Jan 29, 2012

හම්බන්තොට බලල මෙල්බන් හංදියෙන් ගෝල්ඩ්කෝස්ට් ගියා (දෙවන කොටස )


පළවෙනි දවසෙ,උදේ නමය විතර වෙනකොට අපි එහෙ..සෙට් කරගෙන තිබ්බ වාහනේ එනකොට ටිකක් පරක්කු උනා.එයාර් පෝට් එකට වෙලා එහෙට මෙහෙට යන කෑලි දිහා බල බල හිටිය එක තමයි කළේ.

ගෝල්ඩ් කෝස්ට් වල කාලගුණය ගොඩක් ලංකාවට සමාන පාටක් පෙනුනෙ.හැම තැනම කොල පාට.මෙල්බන් වල එහෙම ෆීලින් එකෙක් එන්නෙ නෑ.
නතර වෙන තැනට ගියා.ඇදගත්ත ආපහු පිටත් වුනා. මොකද වෙලාව ගොඩක් ඉතිරු කරගන්න ඕනෙ නිසා.
අපි මුලින් ම ගියේ Warner Bros.Movie World
එකට. අම්මට සිරි, එතනනෙ ෆන් එක තියෙන්නෙ.ලංකාවෙ ඉන්නකොට චූටි කතුරු උන්චිල්ලාවක් පැදපු අපිට මේවගේ පත සයිසි රෝල කෝස්ටර් එහෙම ඉතින් දැක්කම එක පාරට මැජික් වගේ.


හා හා පුරා කියල මුනින්ම යන්න සෙට් වුනේ "Batwing Space Shoot" කියන රයිඩ් එකේ.
මේකෙ උස අඩි 200 යක්,වේගය පැයට කිලෝමීටර් 64 විතර හැබයි තත්පර 50 කින් අඩි 200 යක් උඩට ගිහිල්ල පහලටත් එනව. ජී ෆොර්ස් එක 4ක්.මේකෙ යන කොට බඩට මුකුත් දාගෙන තිබ්බෙ නෑ.පට්ට බඩගින්නෙ ගියේ.නැත්තම් කබ්බ සෙට් වෙනව අනිවා.

 

 ඔන්න ඉතින් ඒක ඉවර වුනා.ඊලඟට යන්න ගියෙ "Superman Escape" කියන රයිඩ් එකේ.මේක තමා මම ගිය හොඳම රයිඩ් එක.උස අඩි 130.ඩ්‍රොප් එක අඩි 130.මුලු දිග අඩි 2490.උපරිම වේගය පැයට කිලොමීටර් 100.හැබැයි තත්පර දෙකකින් 0 ඉදල 100 ට යනව.මුලු වෙලාව විනාඩියයි තත්පර හතලිහයි.ජී ෆොර්ස් එක 4.2ක්


ඔය වගේ තියන එක එක රයිඩ් වල ගිහින් දන්නෙම නැතුව දවසම ගෙවිල ගියා.
අන්තිමටම බැලුවෙ හොලිවුඩ් ස්ටන්ට් ඩ්‍රයිවර් කියන ශෝ එක.එක නම් පට්ට.. මේ තියෙන්නෙ එකෙ පිතූර ටිකක්.
  මේ අල්ල පනල්ල අස්සෙ මම කෙල්ලෙක් ගෙ පින්තූර ගන්න ගිහින් ඔසියෙක් එක්ක කොක්කකුත් දාගත්ත.කැමරාව එල්ල අත්තම ඉතින් සුන්දර දේවල් අත අරින්නම බෑ.

 
 

11 comments:

  1. අම්මෝ අර මුලින්ම තියෙන එකේ රයිඩ් එකක් එක පාරක් මමත් ගිහින් එපා උනා.. ඔක්කොම හරි පහලට වේගෙන් එද්දිනේ ඉන්න අමාරු...

    ReplyDelete
  2. අනේ අප්පේ, මම නම් ලෝකෙ වටේ ගියත් ඔය වගේ ඒවයෙ නම් යන්නෙ නැතෝ.D.. ලස්සන පෝස්ට් එක. කොලු කාලෙට කෙල්ලෙක් ගෙ පින්තූර ටිකක් නොගත්තොත් නෙ පුදුමෙ.

    ReplyDelete
  3. මාත් ඕවයෙ යන්නෙම නැහැ...පොඩි කාලෙ දවසක් තාත්ත එක්ක ගියා..මම බයවෙලා අඬන්න ගත්ත පාර ඒ කිට්ටුව තිබ්බ ශොප් එකකින් ලොකූ බෝනික්කෙක් අරන් දීල තමා ඇඬිල්ල නවත්ව ගත්තෙ....එදා මෙදා තාම ඕව එකකට පය තියන්නෙ නැහැ......

    හික්..හික්....ඔය රෝසපාට දෙන්නගෙ පොටෝ එක රාමු කරල බිත්තියෙ ගහන් ඉන්නවලු නෙහ්?

    ReplyDelete
  4. මමවත් දන්නෙ නැති හුඟාක් දේවල් දැන් ඔයා දන්නවනෙ :P

    ReplyDelete
  5. ඔය අන්තිම එකේ ගියවිස්තරේ දාලනැත්තෙ ඇයි?

    ReplyDelete
  6. You seem to have had the time of your life, dude.

    henryblogwalker the Dude

    ReplyDelete
  7. මට මතක් උණා අපේ බයෝ සර්ව.. ටියුෂන් ක්ලාස් එකේ.. එයා රට ගියාම බලන දේවල් වල විස්තර අපිට කියනවා රහ කර කර.. ඔය රෝලකොස්ටරේ කතාවත් කීපාරක් කිව්වද මන්ද..අපිටත් ඉතින් වැඩේමයි..කටවල් ඇරගෙන අහං ඉන්නවා !!! දැකල නෑනේ.අද තමා පින්තුරයක් වත් දැක්කේ..

    ReplyDelete
  8. කොක්කකුත් දාගෙන ගුටිත් නොකා ආව නං ඒකම මදෑ....හෙහ්...හෙහ්...

    ReplyDelete
  9. ඔය රයිඩ් එක නම් අර පින්තූරෙ ඉන්න නංගිල දෙන්නම දෙනව කිව්වත් මට නම් බෑ... උඩවල් වලට මම පට්ට බයයි.

    ආපු මුල් කාලේ හතරවරං ගැහුවට අවුරුදු 2 කින් විතර කොහේවත්ම ගියේ නෑ. බ්‍රිස්බේන් යන්න ඕනි කෙලි පැට්ටත් ආවම :D

    ReplyDelete
  10. ඔයා කවදද අනේ ගියේ... අපිත් මේ මාසෙ මුල ගියානෙ මෙහේ.... අපි අර බැට්විං කෝස්ටර් එකේ යන්න හදනකොට ඒකෙ මොකක්දෝ ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් කියල ඔක්කොම ආපහු බැස්සුවා.... සුපර්මැන් එස්කේප් එකේ නම් හූ තියාගෙන ගියා.... ඇඟේ ලේ නෑ... පොඩි එවුන්ට නම් අවුලක් නෑ... මහ උන් බය උනේ.... :D
    අර ස්කුබි ඩූ කෝස්ටර් එකේ යන්න පෝලිමේ හිටියා විනාඩි හතළිස් පහක් විතර.... ඒකෙ කොනක් පේන්නෙ නැති නිසා ආපහු ආව....
    බැට් මැන්ගෙ සජීවී වික්‍රමයනුත් බැලුවද...හික්ස්...
    අර ස්ටන්ට් ඩ්‍රයිවර් කෑල්ලත් මරු නේද....
    මට නම් හොඳට අල්ලල ගියේ වයිට් වෝටර් වර්ල්ඩ් එක....

    ReplyDelete
  11. චික් අපි ඉන්න රටවල ඒ වගේ දේවල් නැහැනේ.ඉරිසියත් හිතෙනවා.උඹ ගැන.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...