Jun 17, 2011

පට්ට ලස්සන මෙල්බන් රටේ කට්ට කන ගමන් සීතලේ ගෙදරට වෙලා ඉන්න බැරිකමට, එලියට බැස්ස!

මුලු සතියම වැඩ කරල ඉතින් ලැබෙන නිවාඩු දවස් දෙක නිකන් මසුරන් වගේ.ඊයෙ මට නිවාඩු.ගේ අස්සෙම ඉදල නිකන් පිස්සු වගේ.ඉතින් ගියා පොඩ්ඩක් සිටි එක වටේ රවුමක් දාල එන්න.ඇඟ කීරි ගැහෙන හීතලේ හවසම මගෙ වාහනේට නැගල පිටත් උනා.මට තියන වාහනේ මෙල්බන් වලට තියන දිගම එක.හික්...කෝච්චිය!.ඒ යනගමන් ඉතින් මගෙ කැමරා කට්ටත් එල්ලගෙන යන්න අමතක කලේ නැ.මට ඉතින් තියන එක හොබී එකක් තමා ඉතින් ෆොටො ගැනිල්ල. අනිත් එක තමා ගිටාර් ගැහිල්ල.

රැට මෙල්බන් නගරය කියන්නේ ගොඩක් ලස්සන තැනක්.යාර ගඟ වටේම යන්න පුලුවන්.ඔන්නම් බෝට්ටුවක නැගල වටයක් යන්නත් පුලුවන්.තව කැම කන්න තැන් ඕන තරම්.තනියම එනවට වඩා ඉතින් ලඟ ඉන්න කවුරුහරි හිටියනම් තමයි තවත් ඒ ගනම ලස්සන වෙන්න.මීට අවුරුදු දෙකහමාරකට විතර උඩදි මම මගෙ යාලුවෙක් එක්ක ආව එක පාරක්.ඒ කාලෙනම් ගොඩක් ලස්සන හීන වගයක් තිබ්බ.ඊයෙ ගියහම ඒ ඔක්කොම හෙන ගැහුව වගේ මතක් උනා.ඒත් ඉතින් මට තනියට හිටියේ මගෙ කැමරා කට්ට විතරයි. දැන් ඒ හීන මම වලල දාල තියෙන්න.

ගත්ත පින්තුර වගයක් තියනව,ඔයාලත් බලල රස විදගන්න!




මේ මගෙ ෆ්ලිකර් ලින්ක් එක. ඒකෙ ගත්ත තව පින්තූර ගොඩක් තියනව.කැමති කට්ටිය ගිහින් බලන්න.

15 comments:

  1. ලස්සනයි පින්තූර ටික

    ReplyDelete
  2. මෙල්බර්න් වල හොදම ඉදි ආප්ප කඩෙ මොකක් ද... not a joke

    ReplyDelete
  3. Nobal park wala thiyana iniappa kade.

    ReplyDelete
  4. Nice place. i guess i have seen this place before.... i wish if i could have this happiness ...

    Minu

    ReplyDelete
  5. ඔය කිඋවට Australia life 1ක කට්ටම නෑ නේද බං

    ReplyDelete
  6. ෆොටෝස් ටික නම් පට්ටයි. ෆ්ලිකර් එකෙත් බැලුවා.

    ReplyDelete
  7. ඔව් . ගොඩක් ලස්සනයි ෆොටෝස් ටික.
    අපි කාලෙකදි ජීවිතය විදිනවා..තව කාලෙකදි විදවනවා.
    ඕක තමයි මචං ජීවිතේ.

    ReplyDelete
  8. @නදී
    බොහොම ස්තුතී

    ReplyDelete
  9. @sohan
    අපෝ එකක් නෙමේ... ගොඩක් තියනව...

    ReplyDelete
  10. @Surain
    මම එකෙන් නම් කාල නෑ.

    ReplyDelete
  11. @ඩොලී
    Yes! you have seen this place before.and i wish you could have had this happiness too.but all wrong decisions drag us into this.
    remember there is nothing called happiness in this world,only true things are sadness and emptiness.i wish you will find your internal happiness one day.may triple gems bless you and make you healthy.

    ReplyDelete
  12. @ ඩොලී...නොහොත් මිනූ

    මේ වගෙ තැන්වල ලස්සන බලන්න යන්න ඇවිදින්න උඹේ කකුල් දෙක පණ නෑ මගෙ නංගෝ. ඒක හින්දා මේව තැන් කැතම කැතයි කියලා හිතපන්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...