Dec 30, 2011

ඩිඩීට ලියමි

කාත් කවුරුත් නැති 
ඔයා බලන්න එන්න
ගිය මාර්තුවේ මම ගත්තු 
සුවඳ විලවුන් බෝතලේ
කාලයක් තිස්සෙ අතෑලර දාපු 
මගේ කාමරේ මේසෙ උඩ
හැමෝටම අමතක වෙලා
හරියටම කිවුවොත් 
මගේ හුස්මත් අඳුරපු 
ඔයාට අමතක වෙච්ච 
මගේ හිතවගේ

Dec 21, 2011

සදාකාලික පෙම



රැයක් පුරා තරු ලඳුන් අවදි කල සඳුත් දහවලට නිදන නිසා
තුරුන් තුරට පිපි මලුත් දිනක පර වෙවී පොළෝ තල සිඹින නිසා
බොහෝ දුරක් මඟ ගෙවා ඇවිත් ගඟ මහා සමුදුරට වැටෙන නිසා
සදාකාලිකයි සිතූ පෙමත් බිඳ වැටී කඳුලු කැට ඉතිරි වුනා

දවස් හතරකට පස්සේ අදයි ගෙදර ආවෙ.කියවන්න පෝස්ට් ගොඩක් තියනව.නිවාඩුවට එලියට ගිය ගමන් ඔලුවට ආව වචන ටිකක්,කුරුටුගන්න හිතුන.

Dec 15, 2011

නූලක් එහෙට මෙහෙට උනානම් අද මගේ මළගම.


පෝස්ට් එකක් දාන්න ගොඩක් උවමනාව තිබුනත් මේ දවස්වල එක දිගටම වැඩ කරන්න වෙලා නිසා කිසිම නිදහසක් නෑ.වැඩට යනව ගෙදර එනව.ආපහු ගෙදර එනව වැඩට යනව.අනික නත්තල් ලඟ ලඟ එන නිසා අපේ කුස්සිය හරියට යුධ්දෙට ආයුධ හදන කම්මල වගේ.එක දිගටම වැඩ.

දැන් ඉතින් කතාවට බහිමු..

වෙනද වගේම අදත්, පුරුදු විදියට උදේ පාන්දර දහයට විර කෝච්චියට නැග්ගේ වැඩට යන්න.ඒත් අද පොඩි වෙනසක් තිබුන.දවස් ගානක් බලා ඉඳල ඉඳල හම්බවෙච්ච වටින දෙයක් තිබුන.ඒක අහ අහ තමා වැඩට යන්න පිටත් උනේ.ඒ වෙන එකක් නෙමේ අපේ ඤාණානන්ද හාමුදුරුවො මෙහට ඇවිත කරපු පලවෙනි ධර්ම දේශණාව,අර මට මග ඇරුන අමා වැස්ස.ඔන්න ඒක දාල තිබුන මහමෙවුනා වෙබ් සයිට් එකේ.උදේ රැයින්ම ඒකත් බාගෙන අහන ගමන් තමයි කොච්චියට නැග්ගෙ.

මම වැඩ කරන තැනට යන්න කොච්ච් දෙකක ගිහින් තව ට්‍රැම් එකකත් යන්න ඕනේ.ඉතින් හැමදාම වගේ පරක්කු වෙලා ආපු කොච්ච්ය් නැගල ට්‍රැම් ස්ටේසමටත් ආව.බලා ඉඳල ඉඳල ආපු ට්‍රැම් එකේ නැගල ටික දුරක් යනකොට,කොටට කොටේ, කිටි කිටියට කලිසම් දෙකකුත් ඇදගත්තු හුරුබුහුටි ඔසි නංගිල දෙන්නේකුත් නැග්ග ට්‍රැම් එකට .උන් දෙන්න වාඩිනේ මම හිටිය සීට් එකට මුහුනලා තිබුනු සීට් එකේ.ඒ මදිවට උන් දෙන්නගෙ කච කචේ, පඩි අරගෙන වගේ.

මම බහින තැනට තව හෝල්ට් දෙකයි.මේ හැමදේම ඔලුවෙන් අයින් කරගෙන මම අපේ හාමුදුරුවන්ගේ ධර්මදේශණාවට කන දාගෙන යනව.ඊලඟ හෝල්ට් එකේ ට්‍රැම් එක නතර වුනා.කිහිළි රු දෙකක වාරුවෙන් අමාරුවෙන් අමාරුවෙන් එක තරුණ ඔසියෙක් ට්‍රැම් එකට ගොඩවුනා.ලංකාවෙ පුරුද්දට මට සුටුස් ගාල නැගිටුනා.හැබැයි මම හිටියෙ ඒ මනුස්සයට ටිකක් දුරින්, ඒත් අර බවලත්තු දෙන්නාට හොඳටම පුළුවන් කම තිබුන සීට් එක දෙන්න, ඒත් උන් දෙන්න කිසි ගානක් නැතුව උන්ගේ කතාව දිගටම කරගෙන ගියා. ඒ වෙලාවෙ මගෙ ඔලුවට එක දෙයක් ආව.ඒක කොහෙන් ආවද කියන්න දන්නේ නෑ.
මෙන්න මේකයි..


පිපෙනා මලකට - ගලනා දොල කට
දැනෙනා බුදුගුණ - නොදැනෙනෙ මිනිසුනි
කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
පිං පවු එනවා - අපි පසු පස්සේ

මේ මාලනී බුලත්සිංහලගේ ගීතයක කොටසක්

ඔන්න ඔය වචන ටික ඒ වෙලාවෙ මගෙ ඔලුවට ආව.මම හිතන්නේ අහ අහ ගිය බණ පද ටික නිසා වෙන්න ඇති.

ඊලඟ හෝල්ට් එක මම බහින තැන.සාමාන්‍යයෙන් ට්‍රැම් එකකින් බහින්න තියෙන්න  පාර මැදටමයි.හරියට කිවුවොත් වාහන යන අනිත් ලේන් එකට.ඒත් මෙහෙ නීතියට ට්‍රැම් එක නවතින කොට ඊට පිටි පස්සෙන් තියන හැම වාහනයක්ම නවත්තන්න ඕන.ට්‍රැම් එකෙන් බහින අයට ඉඩ දෙන්න ඕනේ නිසා.

වෙනදට ආත බූත නැතුව එක හුස්මට ට්‍රැම් එකන් බහින මම අද එක තත්පරයකට අත් වාරුවත් අල්ලගෙන අන්තිම පඩියෙ නතර වුනා.ඒ මොන හේතුවකටද මන්ද.

ඒ තත්පරේදි ගොඩක් වේගයෙන් ආපු වාහනයක් ට්‍රැම් එකේ දොර ගාවින් ඉගිල්ලිලා ගියා.ඊලඟ තත්පරේ වෙනකොට මම ට්‍රැම් එකෙන් බැහැල.
අර වෙලාව මට නොලැබෙන්න අද මාව එකතු කරන්න වෙන්න සවලෙන් තමා.

මම හිතන්නේ බුදු බණ මගේ ජීවිතේ බේරුව.
"ධම්මෝ හවේ රක්කති ධම්ම චාරි"  කියල බුදු බණේ කියල තියෙන්නේ නිකමට නෙමේ කියල මට හොඳටම තේරුනේ අද.

Dec 9, 2011

අරුන්දතී


නමක් නොදන්න
ගමක් නොදන්න
ආගන්තුක උඹට දෙන්න
තැළිල පොඩි වුන
මේ හිත අස්සෙ
ආදරයක් ඉතිරිවෙලා නෑ
අරුන්දතී
!

Contribute to my old friend Aravindalj

Dec 2, 2011

ගස් කපන්නා සහ නොදුටු සුරංගනාවිය.(තුන්වන කොටස)


කාලය ගෙවී ගියේය.නමුත් ක්‍රමයෙන් ගුනපාලගේ ආදරයට කනකොකා හැඬීමට පටන්ගෙන තිබුනි.එය බොහේවිට ඇය ඇයගෙ ආදරයේ උපරිම අගය පසුකරීම නිසා සිදු වූවක් වුවත් එය ගුනපාලගේ මනසට නිතර වද දුන් කරුනක් විය.එයට හේතුව වූයේ ඇය ගුනපාලව සැකකිරීම හා ඒ නිසා නිතර ඔවුන් දෙදෙනා අතර ඇතිවූ කෑ කෝ ගැසීම් ය.

මේ කැලේ මට මොකා ඉන්නද?මේ හේනයි, ඔයයි විතරයි.

බොහේ රන්ඩු සරුවල් වලින් පසු එය ගුනපාලගේ පිලිතුර විය.

"මට හදිසිසියේම යන්න වෙලා .ගොඩක් ඈත පලාතකට .අවුරුදු දෙක තුනකට ඔයාව බලන්න එන්න බැරිවෙයි."

සිය හේනත් කුඩා පැල් කොටයත් හැරෙන්නට ගුනපාලට ඉතිරි වූයේ කැලයේ ගැවසෙන සතා සිවුපාවා පමනි. සුරංගනාවියගේ මේ හදිසි නික්ම යාමත් සමග ඔහු නැවතත් සිය පුරුදු තනිකැමට වැටුනි. එය ඔහුට නුහුරු දෙයක් නොවුනත් ඇයගේ ආශ්‍රයෙන් මිදී නැවතත් කැලයේ තනිවීම ඔහුට දරාගත නොහැකිවිය.

සෙමෙන් කාලය ගෙවී ගියේය.හේනේ ඵලදාව සරුවීමත් ,ඒවායෙන් ලැබුනු ආදායමත් නිසා ගුනපාල දැන් අත මිට සරු පුත්ගලයෙකි.නමුත් කැලැ ජීවිතරටත්,හේනේ පිහිටි පැල්කොටයටත් ඔහු බොහෝ සේ ඇලුම් කලේය.අස්වැන්න විකුනා එකදු දවසක් වත් නගරයේ නොරැදී රූන් පොදට ඔහු කැලයට වදී.ඊට තවත් විශේෂ කාරනාවක්ද විය.ඉදහිට අමතන සුරංගනාවියගේ කට හඬට ඔහු  සියලුම දේට වඩා ආදරය කල බැවිනි.

මට මෙහෙ ඉඳල දැන් ඇතිවෙලා.ඔයාව අවුරුද්දකින් විතර මම දැකල නෑ.

සුරංගනාවියට දුර සිට කතා කිරීමට හැකියාව තිබුනත් ඇය දුර බැහැරට ගිය කටයුත්ත තවමත් නිමාවී නොතිබුනි.

ඔයා වැඩද?”

පුරුදු පරිදි සුරංගනාවියගේ හඬ ගුනපාලට ඇසෙන්නට විය.

ඔවු ටිකක් වැඩ.අද පොළට යන දවස.මේ කන්නේ හේන ගොඩක් සරුයි.හොඳ ගානක් හොයා ගන්න පුලුවන් වෙයි.

දැන් මට වඩා හේන ලොකු වුනා නේද?මම කතා කරන දවසට කියල තියනව වෙන වැඩ කරන්න එපා කියල."

තමුසෙ  #@$#@%  මහ බොරු කාරයෙක්.”

සිය තනිකම නැසූ, හිත පිරෙන්නට ආදරය දුන් ඇය දැන් කෙමෙන් සුරංගනා ආත්මයෙන් මිදී යක්ෂනියක් වේගෙන ඒදොයි ගුනපාලට සිතුනි.

Nov 30, 2011

විවාහය


කොටා ගෙන කොටා ගෙන ගිහින්
කෙහෙළ් ගහට කෙටුවෙමි

Nov 28, 2011

ගස් කපන්නා සහ නොදුටු සුරංගනාවිය.(දෙවන කොටස)


කලක් සියල්ලම අහිමිව තිබූ ගුනපාල දැන් ඉතා සරුවට වැඩුනු  එලවළු හා පලතුරුවලින් පිරුනු  විශාල වගාවක අයිතිකරුවෙකි.වන අරනේ සාරවත් පොළව නිසාත් ඔහුගේ සියලු රාජකාරී වලට නිරන්තර උපකාර දුන් ඇය නිසාත් ගුනපාල සිය ඉලක්කය කරා ඉතා ඉක්මනින් ගමන් කර තිබුනි.

තව දේ දොහක් විතර යනකොට අස්වැන්න කපා ගත ඇහැකි

සිතෙහි ඇතිවූ ඉමහත් ප්‍රීතියත් සමඟ සිය සරුසාර හේන දෙස බලමින්  ඔහු මුමුනන්නට විය.


 *          *           *           *

බයවෙන්න එපා. මම මේ කැලේ අතරමන් වුන සුරංගනාවියක්.
එම වචන වල තිබුනු නිවීගිය ස්වරය නිසා ගුනපාලට ඇතිවූ බිය කෙමෙන් පහව ගියද  මිනිස් පුලුටක් නොමැති මහා කැලයක් මැද ඔහුට ඇසුනු මේ කාන්තා හඬ නිසා  තවමත් සිය පියවි සිහිය එලඹවා ගැනීමට ඔහුට නොහැකි විය.

අපි සිරීපාදෙ වදින්න ගියේ මේ කැලේ මැදින් වැටිල තුබුන පාර දිගේ.මගේ දෙමවු පියන්නට මාව මග ඇරුන.මම තාමත් මේ කැලේ තනිවෙලා.

සිය සැකය දුරුකර ගැනීමට තරම් එම කරුනු ගුනපාල  සෑහීමකට පත් කලේය.

නමුත් ඔහුට ඇසුනේ හඬක් පමනි.වනයේ සිටි සතා සිවුපාව හැරෙන්නට එම කාන්තා හඬට සමාන රුවක් ඔහුට දැකගත නොහැකිවිය.

එදා ඇතිවූ මිත්‍රත්වය කෙමෙන් දලුළමින් ඇය ගුනපාලගේ හේන් ගොවිතැනට නොසෑහෙන ලෙස  උදවු උපකාර කලාය.සිය රාජකාරියද අමතක කොට ඔහුගේ දුක සැප වෙනුවෙන් ඈ වැඩි උනන්දුවක් දැක්වූවාය.

ඔහුගේ බත් පතේ සිට අවශ්‍ය සියල්ලම හොඳින් සොයාබැලූ ඈ කැයෙන් ගුනපාලට සිදුවිය හැකි සියලු කරදර බාදක වලි ඔහුව නිදහස්කර තැබුවාය.හැකි සෑම මොහොතකම ඔහු සමග නිතර දොඩමළු වන ඇය මේ හැම මොහොතේම ගුනපාලට නොපෙනෙන ලෙස හිඳ සිය කටහඬ පමනක් අවදි කිරීමට වග බලාගත්තාය.

එලවළු පලතුරුවලින් පිරෙමින් සරුවට වැඩී එන හේන මෙන්ම ඔවුන් දෙදෙනාගෙ මේ සම්බන්දතාවයද මිත්‍රත්වයෙන් ඔබ්බට යමින් ආදරයක් බවට පෙරලීමට වැඩි කලක් නොගියේය.නමුත් ගුනපාලට ආදරය කිරීමට ඉතිරිව තිබුනේ ඇයගේ කට හඬ පමනි.එහෙත්  කාත් කවුරුත් නොමැති මහා මූකලානයෙන් ඇසෙන ඇයගේ හඬට ලෝකයේ අන් සියලුම දෑට වඩා ඔහු ඇළුම් කිරීමට පටන්ගෙන තිබුනි.

Nov 27, 2011

ගස් කපන්නා සහ නොදුටු සුරංගනාවිය.



ඔහු නමින් ගුනපාල විය.සියළු අග හිඟ කම් මැදින් වුවද තම ජීවිතය එකම එක අඟලක් හෝ උඩට ඔස වාතැබීමට  සියළු උත්සහයන් ගත්තද ඒවා සියල්ලම ගඟට කැපූ ඉනි මෙන් වූ බැවින්  ඔහුගෙ සුපුරුදු රැකියාව වු ගස්කැපීමටද සමුදී  සිය අවසාන උත්සහය උරගා බැලීම සඳහා  කැලෑ වැදුනේ හේනක් කොටා හෝ සිය ජීවිතය සරුකර ගැනීමේ අදහසිනි.
ගම අවට පිහිටි, සිය  රැකියාව කරගෙන ගියා, කුඩා වන ලැහැබ ඔහුට සිය පැල් කොටය මෙන් හුරු පුරුදු ස්ථානයක් වුවද, මේ ගමන සිතූ තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවූවේය.ඉර එලිය පොදක් වත් නොලැබෙන ඝණ වන අරන හා නිරන්තරයෙන්ම ගොදුරු සොයමින් කැලය පුරා සැරිසරන නොයෙක් ආකාරයේ වන මුර්ඝයන්ගෙන්ද අඩුවක් නොවූ මේ විශාල වනාන්තයයේ සිය රාජකාරියට සුදුසු ප්‍රදේශයකට  ඔහු පැමිනෙන විට ඉර බැසගොස් හෝරා කිහිපයක්ම ඉක්මවා ගොස් තිබිනි. ගෙදරින් නික්මෙන විට සිය සරමේ දවටාගෙන ආ කුරහන් තලප දෙක තුනම එක හුස්මට ගිල දැමූ ඔහු එදා රාත්‍රියම ගත කලේ හොඳින් වැඩී තිබූ පලු ගසක් මතය.ඇස් ගෙඩි ගිලිහෙන තරමට නිදිමත දැනුනද වරින් වර ඇසෙන නුපුරුදු ගෙරවුම් ,පහුරු ගෑම්  හා විලාපයන් ඔහුගේ සුවබර නින්ද පැහැරගෙන ගොස් තිබිනි.

අළුයම් කාලය වනවිට යාන්තමට ඇහැ පියවීගෙන ආවද සිය වම් උර හිස හරහා කිසියම් සීතල යමක් ඇදීයන බව ඔහුට  දැනුන බැවින් ගුනපාල අඩවන්ව තිබූ සිය දෙඇස් විවර කර එය කුමක්දැයි පිරික්සන්නට විය.ඝණ වන වියනින් යාන්තමට බේරී එන සූර්යයාලෝකයට ඔහුගේ නිදිබර දෙඇස් හැඩගැසීමට තත්පර කිහිපයක් ගතවිය.

ස්.......ස්.......
.
.
.
ඩෝං......

විදුලියක් පොළවට වැටෙන වේගයටත් වඩා වැඩි වේගයකින් පලු ගස මුදුනේ සිට රූටාගෙන විත් ඔහු බිමට වැටුනි.ඇතුවුන තැති ගැනීමත්,උඩ සිට බිමට වැටීමෙත් ඇතුවූ වේදනාවත් පසෙක ලා  ඔහු හැකි ඉක්මනින් පලු ගස අසලින් ඉවත් විය.ගුනපාල නිදාසිටි අත්තේ  වෙලී සිටින පිඹුරා තවමත් සිය ගොදුරට ඉවකරමින් පලුගසේ එතී සිටී.

වනයට පැමින එක් දිනක් වත් ගතවීමට ප්‍රථමයෙන්  ඔහු  සිය මරණයේ කෙලවරටම ගොස් පැමිනීම නැවතත් ගුනපාලට සිය පැල්කොටයේ ඇති ආරක්ශාවත් හා සුව පහසුවත්  මතක්කර දුන් නමුත් ආපසු හැරී  නොයෑමට  ඔහු ඉටා ගත්තේ මේ කැලයේ සිටියද, පැලේ සිටියද  අවසානයේ සටන් කරන්නේ සිය ජීවිතය උදෙසාම බව ඔහු තේරුම් ගත් පසුවය.

නැවතත් ඉර මුදුන් වීගෙන ඒමට ආසන්නය.පිපාසයත් ,බඩගින්නත් දැඩි වූ ගුනපාල සිය සාගින්න නිවාගැනීම කුමක් හෝ යමක් සෙවීම සඳහා අවට ඇති කුඩා පඳුරු හා වදුලු පරීක්ශා කරන්නට විය.හෝරාවකට අඩකට ආසන්න වනවිට  කෑමට සිදුසු යැයි හැඟෙන රතු පැහැති ගෙඩිවලින් බරවූ කුඩා ගස් කිහිපයක් ඔහුට සොයාගැනීමට හැකිවිය.ඇස් කඩාගෙන යන තරමේ රතු පැහැයක් හා යාන්තමට දැනෙන සුවඳකින්ද යුක්ත වූ මේ ගෙඩි වර්ගය ගමේ සිය පැල ඉදිරිපිට ඇති රතුපේර ගසේ ගෙඩි ඔහුට සිහිකලේය.

එයින් දෙක තුනක් කඩා ගත් ඔහු ඒවායින් එකක් කෑමට සැරසුනා පමනි,

"ඕව කන්න එපා.පිඹුරෙකුගෙනුත් බේරිලා  අන්තිමට වහ ගෙඩි කාල මැරෙන්නද කල්පනාව?"

යාන්තමට ඇසුනු ඒ කාන්තා හඬ  ගුනපාල සිටි ස්ථානයේම ගල් පිලිමයක් කිරීමට තරම්  බියක් ඇතිකලේය.

ඉතිරිය පසුවට.....

Nov 24, 2011

නැති වුන ආදරය


මරා ගෙන දිනා ගන්නයි
දිනා ගෙන මරා ගන්නයි
ඔයාටයි මටයි තිබුනෙ
එකම එක ආදරයයි
ඉස්සර

Nov 17, 2011

මට මගෙ දකුණු අත නැති වුනා


ඉස්සර වෙලාම අපි  මේ ලෝකෙ එලිය දැක්ක දවසෙ ඉඳල අපිට එක එක චරිත මුනගැහෙනව. ඒ  අයගෙන් මුලි න්ම හම්බවෙන දෙන්න තමයි අපේ අම්මයි තාත්තයි.සහෝදර සහොදරියො වගේම නෑදැයො ඊට පස්සෙ මේ කට්ටියට එකතු වෙනව.ඊට පස්සෙ අපිට තවත් ගොඩක් වටින ,වැදගත් කට්ටියක් මුනගැහෙනව.ඒ තමා යාලුවො. සමහරවිට අපිට ජීවිත කාලෙම හැම දෙයක් ම බෙදා ගන්න පුලුවන් ගොඩක් හොඳ යාලුවො මුන ගැහෙනව.හැබැයි ඒකෙ අනිත් පැත්තත් ඒවගෙම තමා,මූනට හිනා වෙලා පස්සට පිහියෙන් අනින අයත් මේ ගතකරපු ජීවිත කාලෙදි අපිට මුන ගැහිල ඇති.
මගේ ජීවිතෙ නම්,ඒ කියන්නේ ලංකාවෙ ඉන්න කාලෙ, බඩ බැදගෙන යාලුවො ආශ්‍රය කලා.ඒ පුරුද්ද මෙහෙ ආවමත්,ඒ කියන්නෙ කැන්ගරුවො ඉන්න රටට ආවමත් වෙනස් වුනේ නෑ.හැබැයි වැඩි කල් යන්න ඉස්සරවෙලා,දුක සැප බෙදා ගන්නව කෙසේ වෙතත් වෙලාව ආවම අර මුලින් කිවුව වගේ පස්සට පිහියෙන් අනින කට්ටිය ගොඩක් වැඩි බව නම් හොඳට අඳුර ගත්ත. ඒ වගේ අසත්පුරුශයො අස්සෙ හොඳ බොකු තියන කිහිප දෙනෙකුත් මට අඳුර ගන්න ලැබුන.ඒ අය අතරින් එක්කෙනෙක් ගැන තමා මේ කියන්න යන්නෙ.

එක කාලෙක,ඒ කියන්නේ මීට අවුරුදු හතරකට විතර උඩදි,රැයක් දවාලක් බලන්නෙ නැතුව එක හුස්මට පිස්සෙක් වගේ වැඩකරපු කාලෙ, විනෝදෙට සෙට් වෙන්න ගොඩක් යාලුවො හිටියත් ,දෙදහස් හතේ අන්තිම කාලෙ ලංකාවට ඇවිත් ගියාට පස්සෙ මම කර කර හිටපු හැම ජොබ් එකක්ම නැතිවෙලා  දවසට එක වේලක් කකා හිටපු වෙලාවක ඉස්සර මාත් එක්ක මගෙ කාමරේ බෙදාගෙන ජීවත් වෙච්ච එකෙක් හිටිය,ඌ තමා රංග.

"ඉඳා මචන් මේක තියා ගනින් මෙතන ඩොලර් පනහක් තියනව."

වේලකට රොටි කකා බඩගින්නේ හිටපු කාලෙක ඉඳල හිටල මාව බලන්න ආපු රංග, කීයක් හරි මගේ අතින් තියල යන්න අමතක කලේ නෑ.
කොහොම හරි මාස දෙක තුනක් යනකොට සතියකට එක දවසක් හවස් වරුව විතරක් වැඩ කරන්න මට ජොබ් එක්ක හොයල දුන්නෙත් රංග.සුපර් මාකට් පිරිසිඳු කරල තිබ්බට,ටොයිලට් හෝදල තිබ්බට,කුස්සියක වලං හෝදන රස්සාවක් මීට කලින් මම කරල තිබුන නැති නිසා,උගෙ රස්සාවෙන් දවසක් මට දීල,වලං හෝදන හැටිත් කියල දෙන්න තරමට ඌ නිහතමානී උනා.

ටික කාලයක් යනකොට,ලොකු චෙෆාට නොවඳිනා වැදුම් වැඳල සතියට දවස් දෙක තුනක් වැඩ කරන්න හදාගත්තත් ඒ කාලෙ වෙනකොට කරපු අනිත් රස්සාවල් වලට වඩා මේක ටිකක් අමාරු රැකියාවක් බව නම් මට හොඳටම තෙරිලා තිබුනෙ.හවස පහ මාර වෙනකොට වැඩ පටන් අරගෙන රෑ දහය එකොලහ වෙනකම්ම එක හුස්මට ඉඳුල් ගොඩේ බැහැල ඉඳල අනිතිමට එකතුවෙන කුනුත් විසිකරල තමා ගෙදර එන්නෙ.ඒ වෙන කොටත් මුලු සරුවාන්ගෙම ඉඳුල් වතුරෙන් තෙත් වෙලා.ගෙදර ඇවිල්ලත් කරන්නෙ වොශ් එකක් දාගෙන මායිය එක්ක කතා කරන එක.ගෙදර එන වෙලාව පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උනොත් එයා බෙලිකටු මල්ල හොල්ලනව.

ඔය කාලෙ දවසක් මම වැඩකරන තැන පින්තූරයක් ගත්ත,ඒක ගත්තෙම පරක්කුවෙලා ආවම මා එක්ක ජල්ලි අල්ලන කෙනාට පෙන්නන්න.

"බලනව මම කරන ජොබ් එක,පොඩ්ඩක් පරක්කු උනාම මල අතට ගන්න එපා.

මේ තියෙන්නෙ ඒ පින්තූරෙ


"හපෝ මෙතන වලං පොඩ්ඩනෙ තියෙන්නෙ"

ඒ තමා මට මායියගෙන් ලැබුන උත්තරේ 

කාලයක් යනකොට මාත් රංගත් වලං හෝදපු හෝටලේම චෙෆ්ල දෙන්නෙක් වුනා,ලූනු කැපිල්ලෙ ඉඳල ඉගෙන ගන්න තියන හැම දෙයක්ම ඉගෙන ගත්ත.අද වෙනකොට සමහර දවස් වලට මුලු කුස්සියම මට බාරදීල ලොක්ක ගෙදර යන වෙලාවල් තියනව.

හැබැයි අවාසනාවකට මාත් එක්ක අවුරුදු දෙකකටත් වඩා මේ කුස්සියෙ ගිනි රස්නෙත් එක්ක ඔට්ටු වෙච්ච්  රංගයට ජොබ් එක ඇතැරල යන්න වුනා.ඒක උගෙ වැරැද්ද.

එකට සෙට් වෙලා ඔසි කෑලි ටොක්  කරපු,ලොක්කට හොරෙන් කට්ලට්,කොත්තු රොටි හදාගෙන කාපුව වගෙම ඔලුවෙ කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි හයියෙන් කුනුහරුප කිය කිය කුස්සියෙ පිස්සු නැටුව.උයි මමයි,සිගයි,ජනියයි අපි සිංහලයො හතර දෙනෙක් වලං හෝදන තැනින් පන් අරගෙන කැන්ගරුවන්ගෙ හෝටලයක් රන් කරන්න හිතාගෙන හිටපු හීනෙ නැතිවුනා.

ට කෑල්ලක් සෙට් වෙන කාලෙම මටත් එකක් සෙට් වුනා,ව කෑල්ල දාල යන කොට මට මගෙ කෑල්ලව දාල යන්න වුනා.මිනිස්සු අපේ ජීවිත වලට එනව යනව.ඒත් උඹ මා එක්ක හිටිය.උඹ ජොබ් එක දාල ගියා.මට මගෙ දකුණු අත නැතිවුනා මචං.

Nov 12, 2011

නෙල්ලි වගේ ගෑනු


ගෑනුත් හරියට නෙල්ලි වගේ
හපාගෙන හපාගෙන යනකොට
එක එක රහ
හැබැයි අන්තිමට
තිත්තයි!

Nov 9, 2011

මගුලුත් දැක්ක ලෙස්බියන් මගුලක් දැක්කමයි.


දැන් ඉතින් හොඳටම පායන කාලෙ.ඉහින් කනින් දාඩිය දාන්න තරමට ඉර මුදුන් වෙන දවස් මෙල්බන් වලට.වෙනද වගේම පුරුදු කුස්සි රස්සාව,ග්‍රීස්මෙට කුස්සිය රත්වෙනව ගිනි ගහන්න. ගොඩක් වෙලාවට සෙල්සියස් අංශක 45 නැත්නම් ඊටත් වැඩී.
ඉරිද දවස නිසා වැඩිපුර වැඩ නෑ කියල හිතාගෙන ගියාට කරුමෙකට වගේ එදා වෙඩින් එකක්.ඉතින් උයපන්කො එක සීරුවට.
හෝටලෙට කන්න එන අයට,අපේ කුස්සිය පේන විදියට දාල තියන තඩි වීදුරුවෙන්, වෙඩින් එකේ කටිටිය හරි හරියට සැරසෙන බව නම් පේනව.වැඩිය කට්ටිය නෑ.හතලිහක් විතර,පිරිමි ගෑනු ඔක්කොම තරුණ වයසෙ අය.
මනමාලි කොන්ඩෙ තද රෝස පාටට පාටකරල.එයා එහාට දුවනව මෙහාට දුවනව,හෙන කලබලෙන් හරියට එයාගෙ මොනවහරි නැතිවෙලා වගෙ.හැබැයි කොච්චර විපරමෙන් බැලුවත් මනමාල මහත්තයෙක් නම් පේන්න හිටියෙ නෑ.ටික වෙලාවකින් කට්ටිය වාඩි උනා.මම හිතන්නේ වෙඩින් එක පටන් ගන්න යන්නේ.
වාඩිවෙලා ඉන්න අයට අමතරව තුන්දෙනෙක් හිටගෙන.එක්කෙනෙක් අර රෝස පාට කොන්ඩෙ තියන බවලතා.තවත් ලේඩි කෙනෙක් ඉන්නව හෙන පොශ් විදියට ඇඳ ගෙන.මට හිතෙන විදියට දෙන්නව බන්දන්න ආපු කෙනා වෙන්න ඕනෙ.
මනමාලිට වැහිල එහා පැත්තෙ කවුද ඉන්නව හරියටම පේන්නෙ නෑ.
නිකමට වගේ මට හිතුන නිසා යාලුවගෙ කනට කරල කිවුව.
අඩෝ මොකක් හරි ජරා සීන් එකක්වත් ද?”
කියල කට ගන්න හම්බවුනේ නෑ.තඩි මහත මූන රවුම් තවත් කෙල්ලෙක් අර මනමාලිට එහා පැත්තෙන් හිටගෙන ඉන්නව.
මලා.......ලෙස්බියන් වෙඩිමක්!”
බට කැලේට ගිනිගත්ත වගේ තමා.සීන් එක මුලු කුස්සියේම පත්තුවුනා.
ඔක්කොම වැඩ පැත්තකින් තියල මගෙ යාලුව හොල්මනකට බය වුනා වගේ බලාගෙන ඉන්නව.
මොකද බං?”
යකෝ..කිස් එක මිස් වෙයි.මේව නොදකින ඇස් මක්කටද බං
කිසි විලි සන්ගයක් නැතුව අර ගෑනු දෙන්න කෙල පෙරාගෙන කිස් කරගන්නව.අපි කට්ටිය පැනි පෙරාගෙන බලාගෙන ඉන්නව.කාටවත් කිසි ගානක් නෑ.හිනා වෙනව,විශ් කරගන්නව,ෆිටෝ ගන්නව.
අබුද්දස්ස කාලේ....ඔන්න මට හිතුන දේ.
ටික වෙලාවකින් අපේ කෑමත් කාල කට්ටිය සතුටින් පිටත් වුනා.හැබැයි මනමාලී,මනමාලයයි නෑ මනමාලියො දෙන්න රෑ හත අට වෙනකම්ම කුඩු වෙන්න බීල තමා ගියේ.
ශික් හනිමුං එකත් බලාගන්න තිබුනනම් තමා වැඩේ සම්පූර්ණ.
අන්තිමට මගෙ යාලුව මට කියපි.

Nov 6, 2011

මෙල්බන් වලට වැටුන "අමා වැස්ස" මග හැරුන හැටි.


 මීට මාසයකටත් කලියෙන් සිට පෙරුම් පුරාගෙන බලා සිටි එකම දෙය අසළටම ගොස ආපසු හැරී ඒමට වීම මගේ පාප කර්මයක් මිස අන් කිසිවක් නොවන වගනම් මට දැන් සක් සුදක් සේ පැහැදිලිය.

මචං ලබන හතර වෙනිදට බණක් තියනව ඤාණානන්ද හාමුදුරුවන්ගෙ.මම යනව කොහොම හරි නිවාඩුවක් දාල.උඹටත් නිවාඩු නිසා වරෙන් මා එක්ක.

කුස්සියේ වැඩකරන ගමන් නිකමට වගේ මගේ ඔලුවේ තුබූ අදහස සිගාට  කීවේ තනියම පිං කරගන්නවාට වඩා තව ලඟින්ම හිත්වත් එකෙකු හරි ඇදගෙන යාම ඊටත් වඩා පිනක් නිසාවෙනි.

උඹව කොල්ලො බොන්න ඇදගෙන යන කොට මම බණ අහන්න කතා කරනව.ජීවිතේට කල්‍යණ මිත්‍රයො හම්බවෙන්නෙ කලාතුරකින්.ඒක නිසා වරෙන් මා එක්ක.

කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවෝ යනු නිසැකයෙන්ම මගේ ජීවිතය කනපිට හැරවු බුද්ධ පුත්‍රයෙකි.ඒ මක් නිසාද යත් ජීවිතයේ අන්තිම අඩියටම වැටුනු වේලාවල් වලටත් උන්වහන්සේගේ එක බණ පදයක් මට මහ මෙරක් වූ නිසාවෙනි. ගියවර ලංකාවට  ආ දවස්වලත් උන්වහන්සේව බැහැ දැකීමට යාමට ආසවක් තිබුනත් එය මම අමාරුවෙන් හෝ නවතා දැමූවේ අපේ අම්මගේ බලවත් නොකැමැත්ත දුටු බැවිනි.

 එහෙත් උන්වහන්සේ මෙල්බන් වඩින බව දැනගත් දවසේ සිට උන්වහන්සේගේ ධර්ම දේශනාවට සවන් දීමට යාම අනේක් හැම වැඩක්ම අමතකව මගේ ඔලුවේ වැඩකල එකම ඉලක්කය විය.

සතියකට උඩදී,ලොක්කාටත් බොරු කියා සිකුරාදා දවසට නිවාඩුවක් දාගත්තේ සිගා සමග බණ ඇසීමට යාම සඳහාය.ඒත් පුරුදු ලෙසම පෙර තිබූ සිගාගේ සිකුරාදා නිවාඩුව බලදාරියා විසින් කුරුටු ගා දැමීම නිසා ඒ ගමන මට තනියම යාමට සිදුවේයැයි සිතමින් සිටියෙමි.

"මචං බණ අහන්නත් පිං කරල තියෙන්න ඕනෙ බං."
 සිගාට මගෙන් ලැබුනු ප්‍රතිචාරය එය විය.

කෙසේ වෙතත් අන්තිම මොහොත වෙනවිට මා සමග යෑමට මගෙම තලොසක් වූ යහලුවන් ගෙන් කිහිප දෙනෙක් සම්බන්ද කර ගැනීමට හැකිවිය. 

හවස හතට ආරම්භ වන ධර්ම දෙශනාවට යාමට ගෙදරින් පිටත් වනවිට බොහෝ සෙයින්  ප්‍රමාද වූ නිසා මමත් මගේ යහලුවාත් ටැක්සියකට නැගුනේ ඉක්මනින් ඒ ස්ථානයට ලඟාවීමටය.

කරුමයක මහත.ධර්ම ශාලාව පිරී ඉතිරී ගොසිනි.ඇතුලට රිංගනු තියා ඉඳිකටුවක් ගැසීමට පවා ඉඩ නැත.කොතරම් සීතල වුවත් බොහේ අය ශාලාව මිදුලේ වාඩිවී බලා සිටිති.

යාන්තමට පංසිල් සමාදම් කරවන අපේ හාමුදුරුවන්ගේ හඬ හැරෙන්නට වෙන කිසිම හඬක් නොඇසෙන තරම්ය.

"යකෝ මෙල්බන්වල මෙච්චට බෞද්ධයො ඉනන්වද බං."

ඒ මම මේ ගතකල අවුරුදු පහටම ලාංකිකයින් වැඩිම පිරිසක් දුටු පළමු අවස්තාවයි.
ටික වේලාවක් බලාසිටියත් ශාලාවෙන් පිටතට උන්වහන්සේගේ හඬ ඇසෙන නොඇසෙන තරම්විය.

සීතලද ඉතා තදවූ බැවින්,බණ ඇසීමට පැමින ආපසු හැරීයන සුදු පිරුවට පෝලිමට අපිද එකතු වුයේ ඉතා කනගාටුවෙනි.

"මචං බණ අහන්නත් පින තියෙන්න ඕනෙ.ලඟටම ඇවිත් හැරිල යන්න උනේ අපි මෙච්චර
ම පවු කරලද බං?"
ඒ මගේ යාලුවාගෙන් මට ලැබුනු ප්‍රතිචාරය විය.

ප.ලි
අපේ හාමුදුරුවනේ!  මම තාමත් ගේම ඇතැරල නෑ.
මට අවසරේ ලැබුනොත්.........

Oct 22, 2011

මිනුරි!


මිනුරි!
මම උඹේ ආදරේට
අඬල අඬල
උඹට කිරි එරෙන කොට
කෝච්චිය ගිහින්

Oct 20, 2011

ඊශා




ඊශා 
ඔයාට මතකද?
අපේ පළමු හමුවීම,
වෙනදා වගේම 
තට්ට තනියම
මමයි මගෙ කැමරාවයි
ඔයාගෙ ඇස්වලට
වශී උනා.
අපි ආදරය කලා
කාටත් හොරෙන්.
එදත් අද වගේම
හඳ පායල
යාරා ගඟට උඩින්
ඔයාට පේනවද?
මම ඇඟිල්ල දිගුකලා හඳට
ඇය තාමත් මගෙ 
ඇඟිල්ල දිහා බලාගෙන?
Related Posts Plugin for WordPress, Blogger...