Sep 30, 2011

ඔබයි මමයි ,අපේ මතකයි





ආදර මල් වත්තක
රෝස පඳුරක ඉත්තක
ගිලිහුන හීන රොත්තක
මතක විතරක් ඔහේ පැත්තක

Sep 28, 2011

අඟුරු නොකා වතුර නොබී මෙල්බන් යන යකඩ යකා

කවුරු හරි හිතන්න පුලුවන් කවදාවත් නැතුව මොකද  එකපාරටම කෝච්චියක් ගැන කියන්න ගත්තෙ කියල.ඒත් මේ පොඩි සටහන වික්ටොරියා ප්‍රාන්තයෙ දුම්රිය සේවය ගැන.
මෙහෙම සටහනක් ලියන්න ප්‍රධානම හේතුව , තාමත් සියයට අනූවකටත් වඩා සුද්ද හදල දීල ගිය පරන රේල් පාරවල් වල දුවන අපේ දුම්රිය සේවය ගැන හිතුනම ඇතිවෙන දුකත් එක්ක ,කවද හරි අපේ රටේ අයටත් මෙහෙ වගේ සැප පහසු දුම්රියකින් ගමන් යන්න පුලුවන් වේවා කියන ප්‍රාර්තනාවත් එක්ක මෙහෙම ලියන්න හිතුන.


පොඩ්ඩක් ඉතිහාසයට ගිහිල්ල බැලුවොත්, විටෝරියා ප්‍රාන්තයෙ මුල් කාලෙ දුම්රිය දාවනය පෞද්ගලික ආයතන මගින් කරගෙන ගිහින් තිබුනත් ඒවගෙ තිබුන අඩු පාඩු හින්ද "වික්ටෝරියන් රෙල්වේ"කියල ආයතනයක්  යටතේ  1859  කාලෙදි දුම්රිය ගමනාගමනය ආරම්භ වෙලා තියනව.

ඕක්ලී ප්‍රදේශය පසුකරන දුම්රික්-1963
1980 මුල් භාගය වෙනකොට  මෙල්බන් නගරය යටින් ඉදිකල දුම්රිය උමං මාර්ග පද්දතියක් දක්වා වික්ටෝරියානු දුම්රිය සේවය දියුණු වෙලා තියනව.

දුම්රිය උමං පද්ධතියේ දර්ශණයක



දුම්රිය උමං පද්ධතියේ දර්ශණයක

මේ කාල වකවානුවේ දිම, ලී වලින් හදපු දුම්රිය මැදිරි ඉවත් කරල අලුතින් වායුසමනය කරන ලද දුම්රිය මැදිරි හදුන්වා දීල තියනව.1990 වෙනකොට දුම්රිය ගාඩ්වරු ඉවත් වෙලා එක් දුම්රිය දාවකයෙක් පමනක්  සහිතව දුම්රිය දාවනයවීම ආරම්භ වෙලා තියනව.
දුම්රිය සේවාව පෞද්ගලිකරණය වීම 1990 වෙදි ආරම්හ වීමත් සමග, සේවාව පුළුල් කරමින් 1997 වෙනකොට "වී ලයින්"(Vline) කිය දිගු දුර දුම්රිය සේවාවකුත් ආරම්භ වෙලා තියනව.

සදන් ක්‍රොස් දුම්රිය ස්ථානයේ ඇති Vline දුම්රිය
ඊට පස්සෙ, 1999 වෙනකොට "රේල් අමෙරිකා" නමැති ආයතනය යටතට පත්වුන දුම්රිය සේවය  2000 වර්ශය වෙනකොට "නැශනල් එක්ස්ප්‍රස්" ආයතනය යටතට පත්වෙලා තියනව.මේ කාල වකවානුවෙදි ම තමා "කොනෙක්ස්" සේවයත් ආරම්භවෙලා තියෙන්න(මම මෙහෙට ආපුම කාලෙ ගියේ කොනෙක්ස් කොච්චිවල )


කොනෙක්ස් දුම්රියක්


2009 වර්ශයෙ මැද කාලෙ වෙනකොට "කෝනෙක්ස්" නම වෙනස් වෙලා ඒක "මෙට්‍රො" නමට මාරුවුනා.දැන් තියෙන්නෙ මෙට්‍රො කෝච්චි.මේ හැම දුම්රියක්ම විදුලි බලයෙන් දාවනය වෙන බව අමතක කරන්න එපා.

මෙට්‍රො දුම්රියක්



කවද හරි දවසක මගේ පුංචි රටේ අයටත් මේ වගෙ කොච්චියකින් ගමන්  යන්න එන්න ලැබෙවා කියල ප්‍රාර්ථනා කරනව.


ප.ලි
හැබැයි හුලං වැදි වැදි,පැද්දි පැද්දි යන ලංකාවෙ කෝච්චියක් තරම් මෙහේ ඒවගෙ කිසිම ආතල් එකක් නැ.


මේවගේ පිස්සු බූතයො ඉන්නව මේ රටවලත්, මොකද උන්ට අපිට වගෙ කෝච්චියේ යනකොට හුලං වදින්නේ නැ

මූලාශ්‍ර
විකි පීඩියා සහ වික්ටොරියා රේල්වේ වෙබ් අඩවි

Sep 18, 2011

සංවේගයෙන් දැනුම්දීමයි!

රියටම අද වගේ දවසක, 2006 බිනර මාසේ 18 වෙනිද, ඉරිද දවසක,මවු උණුහුමෙන් මිදිල,පිය සෙනෙහසින් මිදිල,සහෝදරය,සහොදරිය,යාලුවො හැමෝම දාල,ඒ ඔක්කොම පැත්තකින් තිබ්බත්,ඉපදිච්චිච,හැදිච්ච වැඩිච්ච රට දාල මහ මුහුදින් එහාට යන්න වෙලා හරියටම අදට වසර පහයි.
ජීවිතේ කියන්නේ මොකක්ද කියල අඳුරගන්න,දුක සතුට අඳුරගන්න,මිනිස්සුන් ව,මිනිසත් කම වගෙම නොමිනිසුන් ව අඳුරගන්න,ඒ වගේම ආදරය,විරහව මෙ ඔක්කොම තනියම විදගන්න සිද්දවුනේ මෙ රටෙදි තනියම.
රැ එලිවෙනකම් සුපර්මාකට් පිරිසිදු කරපු,වැසිකිළි හෝදපු,කුනු බ්ක්කි සුද්දකරපු, අඩු පඩියට බර ඇදපු අතීතයට වගේම අමාරුවෙන් ඉගෙන ගත්තු  ගවි ගනන් පයින් ගාටපු,අතේ සත පහක් නැතුව බඩගින්නට වේලක් විතරක් රොටි කාපු අතීතයටත්,
මහ මෙරක් වගේ ආදරය විඳපු,ආදරය කරපු,කැපවීම් කරපු මගෙ ආදරයටත්, තනියම අඬපු,තනියම බැනුම් අහපු,තනියම විදගත්තු මගේ විරහවටත්,
අද ලඟ නැතත් හිත ලඟ ඇති  මගෙ ප්‍රේමයටත්,
බර එසවීමෙන් උරුම වුනු කොන්දෙ අමාරුවටත්,කටිලේජ ගෙවීවෙන් උරුම වුනු අතේ අමරුවටත්, කුස්සියෙන් උරුම වුනු පිලිස්සුම් තුවාල වලට සහ කැපීම වලටත්,
කඳුලට,සුසුමට,සතුටට හැමදාම මා ලඟ ඉන්න මගේ ගිටාරයටත්,
මිනිසත් කම පෙන්නපූ මගෙම යාලුවන්ටත්,එවගෙම නොමිනිස්කම් පෙන්නපු මගෙ යාලුවන්ටත්,
"ප්‍රිය විප්පයොගෝ දුක්කෝ" කියපු, වැටෙන වැටෙන හැම වතාවෙම මට නැගිටිනින්න අතදෙන නිර්මල බුදුදහමටත්,
දිවා රෑ මා වෙනුවෙන් වැලපෙන අම්මාටත් තාත්තාටත්,අයියේ කියන මල්ලීටත් නංගීටත්,සුදු මහත්තයෝ කියපු ආදර වන්තියටත්,ගෙවීගිය අතීතයටත්,දුක් විදින වර්ථමානයට හා නොදන්න අනාගතයටත්,
මේ සටහන තුටු පඬුරක්ම වෙවා!

Sep 16, 2011

ඔබ නොදන්න, මුල මැද හා අග.

 මුල

 ඔබත් එක්ක තුරුළු වෙලා ඉර හැංගෙන හැන්දෑවක
ඈත නුවර වීදි පුරා පිනි වෑහෙන රාත්‍රියක
පාට පාට හීන පිරුනු අපට උරුම අපේ ලොවක
මතකද අපි අපේ වුනා දුර හිඳ ඉස්සර දවසක

මැද

ලා පැහැ දළු කොළ මැලවී පලා දුවන වසන්තයක
සැඩ හිරු ගිනිගෙන වියරුව ගත අළු කල ග්‍රීස්මයක
තනිකඩ වූ ප්‍රේම හීන තනියම ඉකිබිඳින  විටක
මතකද නුඹ යන්න ගියා සීතල උදුවප් දවසක

අග

 පර තෙර නැති ලොව කෙලවර ඈත එපිට නවාතැනක
දිවියට සිටි එකම පිහිට අමතක කල නිමේශයක
වියරුව සැඩ සුලඟ විලස ගිලිහුන රලු රුදු වදනක
මගෙ ආදර රුවල ගියා ඉගිලී ගෙන කුණාටුවක

Sep 14, 2011

"ස්වර්ගයේදී ඔබ හමුවන පුද්ගලයින් පස්දෙනා" අවසානය-දෙවන කොටස


මැරෙන මොහොත වෙනකොට එඩී,කුඩා ගෙලක්  හා බැරලයක් වැනි පපුවක්,ඝන යටි බාහු හා බොඳවී ගිය හමුදා පච්චයක් දකුණු උරහිසේ කොටල තිබුනු  සුදු කෙස් ඇති තරබාරු මහල්ලෙක්.ඔහුට තිබුනෙ යුද්ධයෙන් තුවාල වුන වම් දණහිසක් සහිත ආතරයිටිස් රෝගයට ගොදුරු වුනු,නහර පැදුන කේන්දෑරි පාද යුගලක්. ඔහු හිතන තරමට වඩා වැඩි අභිමානයක් එකතුකල මදක් නෙරාගිය යටි හනුවක් හා කම්මුල් වල වැඩුනු සුදු පැහැයට හැරුනු රැවුලක් සහිත ඉර අවුවට ගොරෝසු වුන පළල්  මුහුණක් ඔහු සතුවිය. බඳපටියට සවිකල ඔහුගේ යතුරු කැරැල්ල වගේම ඔහු එක සිගරැට්ටුවක් වම් කන පිටුපස  තබාගෙන සිටියේය.රබර් අඩි සහිත සපත්තු සහ හන හිස්වැසුමක් පැලඳ සිටි කම්කරුවෙකු වු ඔහු ඇඳ සිටි අළු දුඹුරු පැහැ නිල ඇඳුම ඔහුට කම්කරුවෙකුගෙම මුහුණුවරක් ගෙනාවේය. 

"ස්වර්ගයේදී ඔබ හමුවන පුද්ගලයින් පස්දෙනා" අවසානය-පළමුවන කොටස

                                                             දහවල් කාලෙ මිය යන එඩී නැමැති පුත්ගලය පිළිබඳව ලියවුන මේ කතාව ආරම්භ වෙන්නෙ අවසානයෙන්.කතාවක් අවසානයෙන් පටන්ගැනීම  සමහරවිට අමුතුයි වගේ පේන්න පුලුවන් ඒත් හැම අවසානයක්ම තවත් ආරම්භයක්.දැනට අපි ඒක හරියටම දන්නේ නෑ.


හැම කෙනෙක්ගෙම වගේ එඩීගෙ ජීවිතෙ අවසාන හෝරාව ගතවුනේ  "ග්‍රේට් ග්රේ" මුහුද ළග, වෙරළෙ ඉඳල මුහුද දිහාවට විහිදිලා ගිය වේදිකාවක් උඩ ඉදිවෙච්ච  "රූබි" කියන සතුටු උයනෙදි.ඇවිදගෙන යන්න පුලුවන් ලී පාළම,කතුරු ඔංචිල්ලාව, රෝලකෝස්ටරය ,එක එක පැණිරස කැම තියන කඩ සාප්පු වගේම කට ඇරගෙන ඉන්න විකට මූණු වලට වතුර විදින්න පුලුවන්, හොඳ හෙවිලි කරපු විනේද ජනක ස්ථාන වගේ සමාන්‍යයෙන් සතුටු උයනක තිබිය යුතු හැමදෙයක්ම අඩුවක්  නැතුව මේ විනෝද උයනෙත් තිබුන. ඒ වගෙම ෆ්‍රෙඩීස් ෆ්රී ෆෝල් කියල ඉතා විශාලෙට හදපු අලුත්ම ක්‍රීඩාවකුත් තිබුන.මෙතැන තමයි ප්‍රාන්තයෙ හැම පත්තරේකම වගේ පලවෙන හදිසි අනතුරක් වෙච්ච එඩීගෙ මරණය සිද්ධවෙන ස්ථානය.

Sep 2, 2011

ලස්සන සිංදුවක්...බෙදාගන්න හිතුන





අප හමු වූවත් නොවුනත් කාලය ගතවී යනවා
අප හමු වූවත් නොවුනත් ලොව එක සේ පවතිනවා

ලොව මල් පිබිදේන්න යලි පරවෙනට නම්
අප හදවත් එක් වන්නෙත් වෙන්වන්නට නම් යලි වෙන්වන්නට නම්

පෙරුම් පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම්
හමුවූවත් යලි සැනෙකින් වෙන්වීයයි නම් අප යලි තනිවෙයි නම්
Related Posts Plugin for WordPress, Blogger...