May 27, 2011

මම ඔය විදියට බොන අයට මම කැමති නැ... ඕක නතරකරල දාන්න.

අදින් වසර තුනකටත් පෙර,හරියටම ඉල් මාසෙ අන්තිම දවස්වල

සුරාවට ලොල් වූ මිතුරන් සමග සති අන්තයේදී කන සාක්කුවේ දමාගන්නට තරම් රහමෙර පානයකල කාලය.වසර විසි හතරකටත් අධික කාලක් ආරක්ශා කල පස්වන සිල් පදය කඩා බේබද්දකුව සිටි කාලය.

මචන් අදත් සෙට් වෙමුද? මම කලු වඳුරෙක් අරගෙන එන්නම්.

උඹ මොනව හරි සෙට් කරල තියපන්.ෆ්යිඩ් රයිස් එකක්නම් එල.

රෑ එලිවෙනතුරු ජෝගි නටා එවා පසුව නෑරඹීමට වීඩියෝ කැමරාවක සටහන් වන්නට තබා විනෝදවීමට අපි පුරුදුව සිටියෝය.

මේ මගේ එදා ජීවිතට විය..

මේ අවදියේ එක්තරා සමාජයක මා සමග හරි හරියට කවි කරමි එකට එක කල ඇය, හා මම ටිකෙන් ටික සමීප වන්නට විය.

මම මෙසේ ලියනවිට..


අමිහිරි මට මේ දුරු රට

නුඹ හෙමිහිට ගියදා සිට

තරු ඉඳහිට අත වැනුවට

තරු මොට මට හඳනැතිකොට


ඇය මෙසේ පිලිතුරු ලිවුවාය..


ඔය දුරු රට නුඹෙ තනියට

මම සිටියට පල නෑ හෙට

නුඹෙ තනියට මම සිටියට

නුඹ උන්නද මගෙ තනියට

මා ගැන බොහෝවිට සැලකිලිමත් වූ ඇය මා බීමත් කමින් මුදවාගැනීමට අපමන උත්සහ ගත්තාය.

මම ඔය විදියට බොන අයට මම කැමති නැ...

ඕක නතරකරල දාන්න.

අන් කිසිවකු නොව මගේ ආදර මවට පසුව මට මහත්තයෝ යැයි කියු, මා බේබදුකමින් මුදවා, උතුරු සලුව දමා මා දුකින් මුදවූ ඇයම විය.ලෙන්ගතුවු ආදරනීය ඇයම විය.

4 comments:

  1. නියම මචන් දෑනෙන්න ලියලා තියන්වා.......එල එල

    ReplyDelete
  2. ඒ ලැබීම ලොකු වාසනාවක්, ජය.

    ReplyDelete
  3. මේහෙව් බිරින්දෑවරුන් වාසනාවන්!
    මමත් අද රහමෙරින් ඈත් වෙලා ඉන්නෙ බිරිඳ නිසා තමා..
    අම්මත් කිවුවෙ මට කරන්න බැරි වුණ දේ දුව කළා කියල

    ReplyDelete
  4. Why did u let her go.. She loved you more than herself.. now she is no more.. :( :(

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...