Jan 10, 2012

නව වසරට සුභපැතුම් සමග ඉස්පිරිතාලයක ගතවුන අලුත් අවුරුද්ද.


2011 අවුරුද්දත් ඉවරයි.පහුගිය මාස දොලහට කොච්චර නම් දේවල් සිද්ධ වුනාද?ඒක මට විතරක් පොදු දෙයක් නෙමේ,මේ බ්ලොග් ලියන හැමකෙනාටම පොදු දෙයක්.දුක,සතුට,බලාපොරොත්තු,හීන මේ එක එක දේවල් එක්ක යුද්ධ කරපු,සමහර ඒව දිනල හුරේ දාපු,තවත් ඒව පැරදිලා දුක් වෙච්ච්, එක එක හැල හැප්පීම් එක්ක ගතවෙලා ගිය පහුගිය මාස දොලහ දැන් ඉවරයි.2012 අලුත් අවුරුද්දක්.මායන් කැලැන්ඩරේට අනුව නම්  මේ අපි ගෙවන්නේ අපේ අන්තිම අවුරුද්ද. ඉතින් මේ අවුරුද්දෙ මේ හැම කෙනෙක් ගෙම හැම බලාපොරොත්තුවක්ම ඉශ්ඨ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. 

පරක්කුවෙලා අලුත් අවුරුද්දට සුභ පැතුවට සමාවෙන්න. මේ දවස් ටිකේම ගෙදර හිටියෙ නෑ.දිග නිවාඩුවක් ලැබුන.යාලුවො සෙට් එකත් එක්ක උන්ගෙ ගෙදර  මේ ටික කාලෙම ගෙවුනෙ.

දැන් කතාවට බහිමු.

 ..................... 

හරියටම තිස් එක රෑ.අලුත් අවුරුද්ද ලබන්න තිබුනේ තව ටික වෙලාවයි.ඒ වෙනකොට මමත් මගේ ගජයොත් හොඳටම බීල හිටියේ. අලුත් අවුරුද්ද ලබන මහ රෑ හැමෝගෙම අදහසට රාත්‍රී සමාජශාලාවක ගත කරන්න තීරණය වෙලා තිබුනෙ.2012 ලබනකොට අපි හිටියේ හයි වේ එකේ.පාර අයිනෙම තිබුන සර්විස් ලේන් එකේ අපේ වාහන නතර කරල  යන හැම වාහනේකටම ඇහෙන්න "happy new year" කියල ගිරිය යටින් කෑගහපු එක තමා අපි කලේ.
තව සති දෙකකින් මගෙ එන්ගේජ්මට් එක.හරි නම් මම අද ඉන්න ඕනේ පන්සලේ.මලක්,පහනක් පත්තු කරල අලුත් අවුරුද්දටයි,මගේ අලුත්  ජීවිතේටයි ආශිර්වාද ගන්න ගමන්.ඒත් බාගෙට මත්වෙලා තිබුන මගෙ ඔලුවට ආපු මේ අදහස  රට බීමවල තිබුන මත් ගතියට යටපත් වෙලා ගියා.
 සමාජ ශාලාවට අපි යනකොට අලුත් අවුරුද්දෙ ප්‍රීතියත් එක්ක  සතුටු වෙන්න ආපු කාන්තාවන්ගෙන් මුලු සමාජ ශාලාවම පිරිල තිබුනේ.ඇඟිල්ලක් ගහන්න ඉඩක් තිබුනේ නෑ.අඳුරන කිහිප දෙනක් හිට්ය නිසා ඇතුලට රිංගගන්න එක ඒ තරමටම අමාරු වුනේ නෑ.

කොටටම කපල තිබුනු මගෙ කොන්ඩෙට මැදිවියේ සුදු කාන්තාවන්ගෙන් තිබුනෙ විශාල ඉල්ලුමක්.ඒක මගේ යාලුවන්ටත් ලොකු පුදුමයක් වෙලා තිබුනේ.

"යකෝ අද උඹට ඇන්ටන්ගෙන් තියන ඉල්ලුම.අපි මෙහේ වේලෙනව."

මැදියම් රැයත් පහුවෙලා හෝරා දෙකක් විතර යනකම්ම එක එක ජාතියේ කාන්තාවො එක්ක මම කලේ විනෝද වෙන එක.ඇල්කොහොල් මතට මම වගේම ඒ අයත් පියවි සිහිය පහුකරල ගොඩක් දුර ඇවිත් තිබුන.ඒ වගේ තැනක සිප ගැනීම්, වැළඳ ගැනීම් නො අඩුව තිබුන.ගෙදට හිරවෙලා හිර කාරයෙන් වගේ හැදුනු මට දුරු රටක මේවගේ අත්දැකීම් ලබන්න තිබුනෙ පුදුමාකාර ආශාවක්.

මේ අතරෙ අපිත් එක්කම ඇවිත් හිටපු මගෙ තව යාලුවෙකුගෙ ගැහැනු ළමයව අනවශ්‍ය විදියට අතපත ගාපු, ශරීරයෙන් හැඩි දැඩි  "මවුරි" පිරිමි දෙතුන් දෙනෙක් එක්ක මගේ යලුව ලොකු ප්‍රශ්නයක් ඇතිකරගත්ත.ටික වෙලාවක් යනකොට සමාජ ශාලාවෙන් දොට්ට ඇදල දාන්න තරම් මේ ප්‍රශ්නෙ දුරදිග ගියා.ඒත් අපි අඳුරගෙන හිටපු බොහෝ දෙනෙක් එත හිටපු නිසා.ඇඟෙන් විශාල වුනත්,අපිට අතක් උස්සන්න තරම් ඒ මිනිස්සු මෝඩ වුනේ නෑ. ඒත් එලියට ආපු අපි අතරත්, ඒ පිරිස අතරත් අසබ්‍ය වචන හුවමාරුව දිගටම පැවතුනා.

මචන් මොකද කියන්නේ උන්ගේ තුන්දෙනයි ඉන්නේ.ගහමුද?”

එ වචනේ පිටවුනා විතරයි.අපේ දෙතුන් දෙනෙක් දන්වැල් ලිහපු පිස්සු බල්ලො වගේ අර හැඩි දැඩි පිරිමි ඉස්සරහට දුවන්න ගත්ත.මේ අතරින් එක්කෙනෙක් ඉස්සර වුනා.

ඩිග්…”

දුවගෙන ගිය මගෙ යාලුවගෙ මූනට සැර පහරක් වැදුන.මම එතනට යනකොට ඌ නහයෙන් කටින් ලේ පෙරාගෙන වැටිල හිටිය.


හී ඉස් නොට් බ්‍රීතින්...සම්බොඩි කෝල් ඇන් ඇම්බ්යුලන්ස්...

එක ගෑනියෙක් කෑහැහුව.

වටේ හිටපු අයගෙත් උදවුවෙන් අපි මේ මනුස්සයව ඉස්පිරිතාලෙට අරගෙන ගියා.ඒ වෙනකොටත් යාලුවට සිහිය ඇවිත් තිබුනෙ නෑ. අපි ඉස්පිරිතාලෙට යනකොට යාලුවව ඇතුලට අරගෙන. වෙන කරන්න දෙයක් නොතුබුන නිසා අපි කලේ අමුත්තන්ට වාඩිවෙන්න තිබුනු සෝෆා වල දිග ඇදිච්ච එක.ඇගේ මහන්සියත්,මත් ගතියත් නිසා දන්නේම නැතුව නින්ද ගියා.

හේ මේට්.. ගෙට් අප්...

කවුද එකෙක් මාව කූද්දනව...නිදිගැට කඩ කඩ, මතට වැහිල තිබුන ඇස් අමාරුවෙන් ඇරල බලුව.
 මල හත්තිලවුවයි.පොලිස් කාරයෙක්..

නැගිටපන් යකෝ මෙන්න මූට කට උත්තරයක් දීපන්.අන්න අරුන්ව අල්ලගෙන ඇවිත්.තොපි දෙන්න මේක දෙවනත් වෙන්න ගෙරෙවුව.මේ යක්කු කතා කරන එකවත් ඇහෙන්නේ නෑ. නර්ස්ල හිනාවෙනව.විලි ලැජ්ජාවෙ බෑ.

අපි ඉස්පිරිතාලෙ දෙක වෙන්න ගොරවල.පුදුමයි එලියට නොදැම්ම.

අන්න අරූට සිහිය ඇවිත්ලු.මේ ඩොකා කතා කරනව.

බෙල්ලට තද බැන්ඩේජ් එකක් දාල.මූන පැත්තක් හොඳටම ඉදිමිලා.ඒ මදිවට සේලයිනුත් දෙනව.අපි යනකොට ලඟ හිටපු ටිකක් ආසියානු පෙනුමක් තිබ්බ නර්ස් කෙනෙකුට මූ ලයින් එකත් දානව.

"අර බලපන් අරූ..
නොදකින් කාලකන්නිය තවත් මට්ටු නෑ."

"කොහොමද උඹට ?"

අඩෝ මට කබ්බ දාන්න ඕනෙ.

ඔන්න මේ යකා ඉස් ඉස්සෙල්ලාම අහපු එක.

උඹට මතකද මොකද වුනේ කියල?”

නෑ බන් ක්ලබ් එකෙන් එලියට එව මතකයි.ඊට පස්සෙ මේ ඇඳේ  නර්ස් එක්ක.කොහොමද කෑල්ල? ඉස්ම නෑ නේද?”

ටිකට් කපාගෙන ගෙදර එනකොට එලි වෙලත් එක්ක.හැබැයි ඉස්පිරිතාලෙන් එලියට එනකොට මේ වෙච්ච සිද්ධිය කාටවත් නොකියන්න හැමෝම පොරොන්දු වෙලා හිටියෙ.

.....................

මේක මට වෙච්ච සිද්දියක් නොවුනත් මගේ බොක්කෙ යාලුවෙකුට සිද්ධ වුන දෙයක්.කාටවත් නොකියන පොරොන්දුව පිට තමා ඌ මට එම විස්තරේ දිග ඇරියෙ.

12 comments:

  1. හෆොයි. හැන්ග්ඕවර් 3 වලට හොඳයි මේක :D
    අර යාලුවා අලුත් අවුරුද්ද සමරන්න ඕනේ එන්ගේජ් වෙන ගර්ල් එක්ක නේ. අනික දෙයියනේ ඔහොම බොන්න යනවනම් ටැක්සි එකක් අරන් ගියා නම් ඉවරනේ. පුදුමයි පොලිසියෙන් ඇල්ලුවේ නැතුවා! විශේෂයෙන් ඔය දවසේ...

    ReplyDelete
  2. මටත් ඔසී යන්න හිතෙනවා :D

    ReplyDelete
  3. තවම කාටවත් ඔක කිව්වේනෑනේ..එළ මං කියන්නේත් නෑ..හෙම්

    ReplyDelete
  4. නොකීමයි නොලීමයි කියන්නේ දෙකක් කියල යාළුවට තේරෙනෙකොට පරක්කු වැඩි වෙයි වගේ... :D

    ReplyDelete
  5. හෙහ්.. කාටවත් නොකීමේ පොරොන්දුවේ ප්‍රතීඵල තමයි මේ..

    සුභ අළුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. අපිට මේ අවුරුද්දේ වෙඩින් කේක් ලැබෙයි වගේ...:)

    ReplyDelete
  6. ඇත්තටම මේක යාලුවෙකුටමද සිද්ධවුනේ ....
    හරි හරි මට නෙමේනෙ....

    ReplyDelete
  7. අප්පට සිරි හරි එකාට කියලා තියෙන්නේ...

    ReplyDelete
  8. කාටවත් කියන්න එපා කියපු දේවල් කාටවත්ම කියන්න එපා... ජය වේවා!!!

    ReplyDelete
  9. විස්තරේ පත්තරේ ලාබයි සත පනහයි......!!

    ReplyDelete
  10. @niroshini
    කතාව ඇත්ත.ඒත් මිනිස්සු බිවුවම කරන්නේ පිස්සු නේ.

    @පූසා
    වරෙන් වරෙන්

    @raj
    කිවුවෙ නෑ මචන් ලිවුව විතරයි

    @තාරක
    හරියටම හරි..හැබැයි මම නම් ගම් දාල නෑ

    @dinesh
    මගෙ නෙමේ බං වෙඩින් එක...මගේ යාලුවගෙ

    @වැලිමැඩිය
    ඔවු බං. ඇයි සැකද?

    @මාලු
    ඒක නේ කියන්නේ..

    @shani
    කාටවත් කීම සහ ලිවීම දෙකක්

    @කිරිල්ලි
    ඔයාටත් ඔනෙද පත්තරයක්?

    ReplyDelete
  11. දන ඇත්තටම කවුද ගුටි කෑවේ.අම්මට කියන්නේ නැ..

    ReplyDelete
  12. අපෝ මදැයි ඔහොම බේරුනා. හොද තෑග්ග අවුරුද්දට. මාත් ඔන්න කාටවත් කියන්නෙ නෑ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...