Dec 21, 2011

සදාකාලික පෙම



රැයක් පුරා තරු ලඳුන් අවදි කල සඳුත් දහවලට නිදන නිසා
තුරුන් තුරට පිපි මලුත් දිනක පර වෙවී පොළෝ තල සිඹින නිසා
බොහෝ දුරක් මඟ ගෙවා ඇවිත් ගඟ මහා සමුදුරට වැටෙන නිසා
සදාකාලිකයි සිතූ පෙමත් බිඳ වැටී කඳුලු කැට ඉතිරි වුනා

දවස් හතරකට පස්සේ අදයි ගෙදර ආවෙ.කියවන්න පෝස්ට් ගොඩක් තියනව.නිවාඩුවට එලියට ගිය ගමන් ඔලුවට ආව වචන ටිකක්,කුරුටුගන්න හිතුන.

7 comments:

  1. නිකම්ම ඔලුවට ආවා කිව්වට ලස්සනම අදහස් ටිකක්......ඔය ඔලුව නම් එසේ මෙසේ එකක් වෙන්න බැහැ.........

    ReplyDelete
  2. @වින්චැට් කිරිල්ලි
    ජීවිතේ කියන එකෙන් තැළිල පොඩිවෙලා,චප්පවෙලා නිසා වෙන්න ඇති ඔලුවට මේවගේ වචන එන්නෙ.නගාගෙ පොස්ට් එකට කමෙන් කරන්නම් පස්සෙ.තාම ගමන් මහන්සිය.

    ReplyDelete
  3. අස්ථීර වූ ස්ත්‍රී චින්තනයේ ස්ථිර වූ ප්‍රේමයක් ඇති කළ හැකිනම් පුත්තලමේත් ගෝවා වගාකළ හැකිය කියනවනේ මචං!

    ReplyDelete
  4. නිකමට හිතට ආවත් සුපිරි අදහසක් යාළුවා..

    ReplyDelete
  5. 'කරපු පෙම'මහමෙරක් උවත් එය වියලෙද්දී
    කියන හැම වචනයම හුළග තුල දිය වෙද්දී
    පණ තියෙන හැම දේම පොළවටම පස් වෙද්දී
    සදාකාලික කිසි දෙයක් තියෙනවද, මේ වෙද්දී?

    ReplyDelete
  6. ඔව ඔහොම තමා..කිසිදෙයක් සදාකලික නෑනේ මචො...විරහව පිරුනු සුන්දර පැදි පෙලක්...

    ReplyDelete
  7. සදාකාලික නොවූ ලෝකයක කොහෙද සදාකාලික ප්‍රේමයක්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...