Jul 30, 2010

සියල්ල බොඳවුනු පසු?


පි ජීවත්වෙන කාලයතුල කොච්චරනම් ප්‍රශ්නවලට මුනදෙනවද? සමහර අය ප්‍රශ්නවලින් පැනල යනව!,සමහර අය ඒව කාලෙට විසඳන්න ඉඩදීල බලාඉන්නව!, තවත් සමහර අය කෝටියක් ප්‍රශ්න තිබුනත් නැව ගිලුනත් බෑන් චූන් වගෙ ඉන්නව!,මේ අතරෙ අතලොස්සක් දෙනා මේ එන ප්‍රශ්න හැමැකටම හැමදාම වැස්සට,අවුවට, පින්නට අහුවෙන වාහලෙක උලුකැටයක් වගෙ අමාරුවෙන් මූනදෙනව...

ඒත්,මිනිස්සුන්ට දරාගන්න පුලුවන් ප්‍රමානයක් තියනව.විඳගන්න පුලුවන් ප්‍රමානයක් තියනව.මේ ප්‍රමානෙන් එලියට ගිහින් අපිට සමහර ප්‍රශ්නවලට උත්තර හොයාගන්න බැරුව අන්ත අසරණ වෙන වෙලාවල් ඕනතරම් තියනව..ඔහේ ඉබාගාතෙ යන වෙලාවල් තියනව..මොන වැඩේ කර කර හිටියත් තමන්ගෙ හිත් ඇතුලෙන් තුන්වෙනි ලෝක යුද්ධෙ කරන වෙලාවල් තියනව...

ඒවගෙ පරශ්නයක් අවොත් අපි කරන්න ඕනෙ හොඳමදේ මොකක්ද?

Jul 28, 2010

ගිරයට අහුවුන පුවක්! -1-


















(පිටරට Uni යන්න හදන අසරණ ලාංකිකයන්ගෙ හිතසුව පිනිසයි!)


කතාව පටන්ගන්නෙ මෙහෙමයි...
එකෝමත් එක කාලෙක කැන්ගරුවො ජීවත්වෙන රටක් තිබ්බලු.මේ රට කරවන්නො වැඩිහරියක් සල්ලි හම්බකරගතෙත් වෙන වෙන රට්වල් වලින් ඉගෙන ගන්න එන අසරන student ලගෙන් සල්ලි හූරගෙන කාල.

උදාහරනෙකට කිවුවොත්. ඔසියන්ට එක semester එකකට $900 විතර අයකරනකොට මෙ අසරන student ලගෙන් $ 7500ක් $8000ක් විතර අය කරනගන්නව..

හරි ඒකත් කමක් නෑ කියමුකො...උදේ ඉදල Uni ගිහින් රෑ එලිවෙන්කම් වැඩකරල අර සල්ලි හම්බකර ගන්න try එක දෙන මේ කට්ටියට තවත් නීතියක් දානව! "උඹලට සතියකට වැඩකරන්න පුලුවන් පැය 20 යි" කාල වරෙන්කො.ඔකට තමා කියන්නෙ කබලෙන් ලිපට වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ කියල!.

දැන් කවුරුහරි කියන්න පුලුවන් "උඹල ඉන්නෙ ඔසි වලනෙ ඕනරම් හොද job තියෙන්නෙ "කියල. හැබැයි..අපේ ලංකාවෙන් වෙන රටවල් වලට යන student ලගෙන් 99% කරන රස්සාවල් ඇහුවොත් සමහර අය අඬයි...සමහර අය හිනාවෙයි....

ඉතිරිය පසුව....

Jul 27, 2010

~මේ අපේ පංසල~

ගොඩක් කාලෙකට කලින් මම ගත්ත පින්තුර ටිකක්..ටික කාලෙකට පස්සෙ පොස්ට් කරන්න හිතුන...














Related Posts Plugin for WordPress, Blogger...