Jan 17, 2012

හම්බන්තොට බලල මෙල්බන් හංදියෙන් ගෝල්ඩ්කෝස්ට් ගියා (පළවෙනි කොටස )


ගෝල්ඩ්කෝස්ට් කියනකොට ම කට්ටියට මතක් වෙන්න හම්බන්තොට.ඒ අර පොදුරාජ්‍යමණඩලීය ක්‍රීඩා තරඟෙට තිබ්බ පොර බැදිල්ල නිසා.ඒගැන කතා නොකර හිටියත් ඒ වැඩෙත් ඔසියන්ටම සෙට් වුන එක ගැන නම් මගෙ හිතේ පොඩි දුකකුත් තියනව.හැබැයි ඒවගේ තරඟයක් තියන්න තරම් හොඳ පරිසරයක් මෙහෙ තියන එක ගැන නම් ඉතින් වාද විවාද ඕනෙ වෙන්නෙ නෑ.


2010 යෙදි ඔය කියන හරිය පට්ට ගං වතුරකට අහුවෙච්ච නිසා ප්ලෑන් කරගෙන හිටපු ගමන කල් දැම්මත්, ගිය අවුරුද්දෙ අන්තිමට කොහොම හරි අපි ගෝල්ඩ්කෝස්ට් යන්න සෙට් වුනා.


කාලයක් තිස්සෙ යාලුවන් ගෙන් අයින් වෙලා හිටපු මට දෙයියො දුන්න වගේ හොඳ බොකු ටිකක් තියන මිත්‍රයො ටික දෙනෙක් සෙට් වෙච්ච් නිසා කීයක් ගියත් මේ ගමන උන් එක්කම යන්න මම තීරනේ කරල තිබ්බෙ.


ඊට කලින් දවසෙ, ඒ කියන්නෙ සිකුරාද දවසක්, අපේ ජනි බෝයිගෙ  උපාදිය ගන්න උත්සවේ කවර් කරන්න සෙට් වෙලා තිබුනෙත් මට.මීට අවුරුදු දෙකකට කලින් මම උපාදිය ගන්නකොට එක පොටෝ කෑල්ලක් ගන්න කවුරුත් හිටියෙ නෑ.ඉතින් ජනිය හිත හොඳ එකා නිසා, උගෙ එකේ පොඩි පොටෝ කෑලි ටිකක් ගන්න අපිට මෙල්බන් වලින් ගොඩක් දුර යන්න උනා.මොකද ඒකත් තිබුනෙ පට්ට ඩොටේ.ඒ ගමන් මහන්සියයි රෑ දෙගොඩහරියෙ ආපු නිසා නිදිමතයි ඕනවටත් වැඩියෙන් තිබුන.


මේ ගමන අපේ ලොකු හීනයක් වෙලා තිබුනෙ.ඒත් අන්තිමට අතේ තිබ්බ සල්ලි පිච්චියටම හිඳෙන කම් වියදම් කරල ගොල්ඩ්කෝස්ට් බලා යන්න පිටත් උනා.මාත් එක්ක කොල්ලො හතයි.කෙල්ලො තුනයි.අංකලුයි ඇන්ටී.ඔක්කොම දොලොස් දෙනයි


මෙල්බන් එයාපෝට් එකෙන් පිටත් වෙලා ගෝල්ඩ්කෝස්ට් බහිනකොට මම හිතන්නේ උදේ අට අටහමාර විතර ඇති.ඒත් බහිනකොට ම දැක්ක සීන් එකට දික ගොඩක් දුක හිතුන.



මෙටිකට මෙ යක්කු වෙල්කම් පෝස්ටරුත් ගහල.

12 comments:

  1. ඔව්වා ඔහොම තමයි මචො..ඔහොම වෙනව තමයි..ජොලියක් දාල වරෙන්..දුක බල්ලට දාල

    ReplyDelete
  2. හරි ලස්සන වෙල්කං පෝස්ටරයකි..

    ReplyDelete
  3. වෙල්කම් පෝස්ටරය නියමයි. කොහොම හරි සතුටින් ගිය ගමන එන්ජොයි කරල එන්න කස්සො.

    ReplyDelete
  4. පට්ට වියදමක් දරනවා ඇති නේද බං...

    ReplyDelete
  5. හරි හරි බන් . .

    අපි රට හැබෑවටම දියුනු කරලා (බැලුම් බෝලයක් පුම්බලා වගේ දියුනුවක් නෙමේ මම කියන්නේ, හැබෑ දියුනුවක්) ඊට පස්සේ ඒක මෙහේ තියන්න කියලා ඉල්ලලා ජනාදිපතිගේ පුතායි එයාගේ යාලුවොත් විතටක් නෙමේ මුලු රටම එකතු වෙලා ඒක අපේ රටට දෙනන් කියලා ඉල්ලමු . .

    මේ පාර එක හිතේ කහටට්ක් නැතුව එන්ජෝයි කරපන් . . .

    ReplyDelete
  6. දැනටමත් පෝස්ටර් ගහලා කියන්නේ තව ලං වෙද්දි කොහොමට තියෙයිද? අපරාදේ අපිට අහිමි උන් චාන්ස් එකනේ..

    ReplyDelete
  7. මේ පැත්තේ ආවමයි. සෑමගේ බ්ලොගේ කමෙන්ටුවක් තිබ්බ නිසා රිංගුවේ
    සිරා.. හිමීට බලමු ඉතිරි කතා..

    ReplyDelete
  8. අර දෙන්න ගහ ගන්නවද බෙලි මිරික ගන්නවද හපා ගන්න හදනවද???

    ReplyDelete
  9. අර කිව්වත් වගේ අපරාදෙනේ අෆ්ෆා... ශ්‍රී ලාංකිකයෙක් හැටියට දුකයි ඉතින්..:(

    ReplyDelete
  10. ගිය දේ ගියා...දුක වෙන්නේ නැතුව ෆන් එකක් අරන් එන්න.මොකද විනෝද බද්ද කියල එකක් නැතුව ඇති මගේ හිතේ..

    ReplyDelete
  11. අදමයි ආවේ ..ඔක්කොම බලලම ආයිත් කමෙන්ට් කරන්නම්.

    ReplyDelete
  12. අනිත් පැති වල නං කරක් ගහල තියෙනව, තාම 'රන් වැල්ල' පැත්තෙ නං ගිහිං නෑ.වෙලාවක ගිහිං බලන්න ඕනෙ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...