Jun 30, 2011

Jun 29, 2011

නොදුටු මවට ලියමි!



කාලය බොහෝදැ වෙනස්කර ඇත.එය ඔබටද පොදුය.මටද එසේමය.තවකෙකුටද එය එසේම වනු නො අනුමානය.නොලියා සිටීමට සිතා සිටියද මෙය මා ලිවියයුතුම වන නිසා ලියමි.,මක්නිසදයක් මවකගෙ හිත රිදවීමේ ශාපයට මා යටවේයැයි බියවෙමි, අද මා යන මාර්ගයට එය බාදාවක් වනු නොඅනුමානය.මෙය කියවා අවසානවිට ඔබ මා කවුරුන්දැයි තේරුම් ගනු ඇත.සමහරවිට එසේ නොවනුද ඇත.එහෙත් කමක් නැත.ලිවිය යුතුදේ ලිවිය යුතුමය.

කෙනෙකු මට වෙනස් වන්නෙකු යැයි පැවසුවොත් එය අමූලික බොරුවකි.තවද මා එසේමය.මීට වසර දෙකහමාරකට ප්‍රථම කිසිම පැකිලීමකින් තොරව ජීවිතයේ දැඩි තීරණ ගත් මම මය.නමුත් නුඹ වාගේම මට මගෙ ගෙදර බුදුන් වටින්නේය.රස මසවුලු,යාන වාහාන නොමැතිව දහසක් කම්කටොලු මත මා ඇති දැඩිකල මගෙ මව මට වටින්නේය.

ඇය මට ශාප කරනවිට,මගෙ මවට,අසරණ සහෝදරියට ශාප කරනවිට නුඹ ඒ අසලම සිටියා යැයි මට කිසිම සැකයක් නැත.නමුත් මේ වසර දෙකහමාරටම පුතේ උඹට කොහොමදැයි?” යැයි වත් ඇසීමට තරම් නොණමුනු ඔබ,එක අවවාදයකින් වත් එය වලක්වා ගැනීමට උත්සහ නොකිරීම පිලිබඳව අදත් මා බොහෝ සෙයින් පසුතැවේ.එය එසේ වුයේනම් පසුගිය කාලයේ සිදුවු බොහෝ දෑ මීට වඩා හාත්පසින්ම වෙනස්වනු ඇත. දෙපාරක් නොසිතා ජීවිතයේ අන්තිම පරඬැලේ එල්ලී සිටි කෙනෙකුට ආදරය කිරීමට තරම් හිතක් හැදු මගේ මවට පනුවෝ ගසා මැරියන්!” යැයි කියනු ඇසීමට තරම් මම අවාසනාවත්ත වුයෙමි.මෙය වෙනෙකෙකු මුවින් පිට වුයෙනම් ඔහු අද ජීවතුන් අතරත් නැත.නමුත් ඒ වචන පිටවුයේ මා ජීවිතය වු ඇයගේ මුවෙනි.එහෙයින් සියලු දේ අතහැර ජීවිතයේ ඇත්ත සෙවීමට තරම් ජීවිතය මට කල නොකිරුනේනම් එය පුදුමයකි.

නමුත් මම එක දෙයක් ඉල්ලමි.මෙය මා බොහෝ කාලයක් උත්සහ කල මුත් ඉශ්ට කරගත් නොහැකි වුවකි.ඇයට මා බාවනාව උගැන්වීමට උත්සහ කලෙමි,විවිද පොත් කියවීමට ඉල්ලීමි,මක්නිසාදයත් ඒවායින් මේ කාලකන්නි ජීවිතය තේරුම්ගැනීමට හැකිවන නිසාය.ඒවා කවුරුත් ගනන් නොගෙන සිටියේ ඇගේ පවටද මගේ පවටද මට නොවැටහේ. නමුත් ඇය සුවපත් කල හැකි එකම මාර්ගය ඇගේ සිතේ ඇති නොනිමෙන වෛරය හා කේන්තිය නිවා දැමීමෙන් පමනි.යම් දිනක ඒවා නැතිවූනු විට ඇය සුවපත්වනු ඇත.එය කල හැකි එකම මාර්ගය නිර්මල බුදුදහම පමනි.

ඇය මා දැක නැති ලෙසම නුඹවද මා දැක නැත.නුඹෙ පායුග අසල සමාව ගැනීමට අවස්ථාවක් නැත.තවද නුඹ සිටිනා මානසික තත්වය තේරුම්ගැනීමටද කිසිඳු හැකියාවක් නැත.නමුත් ලොවුතුරා බුදුන්ටත් ගෙදර බුදුන්ටත් පමනක් එකතු වුනු දේඅත් එකතුකර නුඹසිටින දිශාවට හැරී ඉල්ලමි.මගේ ඉල්ලීම පමනක් ඉටු කරන්න.

අවසාන වශයෙන් එක් කතාවක් කියමි.ආදරය වෙනුවෙන් රටවල් සීයක් සමග සටන් කොට මට දිනිය හැක.නමුත් මගෙ මව වෙනුවෙන් ඒ සියල්ලම අතහැර පරාජයද විය හැක.එක ගැහැනියක් නැතිවු විට තව ගැහැනියක් සොයාගත හැක.නමුත් මගේ මව නැතුවුනු කලට කෙසේනම් මා මවක් සොයන්නද? මේ විශ්වයටම මට සිටින්නේ එක මවක් පමනි.

Jun 25, 2011

මලක් ගැසූ මම!



බෝතල් නම් මොනවද?
මේකනෙ ආතල් එක
එක පෆ් එකෙන් කක්ෂගත වෙලා
දෙවෙනි එකට ගුරුත්වයෙන් මිදිල
තුන ගහද්දි හඳ ගාව!

Jun 17, 2011

පට්ට ලස්සන මෙල්බන් රටේ කට්ට කන ගමන් සීතලේ ගෙදරට වෙලා ඉන්න බැරිකමට, එලියට බැස්ස!

මුලු සතියම වැඩ කරල ඉතින් ලැබෙන නිවාඩු දවස් දෙක නිකන් මසුරන් වගේ.ඊයෙ මට නිවාඩු.ගේ අස්සෙම ඉදල නිකන් පිස්සු වගේ.ඉතින් ගියා පොඩ්ඩක් සිටි එක වටේ රවුමක් දාල එන්න.ඇඟ කීරි ගැහෙන හීතලේ හවසම මගෙ වාහනේට නැගල පිටත් උනා.මට තියන වාහනේ මෙල්බන් වලට තියන දිගම එක.හික්...කෝච්චිය!.ඒ යනගමන් ඉතින් මගෙ කැමරා කට්ටත් එල්ලගෙන යන්න අමතක කලේ නැ.මට ඉතින් තියන එක හොබී එකක් තමා ඉතින් ෆොටො ගැනිල්ල. අනිත් එක තමා ගිටාර් ගැහිල්ල.

රැට මෙල්බන් නගරය කියන්නේ ගොඩක් ලස්සන තැනක්.යාර ගඟ වටේම යන්න පුලුවන්.ඔන්නම් බෝට්ටුවක නැගල වටයක් යන්නත් පුලුවන්.තව කැම කන්න තැන් ඕන තරම්.තනියම එනවට වඩා ඉතින් ලඟ ඉන්න කවුරුහරි හිටියනම් තමයි තවත් ඒ ගනම ලස්සන වෙන්න.මීට අවුරුදු දෙකහමාරකට විතර උඩදි මම මගෙ යාලුවෙක් එක්ක ආව එක පාරක්.ඒ කාලෙනම් ගොඩක් ලස්සන හීන වගයක් තිබ්බ.ඊයෙ ගියහම ඒ ඔක්කොම හෙන ගැහුව වගේ මතක් උනා.ඒත් ඉතින් මට තනියට හිටියේ මගෙ කැමරා කට්ට විතරයි. දැන් ඒ හීන මම වලල දාල තියෙන්න.

ගත්ත පින්තුර වගයක් තියනව,ඔයාලත් බලල රස විදගන්න!




මේ මගෙ ෆ්ලිකර් ලින්ක් එක. ඒකෙ ගත්ත තව පින්තූර ගොඩක් තියනව.කැමති කට්ටිය ගිහින් බලන්න.

Jun 12, 2011

දුම්රියේ දුටු ඔසි ලඳට ලියු කව...

මීට සති කිහිපයකට උඩදිනම් මේවගේ පොඩි වචන ටිකක් ලියවුනා නම් මට කටවල් දෙකකින් අමු සුද්ද සිoහලෙන් බැනුම් අහන්න වෙනව,ඒත් දැන්,ඕන මගුලක් කියල අද කෝච්චියේ යනගමන් හිතට ආපු වචන ටික කුරුටුගාල දැම්ම.




වසාගෙන නුඹ කුණු ජරාගොඩ රන් කසීසලු අබරනින්
දෙව්ලොවින් බට දෙව්දුවක් ලෙස ගමන්යනවිට දුම්රියෙන්
ඈත අසුනක කොනක හිටි මට දෙනෙත් ගැටුනද ක්ශනිකයෙන්
ජීවිතය යනු දුකක් මැයි දැන සිනා ඇතිවිය මුව කොනින්

Jun 9, 2011

එක එක තාලෙට අමුවෙන් මස් කන හරක් මස් රාත්‍රිය ! ඇවිත් යන්න එන්න...


සමහර විට ඔබ මස් කන්නෙක් වියහැක,මස් නොකන්නෙක්ද වියහැක,නමුත් මේ කියන්න යන කතාව ටයි කෝට් පැලඳ,අපේ වැදි පරපුරත් නොකරන ජාතියේ, ඉහල සමාජයේ කියාගන්නා උදවියගේ මස් කෑම පිලිඹඳවයි.

ගවයා කාලයක් පටන්ම අපට පුජනීයත්වයට දැමියහැකි සත්වයෙක් කිවොත් මගේ කතාවට කවුරුත් අමනාප නොවනු ඇත.නමුත් දැන් දැන් ලoකාවෙන් ඒ තත්වය ටිකෙන් ටික ඉවත්වගොස් ඇත.බුදුන් වැඩිය රට වුනු ලoකාවද හරි හරියට ගවමස් කන්නන්ගේ ලයිස්තුවේ ඉහලට එමින් සිටී.එය වැරැද්දක් බව පැහැදිලිය,නමුත් මම කියන්න යන කතාව මෙහි හරි වැරැද්ද පිලිඹඳව විවේචනයක් නොවේ.

oකාවේ අපි මස් කනවා කියන්නේ හොඳ රසට උණු උණුවට හොද්දක් හදාගෙන කනවා මිස මගේ දැනීමට වෙන ක්‍රමය කට අප මස් නොකෑ ජාතියකි.බත් පිඟානේ එක මස් කෑල්ලක් හෝ අඩුවෙන් ඉදී ඇත්නම් එදාට ගෙදර ගෝරි පිට ගෝරිය.ඒ මක්නිසාද යත් අපි මස් හොදින් උයා ආහාරයට ගත්තමු.අමුවෙන් මස් කෑම අප සැලකුවේ තිරිසනුන් පමනක් කරන ක්‍රියාවක් ලෙසය.

නමුත් තනකොල බුදින ගොන්නුන්ටත් වඩා තිරිසන් මිනිසුන් මස්කෑම හරි උජාරුවට දමා අමු අමුවේම හරක් මස් ගිලදමයි.මෙය මගේ පෘද්ගලික අත්දැකීමකි.මොකද කියනවානම් මේ තිරිස්නුන්ට මස් උයාදීමට මට සිදුවී තිබෙන නිසාය.

සෑම සතියකම බදාදාට හරක්මස් හරි හරියට විකිනේ,එදා හරක් මස් රාත්‍රියයි.සිoහලෙන් කියනවානම් “steak night” එකයි.සුද්දන් වැල නොකැඩී විත් අමු මසින් සිය බඩ කට සපුරාගනි.ඉතාමත් කලාතුරකින් එක් අයෙක් පමනක් හොඳින් පිසු මස් කැබැල්ලක් ඉල්ලයි.

එකෙක් rare ඉල්ලයි,තවෙකෙන් medium rare ඉල්ලයි,තවත් එකෙක් medium ඉල්ලයි ඔය අතරේ හොඳම තිරිසනුන් Blue ඉල්ලයි.

ඔය මොන නාමයෙන් කිවුවත් මුන් කන්නේ අමු මස් ය. rare යනු ඉතා ගනකම මස් කැබැල්ල විනාඩි තුන හතරක් පමනක් උඳුන උඩ තබා යන්තම් පුලුස්ස දැමීමයි.මෙය medium rare වනවිට පුලුස්සන කාලය විනාඩි කිහිපයකින් වැඩි වේ. Blue යනු මස් කැබැල්ල විනාඩියකටත් වඩා අඩුකාලයක් උඳුනේ පුලුස්සා පිලියෙල කිරීමයි.

oකාවේ අපට මේවා සමහරවිට හිතාගන්නටවත් නොහැකිය,නමුත් තවත් සමහරුන්ට නම් මේවා සමාන්ය දේවල්ය.හරකාගේ කකුලේ මස්වලට එක නමකි,තව තැනකට තවනමකි.එක රාත්‍රියකට හරකුන් දහ පහලොස් දෙනෙකුගේ හෝ ඊටත් වඩා මස් ප්‍රමානයක් විකිනී හමාරවේ.

මෙවායේ හරි වැරැද්ද තීරනයකිරීමට මට අයිතියක් නැත.නමුත් මට දැනුන දේ ලියා දැමුවෙමි. ඉතා නුදුරේදීම අපේ ආපනශාලාවලත් මෙවැනි දෑ දැකගත හැකිවනු ඇත.එය කාලයට අයිති දෙයකි.

තිරිසනුන් වෙනවාද නැද්ද ඔබට බාරය.

මා හරක් මසින් වැලකී බොහෝ කල් ගොසින්ය.

Jun 7, 2011

පට්ට සීතලේ සිට ලියමි....

















මෙය ශීත ශෘතුවේ උච්චතම කාලයයි,කකුල් ගල්වී කන් ඈත්වී ඇදෙන් බිමට බැසීමට පවා නොහැකිතරමට සීතල දැනේ.කාමරයේ තිබූ පුන්චි හීටරයට ඒ සීතල දරාගත නොහැකිය.හීටරය අවට පමනක් යාන්තමට දැනෙන උනුසුමට මම ඉතාමත් ලොබ කරමි.හරියට මොන්ටිසෝටි යන පුන්චි එකෙක් බන්ටි ටොපියකට අසා කරනවාට වඩා වැඩියෙන්ය.

එහෙත් සවස රැකියාව මතක් වෙනවිට ජීවිතයම කලකිරේ.
මේ සීතලෙ වැඩට යනව කියන්න එක හරියට මට දැනෙන්නේ මරන්න ගෙනියන හරකෙක් ගානටය.
ජීවිතය යනු මහා පුදුම දෙයකි.කාත් කවුරුත් නොමැති රටක ජීවිතය ගැටගසාගැනීම ඉතාමත් අපහසුය එය වචනවලට පෙරලා නිම්කල නොහැක.එහි අමාරුව දැනෙන්නේ වලට වැටුනු එකාටය.

කස්ස! මොකද බන් මූන එල්ලගෙන ටිකක් හිනාවෙලා හිටපන්කො යකො අවුරුදු කීයකින්ද දැන් උඹ මේ ලoකාවට යන්නෙ....

මචන් කස්ස උඹේ ශොට් එකත් මට අරන් දියන් වොඩ්කා විත් ඔරෙන්ජුස්..කොහෙද ඉතින් උඹ බොනව කියල යැ!

වසර තුනහ මාරකට පසුව අපමන වෙර යොදා ඉතා වැදගත් කාරියකට ලoකාවට එන්නට පිටත් වුයේ මා රැකියාව කරන ස්තානයට නොවදිනා වැදුම් වැද යාන්තම් සති දෙකකට නිවාඩු ඉල්ලාගෙනය. එහේත් පිටත් වන්නට පෙර සති කිහිපය මම ලෝක මහා යුද්ධයක් කර ආයාසයෙන් ඉන් පරාජයවී සියල්ලම කලකිරී සිටියේය.

මා අවුරුද්දක් පමන ජීවත්වු මගෙ පුන්චි කාමරයෙන් පිටත්වනවිට මට මෙ ගීතය මතක්විය,

සියල්ල ඉදිරී ගරාවැටුනුදා....

ඇයතින් නොමැරුනු මගෙ මිනිස්කම

දැනහදුනාගත් තනිකම නුඹටත්

මාහැරයන්නට සිදුවේයි නැවතත්.......


කස්ස! මොකද බන් මූන එල්ලගෙන ටිකක් හිනාවෙලා හිටපන්කො යකො අවුරුදු කීයකින්ද දැන් උඹ මේ oකාවට යන්නෙ....

මා වැටුනු හැම අවස්තාවේම එල්ලෙනට එක් පරඬැලක් හෝ දිගුකල මගේ මිත්‍රයාට මගේ මනසිකත්වය ඉවෙන් මෙන් වැටහුනි.

එහෙත් මා දරාසිටි දුක් මට ඔවුන් සමග බෙදාගැනීමට උවමනාවක් තිබුනේ නැත.එය තනිකරම මට උරුම වුවක්ම පමනක් විය.නමුත් මේ වෙනවිටත් ජිවිතයේ යතාර්ථය මම බොහෝදුරට අඳුනාගෙන සිටියෙමි.මාස ගනනක් තිස්සේ නිර්මල බුදුබණ මා වෙනමම චින්තනයකට ගෙනගොස් තිබුනි.

මෙ හැම කලබගෑනියක් අස්සේම වුයේ ලoකාවට යන ගමනට තිබු මගේ උනන්දුව ශුන්ය වීමයි.එහේත් පෙර කී පරිදි මගේ මිත්‍රයා නම් මුලසිටම කන සාක්කුවේ දමාගෙන ඒමට සිතාසිටි බව හැඟුනි.මක්නිසාදයත් මට ලැබෙන මදුවිත වීදුරුවටත් වගකිවීමේ ආශාවෙන් ඔහු පසුවීමයි.

එහෙත් සිදුවුයේ අනෙකකි

අයහපත් කාලගුනය නිසා අප ගමන්කල ගුවන්යානය උණ සන්නිපාතය හැදුනි බලු නකුටෙකු මෙන් නිතරම ගැහෙන්නට විය.

නිමේශයකින් ප්‍රධාන ගුවන් නියමු තෙමේ මෙසේ කියන්නට විය...

අයහපත් කාලගුනය නිසා අපෙ කාර්යමන්ඩලය ගුවන් මගීන්ට සැර බීම වර්ගවලින් සන්ග්‍රහ කිරීමෙන් වැලකීසිටින්නට සිදුවෙනවා.සිදුවෙන අපහසුතාවයට සමාවන්න...

මම හිනහව තදකරගත්තේ ඉතාමත් ආයසයෙනි.අනේක් අසුනේ සිටි මගෙ මිත්‍රයාට නම් මුහුනින් දුම් පිටවෙන තරමට තදවී ඇත.

මචන් ලොක්ක වොඩ්ක දෙන්න බෑලු..

මම උඹට ඔන්නම් ඔරෙන්ජුස් ශොට් එකක් අරන් දෙන්නම්.....

මට ලැබුනු කුනුහරුප වැල ඇසී මගේ අසලින්ම සිටි වයෝවෘද කාන්තාව ක්ශනයකින් ගැබ්බර විය.

Related Posts Plugin for WordPress, Blogger...