Dec 30, 2011

ඩිඩීට ලියමි

කාත් කවුරුත් නැති 
ඔයා බලන්න එන්න
ගිය මාර්තුවේ මම ගත්තු 
සුවඳ විලවුන් බෝතලේ
කාලයක් තිස්සෙ අතෑලර දාපු 
මගේ කාමරේ මේසෙ උඩ
හැමෝටම අමතක වෙලා
හරියටම කිවුවොත් 
මගේ හුස්මත් අඳුරපු 
ඔයාට අමතක වෙච්ච 
මගේ හිතවගේ

Dec 21, 2011

සදාකාලික පෙම



රැයක් පුරා තරු ලඳුන් අවදි කල සඳුත් දහවලට නිදන නිසා
තුරුන් තුරට පිපි මලුත් දිනක පර වෙවී පොළෝ තල සිඹින නිසා
බොහෝ දුරක් මඟ ගෙවා ඇවිත් ගඟ මහා සමුදුරට වැටෙන නිසා
සදාකාලිකයි සිතූ පෙමත් බිඳ වැටී කඳුලු කැට ඉතිරි වුනා

දවස් හතරකට පස්සේ අදයි ගෙදර ආවෙ.කියවන්න පෝස්ට් ගොඩක් තියනව.නිවාඩුවට එලියට ගිය ගමන් ඔලුවට ආව වචන ටිකක්,කුරුටුගන්න හිතුන.

Dec 15, 2011

නූලක් එහෙට මෙහෙට උනානම් අද මගේ මළගම.


පෝස්ට් එකක් දාන්න ගොඩක් උවමනාව තිබුනත් මේ දවස්වල එක දිගටම වැඩ කරන්න වෙලා නිසා කිසිම නිදහසක් නෑ.වැඩට යනව ගෙදර එනව.ආපහු ගෙදර එනව වැඩට යනව.අනික නත්තල් ලඟ ලඟ එන නිසා අපේ කුස්සිය හරියට යුධ්දෙට ආයුධ හදන කම්මල වගේ.එක දිගටම වැඩ.

දැන් ඉතින් කතාවට බහිමු..

වෙනද වගේම අදත්, පුරුදු විදියට උදේ පාන්දර දහයට විර කෝච්චියට නැග්ගේ වැඩට යන්න.ඒත් අද පොඩි වෙනසක් තිබුන.දවස් ගානක් බලා ඉඳල ඉඳල හම්බවෙච්ච වටින දෙයක් තිබුන.ඒක අහ අහ තමා වැඩට යන්න පිටත් උනේ.ඒ වෙන එකක් නෙමේ අපේ ඤාණානන්ද හාමුදුරුවො මෙහට ඇවිත කරපු පලවෙනි ධර්ම දේශණාව,අර මට මග ඇරුන අමා වැස්ස.ඔන්න ඒක දාල තිබුන මහමෙවුනා වෙබ් සයිට් එකේ.උදේ රැයින්ම ඒකත් බාගෙන අහන ගමන් තමයි කොච්චියට නැග්ගෙ.

මම වැඩ කරන තැනට යන්න කොච්ච් දෙකක ගිහින් තව ට්‍රැම් එකකත් යන්න ඕනේ.ඉතින් හැමදාම වගේ පරක්කු වෙලා ආපු කොච්ච්ය් නැගල ට්‍රැම් ස්ටේසමටත් ආව.බලා ඉඳල ඉඳල ආපු ට්‍රැම් එකේ නැගල ටික දුරක් යනකොට,කොටට කොටේ, කිටි කිටියට කලිසම් දෙකකුත් ඇදගත්තු හුරුබුහුටි ඔසි නංගිල දෙන්නේකුත් නැග්ග ට්‍රැම් එකට .උන් දෙන්න වාඩිනේ මම හිටිය සීට් එකට මුහුනලා තිබුනු සීට් එකේ.ඒ මදිවට උන් දෙන්නගෙ කච කචේ, පඩි අරගෙන වගේ.

මම බහින තැනට තව හෝල්ට් දෙකයි.මේ හැමදේම ඔලුවෙන් අයින් කරගෙන මම අපේ හාමුදුරුවන්ගේ ධර්මදේශණාවට කන දාගෙන යනව.ඊලඟ හෝල්ට් එකේ ට්‍රැම් එක නතර වුනා.කිහිළි රු දෙකක වාරුවෙන් අමාරුවෙන් අමාරුවෙන් එක තරුණ ඔසියෙක් ට්‍රැම් එකට ගොඩවුනා.ලංකාවෙ පුරුද්දට මට සුටුස් ගාල නැගිටුනා.හැබැයි මම හිටියෙ ඒ මනුස්සයට ටිකක් දුරින්, ඒත් අර බවලත්තු දෙන්නාට හොඳටම පුළුවන් කම තිබුන සීට් එක දෙන්න, ඒත් උන් දෙන්න කිසි ගානක් නැතුව උන්ගේ කතාව දිගටම කරගෙන ගියා. ඒ වෙලාවෙ මගෙ ඔලුවට එක දෙයක් ආව.ඒක කොහෙන් ආවද කියන්න දන්නේ නෑ.
මෙන්න මේකයි..


පිපෙනා මලකට - ගලනා දොල කට
දැනෙනා බුදුගුණ - නොදැනෙනෙ මිනිසුනි
කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
පිං පවු එනවා - අපි පසු පස්සේ

මේ මාලනී බුලත්සිංහලගේ ගීතයක කොටසක්

ඔන්න ඔය වචන ටික ඒ වෙලාවෙ මගෙ ඔලුවට ආව.මම හිතන්නේ අහ අහ ගිය බණ පද ටික නිසා වෙන්න ඇති.

ඊලඟ හෝල්ට් එක මම බහින තැන.සාමාන්‍යයෙන් ට්‍රැම් එකකින් බහින්න තියෙන්න  පාර මැදටමයි.හරියට කිවුවොත් වාහන යන අනිත් ලේන් එකට.ඒත් මෙහෙ නීතියට ට්‍රැම් එක නවතින කොට ඊට පිටි පස්සෙන් තියන හැම වාහනයක්ම නවත්තන්න ඕන.ට්‍රැම් එකෙන් බහින අයට ඉඩ දෙන්න ඕනේ නිසා.

වෙනදට ආත බූත නැතුව එක හුස්මට ට්‍රැම් එකන් බහින මම අද එක තත්පරයකට අත් වාරුවත් අල්ලගෙන අන්තිම පඩියෙ නතර වුනා.ඒ මොන හේතුවකටද මන්ද.

ඒ තත්පරේදි ගොඩක් වේගයෙන් ආපු වාහනයක් ට්‍රැම් එකේ දොර ගාවින් ඉගිල්ලිලා ගියා.ඊලඟ තත්පරේ වෙනකොට මම ට්‍රැම් එකෙන් බැහැල.
අර වෙලාව මට නොලැබෙන්න අද මාව එකතු කරන්න වෙන්න සවලෙන් තමා.

මම හිතන්නේ බුදු බණ මගේ ජීවිතේ බේරුව.
"ධම්මෝ හවේ රක්කති ධම්ම චාරි"  කියල බුදු බණේ කියල තියෙන්නේ නිකමට නෙමේ කියල මට හොඳටම තේරුනේ අද.

Dec 9, 2011

අරුන්දතී


නමක් නොදන්න
ගමක් නොදන්න
ආගන්තුක උඹට දෙන්න
තැළිල පොඩි වුන
මේ හිත අස්සෙ
ආදරයක් ඉතිරිවෙලා නෑ
අරුන්දතී
!

Contribute to my old friend Aravindalj

Dec 2, 2011

ගස් කපන්නා සහ නොදුටු සුරංගනාවිය.(තුන්වන කොටස)


කාලය ගෙවී ගියේය.නමුත් ක්‍රමයෙන් ගුනපාලගේ ආදරයට කනකොකා හැඬීමට පටන්ගෙන තිබුනි.එය බොහේවිට ඇය ඇයගෙ ආදරයේ උපරිම අගය පසුකරීම නිසා සිදු වූවක් වුවත් එය ගුනපාලගේ මනසට නිතර වද දුන් කරුනක් විය.එයට හේතුව වූයේ ඇය ගුනපාලව සැකකිරීම හා ඒ නිසා නිතර ඔවුන් දෙදෙනා අතර ඇතිවූ කෑ කෝ ගැසීම් ය.

මේ කැලේ මට මොකා ඉන්නද?මේ හේනයි, ඔයයි විතරයි.

බොහේ රන්ඩු සරුවල් වලින් පසු එය ගුනපාලගේ පිලිතුර විය.

"මට හදිසිසියේම යන්න වෙලා .ගොඩක් ඈත පලාතකට .අවුරුදු දෙක තුනකට ඔයාව බලන්න එන්න බැරිවෙයි."

සිය හේනත් කුඩා පැල් කොටයත් හැරෙන්නට ගුනපාලට ඉතිරි වූයේ කැලයේ ගැවසෙන සතා සිවුපාවා පමනි. සුරංගනාවියගේ මේ හදිසි නික්ම යාමත් සමග ඔහු නැවතත් සිය පුරුදු තනිකැමට වැටුනි. එය ඔහුට නුහුරු දෙයක් නොවුනත් ඇයගේ ආශ්‍රයෙන් මිදී නැවතත් කැලයේ තනිවීම ඔහුට දරාගත නොහැකිවිය.

සෙමෙන් කාලය ගෙවී ගියේය.හේනේ ඵලදාව සරුවීමත් ,ඒවායෙන් ලැබුනු ආදායමත් නිසා ගුනපාල දැන් අත මිට සරු පුත්ගලයෙකි.නමුත් කැලැ ජීවිතරටත්,හේනේ පිහිටි පැල්කොටයටත් ඔහු බොහෝ සේ ඇලුම් කලේය.අස්වැන්න විකුනා එකදු දවසක් වත් නගරයේ නොරැදී රූන් පොදට ඔහු කැලයට වදී.ඊට තවත් විශේෂ කාරනාවක්ද විය.ඉදහිට අමතන සුරංගනාවියගේ කට හඬට ඔහු  සියලුම දේට වඩා ආදරය කල බැවිනි.

මට මෙහෙ ඉඳල දැන් ඇතිවෙලා.ඔයාව අවුරුද්දකින් විතර මම දැකල නෑ.

සුරංගනාවියට දුර සිට කතා කිරීමට හැකියාව තිබුනත් ඇය දුර බැහැරට ගිය කටයුත්ත තවමත් නිමාවී නොතිබුනි.

ඔයා වැඩද?”

පුරුදු පරිදි සුරංගනාවියගේ හඬ ගුනපාලට ඇසෙන්නට විය.

ඔවු ටිකක් වැඩ.අද පොළට යන දවස.මේ කන්නේ හේන ගොඩක් සරුයි.හොඳ ගානක් හොයා ගන්න පුලුවන් වෙයි.

දැන් මට වඩා හේන ලොකු වුනා නේද?මම කතා කරන දවසට කියල තියනව වෙන වැඩ කරන්න එපා කියල."

තමුසෙ  #@$#@%  මහ බොරු කාරයෙක්.”

සිය තනිකම නැසූ, හිත පිරෙන්නට ආදරය දුන් ඇය දැන් කෙමෙන් සුරංගනා ආත්මයෙන් මිදී යක්ෂනියක් වේගෙන ඒදොයි ගුනපාලට සිතුනි.
Related Posts Plugin for WordPress, Blogger...