමේ මිනූ මම ගමනෙන් කාළක්ම ගිහින් ඉවරයි.දැන් තියෙන්නෙ අමාරුම හරිය.

      Delete
  7. බැඳීම්නැති ජීවිතේසරලයි කිව්වට බැඳීම්අතාරින්න කොච්චරනම් අමාරුද කස්සා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචන්.ගොඩක් අමාරුයි

      Delete
  8. ම්ම්ම්.... අදහසක් පහළ වෙලාද? නැත්නම් කලින් තිබ්බ අදහසක් ක්‍රියාත්මක කරන්න හදනවද?

    ReplyDelete
    Replies
    1. ඔය දෙකම නෙමේ.ආවට ස්තුතී

      Delete
  9. කාලෙකින් කවියක් අරන් ඇවිල්ල තියෙන්නේ.හිතන්න දෙයක් තියෙනවා ඒ කවියේ.

    ReplyDelete
  10. බොලේ කස්ස කොළුව දන්න දේවල්....

    ReplyDelete
    Replies
    1. පිස්සෙක් වගේ පොත් කියවන එක තමා කරන්නෙ මාමෙ

      Delete
  11. සරලයි.. බැඳීම් නැති ජීවිතය වගෙයි.. ඒත් ගැඹුරුයි,දුෂ්කරයි.. බැඳීම් නැතිකරන්නට දරණ උත්සයහ වගෙයි..

    ReplyDelete
  12. උබ ගොඩනම් එච්චරයි...ජය

    ReplyDelete
  13. බැඳීම් වලින් නිදහස් වෙන්න තියෙනව නම් කොච්චර හොඳද...

    අපිම පටලව ගන්න බැඳීම්

    ReplyDelete
  14. බැඳීම් ... ජීවිතේ දුකට ළං කරන එක සාධකයක්!!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...