Jun 29, 2011

නොදුටු මවට ලියමි!



කාලය බොහෝදැ වෙනස්කර ඇත.එය ඔබටද පොදුය.මටද එසේමය.තවකෙකුටද එය එසේම වනු නො අනුමානය.නොලියා සිටීමට සිතා සිටියද මෙය මා ලිවියයුතුම වන නිසා ලියමි.,මක්නිසදයක් මවකගෙ හිත රිදවීමේ ශාපයට මා යටවේයැයි බියවෙමි, අද මා යන මාර්ගයට එය බාදාවක් වනු නොඅනුමානය.මෙය කියවා අවසානවිට ඔබ මා කවුරුන්දැයි තේරුම් ගනු ඇත.සමහරවිට එසේ නොවනුද ඇත.එහෙත් කමක් නැත.ලිවිය යුතුදේ ලිවිය යුතුමය.

කෙනෙකු මට වෙනස් වන්නෙකු යැයි පැවසුවොත් එය අමූලික බොරුවකි.තවද මා එසේමය.මීට වසර දෙකහමාරකට ප්‍රථම කිසිම පැකිලීමකින් තොරව ජීවිතයේ දැඩි තීරණ ගත් මම මය.නමුත් නුඹ වාගේම මට මගෙ ගෙදර බුදුන් වටින්නේය.රස මසවුලු,යාන වාහාන නොමැතිව දහසක් කම්කටොලු මත මා ඇති දැඩිකල මගෙ මව මට වටින්නේය.

ඇය මට ශාප කරනවිට,මගෙ මවට,අසරණ සහෝදරියට ශාප කරනවිට නුඹ ඒ අසලම සිටියා යැයි මට කිසිම සැකයක් නැත.නමුත් මේ වසර දෙකහමාරටම පුතේ උඹට කොහොමදැයි?” යැයි වත් ඇසීමට තරම් නොණමුනු ඔබ,එක අවවාදයකින් වත් එය වලක්වා ගැනීමට උත්සහ නොකිරීම පිලිබඳව අදත් මා බොහෝ සෙයින් පසුතැවේ.එය එසේ වුයේනම් පසුගිය කාලයේ සිදුවු බොහෝ දෑ මීට වඩා හාත්පසින්ම වෙනස්වනු ඇත. දෙපාරක් නොසිතා ජීවිතයේ අන්තිම පරඬැලේ එල්ලී සිටි කෙනෙකුට ආදරය කිරීමට තරම් හිතක් හැදු මගේ මවට පනුවෝ ගසා මැරියන්!” යැයි කියනු ඇසීමට තරම් මම අවාසනාවත්ත වුයෙමි.මෙය වෙනෙකෙකු මුවින් පිට වුයෙනම් ඔහු අද ජීවතුන් අතරත් නැත.නමුත් ඒ වචන පිටවුයේ මා ජීවිතය වු ඇයගේ මුවෙනි.එහෙයින් සියලු දේ අතහැර ජීවිතයේ ඇත්ත සෙවීමට තරම් ජීවිතය මට කල නොකිරුනේනම් එය පුදුමයකි.

නමුත් මම එක දෙයක් ඉල්ලමි.මෙය මා බොහෝ කාලයක් උත්සහ කල මුත් ඉශ්ට කරගත් නොහැකි වුවකි.ඇයට මා බාවනාව උගැන්වීමට උත්සහ කලෙමි,විවිද පොත් කියවීමට ඉල්ලීමි,මක්නිසාදයත් ඒවායින් මේ කාලකන්නි ජීවිතය තේරුම්ගැනීමට හැකිවන නිසාය.ඒවා කවුරුත් ගනන් නොගෙන සිටියේ ඇගේ පවටද මගේ පවටද මට නොවැටහේ. නමුත් ඇය සුවපත් කල හැකි එකම මාර්ගය ඇගේ සිතේ ඇති නොනිමෙන වෛරය හා කේන්තිය නිවා දැමීමෙන් පමනි.යම් දිනක ඒවා නැතිවූනු විට ඇය සුවපත්වනු ඇත.එය කල හැකි එකම මාර්ගය නිර්මල බුදුදහම පමනි.

ඇය මා දැක නැති ලෙසම නුඹවද මා දැක නැත.නුඹෙ පායුග අසල සමාව ගැනීමට අවස්ථාවක් නැත.තවද නුඹ සිටිනා මානසික තත්වය තේරුම්ගැනීමටද කිසිඳු හැකියාවක් නැත.නමුත් ලොවුතුරා බුදුන්ටත් ගෙදර බුදුන්ටත් පමනක් එකතු වුනු දේඅත් එකතුකර නුඹසිටින දිශාවට හැරී ඉල්ලමි.මගේ ඉල්ලීම පමනක් ඉටු කරන්න.

අවසාන වශයෙන් එක් කතාවක් කියමි.ආදරය වෙනුවෙන් රටවල් සීයක් සමග සටන් කොට මට දිනිය හැක.නමුත් මගෙ මව වෙනුවෙන් ඒ සියල්ලම අතහැර පරාජයද විය හැක.එක ගැහැනියක් නැතිවු විට තව ගැහැනියක් සොයාගත හැක.නමුත් මගේ මව නැතුවුනු කලට කෙසේනම් මා මවක් සොයන්නද? මේ විශ්වයටම මට සිටින්නේ එක මවක් පමනි.

2 comments:

  1. යකෝ හිතේ තියන තරහා කියවන උන්ටත් දැනෙන්නම පිටකරලා නේ.... මමත් උබේ මව නැතිවූ කලට කෙසේනම් මවක් සොයන්නද? තියරියට එකගයි ඇත්තටම අපිට අනිත් හැම දේටම වඩා අපේ අම්මයි තාත්තයි වටිනවා.... එයාලා අපි ගැන තියෙන ආදරේ අපේ වයසටත් වඩා මාස 10ක් වැඩියි ඒ ආදරේ හැමදාටම ඒ විදිහයි....

    ReplyDelete
  2. සහතික ඇත්ත සහෝ ... :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...