May 26, 2011

අපිට එයාව බලාගන්න පුලුවන්..ඔයා ගිහින් සරුන්ගලයක් යවන්න!

“We can take care of her. You go and fly a kite”.

එය මට ඔබේ සහෝදරියගෙන් ලැබුනු අවසාන අවවාදය විය!

ඉකුත් වු සති කිහිපය බොහෝදේ කනපිට හැරලු කාලයක් විය.මා නැවතත් මේ කූඩු ජීවිතයට හිරවී ඇත. මගේ කුඩා කමරයේ බිත්තිවල එල්ලෙන ඔබේ චායාරුප, ඔබේ අතින් ලියු මා අදරයෙන් එකතුකල ආදරනීය ලිපි,ඒ සියල්ල තිබු අයුරින්මය.ඒවාට අතගැසීමට මට තවම ශක්තියක් නොමැත.

වේලාව පාන්දර හතරට පමන විය.එය මා ල oකාවේ ගතකල පලමුවෙනි රාත්‍රියයි.කුස්සියෙන් ශබ්දයක් ඇසී මා ක්ෂනයකින් අවදිවිය.

මේ වෙලාවෙ කවුද…?

අම්ම වෙන්න ඇති!

මා සෙමෙන් කුස්සියට ගමන්කලෙම්.වම් අතේ මහපටැඟිල්ල වෙලාගෙන ඊට උඩින් මුලු අතම වැසෙන සේ සිලි කවරයක් දවටාගෙන ඈ තනි අතින්ම මට බත් තම්බන්නීය.

මගේ සියොලඟම කිලිපොලා ගියේය.

ඇසිපිය හෙලන ක්ශනයකින් මට මතක්වුයේ නුඹය.ආදරනීය නුඹය.

අහෝ නුඹ කරගත් පාපකර්මයක මහත!

මොකද අම්මෙ මේ..? මට ඉබේටම ඇසිනි.

oගි අද ඉස්කෝලෙ යනවනෙ චුටි මහත්තයො,මල්ලිත් වැඩට යනව කිවුව.ඇය මම ඇසු ප්‍රශ්නය වහoකොට පිලිතුරු දුන්නාය.

චුටි මහත්තයො!“.එය මට බොහෝ ලෙන්ගතු වචනයක් විය.මා පනමෙන් ආදරයකල දෙදෙනාම මට කතාකලේ මහත්තයො කියාය.

මා ඇයව කුස්සියෙන්ම වාඩිකර ඉක්මනින් ඉතිරි ආහාර පිලියෙල කලෙම්.

මාස තුනකටත් වැඩිකාලයක් සිට ඇය තනි අතින්ම සියලු වැඩපල කරන්නීය.මා ගුවන්තොටුපලෙන් රැගෙනයන්නට පැමිනි දින, තෙල්වලට පිලිස්සුනු මගේ දෙ අත් අතගා ආයාසයෙන් කදුළු සඟවාගත්තේ ඇයගේ අතෙහි වු වේදනාව මට නොපෙන්වාය.

ඇ මගේ මව විය.මතු බුදුවන මගේම මව විය!

3 comments:

  1. ජීවිතය කැප කිරීමට පමණක්ම උපන් ගැහැණියට දෙන නමයි ...
    අම්මා ...

    ReplyDelete
  2. " අපිට එයාව බලාගන්න පුලුවන්..ඔයා ගිහින් සරුන්ගලයක් යවන්න "

    මේ කතාවට මේ හෙඩිම ගැලපෙන්නේ නෑ කියලා මට හිතෙනවා. කතාව නම් නියමයි....

    අම්මා කෙනෙක් කියන්නේ ඒකනෙ. මගේ මිනූ නංගගෙ අම්මත් එයා වෙනුවෙන් හුඟාක් දුක් විඳින කෙනෙක්...ඔයාලට හිතා ගන්නවත් බැරි තරම්

    ReplyDelete
  3. "...මා පනමෙන් ආදරයකල දෙදෙනාම මට කතාකලේ මහත්තයො කියාය..."

    ඒ දෙදෙනාවම හැමදාම පණමෙන් ආරක්ෂා කරගන්න හැකියාව ඔබට ලැබේවා මල්ලී.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...