මචන් කස්ස උඹේ ශොට් එකත් මට අරන් දියන් වොඩ්කා විත් ඔරෙන්ජුස්..කොහෙද ඉතින් උඹ බොනව කියල යැ!
වසර තුනහ මාරකට පසුව අපමන වෙර යොදා ඉතා වැදගත් කාරියකට ලoකාවට එන්නට පිටත් වුයේ මා රැකියාව කරන ස්තානයට නොවදිනා වැදුම් වැද යාන්තම් සති දෙකකට නිවාඩු ඉල්ලාගෙනය. එහේත් පිටත් වන්නට පෙර සති කිහිපය මම ලෝක මහා යුද්ධයක් කර ආයාසයෙන් ඉන් පරාජයවී සියල්ලම කලකිරී සිටියේය.
මා අවුරුද්දක් පමන ජීවත්වු මගෙ පුන්චි කාමරයෙන් පිටත්වනවිට මට මෙ ගීතය මතක්විය,
සියල්ල ඉදිරී ගරාවැටුනුදා....
ඇයතින් නොමැරුනු මගෙ මිනිස්කම
දැනහදුනාගත් තනිකම නුඹටත්
මාහැරයන්නට සිදුවේයි නැවතත්.......
කස්ස! මොකද බන් මූන එල්ලගෙන ටිකක් හිනාවෙලා හිටපන්කො යකො අවුරුදු කීයකින්ද දැන් උඹ මේ ලoකාවට යන්නෙ....
මා වැටුනු හැම අවස්තාවේම එල්ලෙනට එක් පරඬැලක් හෝ දිගුකල මගේ මිත්‍රයාට මගේ මනසිකත්වය ඉවෙන් මෙන් වැටහුනි.
එහෙත් මා දරාසිටි දුක් මට ඔවුන් සමග බෙදාගැනීමට උවමනාවක් තිබුනේ නැත.එය තනිකරම මට උරුම වුවක්ම පමනක් විය.නමුත් මේ වෙනවිටත් ජිවිතයේ යතාර්ථය මම බොහෝදුරට අඳුනාගෙන සිටියෙමි.මාස ගනනක් තිස්සේ නිර්මල බුදුබණ මා වෙනමම චින්තනයකට ගෙනගොස් තිබුනි.
මෙ හැම කලබගෑනියක් අස්සේම වුයේ ලoකාවට යන ගමනට තිබු මගේ උනන්දුව ශුන්ය වීමයි.එහේත් පෙර කී පරිදි මගේ මිත්‍රයා නම් මුලසිටම කන සාක්කුවේ දමාගෙන ඒමට සිතාසිටි බව හැඟුනි.මක්නිසාදයත් මට ලැබෙන මදුවිත වීදුරුවටත් වගකිවීමේ ආශාවෙන් ඔහු පසුවීමයි.
එහෙත් සිදුවුයේ අනෙකකි
අයහපත් කාලගුනය නිසා අප ගමන්කල ගුවන්යානය උණ සන්නිපාතය හැදුනි බලු නකුටෙකු මෙන් නිතරම ගැහෙන්නට විය.
නිමේශයකින් ප්‍රධාන ගුවන් නියමු තෙමේ මෙසේ කියන්නට විය...
“අයහපත් කාලගුනය නිසා අපෙ කාර්යමන්ඩලය ගුවන් මගීන්ට සැර බීම වර්ගවලින් සන්ග්‍රහ කිරීමෙන් වැලකීසිටින්නට සිදුවෙනවා.සිදුවෙන අපහසුතාවයට සමාවන්න...”
මම හිනහව තදකරගත්තේ ඉතාමත් ආයසයෙනි.අනේක් අසුනේ සිටි මගෙ මිත්‍රයාට නම් මුහුනින් දුම් පිටවෙන තරමට තදවී ඇත.
මචන් ලොක්ක වොඩ්ක දෙන්න බෑලු..
මම උඹට ඔන්නම් ඔරෙන්ජුස් ශොට් එකක් අරන් දෙන්නම්.....
මට ලැබුනු කුනුහරුප වැල ඇසී මගේ අසලින්ම සිටි වයෝවෘද කාන්තාව ක්ශනයකින් ගැබ්බර විය.
No comments:
Post a Comment