Oct 12, 2011

අමතක වුන උපන් දිනය,කලගුණ සැලකීම සහ අහම්බෙන් කැපූ කේක්

ගිය සිකුරාද දවස,මෙලෝ මීටරයක් නැතුව ඉන්න කොට හරියටම රෑ දොලහ වෙනකොට අපේ අම්ම කෝල් කලා.
"පුතේ අද උඹේ උපන්දිනේ නේ,උඹට බුදුසරණයි!"


එතකොට තමයි ක්ලික් උනේ යකෝ අද මගෙ ජන්ම දිනේ නෙ කියල.ඉස්සර නම්  ඉතින් සුබ පැතුම් ගලාගෙන එනව,හැබැයි දැන් ඒ සුබ පතපු කටවල් වලින්ම මට ශාප කරනවත් ඇති.
මටත් අමතක වුන උපන් දිනේ,හදපු වඩපු අම්මට අමතක වෙන්නෙ නැනෙ.ඒ ඉතින් අම්මලගෙ ආදරේ හැටි.ඒත් අම්මගෙ සුබ පැතුම හැරෙන්න මම වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වුනෙ නෑ.


මුලු දවසම කිචන් එකේ ගිනි රස්නෙට අහුවෙලා ඇවිත්  වොශ් එකක් දාල ඇඳට වැටුන ගමන් බෙල්ල කැපුව වගේ නින්ද යනව.උදේ වෙනකොට ගල් රෝලට අහුවුනා වගේ මුලු ඇඟම රිදෙනව.ඕව මේව අස්සේ උදේම නැගිටල පුරුදු විදියට මේල් චෙක් කලා,

මෙච්චර කාලෙකට කවුරුත් "හැපි බර්ත් ඩේ!" කිවුවට හිතට දැනුනේ නැති හැගීමක් දැනෙන ඊමේල් එකක්,ඔන්න ඒක ඔය පොස්ට් එකේ යට ඇති.

එදා වැඩට ගියා,කවදාවත් නැතුව මාව වෙන තැනකටත් වැඩට දාල.ෆන්ශන් එකක් ලු ,කරන්න කවුරුත් නෑලු,දැන් පලයන්කො කුස්සි දෙකකටම.

ඔය සෙල්ලම් ඔක්කොම ඉවර වෙලා ගෙදර එනකොට රෑ දහයත් පැනල.ගෙදරට ගොඩ වෙන්න හම්බවුනේ නෑ,මම වගේම ටිකක් මොලේ අවුල්වෙච්ච් මගෙ යාලුවෙක් කතා කරනව,

"අඩො කස්ස!,මොකද වෙන්න?

"මම ගෙදර ආව විතරයි බන්."


"වරෙන් අපේ ගෙදර අද පොඩි සීන් එකක්,එදා රංගයගේ
බර්ත් ඩේ එක ගන්න බැරි වුනානේ අපි අද ඒක ගන්නව,මම එන්නං උඹව පික් කරන්න."

"හ්ම්... එල,එල වරෙන්."


මම නොකිය ඉන්නත් හදල, මගදි කාර් එකේ යනගමන් කිවුව,

"අද මගේත් බර්ත් ඩේ එක බං"

"නෑ! පලයන් යන්න බොරු නැතුව"


"නෑ බං සිරා." 


"යකෝ උඹ නිකමවටවත් කියන්න එපා."


"නෑ
බං, මට ඕවගෙ කිසි ගානක් නෑ"


අන්තිමට රංගයයි මායි දෙන්නම එක කේක් එක ශෙයා කලා.හොඳ දෙයක් කලොත් කොයි වෙලේ හරි ඒකෙ රිටන් එකත් ලැබෙනව කියල මට එදා හොඳට තේරුනා.




10 comments:

  1. සුභ උපන් දිනයක් කස්සා...!!
    කල හොඳ පස්සෙන් එළවනවා කියන්නේ ඕකට තමයි..
    ජය මචං!!!

    ReplyDelete
  2. සුබ උපන්දිනයක් වේවා!
    (අපිත් ප්‍රමාද වෙලාම සුබ පැතුවා)

    ReplyDelete
  3. අනේ වස්තුවේ අපි දන්නෙත් නෑනේ බං...

    උඹට සුභ උපන් දිනයක් වේවා...!

    ReplyDelete
  4. (පහු උනාට කමක් නෑ) සුභ උපන්දිනයක් වේවා මචං!

    ReplyDelete
  5. සුබ උපන්දිනක් වේවා කස්සා !!
    පමා වුනත් මගේ සුබ පැතුමත් පිලිගන්න

    ReplyDelete
  6. පරක්කු උනාට සොරි මචං...සුභ.......

    ReplyDelete
  7. සුබම සුබ උපන්දිනයක් වේවා! දැන් එතකොට වයස කීයද? :)

    ReplyDelete
  8. සුබ උපන්දිනක් වේවා! මල්ලි, පොඩ්ඩක් පරක්කු උනා , සමාවෙන්න. ඉදිරි ජීවිතය සතුටින්ම ගෙවේවා!

    ReplyDelete
  9. සුබපැතූ හැමෝටම ස්තුතී...
    නදී වයස ඇහපු නිසා කියන්නේ,දැන් මට පුත්තලම් බූරුවො දෙන්නෙකුයි තවත් පොඩි පැටියෙකුටයි වඩා පොඩ්ඩක් වයසයි. :)

    ReplyDelete
  10. හත්තිලව්වෙ මම දැනුයි මේක දැක්කෙ .....
    ඔන්න පහු වෙලා හරි සුබ උපන් දිනයක් කිව්වා ......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...