Nov 28, 2011

ගස් කපන්නා සහ නොදුටු සුරංගනාවිය.(දෙවන කොටස)


කලක් සියල්ලම අහිමිව තිබූ ගුනපාල දැන් ඉතා සරුවට වැඩුනු  එලවළු හා පලතුරුවලින් පිරුනු  විශාල වගාවක අයිතිකරුවෙකි.වන අරනේ සාරවත් පොළව නිසාත් ඔහුගේ සියලු රාජකාරී වලට නිරන්තර උපකාර දුන් ඇය නිසාත් ගුනපාල සිය ඉලක්කය කරා ඉතා ඉක්මනින් ගමන් කර තිබුනි.

තව දේ දොහක් විතර යනකොට අස්වැන්න කපා ගත ඇහැකි

සිතෙහි ඇතිවූ ඉමහත් ප්‍රීතියත් සමඟ සිය සරුසාර හේන දෙස බලමින්  ඔහු මුමුනන්නට විය.


 *          *           *           *

බයවෙන්න එපා. මම මේ කැලේ අතරමන් වුන සුරංගනාවියක්.
එම වචන වල තිබුනු නිවීගිය ස්වරය නිසා ගුනපාලට ඇතිවූ බිය කෙමෙන් පහව ගියද  මිනිස් පුලුටක් නොමැති මහා කැලයක් මැද ඔහුට ඇසුනු මේ කාන්තා හඬ නිසා  තවමත් සිය පියවි සිහිය එලඹවා ගැනීමට ඔහුට නොහැකි විය.

අපි සිරීපාදෙ වදින්න ගියේ මේ කැලේ මැදින් වැටිල තුබුන පාර දිගේ.මගේ දෙමවු පියන්නට මාව මග ඇරුන.මම තාමත් මේ කැලේ තනිවෙලා.

සිය සැකය දුරුකර ගැනීමට තරම් එම කරුනු ගුනපාල  සෑහීමකට පත් කලේය.

නමුත් ඔහුට ඇසුනේ හඬක් පමනි.වනයේ සිටි සතා සිවුපාව හැරෙන්නට එම කාන්තා හඬට සමාන රුවක් ඔහුට දැකගත නොහැකිවිය.

එදා ඇතිවූ මිත්‍රත්වය කෙමෙන් දලුළමින් ඇය ගුනපාලගේ හේන් ගොවිතැනට නොසෑහෙන ලෙස  උදවු උපකාර කලාය.සිය රාජකාරියද අමතක කොට ඔහුගේ දුක සැප වෙනුවෙන් ඈ වැඩි උනන්දුවක් දැක්වූවාය.

ඔහුගේ බත් පතේ සිට අවශ්‍ය සියල්ලම හොඳින් සොයාබැලූ ඈ කැයෙන් ගුනපාලට සිදුවිය හැකි සියලු කරදර බාදක වලි ඔහුව නිදහස්කර තැබුවාය.හැකි සෑම මොහොතකම ඔහු සමග නිතර දොඩමළු වන ඇය මේ හැම මොහොතේම ගුනපාලට නොපෙනෙන ලෙස හිඳ සිය කටහඬ පමනක් අවදි කිරීමට වග බලාගත්තාය.

එලවළු පලතුරුවලින් පිරෙමින් සරුවට වැඩී එන හේන මෙන්ම ඔවුන් දෙදෙනාගෙ මේ සම්බන්දතාවයද මිත්‍රත්වයෙන් ඔබ්බට යමින් ආදරයක් බවට පෙරලීමට වැඩි කලක් නොගියේය.නමුත් ගුනපාලට ආදරය කිරීමට ඉතිරිව තිබුනේ ඇයගේ කට හඬ පමනි.එහෙත්  කාත් කවුරුත් නොමැති මහා මූකලානයෙන් ඇසෙන ඇයගේ හඬට ලෝකයේ අන් සියලුම දෑට වඩා ඔහු ඇළුම් කිරීමට පටන්ගෙන තිබුනි.

6 comments:

  1. හ්ම්ම්ම් ලස්සනයි ඉක්මනින් ලියන්න ඉතුරු ටිකත්....

    ReplyDelete
  2. එල කිරිස් කතාවක් තව කොටහක් තියනවා නේද

    සුරංගනාවිකට ආදරේ කරන්න කවුද අකමැති ඒත් මේකේ අවසානේ කොහෙන් කෙලවර වේවිද .. ලස්සන කතාව දිගටම ලියාගෙන යන්න

    ReplyDelete
  3. ආදරේ කියන්නේ මහ පුදුම දේයක් නේ...ඔක ඇතිවෙන්ට මහ වෙලාවක් යන්නැ නොවැ...අනික ඔය ආදරේ ඇතිඋනේ ...මෙන්න මෙකටය කියලා නිච්චියටම කියන්ට පුලුවන් කාරනාවකුන් නැනේ...

    ReplyDelete
  4. අනේ මේ සුරගනා කතාවේ ඉතිරිය බලන්න බලා ඉන්නවා කස්සා මල්ලි. මොකෝ මේ සුරඟන කතා ලියන්න හිතුවෙ, සුරංගනාවියක් වත් කැරකෙනවද? ඔය පැත්තේ.

    ReplyDelete
  5. නියම කතාව මිත්‍රයා.. අනිත් කොටසත් දාන්න ඉක්මනට..

    ReplyDelete
  6. හරි මේකත් කියෙව්වා .. . ඊලඟට අනිත් කොටස . . .

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...