Oct 22, 2011

මිනුරි!


මිනුරි!
මම උඹේ ආදරේට
අඬල අඬල
උඹට කිරි එරෙන කොට
කෝච්චිය ගිහින්

Oct 20, 2011

ඊශා




ඊශා 
ඔයාට මතකද?
අපේ පළමු හමුවීම,
වෙනදා වගේම 
තට්ට තනියම
මමයි මගෙ කැමරාවයි
ඔයාගෙ ඇස්වලට
වශී උනා.
අපි ආදරය කලා
කාටත් හොරෙන්.
එදත් අද වගේම
හඳ පායල
යාරා ගඟට උඩින්
ඔයාට පේනවද?
මම ඇඟිල්ල දිගුකලා හඳට
ඇය තාමත් මගෙ 
ඇඟිල්ල දිහා බලාගෙන?

Oct 19, 2011

පිටිදූවේ හාමුදුරුවෝ සකෘධාගාමි වීම සහ ඉල්ලගෙන පවු පුරවා ගැනීම

සුගිය දින කිහිපයේ ලංකාවෙ වෙබ් අඩවි පුරා උණු කැවුම් සේ අලවි වුන එක් දැන්වීමක් වුයේ, පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවො සෝවාන් වී ඇති බව හා උන්වහන්සේ සිය නම පවා වෙනස් කර ඇති බවයි.

මේ ලියන්නට යන්නේ ඒ පිළිඹඳ විවේචනයක් නොවන වග මුලින්ම කිවිය යුතුය. 

සිරිධම්ම හාමුදුරුවෝ යනු  එදා සිට ඉතා තාර්කික ලෙස බුදු බණ කියා දුන්,ලංකාවේ සිටින අතලොස්සක් ධර්ම දේශක ස්වාමීන් වහන්සේලාගෙන් එක අයෙකි.මා දන්නා ලෙස උපාධිය තෙක් අධ්‍යාපනය හදාරා පසුව මහන දම් පිරීමට ගිහි ගෙයින් නික්මුන අයෙකි.අනෙක් දේශක ස්වාමීන් වහන්සේලාගෙන් වෙනස්ව ඉතා සුවිශේෂ ආකාරයකට ධර්ම දේශනාකරන බුද්ධ පුත්‍රයෙකි.

ඉතා වැදගත්ම කරුන වන්නේ,උන්වහන්සේ සෝවාන් මාර්ගයත්,ඵලයත් පසුකර සකෘධාගාමී අවස්තාවට පත් වුයේනම්,නිවන් මාර්ගයේ අඩක් ගමන් කල උතුමෙකු අප අතර සිටින බව ට එය ඉතාම හොඳ සාක්ශියක් වන බැවිනි.තවද, ලංකාවේත් අනෙක් රටවලත් බාවනා කුටි වලට වී,බාවනානුයෝගීව මීටත් වඩා එහා මාර්ග ඵල ලබාගත් උතුමන් සිටියත් උන්වහන්සේලා  සමාජයට පැමින ඒ බව නොකියන අවදියක, පිටිදූවේ හාමුදුරුවො ඒබව පැවසීම පවා ලාංකික අප ලද පිනක් ලෙස සැලකිය හැක.

මේ කතාව අසා බොහෝ දෙනා එය හිස මුදුනින් පිළිගන්නවා වෙනුවට  උන්වහන්සේට කට කතා හැදීම ආරම්භ කලෝය.බුදු හාමුදුරුවන්ටත් කට කතා හැදුවා නම් අද වැනි කාලයක උන්වහන්සේ ගැන කවරනම් කතාද?


අවසාන වශයෙන් එක් ඉල්ලිමක් කිරීමට ඇත.ඔබ හා මම මීට පෙර නිවන් මගේ අඩක්  ගමන්කල හෝ එයට ලඟාවු හෝ උතිමෙකු දැක නැත.ඉතින් එය සනාත කර ගැනීමට හැකි එකම ආකාරය වන්නේ උන්වහන්සේගේ ධර්මදේශනා වලට සවන්දීමෙන් පමනි.කෙසේ වෙතත්,ඔය කතා බොරු යැයි කියා,චීවර ධාරියෙකුට නින්දා කිරීමෙන් පවු පුරවා ගැනීම හෝ  සකෘධාගාමී උතුමෙකුට එසේ කියා කල්ප ගනනක් අපායේ කරක්ගැසීමට වාසනාව උදා කර නොගන්නාලෙස ඉලා සිටිමි.


Oct 15, 2011

මට නැති හඳ


තරු වටකර හිනැහෙන නුඹ හිත පිරෙන්න දකින්න
බෝ මලුවේ ඇවිද ඇවිද සිල් සුවඳින් තෙමෙන්න
සුදු වැලි මත වාඩිවෙලා බණ පදයක් අහන්න
මට බෑ හඳ උඹට බැරිද පෝයට මෙහෙ වඩින්න

Oct 13, 2011

නදීක මට පිස්සු


උඹේ ගිටාරයෙ රහට ලොල් වෙලා
නැගුව තනු අතර ළොවම පැටලිලා
නදීක උඹ කළ මේ මහ පාපෙට
උඹේ ගිටාරය හතරට පැලියං

Oct 12, 2011

අමතක වුන උපන් දිනය,කලගුණ සැලකීම සහ අහම්බෙන් කැපූ කේක්

ගිය සිකුරාද දවස,මෙලෝ මීටරයක් නැතුව ඉන්න කොට හරියටම රෑ දොලහ වෙනකොට අපේ අම්ම කෝල් කලා.
"පුතේ අද උඹේ උපන්දිනේ නේ,උඹට බුදුසරණයි!"


එතකොට තමයි ක්ලික් උනේ යකෝ අද මගෙ ජන්ම දිනේ නෙ කියල.ඉස්සර නම්  ඉතින් සුබ පැතුම් ගලාගෙන එනව,හැබැයි දැන් ඒ සුබ පතපු කටවල් වලින්ම මට ශාප කරනවත් ඇති.
මටත් අමතක වුන උපන් දිනේ,හදපු වඩපු අම්මට අමතක වෙන්නෙ නැනෙ.ඒ ඉතින් අම්මලගෙ ආදරේ හැටි.ඒත් අම්මගෙ සුබ පැතුම හැරෙන්න මම වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වුනෙ නෑ.


මුලු දවසම කිචන් එකේ ගිනි රස්නෙට අහුවෙලා ඇවිත්  වොශ් එකක් දාල ඇඳට වැටුන ගමන් බෙල්ල කැපුව වගේ නින්ද යනව.උදේ වෙනකොට ගල් රෝලට අහුවුනා වගේ මුලු ඇඟම රිදෙනව.ඕව මේව අස්සේ උදේම නැගිටල පුරුදු විදියට මේල් චෙක් කලා,

මෙච්චර කාලෙකට කවුරුත් "හැපි බර්ත් ඩේ!" කිවුවට හිතට දැනුනේ නැති හැගීමක් දැනෙන ඊමේල් එකක්,ඔන්න ඒක ඔය පොස්ට් එකේ යට ඇති.

එදා වැඩට ගියා,කවදාවත් නැතුව මාව වෙන තැනකටත් වැඩට දාල.ෆන්ශන් එකක් ලු ,කරන්න කවුරුත් නෑලු,දැන් පලයන්කො කුස්සි දෙකකටම.

ඔය සෙල්ලම් ඔක්කොම ඉවර වෙලා ගෙදර එනකොට රෑ දහයත් පැනල.ගෙදරට ගොඩ වෙන්න හම්බවුනේ නෑ,මම වගේම ටිකක් මොලේ අවුල්වෙච්ච් මගෙ යාලුවෙක් කතා කරනව,

"අඩො කස්ස!,මොකද වෙන්න?

"මම ගෙදර ආව විතරයි බන්."


"වරෙන් අපේ ගෙදර අද පොඩි සීන් එකක්,එදා රංගයගේ
බර්ත් ඩේ එක ගන්න බැරි වුනානේ අපි අද ඒක ගන්නව,මම එන්නං උඹව පික් කරන්න."

"හ්ම්... එල,එල වරෙන්."


මම නොකිය ඉන්නත් හදල, මගදි කාර් එකේ යනගමන් කිවුව,

"අද මගේත් බර්ත් ඩේ එක බං"

"නෑ! පලයන් යන්න බොරු නැතුව"


"නෑ බං සිරා." 


"යකෝ උඹ නිකමවටවත් කියන්න එපා."


"නෑ
බං, මට ඕවගෙ කිසි ගානක් නෑ"


අන්තිමට රංගයයි මායි දෙන්නම එක කේක් එක ශෙයා කලා.හොඳ දෙයක් කලොත් කොයි වෙලේ හරි ඒකෙ රිටන් එකත් ලැබෙනව කියල මට එදා හොඳට තේරුනා.




Oct 7, 2011

මගේ ආදරය


රිදෙන බව දැන දැනත්
හැමදාම පාරන
සුව නොවෙන තුවාලෙකි
මගේ ආදරය

Oct 5, 2011

"ස්වර්ගයේදී ඔබ හමුවන පුද්ගලයින් පස්දෙනා" අවසානය-තුන්වන කොටස


~ එඩී ගේ රැකියාව වුයේ සතුටු උයනෙහි වු උපකරණ අළුත් වැඩියාවයි.හරියටම කීවොත් ඒවා අන්ත්‍රායකින් තොරව පවත්වාගෙන යෑමයි.හැම සැන්දෑවකම ඔහු  උපකරණ පරීක්ශාකිරීම සඳහා සතුටූ උයන පුරා ඇවිද යන්නේය.කැඩුනු වෙදිකා,ලිහිළ් වුනු ඇන වැනි දෑ  ගැන විපරමින් පසුවන ඔහු නිතර නතර වී  දිලිසෙන  ඇස්වලින්  උපකරණ දෙස බලමින් ඒවා පරීක්ශා කරන විට ඔහු පසුකර යන්නන් සිතන්නේ කුමක් නම් හෝ දෙයක් සිදුවී ඇත්ද  යන්නයි.නමුත් ඔහු ඒ කිසිවක් මායිම් නොකර උපකරණවලට කන්දීගෙන සිටි.

මියයෑමට  විනාඩි පනහකට පෙර, පුරුදු පරිදි ඔහු,අවසාන වතාවට උපකරණ පරීක්ශාව සඳහා යාමට පිටත් විය.
තරමක් වයස්ගත වූ යුවලක් පසුකරන යන ඔහු,

"ෆෝක්ස්" යැයි ආචාර කලේ ඔහුගේ හිස්වැසුමද මදක් අල්ලමිනි.

ඔවුන්ද ඉතා ආචාරශීලී ලෙස අත වැනුවෝය.සතුටු උයනට පැමිනෙන්නන් ගෙන් අඩුම තරමින් නිතරම පාහේ  පැමිනෙන කෙනෙක් හෝ එඩීව හොඳින් හඳුනති.ග්‍රිශ්ම සෘතුවෙන් සෘතුවට ඔවුන් එඩීව දුටුවෝය.ඔහුගේ රාජකාරී ඇඳුමේ පපු ප්‍රදෙශයේ "නඩත්තුකරුවා" යන ලාංජනයට උඩින් "එඩී" නමින් පැලැස්තරයක් අලවා තිබුනි.නොයෙක් වේලාවට ඔවුන් 

හලෝ එඩී නඩත්තුකරුවා!
 
යනුවෙන් ඇමතුවත් ඔහු එය හාස්‍ය ඇතිකරන්නක් යැයි කිසි දිනකවත් නොසිතුවේය.

~ අද එඩීගෙ අසූපස්වෙනි උපන්දිනයයි.පසුගිය සතියේ එඩීගෙ වෛද්‍ය වරයා පැවසුවේ ඔහුට "ශින්ගල්ස්" වැලදී ඇති බවය.නමුත් එය කුමන වර්ගයක රෝගයක් දැයි වත් ඔහු නොදැන සිටියේය.බොහෝ කාලයකට පෙර ඔහු මෙරිගෝ රවුමෙ සිටි අශ්වයින් දෙදෙනෙකු එසවීමට තරම් ශක්ති වන්තයෙක් විය
Related Posts Plugin for WordPress, Blogger...