Jul 18, 2011

අවසන නුඹටම පොහොරට මේ කය මෙහිම හොවමු ලoකා(වසර තුනහ මාරකට පසු මා දුටු ලoකාව).

කොයි දේස දීපන්කරේ හිටියත් ඉපදිච්ච් රට තරම් වත්,අම්ම උයපු බත් කටක් තරම්වත් වටින දෙයක් මේ තුන් ලෝකේම නැතුව ඇති(අම්ම උයපු කිරිකොස් මාලුව තාම මතක් වෙනව ).ලoකාවෙ වටිනාකම තේරෙන්න ඉතින් මුහුදින් එහාටම යන්න ඕනේ කියල කතාවක් තියනවනේ.මේ මම ලඟදි  ලoකාවට ගිය වෙලාවෙ ගත්ත පින්තූර ටිකක්.
මේ උඩවලව ජලාශය.
උඩවලව ජලාශයෙ තවත් කොටසක්.වාහනේ යන ගමන් ගත්තෙ.
දෙටගමුව වැව ගාව.කතරගමට ගොඩක් ලඟින් තියන වැවක්.
දෙටගමුව වැවේ පාසි ඉවත් කරණ කෙනෙක්.කවුරු කොහොම කිවුවත් හදවතින්ම හිනාවෙන්න දන්න මිනිස්සු තාමත් අපි අතර ඉන්නව.
කිරි වෙහෙරට යන ගමන්.මේ තමා මේ ලෝකෙ තියන වාසනාවන්තම ගෙදර.
දෙටගමුව වැව ගාව.
මේක නම් අපේ ගෙදරදි ගත්තෙ
ගෙදර දි ගත්ත තවත් පින්තුරයක්.
වෙසක් එකට දවස් දෙකකට කලින් තිස්සමහාරාමෙදි ගත්ත පින්තූරයක්.මේ අය අපට වඩා නිවනට ගොඩක් ලඟයි නෙද?
මේ නම් ඉතින් මම.රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානෙ බලන්න ගිය වෙලාවෙ අපේ මලයගෙ කැමරා ඇසට අහුවෙලා තියෙන්න.


තව දෙයක්,2600 සම්බුද්ධ ජයන්තියට  ගමේ පන්සලේ වැලි කැටයක් පාගන්න හම්බවුනු එක  මේ ආත්මෙ කර ගත්ත ලොකුම පිනක්.අවුරුදු පහකින් වෙසක් එකක් පොසොන් එකක් තිබ්බෙ නැ.ඒ ඔක්කොටම හරියන්න දන්සැල් පාරක් වැඳගත්ත තව කාලාන්තරයකට. 

17 comments:

  1. පින්තූර ටික නම් ටොප් ..

    ReplyDelete
  2. ලස්සන පිංතූර ටිකක්

    ReplyDelete
  3. සහතික ඇත්ත. ලංකාවෙ අගේ දැනෙන්නෙ රටින් පිට්වෙච්චි දවසට

    ReplyDelete
  4. සහෝදරයා ලස්සන පින්තූර ටික.සංස්කරණය කිරීමත් හරිම අගෙයි.
    ජය...

    ReplyDelete
  5. Lassana place tikak .mata ithin mewa balanna yanna bane. kakul pana nathi nisa. you are very Lucky Indeed. Enjoy ur life :D

    ReplyDelete
  6. හරි අපූරු පින්තූරටික..... උඩවලව වැව් බැම්ම උඩදි කවි සිතුවිලි පහල නොවෙනවා නම් තමයි පුදුමේ...මෙතනින් පින්තූරයක් සේව් කරගත්තාට කමක් නැත්ද ? පලවෙනි එක උඩ ක්ලික් කලාම එරර් එකක් එනවා ඒකත් බලන්න...

    ReplyDelete
  7. @හිස් අහස
    ස්තුති මචන්

    @හරී
    ස්තුති මචන්

    @හරී - පිණිපළස
    එකනේ මචන්.

    @තීර්ථ යාත්‍රිකයා
    ස්තුති මචන්

    ReplyDelete
  8. @ඩොලී
    හිත පන නැති නොවී උතුම් සත්ධර්ම මාර්ගයටම වැටේවායි පතමි.

    ReplyDelete
  9. @Geethika Dilruk (ගීතික දිල්රුක්)
    කමක් නැත.ඒත් කොපි රියිට්ස් දාල තියෙන්නේ.වැරදියට පාවිච්ච් කරන්න එපා.

    ReplyDelete
  10. ඇත්තටම මට උඩවළවෙ වැව් බැම්ම උඩදි කවියක් හම්බඋනා ඒත් ඒකට හරියන රෑපයක් ලැබුනෙ නෑ. මෙතන දෙවෙනි ෆොටෝ එක තමයි ගැලපෙන එක. කොපි රයිට්ස් කිවුවෙ ? කොයි විදියටද පාවිච්චි කරන්න ඕනි ?

    ReplyDelete
  11. මමත් කවි ලියන නිසාත් commercial හේතුවක් නොවන නිසාත් පාවිචිචි කලාට කමක් නැ.ඒත් අයිතිකාරයව මතක් කරන්න අමතක කරන්න එපා.

    ReplyDelete
  12. ලස්සන පින්තුර ටිකක්...උඩවලව ජලාශය නම් මාත් දැකලා තියෙන්නේ එක පාරයි. එත් වාහනේ යන ගමන්. මම හිතන්නේ ඒක තමා ලංකාවේ ලස්සනම ජලාශය. පුදුම සුන්දරත්වයක්

    ReplyDelete
  13. Attamata mama me ahanne kasun,

    mokadda oya sadhdharma kriyawa ?
    minissunta gindhara dena ekath eke kotasaksa ? danne nathi nis ahanne ....

    ReplyDelete
  14. @doly
    if this is who i think,go and get a life.
    or if this is the real person..
    I don't think that it would be among your brain capacity.try to spend all your bad karma in this life.The path to enlightenment is covered by hate and cruelty.i have seen such sprites which can change their state according to their needs.I'm so over with them.so DHARMA is not for the people with mind full of hate and with bad tongue.

    ReplyDelete
  15. ලංකාවේ අගය දැනෙන්නෙ පිටරට ගියහම තමා, ඇත්ත ........

    ReplyDelete
  16. පට්ටම පට්ට snaps ටික ..cheerzzzzzzzzzzz!!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...