Jan 12, 2012

අවසරයි ඉතාලි රෝස මල !



උණුහුමේ ඉපිද
ජීවිතෙන් බැට කෑ
ඉතාලි රෝස මල
සමු දෙන්නම්
නික්මී නැවතත් පිපෙන්නට
සීතල ඇල්ප්ස් කඳු අතර නිම්නයක 
අමතක කර දමා 
තටු සිඳුනු වසන්තය 
පිපීයන් නැවතත් සුවඳින් 
වැටෙන්නම් හැමදා තුශාරයක් ව 
නුඹටත් හොරෙන්
කැන්ගරු රටින් එන 
වළාකුලක නැගී
එතෙක්
ආයුබෝවන්
 

38 comments:

  1. හෙම්....ලස්සන පදවැල මචං....

    ReplyDelete
  2. පදවැලනම් සුපිරියි... කවුද මේ ඉතාලි රෝස මල??

    ReplyDelete
    Replies
    1. දිග කතාවක් මචන්.නොකිය ඉන්නම්

      Delete
    2. ඒ කතාව පොස්ට් එකක් විදියට දාපං.

      Delete
  3. ලස්සනයි කස්සා, කවුද? මේ.........?

    ReplyDelete
    Replies
    1. හැමදාම හිතේ ඉන්න කෙනෙක්.ස්තුතී චාන්දි අක්කේ

      Delete
  4. කස්සා බොක්කට වදිනවා මචං.... අඩෝ මං කියවපු සරලම ෆට්ටම කවිය... මැක්සා මචං... උපරිමයි... මේක මට මගේ බ්ලොග් එකේ දාන්න අවරසයක් දියන්....

    ReplyDelete
    Replies
    1. දාපං මචෝ හැබැයි උඹ හිතවට වඩා මේකෙ තේරුම වෙනස්.

      Delete
  5. ලස්සනයි මචං .. සත්තයි ලස්සනයි

    ReplyDelete
  6. එළ එළ ...ලස්සනයි....

    ReplyDelete
  7. සිතුවිලි ගැලපුම ගොඩක් ලස්සනයි සහෝ.
    ඒත් හිතාගන්න බැරි මේ සිතුවිල්ලෙ අරුත.. :)

    ReplyDelete
    Replies
    1. ආදරේ කරපු කෙනෙක් දාල යනකොට ඇතිවෙන අදහසක් කියල දැනට හිතාගන්නකො

      Delete
  8. තේරුම ගන්න ටිකක් ආමාරුයි.

    ReplyDelete
    Replies
    1. කතාව දිගයි.නොකිය ඉන්නම්

      Delete
  9. ඉතාලියෙන් අතහැරල ඔස්ට්‍රේලියාවෙන් අල්ලනවද?...
    හරියටම හිතාගන්න බෑ බං....

    ReplyDelete
    Replies
    1. ඔය දෙකම නෙමේ බං. වෙන එකක්.

      Delete
    2. අනේ අනිච්චං! ඔය ඉතින් මගෙ මොලේට දැනුන හැටිනෙ....
      වැටුන කොමෙන්ටු ඔලින්නම් දැන් ටිකක් තේරෙනවා බොහොම බරපතල එකක් කියල...

      Delete
  10. ඉතාලි රෝසමල කවුද කියල මම දන්නවා....ඔයාගෙ පැතුම එහෙමම ඉටුවෙන්න කියල මම හදවතේ ගැඹුරුම තැනින් පතනව අයියෙ.....!!

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඔයා කොහොමද දන්නෙ?ඔයාගෙ යාළුව කියන්න ඇති එහෙනම්.බොහොම ස්තුතී.

      Delete
    2. නෑ..නෑ...අයියෙ මට කවුරුවත් කියල නෙවේ...මම හිතල තේරුම් ගත්තා දැකපු දේවල් එක එක අමුනලා..මූට්ටු කරලා....ඔයාට තේරෙනව ඇති මම කියන දේ..මම හෙනට පැහිලා හොඳද????

      Delete
    3. හපෝයි ඒගැනනම් මොකට කියනවද.ඔයා තෙරුම් ගත්තට වඩා ගොඩාක් ගඹුරුයි මේක.

      Delete
  11. ලස්සනයි... හරිම ලස්සනයි...

    ReplyDelete
  12. දන්නව කවුද කියලා මේ රෝස මල........................

    ReplyDelete
  13. ඔළොක්කුවට සිනා සුන සුන
    ජීවිතය ලඟ බැට කෑ
    නුඹට පෙම් කල
    දුප්පත් පෙම්වතී
    ඉතාලි රෝස මල මම
    එකින් එක පෙති හැලී
    දිනෙන් දින පරව යන...
    කාලයේ වලා තිමිරයෙන්
    මතකයෙන් හැර දමන විට දී
    රිදුම් දුන්නත් සියොලඟ
    සමුගන්නම් ඉතින්
    සැඟව යන්නට නොබෝ දිනකින්
    සීතල ඇල්ප්ස් කඳු අතර
    සසල කළ ඉකි බිඳුම් එක්කම…

    ReplyDelete
    Replies
    1. පරිස්සමින් යන්න බෝලේ.බුදුසරණයි.

      Delete
  14. කවිය නම් තේරේ
    තේරුම නොතේරේ
    කෙල්ලෙක් ගැන කියනා බව
    හොරාට වාගේ දැනේ...

    පංකාදු පහයි.. ලස්සනයි. ජයවේවා!!!

    ReplyDelete
  15. ඉතාලි රෝස මල...
    හැබැයි කැන්ගරුරටින් ඉතාලියට පදිංචිය වෙනස් කරන්න හේතු වේවිද මන්දා..

    ReplyDelete
  16. කැනගරැවා ‍ඉතාලි රෝසමලට ලියපු එකක් වගේ :)

    ReplyDelete
  17. ඇය වෙසෙන්නේ මේඅහසයටනම්..දැනේද නුඹට තනිකමක්...

    ReplyDelete
  18. ලස්සනයි!!! මේ මාතෘකාව දැක්ක ගමන් මට හිතාගන්න බැරිවුනා..:D

    ReplyDelete
  19. කවුරු ගැන්ද මේ.සුභපතනවා..කවුරු උනත්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...