May 31, 2011

පලායන මතක




























උඹේ අතින් හැඩට ගෙතුව
එදා එවුව කොට්ට උරය
ආදරේට තුරුලු කරන්
එකතු කෙරුව ලියුම් මිටිය
මගේ බිත්තියේ එල්ලුව
හිනා පිරුන නුඹේම රුව
එකුතකරන් මිටිය බැඳන්
මගේ මතක පොදිය එක්ක
යකඩ උලෙන් හිතට ඇනන්
වීසිකලා යාර ගඟට


yarra river(මෙල්බ්න් වලට තියන එකම ගඟ)

May 27, 2011

මම ඔය විදියට බොන අයට මම කැමති නැ... ඕක නතරකරල දාන්න.

අදින් වසර තුනකටත් පෙර,හරියටම ඉල් මාසෙ අන්තිම දවස්වල

සුරාවට ලොල් වූ මිතුරන් සමග සති අන්තයේදී කන සාක්කුවේ දමාගන්නට තරම් රහමෙර පානයකල කාලය.වසර විසි හතරකටත් අධික කාලක් ආරක්ශා කල පස්වන සිල් පදය කඩා බේබද්දකුව සිටි කාලය.

මචන් අදත් සෙට් වෙමුද? මම කලු වඳුරෙක් අරගෙන එන්නම්.

උඹ මොනව හරි සෙට් කරල තියපන්.ෆ්යිඩ් රයිස් එකක්නම් එල.

රෑ එලිවෙනතුරු ජෝගි නටා එවා පසුව නෑරඹීමට වීඩියෝ කැමරාවක සටහන් වන්නට තබා විනෝදවීමට අපි පුරුදුව සිටියෝය.

මේ මගේ එදා ජීවිතට විය..

මේ අවදියේ එක්තරා සමාජයක මා සමග හරි හරියට කවි කරමි එකට එක කල ඇය, හා මම ටිකෙන් ටික සමීප වන්නට විය.

මම මෙසේ ලියනවිට..


අමිහිරි මට මේ දුරු රට

නුඹ හෙමිහිට ගියදා සිට

තරු ඉඳහිට අත වැනුවට

තරු මොට මට හඳනැතිකොට


ඇය මෙසේ පිලිතුරු ලිවුවාය..


ඔය දුරු රට නුඹෙ තනියට

මම සිටියට පල නෑ හෙට

නුඹෙ තනියට මම සිටියට

නුඹ උන්නද මගෙ තනියට

මා ගැන බොහෝවිට සැලකිලිමත් වූ ඇය මා බීමත් කමින් මුදවාගැනීමට අපමන උත්සහ ගත්තාය.

මම ඔය විදියට බොන අයට මම කැමති නැ...

ඕක නතරකරල දාන්න.

අන් කිසිවකු නොව මගේ ආදර මවට පසුව මට මහත්තයෝ යැයි කියු, මා බේබදුකමින් මුදවා, උතුරු සලුව දමා මා දුකින් මුදවූ ඇයම විය.ලෙන්ගතුවු ආදරනීය ඇයම විය.

May 26, 2011

අපිට එයාව බලාගන්න පුලුවන්..ඔයා ගිහින් සරුන්ගලයක් යවන්න!

“We can take care of her. You go and fly a kite”.

එය මට ඔබේ සහෝදරියගෙන් ලැබුනු අවසාන අවවාදය විය!

ඉකුත් වු සති කිහිපය බොහෝදේ කනපිට හැරලු කාලයක් විය.මා නැවතත් මේ කූඩු ජීවිතයට හිරවී ඇත. මගේ කුඩා කමරයේ බිත්තිවල එල්ලෙන ඔබේ චායාරුප, ඔබේ අතින් ලියු මා අදරයෙන් එකතුකල ආදරනීය ලිපි,ඒ සියල්ල තිබු අයුරින්මය.ඒවාට අතගැසීමට මට තවම ශක්තියක් නොමැත.

වේලාව පාන්දර හතරට පමන විය.එය මා ල oකාවේ ගතකල පලමුවෙනි රාත්‍රියයි.කුස්සියෙන් ශබ්දයක් ඇසී මා ක්ෂනයකින් අවදිවිය.

මේ වෙලාවෙ කවුද…?

අම්ම වෙන්න ඇති!

මා සෙමෙන් කුස්සියට ගමන්කලෙම්.වම් අතේ මහපටැඟිල්ල වෙලාගෙන ඊට උඩින් මුලු අතම වැසෙන සේ සිලි කවරයක් දවටාගෙන ඈ තනි අතින්ම මට බත් තම්බන්නීය.

මගේ සියොලඟම කිලිපොලා ගියේය.

ඇසිපිය හෙලන ක්ශනයකින් මට මතක්වුයේ නුඹය.ආදරනීය නුඹය.

අහෝ නුඹ කරගත් පාපකර්මයක මහත!

මොකද අම්මෙ මේ..? මට ඉබේටම ඇසිනි.

oගි අද ඉස්කෝලෙ යනවනෙ චුටි මහත්තයො,මල්ලිත් වැඩට යනව කිවුව.ඇය මම ඇසු ප්‍රශ්නය වහoකොට පිලිතුරු දුන්නාය.

චුටි මහත්තයො!“.එය මට බොහෝ ලෙන්ගතු වචනයක් විය.මා පනමෙන් ආදරයකල දෙදෙනාම මට කතාකලේ මහත්තයො කියාය.

මා ඇයව කුස්සියෙන්ම වාඩිකර ඉක්මනින් ඉතිරි ආහාර පිලියෙල කලෙම්.

මාස තුනකටත් වැඩිකාලයක් සිට ඇය තනි අතින්ම සියලු වැඩපල කරන්නීය.මා ගුවන්තොටුපලෙන් රැගෙනයන්නට පැමිනි දින, තෙල්වලට පිලිස්සුනු මගේ දෙ අත් අතගා ආයාසයෙන් කදුළු සඟවාගත්තේ ඇයගේ අතෙහි වු වේදනාව මට නොපෙන්වාය.

ඇ මගේ මව විය.මතු බුදුවන මගේම මව විය!

Related Posts Plugin for WordPress, Blogger...