Jul 20, 2011

දන් දෙන්න තිබ්බ ඇස් දෙක අනූ නවයට බේර ගතිමි!

                ඊයේ මහා කරුම දවසක්.උදේ පාන්දරම සතියක් පරන වුනු deep fryer machine හතරක් ම එක හුස්මට හෝදන්න වුනා.එක හරියට කොළඹ පොදු වැසිකිලි වලක් සුද්ද කරනවටත් වඩා අන්ත වැඩක්.ඒ අස්සේ වැඩ්ඩ වගේ දිලිසෙන්න මුවහත් කරපු මගෙ පිහියටම  එලවළු කපන්න ගිහින් අතේ පලුවක්ම ගියා.

               අඟහරුවාද දවස නිසා ඩිනර් එක මම ග්‍රිල් එකේ,ඉතින් එච්චරම වැඩ තිබ්බේත් නැ.පාසින් කරන ඔසි චෙෆා උදේ ඉදලම කුඩ්ඩ ගහල අවිත් ආත බූත නැතුව පිස්සු කෙලිනව.ඌව කතාවට අල්ල ගත්තොත් බට කැලේට ගිනි ගත්ත වගේ තමයි. ඉතින් වෙන කරන්න ම දෙයක් නැති නිසා මාත් එක්කම වැඩ කරන මගෙ යාලුවො දෙන්නත් එක්ක ඔය එක එක ඔප දූපයි,වැඩ කරන්න එන කෙල්ලො ගැනයි,සිකුරාද හැප්ප්ලිලා මැරිච්ච් බ්‍රිස්ටො එකේ වැඩ කරන "හැනා" ගැනයි, වල් පල් දොඩව දොඩව ඉන්න එක තමා කලේ.
              ඔන්න ඔය අස්සෙ ආව එක ඩොකට් එකක්.සැමන් එක කුයි තව මොනවදයි.ලොක්ක කියපු විදියට මාලු කැල්ල තාච්චියේ ඇලෙන්නෙ නැති වෙන්න නම් ඉස්සෙල්ලම තාච්චිය හොඳට රත් වෙන්න ඕනෙ.ඊට පස්සෙ තමා තෙල් දාන්න ඕනෙ.තෙලුත් හොඳට රත් වෙන්න ඕනේ.හරි දැන් ඔය ඔක්කොම කලා කියමු කො.
ඔන්න දැන් සැමන් කැල්ල තාච්චියට දැම්ම.

චොස්..........


             හොඳටම රත්වෙලා තිබ්බ ඔලිව් තෙල් තලියක්ම මගෙ මූනෙ.හටියටම වම් පැත්තෙ ඇහැට.උනේ මොනවද කියල හිතාගන්න බැරි උනා.හැබැයි වාසනාවට ලඟ තිබුනු  ටැප් එකට මූන ඇල්ලුව.අපේ උන් දෙන්නම සියළුම වැඩ දාල මා ගාව.උන් හොඳටම බයවෙලා.තත්පරෙන් දශම ගානකට කලින් මගෙ ඇහි පිහාටුව වැහිනු නිසා පොට්ටයෙක් නොවී බේරුනා.ඒත් මුලු රැම අයිස් තියාගෙන තමා වැඩකලේ.

           දන් දෙන්න හිතාගෙන ඉන්න නිසා ඇස් දෙක බේරුනා.දැන් නම් ඇහැ වටේ ම කලු වෙලා.හරියට මෝටාර් එකක් වැදිච්ච් පරන වරිචිචි බිත්තියක් වගේ.
මොනව නැතත් කස්සගෙ තනි ඇහැට සිරාවටම
ඩෙනව තාමත්.

15 comments:

  1. දුක් වෙන්න එපා මචන්.ධෛර්ය ගනින්.උඹේ හිතේ තියන ධෛර්ය මට හිතාගන්න පුලුවන්.නන්නාදුනන රටක ඔය වගේ දෙයක් වුනාම කාටද අවුල් යන්නැත්තේ.මචන් උඹ ඉණිමගේ උඩම පඩියට නැගපු දාට උඹට වටේ වගේම බිම බලන්නත් පුලුවන්.අන්න එදාට ඔය විඳපු දුක් ගැන උඹට සතුට දැනෙන්න ගන්නවා.ඒ වගේම උඹේ ඒ ජීවන අත්දැකීම් එතකොට තවත් කෙනෙකුට ධෛර්ය ගන්න උදව් කරාවි........

    ReplyDelete
  2. " දන් දෙන්න තියෙන ඇස් දෙක" ඇත්ත සමහරවිට ඒ නිසාම බේරෙන්න ඇති. ඉක්මන් සුවය සොයුර !!!!

    ReplyDelete
  3. පරිස්සමින් කල්පානවෙන් වැඩ කොරන්න එපැයි. තව ඩිංගෙන් මල මගුලයිනේ...

    ReplyDelete
  4. පෙර පිනකින් තමයි ඇහැ බේරෙන්න ඇත්තේ.
    අනික හොද චේතනාවක් නේ හිතේ තිබුනේ..ඒකයි.
    පරිස්සමෙන්...කස්සෝ.

    ReplyDelete
  5. athi oin beruna. tikak parissamen dear. mokada kala kala de pala pala de kiyanawane. Potta novi beruna eka loku deyak

    ReplyDelete
  6. @doly
    if i lost one eye i have another one.but the state of mind that I'm in right now will not changed by a split of hot oil or a comment by a dirty mind.if I'm in your situation i don't even try to hate to someone else.see your self....

    ReplyDelete
  7. පරිස්සමෙන් මල්ලියේ, නුඹ ඉනිමඟක අඩියෙන් අඩිය තියා ඉහළට යන කෙනෙක්. බහින්නත් බැහැ, අතාරින්නත් බැහැ. උඩටම යනවා ඒකාන්තයි. තෙරුවන් සරණයි!

    ReplyDelete
  8. තව පොඩ්ඩෙන් ඉවරයි. කොහොමත් තෙල් එක්ක වැඩකරනකොට පරිස්සම් වෙන්න ඕනේ

    ReplyDelete
  9. තීර්ථ යාත්‍රිකයා
    අතාරින්නේ නැ මචන් ගේම..

    හරී - පිණිපළස
    වෙන්න පුළුවන්.ස්තුති මචන්.දැන් හොඳයි

    prasanna86k
    ඔවු බන්, ඇහැ බේරුනේ නූලට

    - නිල් අහස -
    හ්ම්....ස්තුති මචන්

    ReplyDelete
  10. මේක හරි වැඩක්නෙ, හැමදාමත් මචං, මචං කියනව. මම මචං නෙවේ අනේ මචී කෙනෙක්. ඒ කියන්නෙ අක්කෙක්

    ReplyDelete
  11. @Dhayal bathee
    ස්තුති මචන්

    @ගල්මල්-Coral
    මොන දේ උනත් ගේම අතාරින්නේ නෑ ඩීන් අයිය.වචනෙකින් හරි තල්ලුවක් දුන්නට පින්

    @තාරක Dilsh@n
    මම හොඳින් මච්න්.

    ReplyDelete
  12. @හරී - පිණිපළස
    අනේ සොරි වෙන්න ඕනේ මචී අක්කෙ

    ReplyDelete
  13. සැලෙන්න එපා, ඔයින් ගියා මදෑ ........

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...