Jun 12, 2011

දුම්රියේ දුටු ඔසි ලඳට ලියු කව...

මීට සති කිහිපයකට උඩදිනම් මේවගේ පොඩි වචන ටිකක් ලියවුනා නම් මට කටවල් දෙකකින් අමු සුද්ද සිoහලෙන් බැනුම් අහන්න වෙනව,ඒත් දැන්,ඕන මගුලක් කියල අද කෝච්චියේ යනගමන් හිතට ආපු වචන ටික කුරුටුගාල දැම්ම.




වසාගෙන නුඹ කුණු ජරාගොඩ රන් කසීසලු අබරනින්
දෙව්ලොවින් බට දෙව්දුවක් ලෙස ගමන්යනවිට දුම්රියෙන්
ඈත අසුනක කොනක හිටි මට දෙනෙත් ගැටුනද ක්ශනිකයෙන්
ජීවිතය යනු දුකක් මැයි දැන සිනා ඇතිවිය මුව කොනින්

5 comments:

  1. මේවා දැකලා අනියත බව මෙනෙහි කරපු එක හොඳයි.

    ReplyDelete
  2. ඇත්ත. ජීවිතය කියන්නේ දුකක්ම තමයි.

    ReplyDelete
  3. කවුරුත් අඩු වැඩියෙන් කරන්නේ අනියත කය සරසන එක. ඒත් ඉතිං ජීවත් වෙලා ඉන්නකම් පිළිවෙළකට ඉන්නත් එපැයි.

    මල්ලී කාලයක් තිස්සේ ඔසිකතා කියවලා හිනාවෙලා ගියත් මෑතක ඉඳන් ඔබේ වචනවල ලොකු බරක් දැනෙනවා, අනේ මන්දා මල්ලියේ. ජීවිතය හරිම සරළයි, ඒ වගේම තරාදියක් වගේ බැලන්ස් කරන්න ලේසිත් නැහැ. මොනවා වුනත් ඉගෙනීමේ කටයුතු හොඳින් කරගෙන ගොඩවෙන්න ඕනේ.

    ReplyDelete
  4. @sameerausa
    ඒක තමා හොඳම වැඩේ මචන්

    @නිල් අහස
    හරියටම හරි කිවුව.ඒත් ඒක තෙරුම් ගන්නත් ඕනේ.

    ReplyDelete
  5. ඩීන් අයිය! මිනිස්සු වයසට යන්න යන්න ජීවිතේ දිහා බලන විදිය වෙනස් වෙනව.ඒ මිනිස්සුන්ට ජීවිතේදි ලැබෙන අත්දැකීම් එක්ක එහෙම වෙනව.මතටත් ඔය ටිකම තමා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...