Aug 18, 2011

නුඹේ ආදරේ



එදා කඳුලින් බරිත වු නෙත
මෙදා සැහැසිව නපුරු වී ඇත
අනේ නුඹගේ ආදරේ තෙත
නොදැන සිටියෙමි ලෝකයේ වත

කාලෙකට අපිට ආදරේ කරන,වේදනාවකදි කඳුළු උනන ඇස්වලි ම, තවත් කාලෙකට පස්සේ  ඒ වගේම වේදනාවකදි, මහා නපුරු විදිහ ආ පස්සට වෛර කරන්න,හොඳ වැඩේ කියන්න පුළුවන් වෙන එක ආදරේ වැරැද්දක් ද? නැත්තම් ඇස්වල වැරැද්දක් ද?

Aug 11, 2011

හම්බන්තොටත් පැලවෙනවා ගෝව ගස



 
කලකට රස වෙනවා තව කලක වස
හම්බන්තොටත් පැලවෙනවා ගෝව ගස
අළු යට ගිනි තියන්  සඟවන මූණු රැස
දීග තුලත් යයි සල්ලං ගෑණු යස

Aug 8, 2011

නංගි කනවද කට්ලට්?





මේ සිදිදිය උනේ මගෙ ඇහැට තේල් විසි වෙන්න දවස් දෙක තුනකට කලියෙන්.අපේ කිචන් එකේ හෙඩ් චෙෆ් නෑ කියන්නේ ඉතින් අපිට රජ මගුල් වගේ.එදත් ඒ වගේ දවසක්.හරියට කිවුවොත් ඉරිද දවසක්.ඔසි චෆ් ල දෙන්නම නිවාඩු,මමයි සිගයි අපේ රංග ළමයයි තව ඉන්දි කියල උඩරට චෙෆෙකුයි විතරයි මුලු කිචන් එකටම.ලොක්ක නැති දවස් වලට අපි නිකන් ගෙදර කුස්සියක වගේ.හිතිච්ච දේ හදාගෙන කනව.

ඉතින් මේ දවසෙත්  උදේ පාන්දරම හොඳ ස්ට්‍රොන් කෝපි එකකුත් හදාගෙන හා හා පුරා කියල වැඩ පටන් ගත්ත.උදේම ඉතින් බඩ්ගිනි නිසා බේක නුයි බැදපු බිත්තරේකුයි දාපු හොද බන් එකක් කැව ආපු ගමන් ම.දැන් දවල් වෙනකොට අපහු බඩගිනි. එක එක හුටප්පර කියව කියව ඉන්න ගමන් මම නිකමට සිගාගෙන් ඇහුව...

මචන් හදමුද කට්ලට්....?  
මොනවද කස්ස අහන්නේ හදමු  ජූඩ්!

සිගා ජූඩ් කියන්නෙ අපි ඩූඩ් කියන එකට

ඔන්න දැන් කට්ටියට හෙන කික් එකක් ගියා කට්ලට් වැඩේට.අතට පයට අහුවෙන ජාති දාල  කොහොම හරි මික්ස් එකත් හදාගත්ත.අපි හතර දෙනාට නිසා ටිකක ලොකුවට හැදුවත් කියමුකො. දැන් මම හදල දීපු මික්ස් එක සිගා තමා පාන් කුඩු වල දාල බදින්න ගත්තෙ.එකක් බැද්ද,දෙකක් බැද්ද තුන්වෙනි එක තෙලෙන් එලියට ගන්න කොටම අපේ ඉස්සරහ වැඩකරන අලුතින් ආපු ජෙනිෆර් නංගි ආපි කුස්සියට.කවදත් චීත්තයක් දැක්කම අමුතුම ආතල් එකක් යන අපේ උඩරට ඉන්දි ලොක්ක පැනපු ගමන් කියපි

We’re making some Sri Lankan food. Do you want to try it? It’s very tasty and be careful it’s bit hot as well.

ජීවිතේට කට්ලට් එකක් කාල තියා දැකලවත් නැති එකා මෙහෙම කිවුව ගමන්  නිකන් හම්බවෙන දෙමල පත්තරේ හරි ගන්න අර ජෙනිෆර් කෙල්ලත්..

Why not! I would love to….
කියල කියපි.

අපේ එකා ඔන්න පුදපි එක කට්ලට් එකක්.දැන් අපේ රංග ලොක්කට මේක බලාගෙන ඉදල හිතට හරිම වේදනාවයි.කෙල්ල කට්ලට් එක ඉවර කරපු ගමන්...

You want to try another one?

මෙකිත් පැනපු ගමන් තවත් කට්ලට් එක කට වග කිවුව එක හුස්මට.ඔන්න ඒ අස්සෙ තවත් ඉස්සරහ වැඩකරන කෙල්ලෙක් පාත් වුනා.හිතා ගන්න පුලුවන් නේ! ඒකිටත් එම කතාවම තමා.

කට්ලට් ටික තේලෙන් එලියට ගන්නත් කලින් අරුන් දෙන්න කෙල්ලන්ටත් කවල උන් දෙන්නත් දෙක දෙක කෑව.අසරණ සිගාටයි මටයි යාන්තම් ඉතුරු වුනේ එක කට්ලට් එකක් විතරයි.
මදෑ බඩගින්නට කන්න කට්ලට් හැදුව..
Related Posts Plugin for WordPress, Blogger...